🏷අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට විශේෂ අවධානයක්
📝මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර සේවා සපයන ප්‍රධානතම ජාතික සෞඛ්‍ය ආයතනයක් වන මහරගම ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල) මඟින් ක්‍රියාත්මක කරනු ලබන විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව පුළුල් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
මෙම කටයුතු පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ පසු විපරම් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදීමේදී පවතින අවශ්‍යතා හඳුනාගෙන, ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව ඉහළ නැංවීමත්, ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු කාලය අවම කරමින් රෝගීන්ට කාලෝචිතව ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පුළුල් කිරීමත් මෙහිදී ප්රමුඛ අවධානයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.
විකිරණ ප්‍රතිකාර සේවාවන් පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නව රේඛීය ත්වරණක යන්ත්‍ර (Linear Accelerator - LINAC) රෝහලට ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති අතර, එම යන්ත්‍ර මඟින් විකිරණ ප්‍රතිකාර ලබාදීමේ ධාරිතාව ඉහළ නැංවීම, දැනට පවතින

හෙළකුරු එසැණ 🔴🟠🟢🟡 Helakuru Esana ⚡️
🏷අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට විශේෂ අවධානයක් 📝මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර සේවා සපයන ප්‍රධානතම ජාතික සෞඛ්‍ය ආයතනයක් වන මහරගම ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල) මඟින් ක්‍රියාත්මක කරනු ලබන විකිරණ ප්‍රතිකාර සේවාවන්හි…
ප්‍රතිකාර සේවාවන්හි කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ වැඩි රෝගීන් පිරිසකට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා. #Incidents #සිද්ධි 📅2026-11-06 15:15:00 @HelakuruNewsLK🇱🇰
🏷අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
📝අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ www.jsc.gov.lk වෙබ් අඩවිය හරහා අදාළ ප්‍රතිඵල ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.
ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 21 වන දින පෙරවරු 9.00 සිට කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
#Incidents #සිද්ධි
📅2026-11-06 15:40:00
@HelakuruNewsLK🇱🇰

🏷ආනයන අපනයන ලේඛන කටයුතු ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි හඳුන්වාදෙයි
📝ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන සහ අනුමැතීන් ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
නොවැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම රෙගුලාසි මඟින් ජාතික වෙළෙඳ තනි කවුළු පද්ධතිය හෙවත් National Single Window for Trade සඳහා නීතිමය පිළිගැනීම ලබාදී තිබෙනවා.
One TRADE ලෙස නම් කර ඇති මෙම ඩිජිටල් පද්ධතිය හරහා ආනයන හා අපනයන කටයුතුවලට අදාළ අයදුම්පත්, ප්‍රකාශන, ලේඛන සහ අනෙකුත් තොරතුරු විද්‍යුත් ක්‍රමයට ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසෙන අතර, එමෙන්ම අදාළ රාජ්‍ය ආයතනවලට එම ලේඛන පරීක්ෂා කිරීම, අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කටයුතු පවතින නීතිවලට යටත්ව ඩිජිටල් ක්‍රමයට සිදු කිරීමට අවස්ථාව හිමිවනවා.
GovTech Sri Lanka (Pvt) Ltd සමාගම මෙම පද්ධතියේ බලයලත් මෙ

