CYBER TRICKS ⚡️
4.36K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
A Few Solutions for Display Artifacts

Desktop, laptop use කරන ගොඩ දෙනෙක්ට මේ ප්‍රශ්නේ එක පාරක් හරි ඇවිත් ඇති..
ඊට කලින් බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියල..🤔

එක පාරටම display එකට හෙන ගහල වගේ විකෲති වෙලා නන් ඉරි ගිහින් උඩ photo එකේ වගේ වෙනව නම්, ඉඳල හිටල display එක එහෙ මෙහෙ යනවා බොඳ වෙනව වගේ වෙනව නම් ඉඳල හිටල හරි අන්න ඒකට විසඳුම් ටිකක් තමා අද කතා කරන්නෙ.. 😁

මෙහෙම උනාම, පලවෙනියෙන්ම ඔයාල කරන්න ඕන restart කරල හරියනවද බලන්න.. හරි නැත්තම් ඊළඟ පාර යන්න bios වලට bios වලට ගිහින් 20min වගේ තියල බලන්න එතකොටත් කලින් ලෙඩේ තියනවද එක පරක් හරි වෙනවද කියල..
ඉතින් bios වලදිත් කලින් වගේ artifacts එනව නම් අනිවාරෙන් hardware issue එකක්.. bios වලදි කිසි අවුලක් නැත්තම් software issue එකක්..
ඒ දෙක ගැනත් වෙනම බලමු..


Hardware issue එකක් නම් 🤔


Desktop එකක් නම්,
hardware issue එකක් නම් බොහෝ විට gpu එකේ අවුලක් වෙන්න පුලුවන් desktop එකක..  ඒත් කොහොමද ඒක හරියටම දැනගන්නේ...👇

ports එකකට වඩා තියන external gpu එකක් නම් අනික් ports try කරන්න.. හරිගියේ නැත්තම්, integrated graphics තියේ නම් direct  board එකට දීලා බලන්න අර ලෙඩේ එන්නෙ නැත්තම් ඉතින් gpu එකේ තමා ලෙඩේ.. 🥹

ඒ හරිගියෙත් නැත්තම් අනිවා monitor එකේ හෝ cable එකේ ලෙඩේ.. cable එක මාරු කරල බලන්න.. vga එකක් නම් dvi,hdmi cnnct කරල බලන්න.. නැත්තම් ගෙදර tv එක දීලා බලන්න.. මොනිටරෙ අවුලක් නම් port එක මාරු කරල බලන්න..

Laptop එකක නම් බොහෝ විට display එකේ අවුලක්.. එහෙ මෙහෙ ඇරන් යද්දි display එක තද වෙලා, වැටිලා, තැලිලා වගේ වෙලා වෙන්න පුලුවන්.. නිතරම overheat උනොත් ටික කාලෙකින් ඔය ලෙඩේ එන්නත් පුලුවන්(<5%)


Software issue එකක් නම්..🤔


එහෙම නම් මුලින්ම කරන්න ඕන ඔයාගේ graphics drivers update කරලද බලල update කරන එක.. නැත්තම් graphic drivers පහල විදියට reinstall කරන්න ඕන..
search➤ device manager➤ display adepter ගිහින් right click කරල driver uninstall කරල restart කරන්න..
ඒකරල අදාල driver එක අදාල site එකෙන් download කරගන්න.. බොහෝ විට හරියයි..

monitor එකේ refresh rate එකට ගැලපෙන විදියට refresh rate එක adjust කරගන්න.

virus එකක් නිසා වෙන්නත් පුලුවන්.. හරිගියේ නැත්තම් reset කරන්න..


මට දැනට මතක මෙච්චරයී.. බොහෝ විට උඩ කිව්ව එක හේතුවක් නිසා තමා වෙනව නම් වෙන්නේ.. මගේ අත්දැකීම් ටිකක් discussion group එකේ දාන්නම්.. reaction එකක් එහෙම දාන්න..

