♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 හිමි නොවුන නෙතු ඇඳුන සිතුවම් අරන්  - Himi Nowuna Nethu Anduna


◇───────────────◇

හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක
හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...

හුරතල් වේවී කනට කෙඳිරු වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා

ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ.. මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්.. හීන අතරේ...
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුණ නෙතු ඇදුණු සිතුවම් අරන්...
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...//



#BhachiSusan

@SinduPotha

◇───────────────◇
❤91👍12😍6🕊5🔥3🌚2🥰1