Apps නැති ලොවක් කරා Nothing සමාගම මීළඟ පියවර තබයි https://androidwedakarayo.com/nothing-takes-next-step-towards-a-world-without-apps/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Apps නැති ලොවක් කරා Nothing සමාගම මීළඟ පියවර තබයි
අනාගතයේදී Apps සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී, AI මඟින් ක්‍රියාත්මක වන ඒකාබද්ධ අත්දැකීමක් නිර්මාණය වනු ඇති බවට Carl Pei මහතා අනාවැකි පළ කරනු ලබනවා.
❤8
iPhone එකේ Back Tap හරහා ඔබගේ ඉන්ධන QR කේතය එකවරම විවෘත කරගන්නේ කෙසේද? https://androidwedakarayo.com/how-to-instantly-open-your-fuel-qr-by-back-tapping-on-iphone/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
iPhone එකේ Back Tap හරහා ඔබගේ ඉන්ධන QR කේතය එකවරම විවෘත කරගන්නේ කෙසේද?
iPhone හි ඇති Back Tap විශේෂාංගය භාවිතයෙන් ඉතා පහසුවෙන් මේ සඳහා Shortcut එකක් සකසා ගත හැක.
❤1
Fitness App එකක් නිසා හෙළි වූ ප්‍රංශ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ රහසිගත පිහිටීම! https://androidwedakarayo.com/fitness-app-reveals-secret-location-of-french-aircraft-carrier/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Fitness App එකක් නිසා හෙළි වූ ප්‍රංශ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ රහසිගත පිහිටීම!
තාක්ෂණික ලෝකයේ පවතින සුළු අතපසුවීමකින් ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි දැවැන්ත බලපෑම පිළිබඳව කදිම උදාහරණයක් ප්‍රංශයෙන් වාර්තා වනවා. ඒ ප්‍රංශ නාවික හමුදාවට අයත් ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Charles de Gaulleහි රහසිගත පිහිටීම, එහි සිටි සෙබළෙකු භාවිතා…
❤3😢1
රු. 5,000 ට අඩු QR ගනුදෙනුවල ගාස්තු ඉවත් කරයි https://androidwedakarayo.com/fees-removed-for-qr-transactions-below-rs-5000/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
රු. 5,000 ට අඩු QR ගනුදෙනුවල ගාස්තු අද සිට ඉවත් වේ
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රුපියල් 5,000 ට අඩු සියලුම QR කේත මත පදනම් වූ ගනුදෙනු සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
❤15
අවසරයි නැවත සඳ ගමනකට - Artemis II https://androidwedakarayo.com/artemis-ii-cleared-for-return-to-the-moon/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
අවසරයි නැවත සඳ ගමනකට - Artemis II
මිනිසා අවසන් වරට සඳ මත පා තැබුවේ 1972 වසරේදී 'ඇපලෝ 17' (Apollo 17) මෙහෙයුමෙනි. එතැන් සිට දශක පහකට වැඩි කාලයක් ගත වී ඇති අතර, නාසා (NASA) ආයතනය සිය 'ආටෙමිස්' (Artemis) වැඩසටහන හරහා යළිත් මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වනවා.
❤14
ගරාජයකින් ඇරඹි ලොව වෙනස් කළ දැවැන්තයා; Apple සමාගමට වසර 50යි https://androidwedakarayo.com/apple-turns-50-today-reflecting-on-each-decades-biggest-moments/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
ගරාජයකින් ඇරඹි ලොව වෙනස් කළ දැවැන්තයා; Apple සමාගමට වසර 50යි
ලෝකයේ තාක්ෂණය සහ මිනිසාගේ ජීවන රටාව උඩුයටිකුරු කළ අති දැවැන්ත සමාගමක් වන Apple සමාගම අද තම 50 වන උපන්දිනය සමරනවා.
