♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 කුසුම් සරා  |  Kusum Sara  by  Damith Asanka


◇───────────────◇


කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර

හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව
බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම
වසන්තයේ මල බඳුනේ මානවිකා දැක
සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට

නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට
අහංකාර කම අවියක් යුවතියෝ සන්තක
ඒම කියන හිත විටකදී කැපව නුරාවට
හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤84👍18🕊15❤‍🔥8🔥2
🎙 සුදු මූණ | Sudu Muna


◇───────────────◇

සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා...

රැය නින්ද නෑනේඔබ ගැන හිතන්නේ
සිත ඈත යයි පාවෙලා
තරු කැකුල මාගේ ඔබ දෙව්ලියක් සේ
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා...

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

සද පාන වාගේ සුදු මූන ඔබගේ
පිංවන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේරැක ගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා

ඔබෙ ආදරේ සෑමදා වාසනා...



#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤53❤‍🔥8😍6
🎙 | වේදනාවේ කඳුළු | Wedanawe Kandulu by Damith Asanka

◇───────────────◇


වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

අපේ හදවත් තැනූ ලෝකයෙ
සිහින බොඳ වුනා
නෙතට එලියක් දුන්නු ඔබ මට
අඳුරෙ සැඟව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට
ඔබෙන් වෙන්වුනා ඔබෙන් වෙන්වුනා
ඔබෙන් වෙන්වුනා

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

මගේ ජීවයෙ පියුම වූ ඔබ
දෙගුරුන් වෙන්කලා
ඔබ නොමැති මේ මගේ ජීවය
මළ රුවක් වැනේ
මගේ ගීතයෙ තනුව වී ඔබ
අඳුරෙ සැඟවුනා අඳුරෙ සැඟව ගියා
අඳුරෙ සැඟව ගියා

වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා
ජීවිතේ පැතු අමිල සෙනෙහස
අඳුරෙ සැඟවුනා
ඔබෙ සිනහව මගේ ලෝකය
කිමද වෙන් කලේ කිමද හැර ගියේ
වේදනාවේ කඳුළු බිංදුව
නෙත් අඟින් වැටුනා

◇───────────────◇

#DamithAsanka

@SinduPotha

◇───────────────◇
❤26❤‍🔥6😍6🍓4🥰1
🎙 | වැරදිකරු මමයි | Waradikaru Mami by Damith Asanka [2021]

◇───────────────◇


ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

අහිතක් හිතන්නේ
නෑ තුන් හිතකින් වත්
හිමි නොවුනට නුඹ
මේ සංසාරෙදී නම්

මගේ වෙන්න මතු භවයෙදිවත්
පෙරුමන් පුරන්
හිත හදනාතුරු
ලගින් ඉන්න පෙනෙනාතුරු

ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

වයිර කරන්නෑ මං
කවදාවත්ම
හිනැහෙනු සැමදා ඔහුගේ
පෙමත් එක්ක

රැක ගන්නට ජීවය
භාරයි සදවතී නුඹට
වැරදිකරු මමයි
අසම්මතයකට පෙම් බැන්ද

ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
🔥14❤10
🎙 | පායන සදේ | Payana Sande by Damith Asanka

◇───────────────◇


පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හෘදේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හෘදේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ

හංස වෙසින් නුඹ රඟනා විලාසේ
ඉවසිලි නෑ මගෙ සිත මැණිකේ..//
කන්ට අඳින්නට දෙන්නං සදා මං
නවතාපන් නුඹෙ නැටුම් නගේ..

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ...

ලස්සන නුඹෙ ඔය රූපෙ සොබාවේ
මට විතරක් නම් මගෙ මැණිකේ...//
රංග සබාවට යන්ට එපා නුඹ
මට විතරයි ඔය නැටුමෙ අගේ

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මාගේ
හෘදේ නුඹටයි පූජා කළේ

රංගන ගෙනා උකුලේ සැලෙනා
තාලෙට සෙළවෙයි මා හෘදේ
ගී පද සී පද තාලෙට නටනා
මා මන බැන්දේ ඒ හින්දා

පායන සඳේ සීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ...

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤28🔥12
🎙 | නුවරඑළියෙ සිසිල් බවයි | Nuwara Eliye Sisil Bawai by Damith Asanka

◇───────────────◇


නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤44❤‍🔥10🤩2💔2
🎙 | සුදු ගවුමේ | Sudu Gawume by Damith Asanka

◇───────────────◇


සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්
හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්
හිතේ තියන් සඟව ගන්නෙපා
හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා
හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්
සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්
අපිට හොරෙන් අරන් යන්නෙපා
මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා
මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා

සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ
නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ

◇───────────────◇

#DamithAsanka

@SinduPotha

◇───────────────◇
❤32😍10🤩4🕊4😁3🔥1
🎙 | අනන්ත ප්‍රේම ලෝකෙ | Anantha Prema Loke by Damith Asanka

◇───────────────◇


අනන්ත ප්‍රේම ලෝකෙ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා

අනන්ත ප්‍රේම ලෝකෙ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා

හුදෙකලා අදුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ

හුදෙකලා අදුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ

අනන්ත ප්‍රේම ලෝකෙ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා

මගෙ හීන පිරුනු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ
මගෙ හීන පිරුනු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ

අනන්ත ප්‍රේම ලෝකෙ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා
අනන්ත ප්රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤‍🔥18❤9😍2🕊1
🎙 | මට හීනයක් වෙලා | Mata Heenayak Wela by Damith Asanka

◇───────────────◇


මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

◇───────────────◇

#DamithAsanka

@SinduPotha

◇───────────────◇
❤‍🔥62❤22🔥3🤩1
🎙 | මට දුන්නු දුක් ගින්න | Mata Dunna Duk Ginna by Damith Asanka

◇───────────────◇


මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද දුක් මේ සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා
මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා
ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද දුක් මේ සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං
නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
කොයි කාට වූවාද දුක් මේ සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

◇───────────────◇

#DamithAsanka

@SinduPotha

◇───────────────◇
❤‍🔥54❤17😍9
🎙 | සිත මගේ රිදුනා | Sitha Mage Riduna by Damith Asanka

◇───────────────◇


සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ

ඔබෙ ආදරේ සොයලා

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා

ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා ආදරේ බිඳ දමා
ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා ආදරේ බිඳ දමා

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා

මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි
මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤56❤‍🔥12🤩3
🎙 | සුදු මුහුණ දැකගන්න | Sudu Muhuna Dakaganna by Damith Asanka

◇───────────────◇


සුදු මූමුහුණණ දැකගන්න ඉන්නේ බලා

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

රැය නින්ද නෑනේඔබ ගැන සිතන්නේ

සිත ඈත යයි පාවෙලා
තරු කැකුල මාගේඔබ දෙව්ලියක් සේ
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා
මගෙ නෙතු පිනයි රෑ පුරා

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා
ඔබෙ ආදරේ සෑමදා වාසනා

සද පාන වාගේ සුදු මූන ඔබගේ
පිංවන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේරැක ගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා
ඔබෙ ආදරේ තේරුනා

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැක ගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා

ඔබෙ ආදරේ සෑමදා වාසනා

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤‍🔥31❤8🕊6😍5🙈3
🎙 | වෙන් වී යන්නට | Wen Wee Yannata by Damith Asanka

◇───────────────◇


වෙන් වී යන්නට පළමුව හිතමුද
පෙම් කළ ලස්සන පෙම් ලෝකේ
සුන්දර හිත උඩු හුළඟේ ගියා අද
ගින්දර දීලා හිතට මගේ
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

සාරි ඔසරි මුතු මාල වළලු ගෙන
තෑගි බෝග දුන්නා රුසිරූ
දෝසි ලොසින්ජර ඒ කවුළු පත්
ගෙනල්ලා දුන්නා රස පිරුණු
මොනවද මං කළ අඩුපාඩු
තවත් හිතක තනලා කූඩු

පිහින පිහින සංසාර සාගරේ
යන විට හමුවුණු සිතක ඇති
දීන හීනයක පරවුණු කුසුමක
සුවඳ ඉරුවේ මං දපනේ වැටී
දෙපැත්තකින් ලැබුණම හාදු
සෙනෙහස වෙනවලු කප්පාදු

වෙන් වී යන්නට
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

◇───────────────◇

#DamithAsanka

@SinduPotha

◇───────────────◇
❤‍🔥7❤6
🎙 | මේ රිදුම් | Me Ridum by Damith Asanka

◇───────────────◇


මියදෙන්න පෙර ආයෙ එකම වරක්
දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්
උනදේ උනා හඬලා දැන් නෑ පලක්

ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන්

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරනා දහසකුත් ඇතත්
රිදවන්න මයි හිතුවෙ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යලිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

දුර යන්න හැකි උනත් මා හැර හුඟක්
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්
හැමදේම නැති වෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නෙ ඔය හිත තරම්

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤‍🔥34❤10🤩1
🎙 | මේ අනන්ත රාත්‍රියේ | Me Anantha Rathriye by Damith Asanka

◇───────────────◇


මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤60🕊15🔥8😍4
🎙| සිතට දැණුනු ඔබේ ආදරේ - Sithata denunu obe adare
◇───────────────◇


සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
මං තවම ආදරෙයි
මං තවම ආදරෙයි
වෙනවසක් නොවේ... මගෙ ආදරේ...

සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...

මහදේ පහන් නිවී... ආලෝකයක් නැති...
අඳුරේ ගෙවෙයි ජිවිතේ...
ඔබ නම් සඳක් වැනි... ආලෝකයක් ඇතී...
ඔය රුව ඇඳෙයි මා සිතේ

දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා...

සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...

පෝසත්කමක් නැති... අසරණකමක් ඇති...
මා පෙම්වතෙක් මේ ලොවේ...
මුවගේ සිනා පිරි... ඔබ දෙව්දුවක් වැනි...
පින්වන්තියක්දෝ ලඳේ...

ඔබව මට නම් හිමී.. පණ මෙන් ළඟින් රැදී..
රැකගන්නෙමී සදා... මියෙනා තුරා...

සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤‍🔥60❤34😍10🔥8🕊8