♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | දුටු දා ඉඳලා | Dutu Da Indala by Janith Iddamalgoda [2017]


◇───────────────◇


දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

බාල කාලේ හම්බවෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ළඟම ඉන්න තාම නම් බැරි
ඈත පේනවද අපේ පාර නම් හරි
නොනිදා ඉන්න එපා හීන යාවී මගහැරි
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරේ තරමටම විටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහේ හැරෙන්න
ඔබයි රැජිණ වැටුණොත් මගේ හිසට ඔටුන්න
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

◇───────────────◇


#Janithiddamalgoda


@SinduPotha

◇───────────────◇
❤‍🔥55🥰15❤13🔥3😍3💔2🕊1
🎙  Hande Hawa | හදේ හාවා (අකා මකා)

◇───────────────◇

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා...
බෝතලේ වගේ සෝඩහ් ආයේ නෑ හිතේ තරහා...
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
එහෙමයි අපේ එකාලා...


අකාමකා වීලා වේදනා මැකී යනවා...
සාමයෙන් හදේ හාවා... පාඩුවේ ඇවිත් යනවා...


ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා...
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොදම දේ තමා වෙනවා...


අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...


ජිවිතේට වාසනාව එවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා
මුල ඉදන් යලින් යනවා...
ගොඩ ගියොත් එකෙක් හරි මා
මා හදවතින් හිනා වෙනවා...


අකාමකා වීලා.. වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා...
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
එහෙමයි අපේ එකාලා...


අකාමකා වීලා වේදනා මැකී යනවා...
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...


◇───────────────◇


#Janithiddamalgoda


@SinduPotha

◇───────────────◇
❤‍🔥61❤37😍10🍓9🔥5