ඥානසාර හිමි නිදහස් කරන තුරු භික්ෂූන් වහන්සේලා විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහයක
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් බැහැරව බුද්ධශාසන අමාත්යාංශය වෙත වැඩම කරනු ලැබුවා.
බුද්ධශාසන අමාත්යාංශය වෙත වැඩම කළ එම භික්ෂූන් වහන්සේලාගෙන් භික්ෂූන් වහන්සේලා සිව්නමක් සඳහා සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි වුණා.
එම සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්ය වෙත් අදහස් දැක්වූ බලන්ගොඩ කස්සප හිමියන් සදහන් කළේ, ඥානසාර හිමියන්ට නිහා හිමිවන තුරු කොළඹ විහාර මහාදේවී උද්යානයේ රැඳී සිටිමින් සත්යග්රහයේ නිරතවන බවයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10වනදා මහනුවර දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ කෙරුණා.
එම පා ගමනට එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, රජයෙන් සාධනීය ප්රතිචාරයක් ලැබෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වෙමින් රැඳී සිටීමට තීරණය කළා.
ඒ, අනුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ රාත්රියේ එම ස්ථානයේ රැය පහන් කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි එම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස නොයෝගයක් පොලිසිය විසින් කොටුව මහේස්ත්රාත් අධිකරණය මඟින් ලබාදී තිබුණා.
එලෙස ලබාගත් නියෝගය පොලිසිය විසින් විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත කියවා භාරදීමට කටයුතු කරනු ලැබුවා.
ඉන් අනතුරුව විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා, එහි ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත්කරගෙන ජනධිපති ලේකම් කාර්යාල අසලින් ඉවත්ව පා ගමනින් බුද්ධශාසන අමාත්යාංශය වෙත පැමිණියා.
https://dasathalankanews.com/%e0%b6%a5%e0%b7%8f%e0%b6%b1%e0%b7%83%e0%b7%8f%e0%b6%bb-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94/

Dasatha Lanka News
ඥානසාර හිමි නිදහස් කරන තුරු භික්ෂූන් වහන්සේලා විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහයක | Dasatha Lanka News
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා එම ස්ථානයෙන් බැහැරව බුද්ධශාසන අමාත්යාංශය
කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක්
කොළඹ වරායේ නාවික සේවා සහ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් ලබාදීමට කටයුතු කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
වරාය නියමු නාවික මධ්යස්ථානය වෙත පැමිණි තානාපතිවරයා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක විසින් පිළිගනු ලැබුවා.
අනතුරුව නියමු නාවික මධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ තානාපතිවරයා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ECT) පරිපාලන ගොඩනැගිලි පරිශ්රයේ පැවති විශේෂ මාධ්ය හමුවකට ද සහභාගී වුණා.
එහිදී අදහස් දක්වමින් ඇමරිකානු තානාපතිවරයා සඳහන් කළේ, ඇමරිකානු තාක්ෂණය කොළඹ වරායේ මෙහෙයුම් සඳහා හඳුන්වාදීම තුළින් භාණ්ඩ ප්රවාහන කටයුතු වේගවත් කිරීමටත්, වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි වන බවයි. එමඟින් ශ්රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමට ද දායකත්වයක් සැපයෙන බව ඔහු පැවසුවා.
කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාව තුළින් ගෝලීය වෙළෙඳාම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වරාය ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබාගැනීමට හැකි වූ බව ද තානාපතිවරයා සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය අනුර කරුණාතිලක මහතා, මෙම මූල්ය ප්රදානය ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකානු රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජයේ කෘතඥතාව පළ කළා.
මෙම ප්රදානය නාවික තනි කවුළු පද්ධතිය (Maritime Single Window) ස්ථාපිත කිරීම සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව අමාත්යවරයා පැවසුවා.
ඒ හරහා වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළා.
ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා සඳහන් කළේ, මෙම වසරේදී බහාලුම් මිලියන 9ක් මෙහෙයවීමට කොළඹ වරාය අපේක්ෂා කරන බවයි.
ඉන් සියයට 80ක් පමණ ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් වන බව ද ඔහු පැවසුවා.
ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයුම් හරහා ගෝලීය වෙළෙඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 250 ඉක්මවන බව ද සභාපතිවරයා සඳහන් කළේය. එය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ද සැලකිය යුතු දායකත්වයක් බව ඔහු පෙන්වා දුන්නා.
තවද, වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් පද්ධති හඳුන්වාදීමේ වැදගත්කම ද සභාපතිවරයා අවධාරණය කළා.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%87/

කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක් | Dasatha Lanka News
කොළඹ වරායේ නාවික සේවා සහ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් ලබාදීමට කටයුතු කර ඇතැයි වරාය
යුරෝපා සංගම් නියෝජිත පිරිසක් සහ නි.ඇමති චතුරංග අතර හමුවක්
ශ්රී ලංකාව නැගෙනහිර වෙළෙඳපොළට පිවිසීමේ දොරටුවක් ලෙස සලකා මෙරට ආයෝජන සඳහා යොමුවන ලෙස යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කරන බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ පැවසුවා.
යුරෝපා සංගමයේ Global Gateway ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාවට නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම සහ දෙපාර්ශ්වය අතර කාර්මික හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්වුණා.
නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට යුරෝපා කොමිසමේ ජාත්යන්තර හවුල්කාරීත්ව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG INTPA) ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්යක්ෂ පීටරිස් උස්ටබ්ස් (Pēteris Ustubs) ඇතුළු යුරෝපා සංගම් නියෝජිත පිරිසක් සහභාගි වුණා.
ඩිජිටල් තාක්ෂණය, දේශගුණික හා බලශක්ති පරිවර්තනය, ප්රවාහන යටිතල පහසුකම්, සෞඛ්යය, අධ්යාපනය සහ පර්යේෂණ ඇතුළු ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් යුරෝ බිලියන 300කට ආසන්න ගෝලීය ආයෝජන සක්රීය කිරීම යුරෝපා සංගමයේ Global Gateway වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්යවසායකත්ව ක්ෂේත්රවලට ලබාගත හැකි ප්රතිලාභ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. දේශීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ජාත්යන්තර වෙළෙඳ ප්රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ නියෝජ්ය අමාත්යවරයා, ඒ හරහා ජාත්යන්තර අපනයන වෙළෙඳපොළට පිවිසීමට මෙරට ව්යවසායකයන්ට ඇති අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන්නා.
නව ව්යවසායකයන්ගේ මූලික අදහස් සාර්ථක ව්යාපාර බවට පත් කිරීම සඳහා අවශ්ය මඟපෙන්වීම, සම්පත් සහ තාක්ෂණික සහාය ලබාදෙන නව ව්යවසායකත්ව පූර්ව වර්ධන මධ්යස්ථාන (Startup Incubators) ස්ථාපිත කිරීමේ අවශ්යතාව ද ඔහු අවධාරණය කළා.
එවැනි මධ්යස්ථාන පිහිටුවීම සඳහා ප්රාග්ධන ආයෝජන සහ තාක්ෂණික සහාය ලබාදෙමින් දේශීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සමඟ හවුල්කාරීත්ව ගොඩනඟා ගැනීමට යුරෝපා සංගමයේ සහාය අපේක්ෂා කරන බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
මෙවැනි මැදිහත්වීම් තුළින් කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද ශ්රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.
ජාත්යන්තර මුහුදු වෙළෙඳ මාර්ගවලට සමීප ඉන්දියානු සාගරයේ ශ්රී ලංකාවට හිමි උපායමාර්ගික පිහිටීම, පුහුණු හා දක්ෂ ශ්රම බලකාය, පාලන කටයුතුවල විනිවිදභාවය, යහපත් ජීවන පරිසරය සහ සාමකාමී දේශපාලන සංස්කෘතිය මෙරට ආයෝජන ගමනාන්තයක් ලෙස පවතින වාසි බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (IMF-EFF) යටතේ රජය ක්රියාත්මක කරන ප්රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා යුරෝපා සංගම් නියෝජිතයන් දැනුවත් කළා.
ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ පීටරිස් උස්ටබ්ස් මහතා, ජාත්යන්තර මූල්ය අරමුදලේ පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම පිළිගත්තේය. එමඟින් යුරෝපා සංගමයේ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්රී ලංකාව නිවැරදි දිශාවට ගමන් කරන බවට ජාත්යන්තරයට පණිවිඩයක් ලැබෙන බව ද ඔහු සඳහන් කළා.
දකුණු ආසියාවේ කලාපීය බලශක්ති සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ප්රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී විනිවිදභාවය තහවුරු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.
රටේ ව්යාපාරික හා කාර්මික පද්ධති නවීකරණය කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී විනිවිදභාවය තහවුරු කිරීම සඳහා රජය කැපවී සිටින බව නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේය. දේශීය ව්යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම සහ ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම ඇතුළු ක්ෂේත්රවලදී යුරෝපා සංගමය අඛණ්ඩව ලබාදෙන රාජ්යතාන්ත්රික හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කර සිටියා.
කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ගාලියා අගිෂේවා (Galia Agiševa) සහ එම කාර්යාලයේ සහයෝගීතා ප්රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් (Virginie Lafleur-Tighe) ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා.
https://dasathalankanews.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%9d%e0%b6%b4%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad-%e0%b6%b4%e0%b7%92%e0%b6%bb/

