♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Dakina Dakina | දකින දකින | Kushani Kavindya ft Dulan ARX | Official…
Aryans Music
ඔය සිනා මා සිතේ, පෙම් හැඟුම් යා කලා
මෘදු නුරා මාරුතේ, පාවුනා මත් වෙලා
ඉඟි කලාදෝ හිතේ, මොනවදෝ හංගලා
මිරිඟුවක් සේ නෙතේ, පැටලිලා ළං වෙලා

ඒ දකින, දකින, දකින සිහිනේ හිඳින්නේ ඔයා
ඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයා
ඒ දැනුනු, දැනුනු, දැනුනු හැඟුම විඳින්නේ මෙමා
දැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුඹේද මා

ඇඹලයෙක් මං
පැණි මුට්ටියකට වැටුණ
තව, තව මත් වෙලා ගිලෙයි දැං
ගොඩගත්තට ගොඩ නොඑන

ලව් සන්නිපාතේ හැදිලා
මම බිව්වෙත් නෑ
ඒත් වැදිලා
මට්ටු වෙන්නෙත් නෑ

රෑක වැටුණු වලට දවාලේ
ආයෙම, ආයෙමත් ඔන්න බං පැනලා
මම සීරුවෙන්
හිත ඇතුලෙන් නටන්නේ යකා

දුර දිග නොබැලුව විහිලුවෙන්
නුඹේ හිත රිදුණාද නගා, න-නගා
බොරු චාටු නෑ
මම නාහෙට නාහන එකා

ඔයා එනවානං ඉතිං කාරි නෑ
හඳ පානෙම යමුද නගා, න-නගා

ඒ දකින, දකින..//

ඒ දැනුනු, දැනුනු..//
ඔය සිනා මා සිතේ, පෙම් හැඟුම් යා කලා
මෘදු නුරා මාරුතේ, පාවුනා මත් වෙලා

ඉඟි කලාදෝ හිතේ, මොනවදෝ හංගලා
මිරිඟුවක් සේ නෙතේ, පැටලිලා ළං වෙලා

ඒ දකින, දකින..//

ඒ දැනුනු, දැනුනු..//

ඒ නුඹේ පෙම
දැන් නුඹේද මා
ඒ නුඹේ පෙම
ඒ නුඹේ පෙම
දැන් නුඹේද මා
ඒ නුඹේ පෙම
#DakinaDakina
#KushaniKavindya |#ftDulanARX

@SinduPotha
❤2🤩2