නොමිලේ මැණික් පිළිබද ඉගනීම සහ මැණික් මිළදී ගැනීම💎
6.59K subscribers
10 photos
41 videos
38 links
ARH Gem Online Auction තුලින් Gemstone මිලදී ගැනීමට අපගේ Whatsapp සමූහයට පිවිසෙන්න👇🏻

https://chat.whatsapp.com/ILqVxW5fK5h8zfSfUztrkH
Download Telegram
මැණික් යනු පොළොවෙන් ලබාගන්න දුර්ලබ ගල් වර්ග වලට කියන පොදු නමක්වේ නමුත් මේ මැණික් සම්පත ලොකයේ රටවල් පොඩි ප්‍රමාණයක් පමණක් සීමාවූ නිසාත් එයිනුත් රටවල් අතලොස්සක තත්වයෙන් උසස් මැණික් සොයාගැනිමට හැකියාව ඇත.

මේ නිසාම තත්වෙන් උසස් හා දුර්ලබ මැණික් කෘතිම ලෙස නිශ්පාදනය මිනිසා පටන් ගත්තේ අද ඊයේ නොව 1917 වැනි දිර්ග කාලයක සිටය. ඉතින් සින්තටික් ගල් එදා පටන් නූතනය වෙද්දි ඉතාමත් සූක්ෂම ලෙස නිශ්පාදනය කර ඇත. වර්තමානයේ ඇතම් අය පලුදු සහිත ලෙස සින්තටික් ගල් සෑදිම සිදු කරයි. මැතක සිට ලංකාවේත් මෙම ගල් බහුල ලෙස දක්නට ලැබේ. මැනික් ව්‍යාපාරයේ ආදුනිකයන්ට හා ප්‍රවීණයන්ටත් මේ නිසා ඉතාමත් ප්‍රශ්නකාරි වතාවරනයක් සෑදි තිබේ.

මා හටද මෙවැනි ගලක් මැතක මෙවැනි ගලක් ලැබුනා ඉතාමත් හොද වර්ණයක් සහා ස්භාවික ගලක දක්නට ලැබෙන වාක්කුව ඝනත්වය හැඩය සියලුම ලක්ශන ඇතිනිසාත් මෙය ඉතා හොදින් අල්ට්‍රා වයලට් සංවේදිතාවයත් හ පලුදු කිපයක් තිබු නිසා සැක නොහිතන ගලක්. නමුත් මෙය පරික්ශා කිරිමට හේතුවූයේ මෙය අනෙක් ගල් වලට සාපෙක්ශව අල්ට්‍රා වයලට් සංවේදිතාවය වැඩි නිසාවෙනි ( යූවි වැඩි කියන්නෙත් එක්තරා විදියකට සින්තටික් හොයාගැනිමට ඇති ලක්ශනයක් ) හැබැයි අව්ව තියන තැනක මෙක හොයන්න අමරුයි. කොහොම හරි ෆැසට් එකක් දාලා මන් චෙක් කරන්න හිතුවේ එකයි . ෆැසට් එකක් දලා බැලුවාම ලුප් එකකින් බැලු විට ස්භාවික ගෙවුඩ පටි දුම අන්ක් ස්භාවික පිහිටිම් කිසිවක් නොමැති නිසා මෙය සින්තටික් ලෙස තහවුරු වුනා. නමුත් මන් ලැබ් එකකින් පරික්ශා කර එහි සහතික පත සමග නැවත බාරදුන්නා.

ඉතිං ඉස්සරහට මෙවනි ගල් වෙලද පොලේ වැඩිපුර තිබෙනවා මිස අඩු නොවේ ඉතිං. ඔයලාට බලාගන්න මන් විඩියෝ එක පලමවෙනි කොම්න්ටෙක දානවා. පුලුවන් හැම වෙලෙම සහතික පත් සහිත ගල් ගන්න අනික ගොඩක් අය ඇස් දෙකෙන් ඔප්ටිවයිසරෙන් බැලුවට මේ ගල් අදුරන්න බෑ.

ගලක් වර්බල් තහවුරු කරගන්න රුපියල් 500ක් වගේ තමයි වර්තමානයේ ගන්නෙ ඒත් සමහර ලැබ් නම් ඒ අවස්ථාව ලබා දෙන්නෙ නෑ. ඒ නිසා මැනික් ව්‍යාපාරයේ යෙදෙනවා නම් විශ්වාසවන්ත ලැබ් එකකින් ගලක් තහවුරු කිරිමට දෙපාරක් හිතන්න එපා. මොකද ඔයා ගල ඔයගේ කස්ටමර් කෙනෙක්ට විකිනිමේදි ඔහු කිවොත් ඒ ගල සින්තටික් කියා ඔයාට නැතිවෙන්නෙ ඔයාගේ කස්ටමර්ව සමහර විට එක පසුකාලිනව විශාල පාඩුවක් වෙන්න පුලුවන්.
❤15👍8😘6🔥4🥰4👌3😍3❤‍🔥2💋2😈2😇1
මැණික් ව්‍යාපාරයේ ප්‍රදානම දේ තමයි දැනුම...

