♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 නෙතු නොනිදා රෑ | Nethu Nonida Ra by Aki Vish ft. Evill D ZAYGE [2020]


◇───────────────◇


ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා
ආදරේ සිතේ රැඳුනා

දුර ඈතකට ඉගිල ගිහින් රහ⁣සේම
තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළ⁣ඳේ….
උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආද⁣රී….

නෙතු නොනිදා රෑ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී….

හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නැ
මගේ ආදරී..

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා

අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්
රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්

සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව ⁣වෙන කෙනෙකුට
නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම

අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා
කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා

දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
වැලිගල්ලෙ බැම්මෙ චිත්‍රත් බලන් එන ගමන්
දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්

කිව් කතා අකුරක්ම බැනුමි අවලාද
ඇසෙනා පාළු රැයේ
ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
විඳවන මෙ දිවියේ

නුඹ මගේ වේදෝ – මා නුඹේ වෙිදෝ
සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
නොහැගෙනා මේ තැලුන හිත රහසේ
හොයන්නෙ නුඹ් ම රුවමයි

සිතන්නෙ කෙලෙස මං
ප්‍රියාවී මා හදේ…!

නෙතු නොනිදා රැ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී….

හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නැ
මගේ ආදරී….

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා…

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා..

ඔයා ළඟින්….
මේ ජීවිතෙන්….
හැම හීනයෙන්….
ඔයා ගියා….


#AkiVish
#EvillDZAYGE


@SinduPotha

◇───────────────◇
❤76👍15🔥7❤‍🔥6🥰5🤩2😁1