Forwarded from Practical Night'25 | Physics | Anuradha Perera
https://www.youtube.com/live/QKdo_xCFbGQ?si=Ql68Vc2u0Ib4Waii
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
🔴LIVE | PRACTICAL NIGHT 2025 | ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 | PHYSICS | ANURADHA PERERA
Tute PDF - https://t.me/practicalnight2025/34
00:00 ආරම්භය
00:42 අද මොකද වෙන්නෙ ?
7:14 ඝුර්ණ මූලධර්මය
41:15 U නළය
1:21:53 හෙයාර් උපකරණය
1:52:52 බර යෙදූ පරීක්ෂා නළය
2:21:29 ද්‍රව මානය
2:33:03 first interval
2:53:58 After interval
2:57:50 ්වනි…
00:00 ආරම්භය
00:42 අද මොකද වෙන්නෙ ?
7:14 ඝුර්ණ මූලධර්මය
41:15 U නළය
1:21:53 හෙයාර් උපකරණය
1:52:52 බර යෙදූ පරීක්ෂා නළය
2:21:29 ද්‍රව මානය
2:33:03 first interval
2:53:58 After interval
2:57:50 ්වනි…
❤🔥6😁1
Physics with MERLIN ✨ pinned «🔴 PRACTICAL NIGHT 2025 ZOOM 3000+ | YOUTUBE LIVE LINK https://www.youtube.com/live/QKdo_xCFbGQ?si=Ql68Vc2u0Ib4Waii 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 »
Forwarded from Audio notes.lk triple🎧📚
https://www.youtube.com/live/vwno1W0_zRs?si=-CiSZdCZ3JVRCkfs
ළමායි, free welwta relax wenna meka balanna , like & comment ..
My very first පත්තරේ විස්තරේ ❤️🥹🎬( Wake up to 7)

🔴 LIVE | WAKE UP TO 7 | 2025-10-13
🔴 LIVE | WAKE UP TO 7 | 2025-10-13
#channel7 #News #SriLankaNews #LatestNews #hannel7News #Channel7 #TrendingNews #ViralNews #SriLanka #SLnews #lanka #twins #niwun #politics #NPP #newsupdate #JVP #social #ranilwickremesinghe #bimalrathnayake #jathikajanabalawegaya…

😍3
"මාගේ දේශය අවදි කරනු මැන"
"எமது தேசத்தை விழிப்படையச் செய்வோம்"
"Let my country awake"
ශිෂ්‍ය සාහිත්‍ය උළෙල
மாணவ சாகித்திய விழா
Students' Literary Festival
2025
වැඩසටහන් පෙළගැස්ම
සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://www.facebook.com/share/p/1GmwBPPUp7/

🔥5❤🔥3
Physics with MERLIN ✨
https://www.mensa.org/mensa-iq-challenge/#how
Mensa එකනම් ගොඩක් හොඳයි time එක manage කරගන්න ඕනෙ. හැබැයි ඕකෙ 30/35මගෙ හරි. ඉතුරු 5 ගහගන්න බැරි උනා විනාඩි 25ට. පැය ගනන් හිතුවත් අන්තිම ටිකටනම් කිසිම pattern එකක් නෑනෙ 😅😅. Free time එකක කරලා බලන්න
Physics with MERLIN ✨
Photo
ලංකාව වගේ රටක PMC (Private Medical Colleges) වලටයි Government Medical Faculties වලටයි එකට survive වෙන්න කොහොමටවත් බෑ...
මොකද සම්පත් සීමිතයි!!
- සායනික පුහුණුව දෙන්න තියෙන Teaching hospitals සීමිතයි!
- ආචාර්යවරුන් සීමිතයි!!
වර්තමානයේ රජයේ වෛද්‍ය පීඨ 12ට වත් හරියාකාරව මේ සම්පත් බෙදා දීල නෑ..
*හරිහමන් මහාචාර්‍ය ඒකකයක් නැති, Academic staff ප්‍රමාණවත් නැති Faculties තියෙනවා තවම😑🤌*
PMCs පටන්ගත්තොත්.. ඒ සම්පත් මුදලට යටවෙලා Government medical faculties වලට අහිමි වෙන එක නවත්තන්න බෑ...
එහෙම වෙලා Government medical faculties ටික වැහිලා ගියහම මේ රටේ Doctor කෙනෙක් වෙන්න පුලුවන් කෝටිපතියෙකුගේ ලමයෙකුට විතරයි😢
වෛද්‍ය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ පවතින සම්පත් පිලිබඳ නිසි අවබෝධයක් නැති සමහරක් දෙනා හිතන්නේ කොතලාවල කඩේ හොඳයි කියලා..
*නමුත් එමගින් ප්‍රමිතිගත සෞඛය අධ්‍යාපනයට වන බලපෑම ගැනත්, මතු පරපුරේ නිදහස් අධ්‍යාපනයට වෙන අනතුරත්* ගැන ඔවුනට නිසි අවබෝධයක් නැති වීම කණගාටුවක්😢🤌
පූර්ව නිලධාරී කැඩෙට් පුහුණුව සහ මූලික සේනා පුහුණුවට අදාළ අධ්‍යයයන සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් 1981 වසරේදී සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක ඇකඩමිය ස්ථාපිත කරන ලද කොතලාවල පීඨය, ඉන්පසු එවකට පැවති විවිධ ආණ්ඩු යටතේ විවිධ සංශෝදන සිදුවෙමින් 2007 වසරේදී ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය නමින් පූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කරනු ලැබුණා...
ඉන්පසු 2009 වසරේදී KDU විශ්වවිද්‍යාලය තුල වෛද්‍ය පීඨයක් ආරම්භ කරන ලද අතර, *2013 වසර වනතෙක් KDU වෛද්‍ය පීඨයට හමුදා වෛද්‍ය සිසුන් පමණක් බඳවා ගනු ලැබූ අතර,* 2013 වසරේ සිට විදේශීය සිවිල් සිසුන් ගාස්තු ගෙවන පදනම මත ඇතුලත් කර ගන්නා ලදී.
2019 වසරේදී දේශීය සිවිල් සිසුන් හට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීම ආරම්භ වුණා.
KDU විශ්වවිද්‍යාලයෙහි වඩාත් ආසන්නතම බඳවා ගැනීම වන 2025/2026 (intake 43) කණ්ඩායමට ඇතුලත් කර ගෙන ඇත්තේ *කැඩෙට් නිලධාරීන් 3 දෙනෙකු පමණකි..* බහුතර අවස්ථාවන් ලබා දී ඇත්තේ *රු. ලක්‍ෂ 175 ගෙවා ඇතුලත් වන දේශීය සිවිල් සිසුන් හටය...*
> *ඉතින් KDU එකේ දැන් පවත්වාගෙන යන්නේ Private Medical Faculty (PMC) එකක් නේද🤌*
> *අපි KDU එකෙන් MBBS විකුණන්න එපා කියන්නෙ ඒ නිසයි❕*
*මෙහෙම ගියොත් ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනය වළ පල්ලට යාම වැඩි ඈතක නොවේ❗*
*මතු පරම්පරාවල නිදහස් අධ්‍යාපනය අනතුරේ‼️*
https://www.facebook.com/share/p/1Ap8pXUuyY/
#NoPMC
#ForFreeEducation
#ForFreeHealthCare