යුරෝපා සංගම් නියෝජිත පිරිසක් සහ නි.ඇමති චතුරංග අතර හමුවක් | Dasatha Lanka News
ශ්රී ලංකාව නැගෙනහිර වෙළෙඳපොළට පිවිසීමේ දොරටුවක් ලෙස සලකා මෙරට ආයෝජන සඳහා යොමුවන ලෙස යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කරන බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය
සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.
නියෝජ්ය කතානායක වෛද්ය රිස්වි සාලිගේ ප්රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන් කර තිබෙනවා.
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇත්තේ.
මේ අනුව, ඔක්තෝබර් 20 අගහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
ඔක්තෝබර් 21 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව, ප.ව 5.00 ට ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය වී තිබෙනවා.
ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.
ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ/
අනතුරුව, ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වෙනවා.
අනතුරුව, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
https://dasathalankanews.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b6%9b%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%af%e0%b7%92%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93/

සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී | Dasatha Lanka News
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.
හෙට පළාත් කිහිපයක උණුසුම ඉහළට
උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල හෙට (17) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා
https://dasathalankanews.com/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b4%e0%b6%ba%e0%b6%9a-%e0%b6%8b%e0%b6%ab%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%b8/

හෙට පළාත් කිහිපයක උණුසුම ඉහළට | Dasatha Lanka News
උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල හෙට (17) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට
විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ගෝඨාභයගෙන් මෝසමක්
කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තහනම් ඉවත් කරන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ගොනුකරනු ලැබුවා.
සිංගප්පූරුවේ හෘදය රෝග සැත්කමකින් පසු සිදුකිරීමට ඇති පශ්චාත් ප්රතිකාර කටයුතු සදහා එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් මෙම මෝසම ගොනුකර තිබෙනවා.
මීට මාස හතරකට පමණ කොටුව මහේස්ත්රාත් අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇත්තේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වාගැනිමට අසමත් වීම පිළිබද නඩුවට අදාළවයි.
https://dasathalankanews.com/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1/

විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ගෝඨාභයගෙන් මෝසමක් | Dasatha Lanka News
කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තහනම් ඉවත් කරන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට මෝසමක්
ප්රතිකාර ලබන කාවන්තිස්ස ගැන වනජිවී දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මේ වනවිට රෝගාතුර වී ප්රතිකාර කටයුතු කරනු ලබන කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධ්යක්ෂ ජෙනරාල් එම්.එස්.එල්.ආර්.සී. මාරසිංහ විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මේ වන විට සියලුම වනජීවී පශු වෛද්ය නිලධාරීන්ද, පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශු වෛද්ය පීඨයෙහි මහාචාර්යවරුන්ද, සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ ද ඇතුළු පශු වෛද්ය ක්ෂේත්රයේ විද්වතුන්ද සම්බන්ධ කර ගනිමින් ඇතාට අවශ්ය සියලුම ප්රතිකාර අඛණ්ඩව ඔවුන්ගේ අධික්ෂණයට යටත්ව ලබා දෙමින් පවතින බවයි.
අද (16) දින උදෑසන කාලයේ දී ඇතාගේ රුධිර සාම්පල නැවත ලබා ගෙන රසායනාගාර පරීක්ෂාවට යොමු කරන ලද අතර, ඒ අනුව වෛද්ය මණ්ඩලය විසින් සුදුසු ප්රතිකාර සිදු කරමින් පවතින් බව එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.
එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතා සුව කිරීමට අවශ්ය කරනු ලබන සියලුම ක්රියාමාර්ග සඳහා මේ වන විට අවතීර්ණ වී ඇති බැවින්, රෝගී වූ ඇතා තුළ ඇති විය හැකි මානසික ආතතිය වැළැක්වීම සඳහා ඇතු නැරඹීමට යාම, ඇතා ඡායාරූප ගත කිරීමට උත්සාහ කිරීම, ඩ්රෝන කැමරා යොදා ගනමින් වීඩියෝ කිරීම වැනි ක්රියාවන්ගෙන් වළකින ලෙසත්, පශු වෛද්ය කණ්ඩායම් ඇතුළු විශේෂඥ විද්වත් කණ්ඩායම් වලට ස්වකීය කටයුතු ඉටු කිරීමට බාධාවන් සිදු කිරීමෙන් වළකින ලෙසත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවගෙන් මෙමඟින් ඉල්ලා සිටිනවා.
https://dasathalankanews.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83/

