♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Ridawanne Ai (රිදවන්නෙ ඇයි) - Nilan Fernando
Ridawanne Ai (රිදවන්නෙ ඇයි) - Nilan Fernando

◇───────────────◇

රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා
සතයක් තරම් වටින්නෙ නැතිද මා
පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා
බහදුන්න කාරණය හින්දද ඔයා

සමිඳේ....ඇය පතනා ලෝකේ
ලැබදෙන්න ඇගෙ සතුට මට වටිනවා
මට ලැබුනු දුක ඇයට හිමි නොවේවා

මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වේ
එනමුත් මගේ කඳුල දැක නෑ ඔයා
මේ කඳුලු දෑසේ හංගන්න වූයේ
පිරිමි හිතට එක කදුල තහනම් නිසා

පහනක් තියා සමිදුන්ව වැන්දෙ මං එදා
ඔයාව ඉල්ලලා නෙමෙයි
මගෙ වේදනා නිවෙන්නටයි

මාලිගා නෑනේ
මං අසරණයිනේ
පලඳන්න සිතුසේම රන්මුදු අතේ
වෙන්වීම අපගේ
මේ හිතට දුන්නේ
නැගිටින්න දෙපයින්ම දිරියකි ලඳේ

දිනයක මගේ දියුණුව බලාල සතුටු වෙන්නෙ
අම්ම තාත්ත විතරමයි
එය තේරුනේ මට දැන් තමයි

රිදවන්නෙ ඇයි මෙහෙම ...//


#Lyrics
#NilanFernando

@SinduPotha
❤49👍13😁5
Thahanamak | Nilan Fernando| New Music Video 2020
Thahanamak | Nilan Fernando| New Music Video 2020

◇────────◇

ඉතින් සමුගන්න
යනවනම් යන්න
මට මගේ පාඩුවේ
ඉන්න ඉඩ දෙන්න

ඉවසලා ඉවසලා
බැරිතැන මා නිහඬ උනා
අපිට අපි දැන් අහිමි වෙනවා
වාගෙ දැන් දැන් දැනෙනවා

තහනමක් කුමටද
යනවනම් යන්න දොර හැර ඇත
තනි මමත් කුමටද
තියාගෙන සෙනෙහසක් නැති ඔබ...//

උතරීතරයි මගේ
ප්‍රේමයේ කතාව
මිරිඟුවක් වගේ දුරයී
ඔබේ ඒ හිනාව...

පින් සිදු වෙයි රත්තරනේ බොහොම
ටික දිනකටහරි මට ආදරයක් දුන්නාට...

තහනමක් කුමටද...//

සදාකාලිකයි හිතේ
ආත්මිය බැඳීම
හීනයක්.වගේ දැනෙයී
මගේ වෙනස් වීම..

පින් සිදු වෙයි රත්තරනේ බොහොම
ටික දිනකටහරි මට ආදරයක් දුන්නාට...

ඉතින් සමුගන්න
යනවනම් යන්න
මට මගේ පාඩුවේ
ඉන්න ඉඩ දෙන්න

ඉවසලා ඉවසලා
බැරිතැන මා නිහඬ උනා
අපිට අපි දැන් අහිමි වෙනවා
වාගෙ දැන් දැන් දැනෙනවා

තහනමක් කුමටද...//


#Lyrics
#NilanFernando

@SinduPotha
❤52🤩11👍9🎉6💔3😱2