♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Audio
Kameliya Mal - (කැමීලියා මල් සුවඳට) - Cover By Dhanith Sri

◇─────────◇

කැමිලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....

සකුණ ගීය සැගවී යන විට
පලා පැහැයේ කළු තවරා
සැදෑ අදුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා....

කැමිලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේද සළුවෙන්
වලාකුළින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා....

◇────────◇

#Lyrics
#DhanithSri

@SinduPotha
❤35🔥4😱2🤩2
🎙Dátha Dara -Ridma Weerawardane, Dhanith Sri, Methun SK, Supun Perera, Dinesh Gamage, Dinupa Kodagoda


◇───────────────◇

දෑත දරා ඇවිදින් ආදරයෙන්
මා වෙනුවෙන් හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු

සේද වලා අතුරාලා සඳ පායා
ඇති රෑ තුරුලේ ගෙවමු
මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
ආදරයෙන් හමුවීමයි හිමි වූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ළං වී පෙමින් දම් ගොතමි
ගිම්හානේ තුහීන ගේනා
ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි

තරු යායේ පුරා හඳ මාගේ
වලාවකින් මාගේ ආලේ ලියමි
සේද වලා අතුරාලා සඳ පායා
ඇති රෑ තුරුලේ ගෙවමු

මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
ආදරයෙන් හමුවීමයි හිමි වූ
දෑත දරා ඇවිදින් ආදරයෙන්
මා වෙනුවෙන් හිඳිනා අයුරු

මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු


#RidmaWeerawardane
#DhanithSri


@SinduPotha

◇───────────────◇
❤68👍15🔥12🥰7👌5🕊1
😍34❤22🔥7🥰5