සිංහල පුවත් - Sinhala NEWS 📰
37 subscribers
46.9K links
නවතම දේශීය, විදේශීය, ක්‍රීඩා පුවත් සිංහලෙන් ✔️🇱🇰
Powerd By - dasathalankanews.com
Download Telegram
විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එල්ල වූ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – සජිත්

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට මාලිමා ආණ්ඩුව විසින් එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, භික්ෂූන් වහන්සේලාගේ සාමකාමී සත්‍යග්‍රහය පිළිබඳ මුල සිටම රජය කටයුතු කළ ස්වභාවය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අවහිර කරමින්, පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාට වර්ෂාවෙන් ආරක්ෂා වීමට තිබූ ආවරණ පවා බලහත්කාරයෙන් ඉවත් කළ ආකාරය අතිශය ම්ලේච්ඡ හැසිරීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ආගමික සමගිය සහ සාමය බිඳ වැටීමට ඉඩ නොදී, මහජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා වහා කටයුතු කළයුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවේදනය මඟින් අවධාරණය කරනවා.

https://dasathalankanews.com/%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%93-%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a/
කොල්කටාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 19ක් මරුට

ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් දහතුන් දෙනෙකු සහ දරුවෙක් ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

බටහිර බෙංගාල ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ, මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

තුවාල ලැබූවන්ගෙන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.

ඊයේ (17) පස්වරු 7:40ට පමණ, ගිරීෂ් පාර්ක් පොලිස් ස්ථාන බල ප්‍රදේශයේ පිහිටි සාරදා පාර්ක් (චෝර් බගාන්) පූජා මණ්ඩපයේ පිටවීමේ දොරටුව අසල, වර්ෂාව මධ්‍යයේ එහි පැමිණි විශාල ජනකායක් හේතුවෙන් තෙරපීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

‘චෝර්බගාන් දුර්ගා පූජා’ නැමැති ආගමික උත්සවය සංවිධානය කළ සංවිධායකයින් ද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

දින 10ක් පුරා පැවැත්වෙන දුර්ගා පූජා උත්සවයේ හත්වන දිනය වන ‘සප්තමි’ දිනයේදීයි මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මෙම සිදුවීම අතිශය කණගාටුදායක සිදුවීමක් ලෙස හඳුන්වා දී ඇති අතර, මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 02ක අතුරු වන්දි මුදලක් ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා.

https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%86%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b7%80%e0%b6%ba%e0%b6%9a/
මාලිමාවේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංවිධානය කරනු ලබන ”අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජනරැලි මාලාවේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අද (18) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම කාන්තා සමුළුව අද (18) 9.30ට බදුල්ල සේනානායක පිටියේ දී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම ජනරැලි මාලාවේ අවසන් වරට පැවති ජනරැලිය කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නිකවැරටිය සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල දී පසුගිය සතියේ ඉරිදා පැවැත් වුණා.

https://dasathalankanews.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b6%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb/
කඩුගන්නාවේ දී බස් රථයක් මතට ගලක් පතබෑවෙලා – බසයේ සිටි දෙදෙනෙක් රෝහලේ

කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මතට පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී ගලක් පතිත වී තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මම සිදුවීම් සිදුව ඇති අතර, බස් රථයේ වහළය මතට පතිත වූ ගල වහළය සිදුරුකරගෙන බස් රථය තුළට වැටී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි මගීන් දෙදෙනෙක් තුවාල ලබා පේරාදෙණියේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී කඩුගන්නාව ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ද ඇඳ හැලෙමින් පැවති බවයි වාර්තා වුණේ.

https://dasathalankanews.com/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ae%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8/
කස්සප හිමි පය ලිස්සා වැටිලා – බොරු කියලා මහජනයා කුපිතකරන අයට වැඩ වරදියි

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහනය නිරතව සිටිය දී පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඊයේ (17) පස්වරුවේ සුව සැරිය ගිලන් රථයකින් ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වුට්ලර් සඳහන් කළේ පොලිසිය විසින් පහරදුන් බවට සිදුකරන චෝදනා අසත්‍ය බවයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බලංගොඩ කස්සප හිමියන් එම ස්ථානයේදී පය ලිස්සා වැටී ඇති බවත්, ඒ අනුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඊයේ (17) පස්වරුවේ රෝහල් ගත කළ උන්වහසේ ඊයේ දින රාත්‍රියේම ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම පදනම්කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනයා කුපිතවන ආකාරයට කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ ඔහු, එවැනි කටයුතු කරන පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (18) දිනයේත් ක්‍රියාත්මක වනවා.

