♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | ගලන ගඟ | Galana Ganga by Charitha Attalage ft. Ravi Jay [2017]


◇───────────────◇


නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

◇───────────────◇


#CharithaAttalage
#RaviJay


@SinduPotha

◇───────────────◇
❤‍🔥42❤12😍7🕊4🥰3⚡1
🎙 | රහත් හිමිවරුන් | Rahath Himiwarun by Dhyan ft. Ravi J x Charitha

◇───────────────◇


රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

මහා විහාරේ මහ සඟ රුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

Rap:
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක්
මාර සේනා වලකනකාං
ඇත්ත හොයාගෙන යනවා
මිසිදෙටුවෙකු වෙයිද මං
මිසිදෙටුවෙකු නෙමෙ මං
ඇත්ත මට වැටහෙනකාං
ඇත්ත හොයාගෙන යමි ම⁣ං

බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවනෙ සැණෙකින්
සැප රථෙන් එකෙන් ඇවිත්.. අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද?
මම ලෙඩ ඇදේ … මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්ම අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක
දුකෙ හේතුව අපිව ඉපදුන එක නේද?
සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල
දුටිමි මස්කඩේ මුදලාලි අතේද
ප්රාණගාතෙ පවක්නං
මරැවෙක් ඇයි නූලක් බැදං
ආරක්ෂා වෙන්න ඕනෙ ප්රාණේ ඒ මරැවගෙන් නේද?
හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්,
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද?
මේ මනසින් ගැලවෙන්න … මනසක්. හිතන්නයි ඕණ….

රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

මහා විහාරේ මහ සඟ රුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන

කහ මල් පොකුරු වගේ… රන් මැලි සෑ රදුනේ…

◇───────────────◇


#CharithaAttalage
#RaviJay


@SinduPotha

◇───────────────◇
❤42🕊23❤‍🔥9🔥5😍5🤩3
🎙 | ගලන ගඟ | Galana Ganga (Extended) by Charitha A ft. Ravi J


◇───────────────◇


නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
ඇසට නොපෙනෙ පර්යාන්තෙක
සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
වින්දා නැසෙන රූපයක සොබා
එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

නීල දෑස හා දොඩවන්නම්
වල්ලු හඩට මම මත්වෙන්නම්
නීල වරල මා සිපගන්නම්
හීන මවා මට කතාකරන්

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ

රූප ධර්ම සුන්දරයි ද කෙතරම්
නුඹ එනවිට මග දෙපස රගන
උපාසකලා දමන කොමල
දැකලා මගේ වේරමණි ශික්ශා
වෙලා ඉරිසියාව

මමය මාගේ වන කිසිවක්
නැති බව දන්නා මගේ හිත
අද වෙන්නෑ අවනත
සංකේන්ද්‍ර ඇකයෙන් මිදිලා
දිව්වා නුඹ වෙත
ඔය දෑත එක්ක පැටලී
යන්න හිතයි දුර ඒත්

නාම ධර්ම වටකරං මුලු සිතම
මන්දාකිනි ගිලුන
නෙතු අගට වැටී කෙහරැලි
පුර සද වැසිලා වලාකුළට
ඉතින් තව ඉදි බලාගෙන
නොලැබෙන ඔය නොනිමෙන
වත දෙස මං
මතු භවයෙන් හමු නොවෙයි සිතා
මේ භවයේ නුඹ මගේ වෙන්නට පතා
යන නිවන මග මං පසෙකට තබා
මගේ ත්ෘශ්නාවට මං පෙම් කලා

පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
ඝන්ද කුටිය – භාවනා කරන්නාගේ ස්ථානය
සම්මාදිට්ඨිය – නිවැරැදි දැක්ම

ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ
කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
ඔබෙ රූ වරුනේ


◇───────────────◇


#CharithaAttalage


@SinduPotha

◇───────────────◇
❤‍🔥55🥰15😍10❤9🕊6🔥3🌚3
🎙| ZD8 by Charitha Attalage x Kasun Edirisinghe [2022]


◇───────────────◇


කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට ඒ බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා

ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා

හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

“ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම….”


◇───────────────◇


#CharithaAttalage


@SinduPotha

◇───────────────◇
🔥31❤‍🔥16❤10🤩5😍4🥰2