ප්රතිකාර ලබන කාවන්තිස්ස ගැන වනජිවී දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් | Dasatha Lanka News
මේ වනවිට රෝගාතුර වී ප්රතිකාර කටයුතු කරනු ලබන කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උතුරු හා නැගෙනහිර පළාත්වල අක්කර ලක්ෂ 2ක ඉඩම් නිදහස් කිරීමට නිර්දේශ
උතුරු හා නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අක්කර ලක්ෂ 2කට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා වන නිර්දේශ කඩිනමින් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි ප්රකාශ කළා.
මෙම නිවේදනය පිළිගත් උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන්, ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපායන් යළි ලබාදීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළා.
උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින සීමා හේතුවෙන් ඇති වී තිබෙන ගැටලු, සංවර්ධන කටයුතුවල පවතින බාධා සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩිගේ සහභාගිත්වයෙන් අද (16) සිකුරාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
සාකච්ඡාවේ ආරම්භක අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, 2012 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් ඉඩම් අතර ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපාය සඳහා භාවිත කරන ඉඩම් ද ඇතුළත් වී ඇති බව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ජනතාව තමන්ට අසාධාරණයක් සිදු කර ඇති බව සලකන බව ද ඔහු සඳහන් කළා.
1984 වසරේ පමණ තමන්ගේම ස්ථානවලින් අවතැන් වූ ජනතාවට අද වනතුරුත් තම ඉඩම්වලට ආපසු යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, මෙම ඉඩම් ගැටලු හේතුවෙන් සංවර්ධන හා ප්රතිසංස්කරණ කටයුතු පවා සිදු කිරීමේදී විශාල බාධා පවතින බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කරනු ලැබුවා.
එබැවින් අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවට දිස්ත්රික් ලේකම් කාර්යාල මගින් නිර්දේශ කර ඇති ඉඩම් හෝ කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියා.
මෙහිදී උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂවරයා, කෞතාරිමුනෙයි මාර්ගය සහ ඌර්කාවට්තුරෙයි කන්නගි අම්මාන් ගොඩබෑමේ ස්ථානය ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අවසර ලබාගැනීමේදී මුහුණ දෙන ගැටලු පැහැදිලි කළේය. අවශ්ය අවසර ලබාගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාල හරහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා අවසර කඩිනමින් ලබාදිය යුතු බවත් ඔහු ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු දෙමින් පරිසර අමාත්යවරයා, රජය සංවර්ධනයට විරුද්ධ නොවන බව සඳහන් කළේය. කෙසේ වෙතත්, සෑම ව්යාපෘතියක් සඳහාම අදාළ ක්රියාපටිපාටි අනුගමනය කිරීම අත්යවශ්ය බව ඔහු පැවසුවා.
ව්යාපෘති සැලසුම් කිරීමේ ආරම්භක අවස්ථාවේදීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වන අවස්ථාවලදී ඒවායේ අවසර ඉල්ලා සිටිය යුතු බව ද ඔහු උපදෙස් දුන්නා.
වැව් හා ගංගා මාර්ග සම්බන්ධ බාධා විසඳීමට පියවර
කල්මඩු වැව, වන්නේරි වැව, කුඩමුරුට්ටි වැව සහ දේවන්පිට්ටි වැව යන වැව්වල නඩත්තු, ප්රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු සඳහා අවසර ලබාගැනීමේදී පවතින බාධා සම්බන්ධයෙන් උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා කරුණු පැහැදිලි කළා.
වැව් බැමි උසස් කිරීම වැනි කටයුතු සඳහා පවා මාස ගණනාවක් ගත වුවද අවසර ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව අමාත්යවරයා අදාළ නිලධාරියා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සාකච්ඡා කළ අතර, සතියක් ඇතුළත තීරණයක් දැනුම් දෙන බව ප්රකාශ කළා.
නඩත්තු කටයුතු සිදු කිරීමේදී අවසර ලබාදී ඇති සීමාවන් ඉක්මවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින ප්රදේශවල කටයුතු සිදු කිරීම හේතුවෙන් ඇතැම් ගැටලු ඇති වී තිබෙන බව නිලධාරීහු පැහැදිලි කළා.
ඉන් අනතුරුව, අනාගතයේදී මෙවැනි කටයුතු ආරම්භ කිරීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම, අදාළ දෙපාර්තමේන්තු එක්ව අධීක්ෂණය කිරීම සහ හදිසි නඩත්තු කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කිරීම සඳහා ක්රමවේද සකස් කරන ලෙස අමාත්යවරයා උපදෙස් දුන්නේය. මේ සඳහා අදාළ සියලු පාර්ශ්ව ඇතුළත් WhatsApp කණ්ඩායමක් පිහිටුවීමට ද ඔහු යෝජනා කළා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල මායිම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව අදාළ දෙපාර්තමේන්තු ඇතුළත් කමිටුවක් පත් කිරීමට ද අමාත්යවරයා උපදෙස් දුන්නා.
තවද, ගංගා හරහා වැටී ඇති ගස් ඉවත් කර ජලය ගලායන මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවසර ලබාගැනීමේදී පවතින බාධා සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. පසුගිය ඩිට්වා ආපදා තත්ත්වය අතරතුර ගංගාවල ජලය ගලායාමට ඇති වූ බාධා හේතුවෙන් ඇතැම් ගම්මාන ජලයෙන් යට වූ බව පෙන්වා දෙන ලදී. මෙවැනි කටයුතු සඳහා අවසර කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අමාත්යවරයා ප්රකාශ කළා.

සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්ය ධම්මික පටබැඳි, 2012 වසරේදී ගෝලීය ස්ථාන නිර්ණය කිරීමේ තාක්ෂණය (GPS) භාවිත කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල විශාල ඉඩම් ප්රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන ඇති බව සඳහන් කළේය. එම ඉඩම් අතර රෝහල්, රජයේ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සහ පෞද්ගලික ඉඩම් ද ඇතුළත් වී ඇති බව ඔහු පැවසුවා.
මෙම ඉඩම් හඳුනාගෙන නිදහස් කිරීම සඳහා 2025 වසරේදී අමාත්ය මණ්ඩල අනුමැතිය ඇතිව කමිටුවක් පත් කර තිබූ බවත්, එම කමිටුවට මාස හයක කාලයක් ලබාදී තිබුණද වසරක් ගතවී තිබියදීත් අවසන් වාර්තාව අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඇතැම් නිලධාරීන්ගෙන් ප්රමාණවත් සහයෝගයක් නොලැබීම හේතුවෙන් මෙම ක්රියාවලිය සම්පූර්ණ කිරීම ප්රමාද වී ඇති බව ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, අධ්යයන කටයුතු අවසන් කර නිදහස් කිරීමට නිර්දේශ කර ඇති ඉඩම් පවා මෙතෙක් නිදහස් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්යවරයා පෙන්වා දුන්නේය. උතුරු හා නැගෙනහිර පළාත්වලින් අක්කර ලක්ෂ 2කට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා වන නිර්දේශ කඩිනමින් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර, එහි අනුමැතිය ඇතිව ඉඩම් නිදහස් කිරීම සඳහා පියවර ගන්නා බව ඔහු ප්රකාශ කළා.
උතුරු පළාතේ පශු සම්පත් සඳහා අවශ්ය තෘණ භූමි ද නිදහස් කළ යුතු ඉඩම් අතරට හඳුනාගත යුතු බව අමාත්යවරයා සඳහන් කර සිටියා.
ජනතාවගේ වාසස්ථාන, ජීවනෝපායන් සහ සංවර්ධන අවශ්යතා සම්බන්ධ ගැටලු විසඳීම සඳහාත්, දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අවශ්ය පියවර ගැනීමේ වැදගත්කම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.
මෙම සාකච්ඡාවට ආණ්ඩුකාරවරයාගේ ලේකම්, පළාත් අධ්යක්ෂවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරුන්, දිස්ත්රික් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
https://dasathalankanews.com/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b7%80/

උතුරු හා නැගෙනහිර පළාත්වල අක්කර ලක්ෂ 2ක ඉඩම් නිදහස් කිරීමට නිර්දේශ | Dasatha Lanka News
උතුරු හා නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අක්කර ලක්ෂ 2කට ආසන්න ඉඩම් ප්රමාණයක් නිදහස් කිරීම සඳහා වන නිර්දේශ
ප්රගීත් එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේගෙන් සාක්ෂි විමසයි
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් ‘මුරලි’ යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය සිදු කෙරුණා.
මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ අද විභාගයට ගනු ලැබුවා.
මෙම නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුරේෂ් කුමාර සුමතිපාල විසින් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.
එමෙන්ම සාක්ෂි අංක 53 විමර්ශන නිලධාරී ප්රේමරත්න සහ අංක 90 සුරේෂ් සලේ යන අයගේ සාක්ෂි කැඳවීමට නොතීසි ද නිකුත් කළ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ ආරක්ෂකවක් මැද සුරේෂ් සලේ අධිකරණයට රැගෙන එනු ලැබුවා.
ඒ, අනුව සාක්ෂි කරුවෙකු ලෙස සුරේෂ් සලේ ද සාක්ෂි ලබා දුන්නා.
එහිදි සුරේෂ් සලේ මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට කැමැත්ත පල කළ අතර, සාක්ෂි මෙහෙය වීම නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සිදුකළා.
එහිදි යුද හමුදාවේ නීතිය සම්බන්ධයෙන් සහ හමුදා බුද්ධි අංශයේ විවිධ ලේඛන සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සාක්ෂි විමසීම සිදුකළ අතර, ඔහු මීටපෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් කට උත්තර සම්බන්ධයෙන් ද ප්රශ්න කෙරුණා.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක දී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණින් මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නඩුව යළි ලබන 22 කැදවීමට නියමිතයි.
https://dasathalankanews.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%b1%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94%e0%b7%80-2/