පෙරේදා (16) දින පස්වරුවේ විහාර මහාදේවී උද්‍යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවා.

https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b4-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%b4%e0%b6%ba-%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%92/
අද දිනයේ විශේෂ ගෑස් බෙදාහැරීමේ මෙහෙයුමක් – ගෑස් ටොන් 3,900ක් රැගත් නැවකුත් අද දිවයිනට

පසුගිය දින කිහිපය තුළ ඇති වූ ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින්, අද (18) දිනයේ විශේෂ ගෑස් බෙදාහැරීමේ මෙහෙයුමක් සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ, අනුව අද (18) දිනයේ එල්.පී. ගෑස් සිලින්ඩර 80,000ක් ද, හෙට දිනයේ තවත් සිලින්ඩර ලක්ෂයක් ද බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවයි එම සමාගම සඳහන් කළේ.,

මේ අතර, මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් පසුගිය 16 වනදා දිවයිනට පැමිණි බවත්, මෙම ගෑස් තොග සැලකිල්ලට ගන්නා විට ඉදිරියේ දී ගෑස් හිඟයක් ඇති නොවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

https://dasathalankanews.com/%e0%b6%85%e0%b6%af-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%9c%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b7%99%e0%b6%af%e0%b7%8f%e0%b7%84/
කාවන්තිස්සගේ මරණ ගැන ස්වාධීන විමර්ශන කණ්ඩායමක් හරහා විමර්ශනක්

කාවන්තිස්ස ඇතාගේ මරණ සම්බන්ධයෙන් ඉදිරියේ දී ස්වාධීන විමර්ශන කණ්ඩායමක් හරහා විමර්ශනක් සිදු කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි පවසනවා.

ඇතාට ප්‍රතිකාර කිරීමේ දී යම් අත්වැරදීමක් සිදු වුණා ද නැතහොත් දැනුවත්ව සත්වයාට හානි කිරීම සඳහා යම් සිදුවීමක් සිදුවුණා ද යන්න පිළිබඳව මෙහිදී විමර්ශනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ (17) කිලිනොච්චිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දම්මික පටබැඳි සඳහන් කළේ වෙනත් කිසිඳු හස්තියෙකුට මැදහත් නොවූ ආකාරයට කාවන්තිස්ස ඇතා වෙනුවෙන් පරිසර අමාත්‍යාශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව කටයුතු කළ බවයි.

එමෙන්ම ඇතාගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවීම ගැන කණගාටුවට පත්වන බවත් පරිසර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම දැනුම්වත්ව ඇතාට හානිකිරීමේ යම් සිදුවීමක් ඇත්නම් ඒ පිළිබඳව ද සොයාබලා දැඩි පියවර ගන්නා බවත් ඔහු පවසා සිටියා.

https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b7%8a%e0%b7%80/
කාවන්තිස්සගේ මරණ ගැන ස්වාධීන විමර්ශන කණ්ඩායමක් හරහා විමර්ශනක්

කාවන්තිස්ස ඇතාගේ මරණ සම්බන්ධයෙන් ඉදිරියේ දී ස්වාධීන විමර්ශන කණ්ඩායමක් හරහා විමර්ශනක් සිදු කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි පවසනවා.

ඇතාට ප්‍රතිකාර කිරීමේ දී යම් අත්වැරදීමක් සිදු වුණා ද නැතහොත් දැනුවත්ව සත්වයාට හානි කිරීම සඳහා යම් සිදුවීමක් සිදුවුණා ද යන්න පිළිබඳව මෙහිදී විමර්ශනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ (17) කිලිනොච්චිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දම්මික පටබැඳි සඳහන් කළේ වෙනත් කිසිඳු හස්තියෙකුට මැදහත් නොවූ ආකාරයට කාවන්තිස්ස ඇතා වෙනුවෙන් පරිසර අමාත්‍යාශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව කටයුතු කළ බවයි.

