♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 ඈතින් ඈතට | Athin Athata by Chamara Weerasinghe

◇───────────────◇

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා


ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් හඩා වී මග තනිවී

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...

#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤43👍11🔥3🤩1
🎙 අඩි සීයේ පාර | Adi Seeye Para Gawa by Chamara Weerasinghe

◇───────────────◇

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා
කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැඳවාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී.


#ChamaraWeerasinghe

@SinduPotha

◇───────────────◇
❤45🔥11👍8⚡5
🎙 ඔබ මා හමුවන | Oba Ma Hamuwana by Chamara Weerasinghe


◇───────────────◇


ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ළඳේ
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ
මිහිදන් කරමි හදේ

ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව
නොකියමි කාට හෝ ළඳේ
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස
කඳුළකි ජීවිතේ මගේ
කඳුළකි ජීවිතේ මගේ

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ


#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤26😍11❤‍🔥5
❤38❤‍🔥6⚡2
❤40❤‍🔥11
🎙 අඩි සීයේ පාර | Adi Seeye Para Gawa by Chamara Weerasinghe

◇───────────────◇

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැඳවාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී



#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤38🕊15❤‍🔥8
🎙 | පෙම් පුරවපු හිත | Pem Purawapu Hitha by Chamara Weerasinghe


◇───────────────◇


පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න... ඈතට යන්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න...

රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න...//

ආයාලයේ මා සිත ළඟ ගිමන් හරින්න
ආයාලයේ මා සිත ළඟ ගිමන් හරින්න
වන මලකට හිත කුමටද හීන දකින්න
වන මලකට හිත කුමටද හීන දකින්න

පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න... ඈතට යන්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න...

රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න...//

රෑ අහසේ තරුවක් වී එපා දිලෙන්න
රෑ අහසේ තරුවක් වී එපා දිලෙන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න

පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න... ඈතට යන්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න...

රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න...//



◇───────────────◇


#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤22❤‍🔥8
🎙සමාවෙලා හදාගන්න මට මගේ හිත - Samawela Hadaganna Mata Mage Hitha

◇───────────────◇

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...

ඔබේ සිතට පිටුපාලා... මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා... මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා... සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා... කසාවත මට

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...

කසාවතින් ඔබ යන විට... මඟ සන්සුන්ව
ආදරයක හැඟුමන් නෑ... හදවත කොණක
ගෙවාගන්න මා කළ පව්... සමාවී මට
එකම වරක් ඔබේ දෙපා... වඳින්න දෙන්න

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...


#ChamaraWeerasinghe

@SinduPotha

◇───────────────◇
❤‍🔥68❤11😍11⚡5🔥4🕊4🤩3
🎙Sudu Rala Gal Kula Matha | සුදු රල ගල් කුල මත | Chamara Weerasinghe


◇───────────────◇

සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...

නොවෙයි කිරින්ද...


මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක...
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක...
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක...
වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...

කිරින්දෙ සවසක...

සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...

නොවෙයි කිරින්ද...


එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ...
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට...
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ...
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට...

මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද...
යළි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගෙ සිත...

කිරින්දෙ එනවද...

සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...

නොවෙයි කිරින්ද...



#ChamaraWeerasinghe



@SinduPotha

◇───────────────◇
❤‍🔥46❤20😍8🆒8🔥6😁1
🎙| ප්‍රේමය පුද දී | Premaya Puda Dee Awasanai by Chamara Weerasinghe


◇───────────────◇


ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගේම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුන්නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
හිත නම් බෑ ගෙනියන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න...

◇───────────────◇


#chamaraweerasinghe
#RajikaPrasadini


@SinduPotha

◇───────────────◇
🔥28❤22🤩5🕊4😍4❤‍🔥3