❤8
මෙන්න Gmail පාවිච්චි කරන අයට ආපු සුපිරි ආරංචියක්. මෙච්චර දවස් අපේ Gmail ලිපිනය වෙනස් කරන්න බැරිව තිබුණ ගැටලුවට Google සමාගම දැන් විසඳුමක් දීලා තියෙනවා. ඉස්සර නම් email address එකක් වෙනස් කරන්න ඕන වුණොත් අලුත්ම එකක් හදාගන්න වුණානේ, හැබැයි දැන් තමන්ගේ පරණ ඊමේල් එකේ තියෙන කිසිම දෙයක් නැති කරගන්නේ නැතුව අලුත් නමක් දාගන්න පුළුවන්.
මේකේ තියෙන විශේෂම දේ තමයි ඔයාගේ පරණ Gmail එකේ තිබුණ Photos, Google Drive එකේ තිබුණ දේවල් සහ ඔයා සල්ලි ගෙවලා ගත්ත සේවාවන් ඔක්කොම කිසිම අඩුවක් නැතුව අලුත් ලිපිනයටත් ඒ විදිහටම එකතු වෙන එක. කවුරුහරි ඔයාගේ පරණ ලිපිනයට ඊමේල් එකක් එව්වොත් ඒක ඔටෝමැටිකලි ඔයාගේ අලුත් එකට ලැබෙන විදිහට Forwarding පහසුකම හදලත් තියෙනවා.
දැනට මේ පහසුකම දීලා තියෙන්නේ ඇමරිකාවේ විතරයි. හැබැයි ළඟදීම ලංකාව ඇතුළු අනිත් රටවලටත් මේක ලැබෙයි. ඔයාටත් මේක ලැබුණම කරන්න තියෙන්නේ Google Account Settings වලට ගිහින් Personal Info කියන තැනින් ඊමේල් එක වෙනස් කරන එකයි. මේක හිතෙන හිතෙන වාර ගණනක් කරන්න දෙන්නේ නැති වෙයි, ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙනවා.

❤28👍4
Off-grid AI; Internet නැතුව Android Phone එකේ AI පාවිච්චි කරන්නේ මෙහෙමයි https://androidwedakarayo.com/how-to-run-ai-models-on-your-phone-without-internet/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Off-grid AI; Internet නැතුව Android Phone එකේ AI පාවිච්චි කරන්නේ මෙහෙමයි
දැනටම ඔයාගේ phone එකේ ChatGPT, Gemini වගේ apps තියෙනවනේ. ඒවගෙන් වැඩ කරන්න internet ඕන. එහෙමත් නැත්නම් data/wifi on එකේ තියෙන්න ඕන.
❤5
"ජාතික QR ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහන" නිල වශයෙන් ඇරඹෙයි https://androidwedakarayo.com/here-is-tnational-qr-payment-initiative-officially-launched/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
"ජාතික QR ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහන" නිල වශයෙන් ඇරඹෙයි
ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා මෙහෙයවීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, "ජාතික QR ගෙවීම් හඳුන්වා දීමේ වැඩසටහන" (National QR Payment Adoption Programme) අද (2026 අප්‍රේල් 06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලැබුවා.
❤7👍6
ඔන්න Android වැඩකාරයෝ සේරටම සුපිරි අවස්ථාවක්. මේක මග ඇරගන්න එපා.
වැඩි විස්තර 👉 https://androidwedakarayo.com/bybit-x-thimira-giveaway-win-100-usdt/

❤6😁4
සිංහල අලුත් අවුරුදු සමයේ "අවුරුදු කුමරිය" නමින් මූල්‍ය වංචා ඉහළ යාමේ අවදානමක් https://androidwedakarayo.com/risk-of-financial-scams-rising-during-sinhala-new-year-under-awurudu-kumariya-name/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
සිංහල අලුත් අවුරුදු සමයේ "අවුරුදු කුමරිය" නමින් මූල්‍ය වංචා ඉහළ යාමේ අවදානමක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය එළඹිමත් සමඟ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රියාත්මක වන මූල්‍ය වංචා සහ සයිබර් අපරාධවල සැලකිය යුතු ඉහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
❤6
Li-Fi නිසා Wi-Fi වලට සමුදෙන්න කාලය හරිද? https://androidwedakarayo.com/will-li-fi-replace-wifi-is-it-time-to-say-goodbye-to-wifi/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Li-Fi නිසා Wi-Fi වලට සමුදෙන්න කාලය හරිද?