තවම මෙහෙම වෙලා නැති උනාට කවදකට හරි වැදගත් වෙයි..😁


DR INFINITE✨
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

✹ POWERED BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨
❤27👍2🔥1
hodin bri nm nrkin hri💸😪
❤31🗿5👍2🤝1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Piywark gnnone😪
🤣48🗿5👌1
Phones, laptops ගන්න ඉන්න අය මේ මාසේ ඇතුලත ගන්න.. ගිය අවුරුදු දෙකට සාපේක්ශව මාරම අඩුයි දැන් prices. විශේශයෙන්ම smart phones වල. හැබැයි ලබන මාසෙන් පස්සේ සැලකිය යුතු ගානකින් හෝ ලොකු ගානකින් වැඩි වෙයි..!
😢26😭5❤1
ආ මේ. ගිය අවුරුද්දේ payoneer එකේ ප්‍රශ්නේ දැන් හරිද. දැන් ලංකාවේ account create කරන්න පුලුවන්ද අලුතින්🤔
🤔7👍1
අපි use කරන search engines, browsers, social media, gaming platforms අපේ privacy එකත් එක්ක deal කරන විදිය සවිස්තරාත්මකාව බලාගන්න පුලුවන් simple website එකක්. පොඩියට idea එකක් ගන්න හොඳයි හැමෝටම ;-)

LINK : http://spyware.neocities.org

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤13👍6🔥1🤔1
SCAM ALERT !

මේ දවස් වල යන ලොකුම ස්කෑම් එකක් මේක. ලෝබ කමට ගොඩක් අය අහු වෙලත් තියනවා.

මේක වෙන්නෙ ikman, patpat වගේ online marketplaces හරහා.

මුලින්ම scammersla ඔයාලා ad එකක් දාලා තියනවා නම් ඒ අදාල item එකේ විස්තර අහලා ඒක ගන්නවා වගේ බොරුවට රඟපාලා විශ්වාසේ දිනාගන්න දවසක් දෙකක් අදිනවා. ඒකරල ගොඩක් අය advance payment එකක් කරන්න අහනවා.. ඒකරල bank account details ඉල්ලගන්නවා.. නැත්තම් දැන් සල්ලි දාන්නම් ඉස්සරහ දවසක ගන්න කියල බොරුවක් කියල ඔයාලගෙන් කොහොම හරි NIC number එක ඉල්ලගන්නවා..

ඊලගට බොරු ගොඩක් කියනවා.. එයා ඉන්නෙ රට. transfer කරන්න පුලුවන් dollars වලින් විතරයි බ්ලා බ්ලා කියල ඔයාලගෙන් අහනවා bank එකේ sms notifications enable කරලද තියෙන්නේ මම මෙහෙන් dollars දාන නිසා මට ඒකේ confirmation එකක් ඕන කියල.. ඔයා ඕකට අහු උනොත් ඔයාගේ mobile එකට otp code එකක් එනව. ඒක otp එකක් නොකියා සල්ලි ටික වැටෙන්න නම් ඒ කෝඩ් එක එයාලට ඕන කියල කියනවා.. තේරෙනවනේ මොකක්ද වෙන්න යන්නෙ කියල😪

නොතේරුන අයට මෙතන මේකයි සරලවම වෙන්නේ..


එයාලා කරන්නෙ මුලින්ම ඔයාලගේ විශ්වාසය දිනාගෙන ඔයාලගේ bank account details, nic, phone number ඉල්ලගෙන ඔයාගේ bank account එක JUST PAY app එකට link කරගන්න එක.. හැබැයි ඒක confirm කරගන්න otp එක ඕන. otp එක බැරි වෙලා හරි දුන්නොත් එයාලට ඔයාලගේ bank account එක just pay එකට link කරල කිසිම ප්‍රශ්නයක් නැතුව account එක හිස් කරගන්න පුලුවන්.

