♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 උඩවැඩියා මලේ | Udawadiya Male by Lavan Abhishek | Sangeethe Teledrama Song [2020]

◇───────────────◇

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

මිරිගුව දැක සිහිනය ලග – නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක – රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ – මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

එක උරහිස ලග පිරිහිස – කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස – ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ – මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ.


#LavanAbhishek

@SinduPotha

◇───────────────◇
❤96👍17🥰4🕊3
🎙| හැන්දෑවේ හී පොද වැස්සේ - Handawe Hee Poda Wesse By Lavan Abhishek


◇───────────────◇


හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියක් නිවුණා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාළුවේ

හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියක් නිවුණා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාළුවේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැණකෙළියේ
ගුලිවෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

හැමදේම මගේ ලෝකේ
ඔය නමට ලිව්වේ
දැනුනාද නැහැ දන්නේ
ඔබ මගේ ප්‍රානේ

හුරතල්ව දගමල්ල
කීකරුව හැදුනේ
ලද බොළද නැහැ කැකුල
රොන් සුවඳ ඉතිරේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැණකෙළියේ
ගුලිවෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ

මනමාල ඔය දෑස
දැකගන්න ආයේ
කවදාද හමුවන්නේ
මුදු හාදු ඕනේ

හැමදාම ලග ඉන්න
ආසයි හෙට දවසේ
එක වහල යට හීනේ
එළිවෙන්න ඕනේ

හැන්දෑවේ හී පොද වැස්සේ
උන්නා තනියෙන් සීතලේ
ඇයි නාවේ මා හමුවන්නට
කියපං මොකදැයි කාරණේ
ලන්තෑරුම් එළියක් නිවුණා
අඳුරෙන් ගිලුනා සාගරේ
කොල්ලෑවේ එල්ලී හිටියා
මහ රෑ තනියෙන් පාළුවේ

හැඩකාරී නුබේ නෙරියේ
පැටලෙන්න ඉන හරියේ
මට තාම ඉඩ නෑ අනේ

ඔය හීන සැණකෙළියේ
ගුලිවෙන්න කිටි කිටියේ
මට තාම හුරු නෑ අනේ


◇───────────────◇


#LavanAbhishek


@SinduPotha

◇───────────────◇
❤‍🔥34😍8🌚5❤3🥰2🔥1🕊1