අද අපි කතා කරන්න යන්නේ අනාගතයේදී හැමතැනකම වගේ තියෙන්න පුළුවන් තාක්ෂණයක් ගැන, ඒ තමයි "LI-FI" එහෙමත් නැත්නම් "Light Fidelity".
❤4😱2
න්‍යෂ්ටික බලාගාර සමඟින් මීලඟ චර්නොබිල් වන්නේ ශ්‍රී ලංකාවද? 👀 https://androidwedakarayo.com/why-the-chernobyl-argument-is-not-valid-in-the-present-time/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
න්‍යෂ්ටික බලාගාර සමඟින් මීලඟ චර්නොබිල් වන්නේ ශ්‍රී ලංකාවද? 👀
මේ දිනවල කෙළවරක් නොමැතිව නැවත නැවත චර්නොබිල් සහ ෆුකුෂිමා අනතුරු ගැන අහන්න වෙලා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකා රජය න්‍යෂ්ටික තාක්ෂණය වෙත ප්රවිශ්ඨ වෙන්න තීරණය කරලා තිබීම සහ එයට සැළකිය යුතු පිරිසකගේ විරෝධය එල්ලි වී තිබිමත් බවයි පේන්න තියෙන්නේ.
❤8
Blackview ලංකාවේ tablet වෙළඳපලේ අංක 1 වෙයි: Nexus වෙත 2025 Acceleration Partner සම්මානය හිමි වේ
වැඩි විස්තර 👉 https://androidwedakarayo.com/blackview-tablets-no-1-in-sri-lanka-as-nexus-communications-wins-2025-partner-award/

😱6❤2
අද කාලයේ ස්මාර්ට්ෆෝන් එකක්, ලැප්ටොප් එකක් කියන්නේ අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම කොටසක්. විශේෂයෙන්ම ඔබ Apple සමාගමේ iPhone, iPad හෝ Mac පරිගණකයක් භාවිතා කරනවා නම්, එහි වටිනාකම සහ ආරක්ෂාව ගැන ඔබ නිතරම සැලකිලිමත් වනවා ඇති. Apple නිෂ්පාදනයක් මිලදී ගන්නා විට අපට ලැබෙන සාමාන්‍ය වගකීම් කාලයට (Limited Warranty) වඩා වැඩි ආරක්ෂාවක් ලබා දෙන සේවාව තමයි AppleCare සහ AppleCare+ කියන්නේ. ශ්‍රී ලාංකික අපිටත් මේ ගැන නිවැරදි වැටහීමක් තිබීම ඉතා වැදගත්.
AppleCare යනු කුමක්ද?
මූලිකවම ඕනෑම අලුත් Apple උපකරණයක් මිලදී ගත් විට ඒ සමඟ නොමිලේ ලැබෙන සේවාව තමයි AppleCare කියන්නේ. මෙහිදී Apple සමාගම විසින් වසරක සීමිත වගකීම් කාලයක් (One-year limited warranty) සහ දින 90ක නොමිලේ තාක්ෂණික සහායක් (90 days of complimentary technical support) ලබා දෙනවා.
මෙම සාමාන්‍ය වගකීම යටතේ ආවරණය වන්නේ නිෂ්පාදනයේ ඇති වන දෝෂ (Manufacturing defects) පමණයි. උදාහරණයක් විදිහට, ඔබේ දුරකථනය අතින් වැටී තිරය (Screen) කැඩුණොත් හෝ වතුරට වැටී හානි වුණොත් (Accidental damage), මේ සාමාන්‍ය වගකීමෙන් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි AppleCare+ වැනි සේවාවක අවශ්‍යතාවය මතු වන්නේ.
