♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | දිවුරාලා පවසන්න | Diwrala Pawasanna by Centigradz

◇───────────────◇

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ


#Centigradz


@SinduPotha

◇───────────────◇
❤62😍19❤‍🔥6💔6
🎙 | නෙළුම් විලෙන් පැන | Nelum Wilen Pana by Dushyanth Weeraman

◇───────────────◇

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී

හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද


#DushyanthWeeraman


@SinduPotha

◇───────────────◇
❤58🤩19🥰4😁3😍3
🎙 | වසන්ත කාලෙට | Wasantha Kaleta by Roshan Fernando

◇───────────────◇

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
බැහැයි කියද්දී ඇවිටිලි කරමින්
සෙනෙහස ඉල්ලවී
ප්‍රනීත් මදිරා පෙරා පුරාදී
උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි
ලගින්ම සැතපේවී..
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

#RoshanFernando


@SinduPotha

◇───────────────◇
❤39😍10🔥7🕊7
🎙 | දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් Duka Danne Wena Kauda As Deka Tharam (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)

◇───────────────◇

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්..
එනමුත් අපේ කරුණු එක්කල තවත්..
සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..

හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්..
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්..

හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්..
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්..
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්..
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්..

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..

ඝනඳුරට පෙම් බඳින තරු යායට..

මල් යාය විකසිත වෙලා කුමකට..
ඝනඳුරට පෙම් බඳින තරු යායට..
මල් යාය විකසිත වෙලා කුමකට..
මං ආයෙ හිනැහෙන්න උරමඩලට....
ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර...

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්..
එනමුත් අපේ කරුණු එක්කල තවත්..
සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..



#RoshanFernando


@SinduPotha

◇───────────────◇
❤30❤‍🔥15🔥4😍4
❤31❤‍🔥11😍5
🎙 | ඔබ හරිම ලස්සනයි - Oba Harima lassanai (Roshan Fernando)

◇───────────────◇

ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ

පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්

ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ

පාළු හිතට ඔබ ළංවෙනවා නම්
මලක් සේම මා ඔබ රැකගන්නම්
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්

ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ


#RoshanFernando


@SinduPotha

◇───────────────◇
❤19😍8🔥6❤‍🔥1
🎙 | ටිකිරිලියා - Tikiriliya (Shehara Sandaruwan)

◇───────────────◇

නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
දා හිඳලා ඔබ මා නෙතු සොයන අයුරැ
ලා රතු මේ තොල ආසද හපල බලමු
මා ලග පා දග රාහසෙම උකුලු මුකුලු

ඒ..

හිත මත්වෙලා ටිකිරලියා
නුඹ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුඹේ

නිතඹ ලෙලෙන තාලෙට ආසම...//

පේන පේන මානෙ දිස්‌ වෙන්නෙ ඔබව
අහල පහල ඈයො මක්‌ කිව්වත්‌ මොකද
තෝර තෝර හින පාට කරන්නද
ආයෙත්‌ අහලා වෙන කාව බදින්නද

කෙල්ලෙ ලගින්‌ ඉද ගන්න
බය වෙන්න එපා හෙල වෙන්න
මෙල්ල කරන්‌ දග මල්ලක්‌ වුනත්‌
සැනසෙන්නෙ ලගයි මගෙ කෙල්ල

සින්නක්‌කරන්‌ හිත ඉන්නම්‌ ඔයා ලග
හිස තියාගන ඔඩොක්කුවේ
කැන්දන්‌ වඩන්‌ යන්නම්‌ ගමෙ තොරන්‌ බන්දන්‌
මගෙ පැලෙ අග බිසවුනේ

මුහුදෙ ගොඩක්‌ මාලු උන්නත්‌ වැඩක්‌ නෑලු
කාටවත්‌ මෙ ලොකෙ හිත නෑලූ
කෙල්ලො ගොඩක්‌ යාලු වෙන්න හිතන්‌ දාපු
ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ

ඒ..