සල්ලි තිබ්බ හෝ නැතා, පාඩු නොවී ලාභ ගන්න නම්, දීර්ග කාලීනව ව්‍යාපාරයේ යෙදෙන්න නම් මැණික් ගැන දැනුමක් ව්‍යාපාරය ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ. ..


මැණික් වලින් ලාභ ගන්න මුදල් අවශ්‍ය නැ...

ඔයාට පුළුවන් කේවල් කරලා ගල් අරන්දෙන්න හෝ විකුණලා දෙන්න ( අතරමැදියෙක් ලෙස, බොහෝ අවස්ථාවල අයිතිකරුට වඩා ශුද්ද ලාබයක් මෙම අතරමැදිකරුට ලැබෙනවා )

අතරමදිකරුවෙකි හෝ කේවල් කරන්නෙකු වෙන්න ඔබට ගල් ගැන හොද දැනුමක් හා ගලක් ගන්න, කතාබහ කරන්න පුළුවන් වෙන්න ඕනේ

අතරමැදියෙකු ලෙස විකුනන්න නම් ගල් ගැන දැනුමක් හා කපා ඔපදැමු ගලේ තත්වයගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ, එවගේම හොද සබදතා තියෙන්න ඕනේ ( ගැනුම් කරුවන් සමග ) සහ වෙළදපොල මිල ගැන

මේවා මුදල් නොමැතිව දැනුමෙන් හා උත්සාහයෙන් කරන්න පුළුවන් දේවල් බොහෝමයක් අය ලාබ ලබන්නේ මේවගෙන්
🥰11❤8👍6😍5😘4🗿3🔥2👏2😱2💋2❤‍🔥1🆒1
මැණික් ව්‍යාපාරය තුළ, මැණික් ගල්, ඒවායේ ගුණාත්මකභාවය සහ සමස්ත වෙළඳ ක්‍රියාවලිය විස්තර කිරීමට නිතර භාවිතා වන පොදු යෙදුම් සහ වචන කිහිපයක් තිබේ. මේක මම එහෙන් මෙහෙන් අහුලාගෙන මගේ අවශ්‍යතාවන්ට ගැලෙපෙන ලෙසට සාදා ගත් දළ සටහනකි. කාගෙන් හෝ උපුටා පලකර ගැනීමක් නොවන බව සළකන්න. යම් උපකාර වීමක් තිබේනම් මෙහි ඇති දේ ගන්න, අඩුපාඩුවක් තිබේ නම් සදහන් කරන්න. මට මේක සෑහෙන්න ප්‍රෙය්ඡනවත් උන අවස්ථා ඇත. ඒක නිසා කාට හරි උපකාරයක් වේයැයි සිතමි.

Carat
• කැරට්: ගල් කැබැල්ලේ බර. එක් කැරට් එකක් 200 මිලිග්‍රෑම්ට සමාන වේ.
• Clarity
• පිරිසිදු කම/සුපැහැලිබව: පිරිසිදුකම විස්ලේශනය කිරීමේදී අභ්‍යන්තර හෝ බාහිර දෝෂ (අඩුපාඩු) තිබේදැයි සොයා බලයි.

• Cut
• කැපීම: ගල ශේප් කිරීම හා පැටියන් (facete-පැසට්) කිරීමේ ආකාරය. එය ගලේ ආලෝකය හැරවීමේ හැකියාව බලපායි.

• Color
• පැහැය/පාට: මැණික් ගලේ වර්ණ, මෙය සපාය, රුබීවැනි මැණික් සඳහා ඉතා වැදගත්ය.

• Inclusions
• අඩුපාඩු: අභ්‍යන්තරයේ ඇති ස්වාභාවික අඩුපාඩු, ඛනිඡය සෑදීමේදී වෙනත් ඛනිඡ තුල ඇති ද්‍රව්‍ය,දියර වායු බුබුලු වැනි දේ හෝ පිපිරීම් වැනි.

• Brilliance
• කිරණ: මැණික් ගලේ ආලෝකය ආපසු හැරවීමේ හැකියාව, දිලිසීම ඇති කරන බව.

• Luster
• ආලෝකය පරාවර්තනය වීමේදී මැණික මැතුපිට පෙනෙනෙ ආකාරය. සාමාන්‍ය ව්‍යාහාරයේදී තුඩිය කියන්නේ ඒක

• Origin
• ගලේ උප්පතිය පිහිටි දේශය කලාපය/ සිලොන් සපයා/ කාශ්මිර් රූබි කියන්නේ එවැනි දේ

• Heat Treatment
• ගලේ පැහැය හෝ පිරිසිදුකම වැඩිදියුණු කිරීමට භාවිතා කරන සාමාන්‍ය සත්කාරය.