AppleCare+ සේවාවේ විශේෂත්වය
AppleCare+ කියන්නේ Apple සමාගම විසින් ලබා දෙන රක්ෂණ ක්‍රමයක් වැනි සේවාවක්. මෙය මිලදී ගැනීම සඳහා ඔබ අමතර මුදලක් ගෙවිය යුතුයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ අතින් සිදුවන අත්වැරදීම් නිසා වන හානි පවා මෙහිදී ආවරණය වීමයි.
AppleCare+ හරහා ඔබට ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා:
1. දීර්ඝ කරන ලද වගකීම් කාලය: සාමාන්‍යයෙන් මෙය වසර දෙකක් හෝ තුනක් දක්වා දීර්ඝ වනවා.
2. Accidental Damage: ඔබ අතින් පෝන් එක බිම වැටුණොත් හෝ වතුර ගියහොත්, ඉතා අඩු සේවා ගාස්තුවකට එය අලුත්වැඩියා කර ගැනීමට හෝ අලුත් උපකරණයක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා.
3. Battery Service: ඔබේ උපකරණයේ බැටරි ධාරිතාව 80% ට වඩා අඩු වුවහොත්, එය නොමිලේ මාරු කර දීමට Apple සමාගම බැඳී සිටිනවා.
4. Express Replacement Service: ඔබේ දුරකථනය අලුත්වැඩියා කිරීමට යවන අතරතුර භාවිතා කිරීමට තාවකාලිකව වෙනත් දුරකථනයක් ලබා දීමට පවා ඇතැම් රටවල මෙම සේවාව යටතේ කටයුතු කරනවා.
AppleCare+ විවිධ උපකරණ සඳහා ක්‍රියාත්මක වන ආකාරය
Apple සමාගම ඔවුන්ගේ සෑම ප්‍රධාන නිෂ්පාදනයක් සඳහාම වෙන වෙනම AppleCare+ සැලසුම් සකස් කර තිබෙනවා. අපි ඒ එකින් එක ගැන විස්තරාත්මකව බලමු.
1. iPhone සඳහා AppleCare+
iPhone එකක් කියන්නේ මිල අධික මෙන්ම ඉතා සූක්ෂම උපාංගයක්. AppleCare+ මගින් iPhone සඳහා වසර දෙකක ආරක්ෂාවක් ලැබෙනවා. මෙහිදී ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා:
i. Standard AppleCare+: මෙහිදී අත්වැරදීම් නිසා වන හානි ආවරණය වෙනවා.
ii. AppleCare+ with Theft and Loss: මෙහිදී අත්වැරදීම්වලට අමතරව ඔබේ දුරකථනය නැති වුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත්, අලුත් දුරකථනයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. (නමුත් මේ සඳහා 'Find My' සේවාව ක්‍රියාත්මක කර තිබීම අනිවාර්යයි).
2. iPad සඳහා AppleCare+
iPad භාවිතා කරන අය අතර Apple Pencil එක සහ Magic Keyboard එකත් ඉතා ජනප්‍රියයි. AppleCare+ මිලදී ගත් විට iPad එකට අමතරව ඔබ සතු Apple Pencil සහ Apple-branded iPad keyboard සඳහාත් ආරක්ෂාව හිමි වෙනවා. බැටරි සෞඛ්‍යය පිරිහීම සහ තිරය කැඩීම වැනි පොදු ගැටළු මෙහිදී පහසුවෙන් විසඳා ගත හැකියි.
iPhone සහ iPads සඳහා නම් ලංකාවේදී මේ මොන warranty එකත් Authorized Service Center එකකින් claim කරන්න නම් TRCSL Approval එක තියෙන්නම ඕනේ.
3. Mac පරිගණක (MacBook, iMac, Mac mini) සඳහා AppleCare+
Mac පරිගණක සඳහා සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් සඳහා මෙම සේවාව ලබා ගත හැකියි. Mac එකක් අලුත්වැඩියා කිරීම ඉතා මිල අධික කටයුත්තක් නිසා AppleCare+ තිබීම ලොකු සහනයක්. විශේෂයෙන්ම Screen එකට වන හානි හෝ මවු පුවරුවට (Logic Board) වන හානි සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු නොවීම මෙහි ඇති ලොකුම වාසියයි.
