Mithuru Piyasa Society of Sri Lanka 📖📖📖
https://youtu.be/9S-uMX5fP7U
Please subscribe us
*උද්භිද විද්යාත්මක නාමය - Artocarpus heterophyllus කුලය - Moraceae*
*_________*
බත් ගස ලෙස විරුදාවලි ලත් කොස් ගස 🌳 ලාංකිකයන්ගේ ප්රධාන ආහාරයන් අතුරින් දෙවැනි ස්ථානය ගනී. එහි හට ගන්නා වූ ඵලයෙන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ 🌎 දැනට පවතින විශාලත ම ඵලවලින් එකකි. ඉඳුනු පසු පලතුරක් ලෙස භාවිත කරයි.කොස් ගසක් අඩි 70 ක් පමණ උසට අතුපතර බෙදී වැඩේ. කොස් ගස වසර ගණනාවක් ආයුෂ ඇති ශාකයකි. පැරැණි ගැමි සමාජයේ කෘතගුණ වශයෙන් කොස් ගස් 🌳 කපා හෙලන්නේ පව් සමා කිරීමෙන් පසුව ය.
*_________*
*ව්යාප්තිය* - ඉන්දියාව, බංගලාදේශය , ශ්රී ලංකාව 🇱🇰 , නේපාලය , කාම්බෝජය, තායිලන්තය යන රටවල හොඳින් වැවේ.
*_________*
*දැවයේ ස්වභාවය* 🏹 - පරිණත කොස් ගසක අරටුව සහ ඵලය අඳුර ගැනීමට අපහසු ය.😳 අරටුව දීප්තිමත් කහ පැහැති වර්ණයක් දැකිය හැකි ය.
*_________*
*වර්ධනය වන ප්රදේශ* - ශ්රී ලංකාවේ 🇱🇰 පහතරට තෙත් කලාපයේත් නිරිතදිග තැනිතලා ප්රදේශයේත් විශාල ලෙස පැතිර පවතී.
*________*
*ප්රයෝජන* - බොහෝ සංගීත 🎶 භාණ්ඩ නිෂ්පාදනයට කොස් ලී භාවිතයට ගනී. මිරිදන්ගම් සහ කන්ජිර් යන බෙර සඳහාත් වීණාව සෑදීමටත් කොස් ලීය යොදා ගනී. එමෙන් ම මහ රබානේ රාමුව සකස් කිරීම සඳහාත් යොදා ගනී. දොර ජනෙල් සෑදීමට, නිවාස සෑදීමට, නිවාස ඉඳිකිරීමට මෙන් ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයටත් කොස් ලී යොදා ගනී.
*_නිමි._*
*_සැකසුම :- MPS Creator Jithuka Mindiya Walpita._*