♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Sitha Ananthaye - Kaveesha Kaviraj Official Music Video | Sinhala…
Kaveesha Kaviraj
🎙Title: දූවිලි කුනාටුවේ - Duvili Kunatuwe

(✿◕‿◕✿)

සිත අනන්තයේ රැදිලා
සද සේ දිලුනා
දිලුනා දිලුනා දිලුනා...
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා...
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක් මැවුනා
මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුනා
දැවුනා දැවුනා දැවුනා...

වේදනා බුබුලු...

දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ...
ඇසුනා සැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ...
මා නොසිතූ විරාමයේ
නවතීමට ලගා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලාගියේ

සිත අනන්තයේ රැදිලා
සද සේ දිලුනා
දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා...
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුනා
දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු...

පාවෙන වලාතිරේ
සද බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇදුනා
කැලබූ සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී
සංසාරේ පුරා මැවුනා

සිත අනන්තයේ...//
උමතු කදුළු...//


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#KaveeshaKaviraj

@SinduPotha
❤36👍9🔥4🕊4❤‍🔥2🤩1😍1
🎙 ඇස් ආදරෙන් පුරෝනා | As Adaren Purona by Kaveesha Kaviraj

◇───────────────◇

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

රැකගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤76👍19🕊9😍6❤‍🔥2🌚1
🎙 Welawakata Hindi Tire Kathawak Wage - වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ

◇───────────────◇

වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ...
චිත්‍ර කතා පත්තරේක සිත්තමක් වගේ...//
අපි අපේම නොවුනත් අපි හිතමු ඒ වගේ...
අද වගේම හෙටටත් අපි පෙම් කරමු එක වගේ...//

ඇත්ත වුනත් කිව්ව ගමන් හිත රිදෙන නිසා...
සඟවාගෙන ඉන්න උනා කාලයක් පුරා...//
පමා වුනේ නැතිනම් අපි දැනටමත් අපේ...
හිතන්න වෙන් කෙනෙකුත් නෑ ඔයාගැන වගේ...//

වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ...
චිත්‍ර කතා පත්තරේක සිත්තමක් වගේ...//
අපි අපේම නොවුනත් අපි හිතමු ඒ වගේ...
අද වගේම හෙටටත් අපි පෙම් කරමු එක වගේ...//

පුංචි ඉඩක් ලැබුනු ගමන් හිර ගෙයින් මිදී...
හිරිපොදයට තෙමෙන්න යමු හිරිමලුන් වෙලා...//
විඳින්න බැරි වැදි නොවිඳාඅපේ පාඩුවේ...
විඳින්නපුලුවන් තරමට විඳිමු ආදරේ...//

වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ...
චිත්‍ර කතා පත්තරේක සිත්තමක් වගේ...//
අපි අපේම නොවුනත් අපි හිතමු ඒ වගේ...
අද වගේම හෙටටත් අපි පෙම් කරමු එක වගේ...//

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤19👍9❤‍🔥7🥰4
🎙 කඳුලක් ගලාවිත් | Kandulak Galawith by Kaveesha Kaviraj

◇───────────────◇

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤45👍7😍4❤‍🔥2🤩1
🎙 Hithumanapen Lan Wee - හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි

◇───────────────◇

හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැතී
ඔබ ලැබුණට වඩා නොලැබුණි නම් හොඳයි
එහෙනම් තාම මං තනිකඩයි
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි

මහා මෙරක් උසට සෙනෙහස දරා
මා ආවා බැරි බර දරා
ප්‍රේම කෙරුවා කාටත් වඩා
හුමාලෙට පවා මුහුවෙලා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිඩයි තාම මා

හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැතී

පාළු මනසින් මා විඳවලා
මියදෙන්න බෑ තනිවෙලා
ආයේ මුණ නොගැහී ඉමු අපි සදා
නෑ තරහා ඔබ එක්ක මා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා

හිතුමනාපෙන් ළං වී...

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤31🥰10👍4❤‍🔥1💔1
🎙 Kaveesha Kaviraj හමුවනා නෙත් දහක් අතරින්...

◇───────────────◇

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤51👍15🔥5❤‍🔥4
🎙 මට පෙමේ බැන්ද | Mata Pem Banda by Kaveesha Kaviraj

◇───────────────◇

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලඟ ඉන්න නොවන සේ

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී
මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤48❤‍🔥17👍7🥰7🕊5🌚1
🎙 Nethu Piyanna Eka Mohothak - නෙතු පියන්න එක මොහොතක්

◇───────────────◇

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න ආදරෙයි කියා...

වෙන් නොවන්න කවදාවත් පණ තියෙන තුරා
පොරොන්දු වූවා මතකද හිසටාත තියා
හොරෙන් හාදු තිලක තියා නලල සරසලා
හිනාවුනා මතකද අපි කඳුළු එනතුරා...//

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න ආදරෙයි කියා...//

රෝස දෙතොල් සුදුමැලි වී දෙකුල් පැටලුනා...
ගලාන ආ කඳුළු බිංදු නලලත මිදුනා
අදහගන්න බැරි තරමේ හීනයක් වුනා
රත්තරනේ ඔයා මගෙන් වෙන් වෙලා ගියා...//

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න ආදරෙයි කියා..//

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤‍🔥27👍13❤3⚡1
🎙 කඳුලක් ගලාවිත් | Kandulak Galawith by Kaveesha Kaviraj


◇───────────────◇


කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්


#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤42🔥6😍6❤‍🔥3