4. Apple Watch සඳහා AppleCare+
Apple Watch එකක් කියන්නේ නිරන්තරයෙන් අපේ අතේ තියෙන දෙයක් නිසා එය බිත්තිවල වැදීම හෝ වැටීම සාමාන්‍ය දෙයක්. Apple Watch Series මාදිලි සඳහා වසර දෙකකත්, Apple Watch Hermès සහ Ultra මාදිලි සඳහා වසර තුනකත් ආරක්ෂාවක් ලබා දීමට Apple සමාගම කටයුතු කරනවා.
5. Apple TV සහ AirPods සඳහා AppleCare+
AirPods වැනි කුඩා උපාංග ඉක්මනින් නැති වීමට හෝ බැටරි දුර්වල වීමට ඉඩ තිබෙනවා. AppleCare+ හරහා AirPods, AirPods Pro සහ AirPods Max සඳහා අමතර වසරක වගකීමක් සහ බැටරි මාරු කිරීමේ පහසුකම් හිමි වෙනවා.
සේවා ගාස්තු සහ පිරිවැය (Deductibles)
AppleCare+ තිබූ පමණින් සියල්ල නොමිලේම සිදු වන්නේ නැහැ. අත්වැරදීමකින් වූ හානියක් (Accidental Damage) නිවැරදි කිරීමේදී ඔබ යම් අවම සේවා ගාස්තුවක් (Deductible/Service Fee) ගෙවිය යුතුයි.

❤8😁1
මෙය ඔබ සාමාන්‍යයෙන් අලුත්වැඩියාවකට ගෙවන මුදලට වඩා ඉතා අඩු අගයක් ගන්නවා.
උදාහරණයක් ලෙස (ඇමරිකානු ඩොලර් අගයන් අනුව):
* iPhone Screen Repair: ඩොලර් 29 ක් පමණ.
* Other Accidental Damage: ඩොලර් 99 ක් පමණ.
* Theft or Loss: ඩොලර් 149 ක් පමණ.
මෙම ගාස්තු උපකරණයේ වර්ගය සහ හානියේ ස්වභාවය අනුව වෙනස් විය හැකියි.
AppleCare+ මිලදී ගන්නේ කෙසේද?
ඔබ අලුත් Apple උපකරණයක් මිලදී ගන්නා අවස්ථාවේදීම AppleCare+ ලබා ගත හැකියි. එසේ නොමැති නම්, උපකරණය මිලදී ගෙන දින 60ක් ඇතුළත එය මිලදී ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.
මිලදී ගැනීමට ක්‍රම කිහිපයක් තිබෙනවා:
1. ඔබේ උපකරණයේ Settings > General > About වෙත ගොස් එහි ඇති "AppleCare+ Coverage Available" යන තේරීම හරහා.
2. Apple වෙබ් අඩවිය හරහා (මෙහිදී ඔබේ උපකරණයේ Serial Number එක සහ දුරස්ථව සිදු කරන පරීක්ෂණයකට (Remote Diagnostics) මුහුණ දීමට සිදු වේ).
3. Apple Store එකක් වෙත යාමෙන්.
වාර්ෂික සහ මාසික ගෙවීම් ක්‍රම (Payment Plans)
දැන් Apple සමාගම විසින් AppleCare One නමින් AppleCare+ සඳහා මාසිකව මුදල් ගෙවීමේ ක්‍රමයක් (Monthly Recurring Plan) හඳුන්වා දී තිබෙනවා. මෙහි ඇති වාසිය නම්, ඔබ මාසිකව මුදල් ගෙවන තාක් කල් ඔබේ වගකීම් කාලය වසර දෙකකට හෝ තුනකට සීමා නොවී දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි වීමයි. ඔබ වසර දෙකක හෝ තුනක මුදල එකවර ගෙවා (Upfront) ලබා ගත්තේ නම්, එම කාලය අවසානයේදී එය මාසික සැලසුමකට හරවා නැවත දීර්ඝ කර ගැනීමටත් දැන් අවස්ථාව තිබෙනවා.