ප්රගීත් එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේගෙන් සාක්ෂි විමසයි | Dasatha Lanka News
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් 'මුරලි' යන අයගේ සාක්ෂිය නැවත
දින 350කින් හෙරොයින්, අයිස් සහ කොකේන් කිලෝ 6000ක් අල්ලලා
රටම එකට ජාතික මෙහෙයුමට අදාලව ශ්රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්රව්ය නිවාරණ මෙහෙයුමෙහි මේ දක්වා සමස්ථ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාව අනුව, පොලිසිය විසින් රටම එකට ජාතික මෙහෙයුමේ ආරම්භක දිනය වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා සමස්ත වැටලීම් 300,569ක් සිදුකර තිබෙනවා.
එම වැටලීම්වලින් සැකකරුවන් 299,775 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති බවයි වාර්තාවේ සඳහන් වුණේ.
එමෙන්ම මේ දක්වා එම මෙහෙයුමට අදාළව පොලිසිය විසින් හෙරොයින් මත්ද්රව්ය කිලෝ 2483යි ග්රෑම් 588ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්රව්ය කිලෝ 3299යි ග්රෑම් 219ක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.
තවද කොකේන් මත්ද්රව්ය කිලෝ 296ක් සහ ග්රෑම් 751ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
https://dasathalankanews.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b1-350%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%99%e0%b6%bb%e0%b7%9c%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%83/

දින 350කින් හෙරොයින්, අයිස් සහ කොකේන් කිලෝ 6000ක් අල්ලලා | Dasatha Lanka News
රටම එකට ජාතික මෙහෙයුමට අදාලව ශ්රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්රව්ය නිවාරණ මෙහෙයුමෙහි මේ දක්වා සමස්ථ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
වේප් 30ක් සමඟ සැකකරුවෙක් රේගුව ඉදිරිපිටදී අත්අඩංගුවට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ කොටුව රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට ප්රදේශයේ ඊයේ (15) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කළ විදේශීය ඉලෙක්ට්රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මිරිහාන දිසා අපරාධ විමර්ශන ඒකකය හා එක්ව සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කර තිබූ අතර, එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල ඉලෙක්ට්රොනික දුම්වැටි තිහක් සමඟ එම සැකකරු මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරුණා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන යටියන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
එම සැකකරු සහ ඉලෙක්ට්රොනික දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැලිකඩ පොලිසිය වෙත භාර දීමට නියමිතයි.
https://dasathalankanews.com/%e0%b7%80%e0%b7%9a%e0%b6%b4%e0%b7%8a-30%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9a/

වේප් 30ක් සමඟ සැකකරුවෙක් රේගුව ඉදිරිපිටදී අත්අඩංගුවට | Dasatha Lanka News
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ කොටුව රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට ප්රදේශයේ ඊයේ (15) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්,
කාවන්තිස්ස හස්තිරාජයා මෙලොව හැරයයි
මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රසිද්ධියට පත් කාවන්තිස්ස ඇතා අද (16) පස්වරුවේ මියගොස් තිබෙනවා.
කාවන්තිස්ස ඇතා සියඹලන්ගමුව ප්රදේශයේ වෙල් යායක ඇද වැටී සිටියදී අද (16) පෙරවරුවේ සොයාගනු ලැබුවා.
මෙම සත්වයාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පශු වෛද්ය කණ්ඩායම් සහ වනජීවී නිලධාරීන් එක්ව පසුගිය මාසයේ ප්රතිකාර ආරම්භ කර තිබුණා.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණ ද පසුගිය දින කිහිපයේ නිසි පරිදි ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බවයි පශු වෛද්ය කණ්ඩායම් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ වන විට පශු වෛද්ය කණ්ඩායම් සහ වනජීවී නිලධාරීන් මෙම සත්වයා ඇද වැටී සිටි ස්ථානයට පැමිණ ප්රතිකාර කටයුතු ආරම්භ කර තිබූ අතර අවාසනාවන්ත ලෙස එම සත්වයා අද පස්වරුවේ මියගොස් තිබෙනවා.
https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b7%84%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b8%e0%b7%99/

කාවන්තිස්ස හස්තිරාජයා මෙලොව හැරයයි | Dasatha Lanka News
මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රසිද්ධියට පත් කාවන්තිස්ස ඇතා අද (16) පස්වරුවේ මියගොස් තිබෙනවා.
ජනාධිපති අරමුදලෙන් හෙට සරසවි සිසුන් 316කට ඇස් කණ්ණාඩි
ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරෙනවා.
ඇස් කණ්ණාඩි අවශ්ය සියලු විශ්වවිද්යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්යාලය තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව, එම විශ්වවිද්යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සිදු කෙරුණා.
වැඩසටහනේ දෙවෙනි අදියර ඔක්තෝබර් 10 වෙනිදා රුහුණු විශ්වවිද්යාලයේදී පැවැත්විණා.
බ්රිතාන්යයේ Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වයෙන් ක්රියාත්මක මෙම වැඩසටහන යටතේ අක්ෂි පරීක්ෂණවලට ලක් වූ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකුට අවශ්ය ඇස් කණ්ණාඩි හෙට එම විශ්වවිද්යාලයේදී ප්රදානය කිරීමට නියමිතයි.
https://dasathalankanews.com/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b7%83/