එමෙන්ම ඇතාගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවීම ගැන කණගාටුවට පත්වන බවත් පරිසර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම දැනුම්වත්ව ඇතාට හානිකිරීමේ යම් සිදුවීමක් ඇත්නම් ඒ පිළිබඳව ද සොයාබලා දැඩි පියවර ගන්නා බවත් ඔහු පවසා සිටියා.

https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b7%8a%e0%b7%80/
දෙහිවලින් මුහුදට පැන්න පුද්ගලයාගේ මළ සිරුර වැල්ලවත්තට ගොඩගහලා

දෙහිවල ප්‍රදේශයෙන් මුහුදට පැන සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස මුහුදු තීරයෙන් සොයාගෙන තිබෙනවා.

සිත් අමනාපයක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

වැල්ලවත්ත මුහුදු තීරයේ නාඳුනන පුද්ගල මළ සිරුරක් ගොඩගසා ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පසුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණ සිරුර හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://dasathalankanews.com/%e0%b6%af%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4/
ලබන වසරේ පෙබරවාරිය වනවිට අලුතින් ගුරුවරුන් 30,000ක් සේවයට

ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්‍යාපන පද්ධතියට අලුතින් ගුරුවරුන් 30,000ක් පමණ එක්කර ගැනීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා ලබන නොවැම්බර් 20 වනදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

අද (18) පැවති ජාතික ජනබලවේගයේ බදුල්ල කාන්තා සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ විශ්ව විද්‍යාල පද්ධතියට ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත්, එම බඳවා ගැනීම් මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.

මේ අතර පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියා.

https://dasathalankanews.com/%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%b6%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b6%b1%e0%b7%80%e0%b7%92%e0%b6%a7/
අධිකරණයෙන් ලබාදෙන තීරණවලට යටත් වෙනවා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

අධිකරණය මඟින් ලබාදෙන තීරණවලට යටත්වන බවත්, ඉන් ඉදිරියට කවුරුවත් තමාගෙන් හෝ ආණ්ඩුවෙන් තීරණ බලාපොරොත්තු නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේගය සංවිධානය කර තිබූ බදුල්ල කාන්තා සමුළුවට අද (18) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහි දී අදහස් දක්වමින් ජනධිපතිවරයා සඳහන් කළේ අධිකරණට පද්ධතිය විසින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබද නිවැරදි තීරණය බවයි.

“අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබා දෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබද නිවැරදි තීරණ ලෙස අපි සලකනවා. සලකන්නේ නැති අයට කෑගහන්න පුළුවන්. අපි සලකනවා අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නිගමනයන්ට තමයි අපි යටත් වෙන්නේ. අධිකරණයෙන් ලබා දීලා තිබෙන තීරණයන්ට අපි යටත් වෙනවා. එතැනින් එහාට කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.”

මේ අතර, පැරණි ජාතිවාදී පිල්ලි මේ වනවිට මතුවීමට පටන් ගෙන ඇති බව සඳහන් කළ ජනධිපතිවරයා එවැනි පිල්ලිවලට හිස එසවීමට කිසිසේත්ම අවස්ථාව ලබා නොදෙන බවයි අවධාරණය කළේ.

https://dasathalankanews.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%80%e0%b6%bd/
අධිකරණයෙන් ලබාදෙන තීරණවලට යටත් වෙනවා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

අධිකරණය මඟින් ලබාදෙන තීරණවලට යටත්වන බවත්, ඉන් ඉදිරියට කවුරුවත් තමාගෙන් හෝ ආණ්ඩුවෙන් තීරණ බලාපොරොත්තු නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේගය සංවිධානය කර තිබූ බදුල්ල කාන්තා සමුළුවට අද (18) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහි දී අදහස් දක්වමින් ජනධිපතිවරයා සඳහන් කළේ අධිකරණට පද්ධතිය විසින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබද නිවැරදි තීරණය බවයි.

“අපි විශ්වාස කරන්නේ අධිකරණ පද්ධතිය විසින් ලබා දෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබද නිවැරදි තීරණ ලෙස අපි සලකනවා. සලකන්නේ නැති අයට කෑගහන්න පුළුවන්. අපි සලකනවා අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නිගමනයන්ට තමයි අපි යටත් වෙන්නේ. අධිකරණයෙන් ලබා දීලා තිබෙන තීරණයන්ට අපි යටත් වෙනවා. එතැනින් එහාට කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.”