AppleCare+ ඇත්තටම වටිනවාද?
බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි "මම මේකට අමතර මුදලක් වැය කළ යුතුද?" කියන එක. මෙයට පිළිතුර තීරණය වන්නේ ඔබ ඔබේ උපකරණය භාවිතා කරන ආකාරය අනුවයි.
* ඔබ නිතරම එහේ මෙහේ යන, එළිමහනේ වැඩ කරන කෙනෙක් නම්: phone එක බිම වැටීමට හෝ තෙමීමට ඇති ඉඩකඩ වැඩියි. එවැනි අයෙකුට AppleCare+ කියන්නේ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්.
* ඔබ ඉතා ප්‍රවේශමෙන් උපකරණ භාවිතා කරන අයෙක් නම්: සමහර විට ඔබට මෙය අමතර වියදමක් ලෙස දැනෙන්නට පුළුවන්. නමුත් මතක තබා ගන්න, අත්වැරදීමක් කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්.
* අලුත්වැඩියා පිරිවැය: iPhone එකක Screen එකක් හෝ මවු පුවරුවක් මාරු කිරීමට යන වියදම AppleCare+ සඳහා යන වියදමට වඩා කිහිප ගුණයක් වැඩියි. එම නිසා මෙය එක්තරා ආකාරයක සැනසිලිදායක හැඟීමක් ලබා දෙනවා.
ලංකාවේ අපිට AppleCare+ සෘජුවම Apple සමාගමෙන් ලබා ගැනීම කරන්න බෑ. ඒ වෙනුවට අපිට පුළුවන් Apple Authorized Distributor, Service Center, සහ Resellersලා හරහා Limited Warranty එක එහෙමත් නැත්තම් Shops වල කියන Apple Care warranty එක තව අවුරුදු දෙකකට extended කරගන්න. ඒකෙන් ඔයාට AppleCare+ හම්බෙන්නේ නෑ.
ඔබ විදේශයකින් උපකරණයක් ගෙන්වනවා නම් හෝ මිලදී ගන්නවා නම්, AppleCare+ සක්‍රීය කර තිබීම මගින් ලෝකයේ ඕනෑම රටක ඇති නිල Apple සේවා මධ්‍යස්ථානයකින් සහාය ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා (Global Warranty).
ඒ වගේම මතක තියාගන්න AppleCare (+ කියලා නෙවෙයි) ලංකාවේ විකුණන devices වල තියෙන්නේ Limited Warranty එකක්. ඒකෙදි වෙන්නේ manufacture defects සහ faulty parts තියෙනව නම් විතරක් ඒවා claim කරන එක. ඒකෙන් කිසිම විදිහකින් AppleCare warranty එකක් හම්බෙන්නේ නෑ.

❤15😁1
Spotify සේවාව ලොව පුරා ඇණහිටියි. පරිශීලකයින් දැඩි අපහසුතාවයට https://androidwedakarayo.com/spotify-outage-2026-05/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Spotify සේවාව ලොව පුරා ඇණහිටියි. පරිශීලකයින් දැඩි අපහසුතාවයට
Spotifyහි හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
😢16😱3❤1
Snapdragon 8 Elite Gen 6 සමඟින් ඩොලර් 300කින් පමණ Smartphone මිළ ඉහළ යා හැකි බවට වාර්තා වේ https://androidwedakarayo.com/snapdragon-8-elite-gen-6-could-increase-smartphone-prices-by-around-300-dollars/
Android වැඩකාරයෝ - Sinhala Tech News provider
Snapdragon 8 Elite Gen 6 සමඟින් ඩොලර් 300කින් පමණ Smartphone මිළ ඉහළ යා හැකි බවට වාර්තා වේ
ලොව පුරා Smartphone ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට සූදානම් වන Qualcomm සමාගමේ මීළඟ ප්‍රමුඛතම ප්‍රොසෙසරය වන Snapdragon 8 Elite Gen 6 පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක් මේ වන විට නිකුත් වී තිබෙනවා.
😢18❤3