🏷ආනයන අපනයන ලේඛන කටයුතු ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි හඳුන්වාදෙයි 📝ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන සහ අනුමැතීන් ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක්…
හෙයුම්කරු ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන හයක් ඊට සහභාගි වන ආයතන ලෙස නම් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව තේ, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන ඇතුළු භාණ්ඩවලට අදාළ HS වර්ගීකරණ අංක 124 ක් මෙම නව රෙගුලාසිවලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා. #Incidents #සිද්ධි 📅2026-11-06 16:10:00 @HelakuruNewsLK🇱🇰
🏷කැබිනට් ප්‍රකාශක කියනවා මේවා ජනතා මුදල් නෙවෙයිලු, සංචාරකයෝ ගෙවන ඩොලර් 5 යන්නේ පැලවත්තේ ගිණුමට ද? - නිරෝෂන් පාදුක්ක
📝රාජපක්ෂවරුන්ගේ සහ අනුර කුමාර දිසානායකලාගේ ආණ්ඩුවේ කිසිදු වෙනසක් නොමැති බව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක පවසනවා.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වසර 20කට සිරගතව සිටින්නේ ජනතාවට කැරම් බෝඩ් බෙදීම හේතුවෙන් බව පැවසූ ඔහු, සංචාරක ප්‍රවර්ධනය බවට පවසමින් මිලියන 104.6 ක් බෙදූ අය වසර කීයක් සිරගත විය යුතුදැයි ප්‍රශ්න කර සිටියා.
පසුගියදා කැබිනට් ප්‍රකාශකවරයා විසින් ඉහත මුදල ජනතා බදු මුදල් නොවන බවට ප්‍රකාශ කළ බවත්, සංචාරකයෙක් ලංකාවට පැමිණි පසු ගන්නා ඩොලර් 05 ක මුදල සහ හෝටල් ක්ෂේත්රයේ පිරිස් විසින් ගෙවන 1% ක බද්දට අයත් මුදල් යොමුවන්නේ ‘පැලවත්තේ ගිණුමට’ දැයි ගැටලුවක් ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
#Statements #ප්‍රකාශ
📅2026-11-06 16:40:00

🏷PSTA ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා - කාදිනල් හිමිපාණන්
📝මීට පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතක් (PSTA) ඉදිරිපත් කර ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
නීතිඥයන්ගේ උපදෙස් ලබා ගනිමින්, මේ වන විට එය අධ්‍යයනය කරමින් පවතින බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම හිමිපාණන් සඳහන් කළේ.
එය අධ්‍යයනය කර අවසන් වන තෙක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමන්ගේ කැමැත්තක් නොමැති බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
#Statements #ප්‍රකාශ
📅2026-11-06 17:15:00

🏷ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට ස්ථාන මාරුවීමක්
📝ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා
ඒ අනුව ඔහුව විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
#Incidents #සිද්ධි
📅2026-11-06 17:20:25

🏷ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ඩොලර් මිලියන 100 ක ණය ගිවිසුමකට අත්සන් තබයි
📝ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්රය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර අද (06) අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නියෝජිත Shannon Cowlin විසින් මේ සඳහා අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.
කුසලතා සංවර්ධනය ශක්තිමත් කිරීම, රැකියා ඉලක්ක කරගත් පුහුණුවීම් ව්‍යාප්ත කිරීම සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සඳහා කර්මාන්ත හා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඉහළ නැංවීම වෙනුවෙන්, ප්‍රතිඵල මත පදනම් වූ මූල්‍ය සම්පාදන ක්‍රමවේදයක් යටතේ මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදල ලබාදීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම වැඩසටහන 2027 සිට 2031 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
#Incidents #සිද්ධි
📅2026-11-06 17:40:00
@HelakuruNews

🏷පිළිකා රෝගී ඖෂධ රැසක හිඟයක් පවතිනවා - සජිත්
📝ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගී සත්කාර සඳහා වන ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රජයේ රෝහල්වල මෙන්ම, පෞද්ගලික අංශයේ ද මෙම ගැටලුව පැන නැඟී ඇති බවයි එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
මෙම තත්ත්වය කෙරෙහි රජයේ අවධානය වහාම යොමු කර, දිවයින පුරා සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කඩිනම් පියවර ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියා.
#Statements #ප්‍රකාශ
📅2026-11-06 18:00:00

🏷නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්මවයි
📝2026 ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
මෙය 2026 සැප්තැම්බර් මාසය අවසානයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,867ක් වූ සංචිත වත්කම් ප්‍රමාණයට වඩා 3.2%ක ඉහළ යාමක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
#Incidents #සිද්ධි
📅2026-11-06 18:37:45