අහු වෙන්න එපා ඉතින්.. ගොඩක් අය අහු වෙලා තිබුනා මේකට. අනික අහු උනොත් ආයේ සල්ලි ගන්නව බොරු මොකද ඒ scammerslage bank accounts බොරු නම් වලට හෝ කාලෙකට කලින් මැරුනු අයගේ විස්තර වලින් හදපූවා..😪


අනික් අයවත් දැනුවත් කරන්න..share කරන්න.🤝

#scamalert
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥44👍9🗿9❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
PROJECT NAPTHA

මේකනම් ගොඩක් අයට වැදගත් වෙයි..😌
google එකේ තියන images වල text එකක් copy කරගන්න ඕන නම් ඔයා මොකද කරන්නේ. image එක down කරලා OCR එකකින් copy කරගන්න එකනේ.

ඉතින් අද මම ගෙනාව PROJECT NAPTHA addon එක browser එකට add කරගත්තම ඕනිම image එක්ක තියන text එකක් ලේසියෙන්ම select කරල copy කරගන්න පුලුවන්..
save restricted image එකක උනත්..🌚
Try කරලම බලන්න.

✹LINK : https://chrome.google.com/webstore/detail/project-naptha/molncoemjfmpgdkbdlbjmhlcgniigdnf

තේරුනේ නැති අය උඩ tutorial එක බලන්න.🥱 Reaction එකක් එහෙම දැම්මට තරහ වෙන්නේ නෑ ඉතින්..

#WEBTOOL
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️‌‌
❤38👍7👌4❤‍🔥2
Pdf වල watermark remove කරගන්න ඕන අය මේ websites එක use කරන්න.. මම sample එකකුත් discussion එකේ දාලා තියෙන්නේ.. 🌚👇

✹ LINK 1 : https://online.rightpdf.com/en/remove-watermark

✹ LINK 2 : https://lightpdf.com/remove-watermark

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥21🗿4👍3❤2
OS . CLICK

ගොඩක් අයට දැන් win11 24H2 version එකේ ප්‍රශ්නත් එක්ක ආයෙත් 23H2 එකට downgrade කරන්න ඕන වෙලා තියනවනේ.. ඒත් microsoft එකෙන් පරන versions ගන්න තැනක් නෑ.. ගන්නව නම් uupdump වගෙ එකකින් script එකක් හරහ cmd එකෙන් ගන්න ඕන.. ටිකක් එපා වෙන වැඩක් කැමති අයට එහෙම පුලුවන්..

එහෙම අමාරු මට වගේ අය මේ website එක save කරල තියාගන්න මොකද මේකෙන් දැනට windows, linux os දෙකේ හැම version එකකම වගේ iso files ලේසියෙන්ම download කරගන්න පුලුවන්.. 😗

ඉස්සරහ දවසක අනිවාරෙන් වැදගත් වෙයි. ඒ නිසා save කරල තියාගන්න.🌚

LINK : OS.CLICK


𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🗿15👍3❤2🔥1
🤔🤔🤔
🤯15😢2❤1😁1🤔1
CYBER TRICKS ⚡️
🤔🤔🤔
How how trigger wennepa. member kenek ewwa prashnayk meka. mu mehma krnw mun mehmai acc ussnw bla bla gawe na mn..  channl eke dnme mehm prsshnyk kynw mkd hitnne ahnna.. commnt wkwt kyla nane meka eke wdk kyla.. eka boru nm eka aa wdyta itin adala ayta wisdgnna plwn ka ghnne natuwa..
comment wl tyna ewge credit ekt mt dennepa itin😪
anika 2fa enable krl tyddit account hack wena ek mn kyn deyk nemei itin. aa adala ayage ehm nowunata una aya innwa.. ehm wnne khmd kyla nm mn dnne na oy ka ghna aya dnnwa nm kyla denna itn.

aa anika ochr triggr une ai kyl nm dnne na.. hby ayn krnn onnm kynn.. prshnyk ntha ; )
❤9😁4👍3
ANDROID SYSTEM SAFTYCORE

මේක තමා google එකෙන් අලුතින්ම release කරපු අලුත්ම security service එක.. ඕවගේ ඉතින් මහ විශේශ දෙයක් නැති උනාට මේකේ තියනවා කතා කරන්න interesting දෙයක්..