ජනාධිපති අරමුදලෙන් හෙට සරසවි සිසුන් 316කට ඇස් කණ්ණාඩි | Dasatha Lanka News
ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම
හදිසි අවශ්යතා මත ලේඛන සහතික කරවා ගැනීමට විදේශ කටයුතු අමාත්යාංශයෙන් විශේෂ සේවාවක්
හදිසි අවශ්යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, එම සේවාව හෙට (17), ලබන ඔක්තෝබර් 24 සෙනසුරාදා, ලබන 31 සෙනසුරාදා යන දිනයන්වලදී බත්තරමුල්ල, කොන්සියුලර් කටයුතු අංශයේ ප්රධාන කාර්යාලයේදී මෙය ක්රියාත්මක වනවා.
පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා මෙම සේවාව ක්රියාත්මක බව සඳහන්.
කෙසේ වෙතත් මේ සඳහා පූර්ව වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වන අතර e-Channeling පද්ධතිය හරහා මෙම https://www.echannelling.com/ministry-of-foreign…/H533 සබැඳිය ඔස්සේ වේලාව වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා.
https://dasathalankanews.com/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%85%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e0%b6%ba%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b1-%e0%b7%83%e0%b7%84/

Echannelling
Ministry of Foreign Affairs | eChannelling Sri Lanka
Discover unparalleled convenience in healthcare with eChannelling, Sri Lanka's largest Doctor Channeling Network. Seamlessly schedule appointments with top doctors, ensuring swift access to quality healthcare. Experience the future of medical consultations…
තක්සේරු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සපුරමින් 99 දෙනෙකුට පත්වීම්
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ පැවති සියලු සහකාර තක්සේරුකරු පුරප්පාඩු සම්පූර්ණ කරමින් නව සහකාර තක්සේරු නිලධාරීන් 99 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්තගේ ප්රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු කෙරුණා.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ දේපළ කළමනාකරණ හා තක්සේරුකරණ උපාධිධාරීන් වන මෙම නිලධාරීන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම කොළඹ තැපැල් මූලස්ථාන ශ්රවණාගාරයේදී පැවැත්වුණා.
ව්යවස්ථාපිත හා ව්යවස්ථාපිත නොවන කාර්යයන් සඳහා අවශ්ය තක්සේරු කටයුතුවලට අදාළ තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ නිල තක්සේරු වාර්තා සකස් කිරීම මෙම නිලධාරීන්ගේ ප්රධාන රාජකාරි අතර වේ. ඊට අමතරව රාජ්ය හා පළාත් සභා ආයතන, පළාත් පාලන ආයතන, ව්යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්ය අනුබද්ධ ආයතන සඳහා තක්සේරු සේවා සැපයීම සහ දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම ද ඔවුන්ගේ වගකීම් අතරට අයත්.
පසුගිය වසරේදී නිලධාරීන් 121 දෙනෙකු සහ මේ වසරේදී නිලධාරීන් 99 දෙනෙකු බඳවා ගැනීමත් සමඟ දෙපාර්තමේන්තුවේ පැවති සියලු සහකාර තක්සේරුකරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකි වූ බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
උත්සව සභාව අමතමින් අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත නවක සහකාර තක්සේරු නිලධාරීන් වෙත සිය සුබපැතුම් එක් කළා.
රටේ සංවර්ධන කටයුතු සඳහා තක්සේරුකරණය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බව පෙන්වා දුන් අමාත්යවරයා, රටේ ආර්ථිකය පරිවර්තනීය මාවතකට යොමු කිරීමේ කාර්යයට නව නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් උපරිමයෙන් දායක කරගත යුතු බව අවධාරණය කළා.
වත්මන් ආණ්ඩුව මුහුණ දුන් පළමු අභියෝගය වූයේ ආර්ථිකය ස්ථාවර කිරීම බවත්, එම කාර්යය මේ වන විට සාර්ථකව ඉටු කර ඇති අතර ඉදිරි අභියෝගය වන්නේ ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම බවත් අමාත්යවරයා සඳහන් කර සිටියා.
දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පන දෙකකට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගැනීමට ශ්රී ලංකාවට හැකි වූ බව ද ඔහු පැවසීය. තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී කෙටි කාලයක් තුළ බාහිර කම්පන දෙකකට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වයට ළඟා වූ රටක් ලෙස ශ්රී ලංකාව ඇගයීමට ලක් වූ බව ද අමාත්යවරයා සිහිපත් කළා.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය මධ්යයේ වුවද, වෘත්තීය සමිතිවල ඉල්ලීමකින් තොරව රාජ්ය සේවක වැටුප් ඉහළ නැංවීමට කටයුතු කළ බවත්, එම වැටුප් වැඩි කිරීම අදියර තුනක් යටතේ ක්රියාත්මක කළ බවත් අමාත්යවරයා පැවසුවා.
එහි මීළඟ වැටුප් වැඩිවීම 2027 වසරේදී අද පත්වීම් ලබන සහකාර තක්සේරු නිලධාරීන්ට ද හිමිවන බව සඳහන් කළ අමාත්යවරයා, රටේ ආර්ථික පරිවර්තනය සඳහා තම වෘත්තීය දැනුම, කුසලතා සහ කැපවීම යොදා ගන්නා ලෙස නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම අවස්ථාවට මුදල් අමාත්යාංශයේ භාණ්ඩාගාර නියෝජ්ය ලේකම් ඒ.එන්. හපුගල, අතිරේක ලේකම් ඩී.එච්.එස්. පුල්ලපෙරුම, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්රධාන තක්සේරුකරු ඒ.එස්.ඩබ්.කේ. නානායක්කාර, අතිරේක ප්රධාන තක්සේරුකරු ක්රිස්ටීන් පෙරේරා මහත්ම මහත්මීන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.
https://dasathalankanews.com/%e0%b6%ad%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%9a%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a/