• Certification
• සහතිකය: රත්න විශ්ලේෂණ වාර්තාව (උදා: GIA, AGS) එහි ගුණාංග සනාථ කරයි.

• Facet
• ගලේ ඔපදැමූ මතුපිට/ගලේ මුහුණත

• Fluorescence
• ප්‍රතිදීප්තිය: මැණික් UV ආලෝකය යටතේ ප්‍රතිචාරය, එය වටිනාකමට බලපානු ඇත.

• Calibrated
• සම්මත ප්‍රමාණයට මැණික් ගල් කපා ගැනීම, එය ආභරණ සෑදීමේදී වැනි කාර්යන් වලදී ඉතා වැදගත් වේ.

• Eye-Clean
• පියවි ඇසින් පළදු දැකීමට නොහැකි මැණික් ගල්.

• Loupe-Clean
• 10x ප්‍රමාණයට විශාලනය කල විට පෙනෙන අඩුපාඩු නොමැති මැණික්.

• Treatment
• සත්කාරය: මැණිකේ පැහැය, පිරිසිදුකම හෝ සමස්ත පැතිකඩ වැඩිදියුණු කිරීමට ප‍්‍රතිකාරය (උදා: තෙල් යෙදීම, විකිරණය).

• Synthetic
• සත්කාරක: ස්වභාවික මැණික් වල ගුණාංග අතුලත් වන සේ පෙනෙන්න මිනිසා විසින් කෘතිමව සකස් කරන ගල්
❤12👍6🥰6😍5😘5🆒4🔥3💘3😱2❤‍🔥2😎2
ARH Gem Online Auction තුලින් Gemstone මිලදී ගැනීමට අපගේ Whatsapp සමූහයට පිවිසෙන්න👇🏻

https://chat.whatsapp.com/ILqVxW5fK5h8zfSfUztrkH
👍12❤9🥰7😍4👌3😈3🔥2😘2😱1🤩1❤‍🔥1
💎ස්පිනල් (Spinel) 💎

ස්පිනල් යනු, ඇලුමිනියම් හා මැග්නීසියම් අඩංගු ඛනිජයකි. මෙම නම පැමිණෙනේ ලතින් භාශාවේ වචනයක් වන "ස්පිනෙලා" යන වචනයෙනි. එහි අර්ථය කොදු ඇට පේලිය යන්නයි. ස්පිනල් දෘඩතාවය (Hardness) 8ක් වේ. ස්පිනල් විනිවිද පෙනෙන තද පැහැයක් ගනී. එය වර්ණ රහිත විය හැකි නමුත් සාමාන්‍යයෙන් රෝස, රතු, නිල්, කොළ, කහ, දුඹුරු, කළු හෝ වයලට් වැනි විවිධ වර්ණ වලින් යුක්ත්ය. අද්විතීය සුදු ස්පිනල් වර්ගය දැන් බහුලව නොමැති මුත් මෙය ලංකාවේ විටින් විට සුලභව මතු වේ.

ස්පිනල් ශ්‍රී ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන අතර 19 වන හා 20 සියවස්වල ස්පිනල් එකම පතල් වල හමු වූ බැවින් කොරන්ඩම් ලෙස වැරදියට හදුනාගෙන ඇත. පසුව නවීණ තාක්ශන යටතේ මේවා කොටස් දෙකක් බව සොයා ගැණින. කෙසේ නමුත් ස්වභාවික ස්පිනල් සෑම විටම දුර්ලභ හා ලස්සන මැණික් වර්ගයකි. ගෝලීය වෙළදපොලට ස්පිනල් සපයන දෙවන විශාල ම රට ලංකාව වේ. රත්නපුර, ඔක්කම්පිටිය, ඇඹිලිපිටිය යන ප්‍රදේශ වලින් ස්පිනල් ලංකාවේ සොයාගෙන ඇත.

විවිධ වර්ණවලින් යුත් ස්පිනල් මැණික් ගැණුම්කරුවන්ගේ මෙන්ම මැණික් විකුණන්නන්ගේ ද ආකර්ශනය දිනාගත් මැණික් ගලකි.
❤37👍11🥰8😍7👌4❤‍🔥3😘3🔥2😱2🤩1💘1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මේ තමයි රත්නපුර මැණික් පොල😍💎
❤58👍14🥰8😍8😘8👌4❤‍🔥4🫡3🔥2🤩2😎2😈1
💯

https://whatsapp.com/channel/0029VawCOrdGE56sEdjElu3Q

අනාගතේ සුපිරි වාහනයක් ගන්න ඉන්න අය,
ගන්න හීන දකින අය, හැමෝම join වෙන්න ඕනෙ Whatsapp channel එකක්‌ ❤️😎
🥰15👍7❤5😍5😘5🎉3👌2
Not dream, its goal ❤️💯✨

👑SL vehicles hub👑

💥Telegram channel= C L I C K

💥Whatsapp channel= C L I C K
❤6😘4🥰3👍2😍1