මේකෙන් සරලවම කරනවයි කියන්නේ ඔයා google message app එකෙන් nude image/video එකක් යැව්වොත් හෝ කාගෙන් හරි ලැබුනොත් ඒක අඳුරගෙන image එක blur කරලා userta warning එකක් දෙන එක.. තව එක එක කතන්දර තියනවා.. හරියටම වැඩේ වෙනවද කොහොමද වෙන්නෙ කියල දන්නෙ නෑ මොකද release වෙලා වැඩි කාලයක් නැති නිසා..
released date එක january 22. user permission එකක් නැතුව auto install වෙන system app
එකක් නිසා app drawer එකේ පෙන්නන්නෙත් නෑ..

ඔයාලගෙත් install වෙලා ඇති සමහරවිට app settings වලට ගිහින් බලන්න..
කොහොම හරි මොකද හිතන්නෙ මේක ගැන?

කැමති අයට මේ link එකෙන් install කරගන්නත් පුලුවන්.. install වෙල තියනට අයට uninstall කරගන්නත් පුලුවන්..
LINK

#News
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🗿13👍9❤5🔥1🥰1👏1
AI ඉතින් දැන් නැති තැනක් නෑනේ ඉතින්.. ඉතින් මේ තියෙන්නෙ AI 3D models free generate කරගන්න පුලුවන් website දෙකක්.. free කිව්වට limitations තියනව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම හතරක් විතර try කරල බැලුව.. මේ දෙක හොඳයි කියල හිතුනා.. ඒකෙත් meshy එකේ මාසෙට credits 200ක් හම්බෙනව.. buy කරන්න පුලුවන්. නැත්තම් කාව හරි reffer කරලත් credits ගන්න පුලුවන්.. blendergpt එක හොඳයි.. ඒත් දවසට තුනයි.. මන් වැඩිය 3d side එකේ නෑ.. ඒත් ඉතින් මේක usefull කියල හිතනවා අදාල අයට..

ආ ආයේ meshy එකේ තිබුනා මගේ refferl එකෙන් log වෙන අයට මාසෙකට free premium හම්බෙනව කියල.. ඇත්තද නම් දන්නෑ බලන්න..🌚

✹ MESHY.AI
✹ BLENDERGPT.ORG

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥14👍5❤2🗿2🥰1
Forwarded from 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️| DISCUSSION GROUP (Sithum)
Ekknk reffer krma $20 coupon ekk hmbnw. mru hby.. hodma wde register wela sign out wela tmngem ref link eken log unt gift eka hmbnw😂
wdk gnna plwn unt mru
🗿9👍4👏3⚡1
ලංකාවෙම current නෑ වගේනේ.. ඔයාලටත් එහෙමද😪
👍24
AMD drivers වල රතු එක්කුයි නිල් එක්කුයි දෙකක් තිබුනා කියල දැනන් හිටියද..🌚

ගොඩක් අය දන්නෙ නෑ මේ කතාව.. ඒ කියන්නෙ AMD GPU තියන බහුතරය එක තමන් මොන වැඩේ කරත් install කරගන්නෙ AMD ADRENALINE EDITION එක.. ඒත් adrelenin edition එක optimize කරල තියෙන්නෙ gaming & streaming වලට..

3D & Animation, CAD, Graphic designing,VR වගේ professional වැඩ වලට තමා AMD RADEON PRO EDITION එක තියෙන්නෙ.. ගොඩක් අය දන්නෙත් නෑ මෙහෙම එකක් තියනවද කියලවත්..

ආයේ රතු එකයි නිල් එකයි පටලගන්න එපා..😌

#facts
🗿21👍12❤5