♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 Hitha Wawannema Ne - Bathiya N Santhush

◇───────────────◇

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා


සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලදේ
දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
බල ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී
ඔබ යන්නේ ඈයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා

උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
ලං වෙලා ඉන්න බෑ තව ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
.


#Bhathiya
#Santhush

@SinduPotha

◇───────────────◇
❤50👍13🕊10🔥5😍5
🎙 හිත නාඹර තාලෙට | Hitha Nambara Thaleta


◇───────────────◇

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා...//
සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

පාට සමණළයන් ආදර ගීමුමුනා
රෝස මකරන්දේ සුවඳට ඉවකෙරුවා...//
සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ...

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...



#Bhathiya
#Santhush


@SinduPotha

◇───────────────◇
❤27😍22🔥13🕊5⚡1
🎙| පියාඹන්න ආසයි ඔබ හා මා | Bhathiya Ft Umariya


◇───────────────◇


වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා
වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා...//

අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා, මගෙ සන්ද උදාවෙලා
අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා, මගෙ සන්ද උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා...//

.Instrumental.

Sounds so cool to me
It's all about you and me baby
Sounds so cool to me
It's all about you and me baby

.Instrumental.

දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා
දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා

රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා
හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා
රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා
හිඳින්නෙ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා...

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා

පියාඹන්න ආසයි ඔබ හා මා...


◇───────────────◇


#Bhathiya
#Umariya


@SinduPotha

◇───────────────◇
😍35❤24❤‍🔥17🕊8🥰4