හිත මත්වෙලා ටිකිරලියා
නුඹ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුඹේ

නිතඹ ලෙලෙන තාලෙට ආසම...//

නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
දා හිඳලා ඔබ මා නෙතු සොයන අයුරැ
ලා රතු මේ තොල ආසද හපල බලමු
මා ලග පා දග රාහසෙම උකුලු මුකුලු

ඒ..

හිත මත්වෙලා ටිකිරලියා
නුඹ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුඹේ

නිතඹ ලෙලෙන තාලෙට ආසම...//

#SheharaSandaruwan


@SinduPotha

◇───────────────◇
❤‍🔥103😍31❤12
❤97❤‍🔥30🥰9🕊9😍7
🎙 | සුපෙම් සුවඳක් | Supem Suwandak by Roshan Fernando

◇───────────────◇

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
ඉදින්නම් සැමදා ලඟින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදෙහි සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා ..

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

#RoshanFernando


@SinduPotha

◇───────────────◇
❤60🥰2
🎙 | මල් පිට මල් | Malpita Mal by Amal Perera

◇───────────────◇

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා…
අත්තල නගයි තුරුපත් පවා..
අත්තල නගයි තුරුපත් පවා

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගී
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි…
සැඩ නල පවා හමන හැටි පුදුමයි…

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විඳින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි…
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි…

මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා

#AmalPerera


@SinduPotha

◇───────────────◇
❤45🐳16🥰13
🎙 | එනකල් බලන් වෙනදා වගේ - සේනානායක වෙරලියද්ද | Enakal Balan Wenada Wage - Senanayaka Weraliyadda

◇───────────────◇


එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..

සඳට උපමා රැඳුණ පෙරදා..
අපි අපිට නැතිව බෑම යාමේ..
ලඟක ඉඳලා හිතට දැනෙනා..
ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ..
මගෙ ජීවිතේ ඔබයි කියා..
ඔබ දන්නවාද දන්නේ නෑ..

නෙතට ගැටෙනා සැවොම පරදා..
මම ඔබට ආදරෙයි පෙරවාගේ..
ලොවම කියනා වචන නො අසා..
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ..
මොන දේ කලත් හිතා මතා..
මට ඔබව නොලැබ ඉන්න බෑ..

එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..

◇───────────────◇

#SenanayakaWeraliyadda


@SinduPotha

◇───────────────◇
❤42
🎙 | මායාවී | Mayawi by Pradeep Rangana

◇───────────────◇


මායාවී ඔබ ගියදෝ මං මුලාවී…
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා…
වියැකී මියැදී ගිය ජීවිතෙන්…
යලි මා ජීවය ලැබූවා…

ඔබ නොදැක මොහොතක් නැති වූ කාලේ…
මගෙ හුස්ම ඔබ යැයි සිතු ඒ කාලේ…
ජීවිතයෙන් ආදරේ මොහොතේ…
මා හැරදා යාවී…

මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…
යාවී යාවී මා හැරදා යාවී…
ආදරේ නොහඳුනන ඔබ යාවී…

රන් මුතු මට… නෑ පට සලු මට නෑ…
මගෙ ලෝකේ ඔබ ඔබ පැතු දේවල් නෑ…
එනමුදු ආලේ හදවත උතුරා…
ගලනා තරමට පෙම් කෙරුවා මං…
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා…
දැන දැන මට මාවද නැති කෙරුවේ…

මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…

මායාවී යාවී මා හැරදා යාවී…
දිවි හිමියෙන් පෙම් කෙරුවන් යාවී…

මට දුක නෑ මං තරහත් නෑ…
මගෙ ලෝකේ ඔබෙ සුවඳත් අද නෑ…
නිදහසෙ පියඹා මා දැන් යනවා…
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා…
ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙවුවත්…
ඒ මියදුන සිත යලි එන්නේ නෑ…

මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මා රැවටූ ඔබ හැරදා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මායාවී හැරදා මා යාවී…

මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මා රැවටූ ඔබ හැරදා යාවී…
මා…යාවී යාවී ඔබ හැරදා යාවී…
මායාවී හැරදා මා යාවී…

◇───────────────◇

#PradeepRangana


@SinduPotha

◇───────────────◇
❤76💔24🤩10🕊2
🎙 | වේදනාවේ කඳුළු | Wedanawe Kandulu by Damith Asanka

◇───────────────◇


වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

අපේ හදවත් තැනූ ලෝකයෙ
සිහින බොඳ වුනා
නෙතට එලියක් දුන්නු ඔබ මට
අඳුරෙ සැඟව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට
ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා
ඔබෙන් වෙන්වුනා

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

මගේ ජීවයෙ පියුම වූ ඔබ
දෙගුරුන් වෙන්කලා
ඔබ නොමැති මේ මගේ ජීවය
මළ රුවක් වැනේ
මගේ ගීතයෙ තනුව වී ඔබ
අඳුරෙ සැඟවුනා අඳුරෙ සැඟව ගියා
අඳුරෙ සැඟව ගියා

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

◇───────────────◇

#DamithAsanka

@SinduPotha

◇───────────────◇
❤26❤‍🔥6😍6🍓4🥰1
🎙 | වැරදිකරු මමයි | Waradikaru Mami by Damith Asanka [2021]

◇───────────────◇


ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

අහිතක් හිතන්නේ
නෑ තුන් හිතකින් වත්
හිමි නොවුනට නුඹ
මේ සංසාරෙදී නම්

මගේ වෙන්න මතු භවයෙදිවත්
පෙරුමන් පුරන්
හිත හදනාතුරු
ලගින් ඉන්න පෙනෙනාතුරු

ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

වයිර කරන්නෑ මං
කවදාවත්ම
හිනැහෙනු සැමදා ඔහුගේ
පෙමත් එක්ක

රැක ගන්නට ජීවය
භාරයි සදවතී නුඹට
වැරදිකරු මමයි
අසම්මතයකට පෙම් බැන්ද

ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
🔥14❤10
🎙 | පායන සදේ | Payana Sande by Damith Asanka

◇───────────────◇


පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හෘදේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හෘදේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ

හංස වෙසින් නුඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ..//
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් නුඹෙ නැටුම් නගේ..

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ...

ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ...//
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුමෙ අගේ

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හෘදේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හෘදේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ...

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤28🔥12
🎙 | ආකාසයේ දුර | Akasaye Dura by Shashika Nisansala

◇───────────────◇


ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

නන්නාදුනන මේ රන් තාරකාවෙන්
වලා යහන රන්වන් වෙලා…
ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යව්වනේ…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

මං මුලා කතරේ…
කෙම් බිමක්‌ වූ මේ
දිලී නිලෙන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

◇───────────────◇

#ShashikaNinsansala


@SinduPotha

◇───────────────◇
❤‍🔥37❤10🥰7😍3
🎙 | නුවරඑළියෙ සිසිල් බවයි | Nuwara Eliye Sisil Bawai by Damith Asanka

◇───────────────◇


නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤44❤‍🔥10🤩2💔2
🎙 අපි වෙන්වෙන තරමට | Api Wenwena Tharamata


◇───────────────◇


අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ

අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ

හිතන්න බෑ හිත කීරී ගැහෙනවා
ඔය සුදු මුහුණ මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී

කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුලුත් එක්ක සිනා සී
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ

අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ

සුන්දර සිනාව හුරතල් හිනාව
දකින්න ආසයි අදුරේ
දැවටුනු හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ

තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සැරයක්
වෙන් වී යන්නට මත්තෙන්

අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ

අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ



#ChamikaSirimanna


@SinduPotha

◇───────────────◇
❤33❤‍🔥10🔥4😍3