මේ අතර, පැරණි ජාතිවාදී පිල්ලි මේ වනවිට මතුවීමට පටන් ගෙන ඇති බව සඳහන් කළ ජනධිපතිවරයා එවැනි පිල්ලිවලට හිස එසවීමට කිසිසේත්ම අවස්ථාව ලබා නොදෙන බවයි අවධාරණය කළේ.

https://dasathalankanews.com/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%80%e0%b6%bd/
රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් අපවත්වෙති

රාමඤ්ඤ නිකායේ අනුනායක ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් වහන්සේ අපවත් වී තිබෙනවා.

රෝගාතුරව සිටි උන් වහන්සේ මහනුවර පදුගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) පෙරවරුවේ අපවත් වී ඇති බවයි වාර්තා වුණේ.

අපවත් වනවිය උන්වහන්සේගේ වයස අවුරුදු 95ක්.

https://dasathalankanews.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%a4%e0%b7%8a%e0%b6%a4-%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b4%e0%b7%96/
කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන CIDයට පරිසර අමාත්‍යංශයෙන් පැමිණිල්ලක්

කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලින්ට එල්ලවන තර්ජන පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙත පරිසර අමාත්‍යංශය අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල යොමුකරමින් පරිසර අමාත්‍යංශය පවසන්නේ කාවන්තිස්ස ඇතාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් මෙන්ම සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමක වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්‍රම මඟින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් වන බැවින්, මෙම සිදුවීම පිටුපස කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද ඉල්ලීම මඟින් කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහාත් මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පෙරදැරිව, ක්ෂණික විමර්ශනයක් මඟින් සත්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීම යන කරුණු පිළිබඳ අවධාරණය කර තිබෙනවා.

https://dasathalankanews.com/%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%87%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/
අග්බෝ ඇතා සෙවීමට විශේෂ මෙහෙයුමක් – හමුදා කණ්ඩායමක් යොදවයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම මෙහෙයුම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත හමුදා කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.

අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, මෙම මෙහෙයුම අරඹා ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙනවා.

https://dasathalankanews.com/%e0%b6%85%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%9d-%e0%b6%87%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%99%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%b8%e0%b7%99/
ශිරන්ති, ජාතික රෝහලෙන් පෞද්ගලිකට මාරු කෙරේ

ඇප මත මුදාහැරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යවා තිබෙනවා.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන අතු බවයි වාර්තා වන්නේ.

https://dasathalankanews.com/%e0%b7%81%e0%b7%92%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9e/
පහර කෑ බව කියන බලංගොඩ කස්සප හිමි තවමත් රෝහලේ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ නිරතව සිටිය දී පහරදීමකට ලක්වූ බව කියන බලංගොඩ කස්සප හිමි මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසනවා.

මාධ්‍ය වෙත අද (18) දහවල් අදහස් දක්වමින් උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ බලංගොඩ කස්සප හිමි මේ වනවිට පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි.

ප්‍රහාරයකට ලක්වූ බව පවසමින් ඊයේ (17) රාත්‍රියේ බලංගොඩ කස්සප හිමි විහාර මහාදේවී උද්‍යානයේ සිට සුව සැරිය ගිලන් රථයක් මඟින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස ජාතික රෝහලට ඇතුළත් කළ උන්වහන්සේගේ ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් ඊයේ (18) රාත්‍රියේම ජාතික රෝහලෙන් බැහැරව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කළබවයි උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර සිටියේ බලංගොඩ කස්සප හිමි සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික සිදුකළ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

https://dasathalankanews.com/%e0%b6%b4%e0%b7%84%e0%b6%bb-%e0%b6%9a%e0%b7%91-%e0%b6%b6%e0%b7%80-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b6%82%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%9a%e0%b7%83%e0%b7%8a%e0%b7%83/
ඊයේ සිදුවූ විදුලිය බිද වැටීම ගැන ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමෙන් නිවේදනයක්

ඊයේ (17) දින සමස්ථ දිවයිනට බලපෑ විදුලිය බිද වැටීම සම්බන්ධව ව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

https://dasathalankanews.com/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%96-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-%e0%b6%b6%e0%b7%92%e0%b6%af-%e0%b7%80%e0%b7%90/
රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත දරුණු පනතක් බව විශේෂඥයි අවධාරණය කරයි

රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉතා දරුණු පනතක් බවට විශේෂඥයින් මත පළ කරනවා.