තක්සේරු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සපුරමින් 99 දෙනෙකුට පත්වීම් | Dasatha Lanka News
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ පැවති සියලු සහකාර තක්සේරුකරු පුරප්පාඩු සම්පූර්ණ කරමින් නව සහකාර තක්සේරු නිලධාරීන් 99 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම කම්කරු
ආදායම් රැස් කරන ප්රධාන ආයතනවල නවීකරණ ප්රගතිය සමාලෝචනයට
මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණා.
මෙහිදී, මෙරට රාජ්ය ආදායම් රැස් කිරීමේ ප්රමුඛතම ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර, එම ආයතනවල ක්රියාත්මක ප්රතිසංස්කරණ සහ නවීකරණ වැඩපිළිවෙළවල ප්රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මෙම ආයතන තුන මඟින් මේ දක්වා අත්කරගෙන ඇති ප්රගතිය සහ ඉදිරියේදී ක්රියාත්මක කිරීමට අපේක්ෂිත ප්රතිසංස්කරණ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙහිදී පැහැදිලි කළා.
එමෙන්ම, අදාළ ආයතනවල අවදානම් කළමනාකරණය (Risk Management) ශක්තිමත් කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ පරිගණක පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයෝ මෙහිදී අවධානය යොමු කළා.
ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදල වෙනුවෙන් ආදායම් පරිපාලන ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ (ආසියා සහ ෆැසිපික්, යුරෝපා, මැද පෙරදිග සහ මධ්යම ආසියානු කලාප) සින්ඩි නෙගුස්, ආදායම් පරිපාලන උපදේශකා ඇලිසන් ලිස්ටර්, ශ්රී ලංකාවේ නේවාසික ආදායම් උපදේශක ග්රෙගරි ටොපින් යන මහත්ම මහත්මීන්ද, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.
https://dasathalankanews.com/%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%86/

ආදායම් රැස් කරන ප්රධාන ආයතනවල නවීකරණ ප්රගතිය සමාලෝචනයට | Dasatha Lanka News
මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති
පළාත් රැසකට අද දිනයේදීත් තද වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (17) ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු – මැද පළාත්වලත් ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
බස්නාහිර පළාතෙත් ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිවේදනයේ සඳහන්.
https://dasathalankanews.com/%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%85%e0%b6%af-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93%e0%b6%ad%e0%b7%8a/

පළාත් රැසකට අද දිනයේදීත් තද වැසි | Dasatha Lanka News

සුඛෝපභෝගී බසයක් මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් 12ක් රෝහලේ
පුත්තලම පොලිස් වසමේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) දින රාත්රීයේ කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 07 දෙනෙකු, දැරියක් හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර වන බව ද සඳහන්.
පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
https://dasathalankanews.com/%e0%b7%83%e0%b7%94%e0%b6%9b%e0%b7%9d%e0%b6%b4%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%93-%e0%b6%b6%e0%b7%83%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba%e0%b7%99%e0%b6%b1/

සුඛෝපභෝගී බසයක් මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් 12ක් රෝහලේ | Dasatha Lanka News
පුත්තලම පොලිස් වසමේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) දින රාත්රීයේ කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අයහපත්