♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙| චංචල හැඟුමක | Chanchala Hangumaka By Sanka Dineth

◇───────────────◇



චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුලැල් එනවාමයි හඳ පානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ

ඔබ ආ ලෙසටම ආයේ
වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ

ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ

ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ

දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ

ඔබ කී ලෙසටම ආයේ
පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ


◇───────────────◇


#SankaDineth



@SinduPotha

◇───────────────◇
🔥34❤15🥰8💘8❤‍🔥7