විශේෂඥයින් පවසන්නේ මෙම නව පනත් කෙටුම්පත මඟින් ලබාදෙන ඇතැම් බලතල අනාගතයේ වැරදි ලෙස භාවිත කළහොත් සාමාන්‍ය ජනතාවගේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බවයි.

මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් පොලිසියට ඉතා පහසුවෙන් වසරකට වඩා වැඩි කාලයක් නීතියේ සහ අධිකරණයේ රැකවරණයෙන් ඉවත්කර රඳවා තබා ගැනීමට අවසර හිමිවීම මෙහි ප්‍රධානතම අඩුපාඩුව බවට ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදී ඇති බලතවලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මඟින් ලබාදී ඇති බවත් විශේෂඥයින් පවසනවා.

ඒ, අනුව සෑම පොලිස් නිලධාරියෙකුටම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ බලතල මෙම නව පනත් කෙටුම්පත හරහා ලබාදී ඇති බවත්, එවැනි අහිතකර වූ විශේෂ බලතලයක් දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ලබාදී නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ, අනුව පුද්ගලික තරහකට හෝ වෙනත් උවමනාවකට ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ ආදානමක් මෙම රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හරහා පවතින බවයි විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වසර 40ක් වැනි කාලයක සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා දරුණු වූ රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මඟින් තවත් වසර දහයක් විස්සක් වැනි කාලයක් තුළ මෙහි වින්දිතයින් රාශියක් බිහිවනු ඇති බවට සැකයක් නොමැති බවට විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා.

එමෙන්ම රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මඟින් ‘ත්‍රස්තවාදය’ නැමැති වරද අර්ථ නිරූපනය කර ඇති ආකාරයේ විශාල අපැහැදිලි තාවයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ, තුළින් ද බරපතළ හානියක් සිදුවිය හැකි බවයි එම විශේෂඥයින් පවසන්නේ.

ත්‍රස්තවාදියා සහ ආණ්ඩුව විවේචනය කරන සාමාන්‍ය පුද්ගලයා අතර ලොකු වෙනසක් ඇති බවත්, එම වෙනස නීතිය තුළ ඉතා පැහැදිලිව තිබිය යුතු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

ඒ, අනුව හඳුන්වාදීමට යන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත තුළින් ඉතා විශාල හානියක් මෙරට ජනතාවට සිදුවන බව විශේෂඥයින් වැඩිදුරටත් පවසනවා.

රටේ ආරක්ෂාව මෙන්ම ජනතාවගේ නිදහස ද අවශ්‍ය බව පෙන්වා දෙන විශේෂඥයින් මෙවැනි පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළහොත් ආණ්ඩුවවට විරුද්ධව නැඟී සිටින බවයි ඔවුන් අවධාරණය කර සිටියේ.

https://dasathalankanews.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba-%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%86/
අලි ඇතුන්, සතා සිව්පාවා, ජෛව විවිධත්වය හා පරිසරය සම්බන්ධ අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් විය යුතුයි – සජිත්

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ ඇති මූලික අයිතිවාසිකම් සහ 6 වැනි පරිච්ඡේදයේ ඇති රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් ඇති බවත් 3 වැනි පරිච්ඡේදයේ ඇති දේවල් පෙත්සම් තුළින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි වුවත් 6 වැනි පරිච්ඡේදයේ සඳහන් අයිතිවාසිකම් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බවට සඳහන් බවත් එම නිසා පාරිසරික අයිතිය, වන සතුන්ගේ වනජිවීන්ගේ පරිසරයේ වෘක්ෂලතාවල අයිතිය රටේ මූලික අයිතිවාසිකමක් විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

එසේ නොවන්නේ නම් වනජීවීන්ට පරිසරයට වෘක්ෂලතාවලට සිදුවන දේවල් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් යම් හෙයකින් වනජීවීන්, වෘක්ෂලතා සහ පරිසරය සම්බන්ධ කොටස් මූලික අයිතිවාසිකමක් වන්නේ නම් ඒවාට සිදුවන අගතීන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (18) දින විපක්ෂ නායක කාර්යාලයේ දී කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සහ මේ නිසා ඇත් පරපුරට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් රැසක් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

https://dasathalankanews.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%8f-%e0%b6%a2%e0%b7%9b/