Facebook
Log in or sign up to view
See posts, photos and more on Facebook.
❤🔥19🤣11🏆1
Forwarded from NO PMC
"Medicine කරන්න උසස් පෙළ අවශ්‍යද?"
"කොතලාවල ගැටලු සහගතද?"
"නිදහස් අධ්‍යාපනය ද නැත්නම් අධ්‍යාපනයේ නිදහස ද?"
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සමඟ සිදු කළ සංවාදය
YouTube - https://youtu.be/ee4QL9qY8as?si=m5g53UEdMaL1iFHg
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
YouTube
සංවාදය 1-වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක | Interview 1-Prof. Indika Karunathilake
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ වර්තමානයේ බෙහෝ දෙනෙක් ඉතා අවධානයෙන් පසු වන වේලාවක කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන මෙම සංවාද වැඩසටහන මඟින් දැනට පැන නැඟි ඇති ගැටලු සහ ලබාදිය යුතු පිළියම් ගැන සම්පූර්ණ අදහසක් සමාජයට ලබා දීම අපගේ වගකීමක් කොට අපි සලකමු.…
🤣17❤🔥3😁1
Forwarded from Science Panthiya
Cricket Ball එකක් ස්වින්ග් කරද්දී බොලේ කැපෙන්නේ මොන පැත්තටද? (Physics Bernoulli)
Anonymous Poll
57%
රළු පැත්තට
43%
සිනිදු පැත්තට
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
රටට වෛද්‍යවරු මදි , රටේ සල්ලි පිට යනවා , වෛද්‍යවරු රට යනවා , ඒ නිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕන කියල කට්ටිය කෑ ගැහුව නෙ.
ඔන්න දැන් ඉස්සරහට Pass out වෙන හැම වෛද්‍ය ශිෂ්‍යයෙක්ටම රැකියා දෙන්න විදියක් නෑ ලු. විදෙස් රැකියා හොයාගන්න ක්‍රමවේද සකස් කරන්නලු.
KDU සහ ඉදිරියෙදි ආරම්භ කරන්න හීන දකින වෙද උපාධි කඩ වලිනුත් බ්‍රොයිලර් ක්‍රමයට MBBS දෙන්න ගත්තම මේ තත්ත්වය තවත් වැඩි වේවි.
ඉතින් බොහෝ විට සම සෞඛ්‍ය උපාධියට කලා වගේ අවුරුදු 6ක වෛද්‍ය උපාධියෙන් පස්සෙ වෛද්‍යවරයෙක් වෙනවද නැද්ද කියන එක සාමාන්‍ය දැනුම Paper එකකින් තීරණය වෙන්න පුලුවන්. දැනට වෛද්‍ය උපාධිය ඉවර කරපු ගමන් විදේශ ගත වෙන වෛද්‍යවරු ගාන සීමිත උනාට මේකත් එක්ක "ජනතාවගේ බදු මුදල් වලින්" ඉගනගත්ත විශාල පිරිසකටත් අකමැත්තෙන් උනත් විදේශගත වෙන්න අවස්ථා හොයන්න වේවි.
KDU එකවත් වෙන උපාධි කඩයක්වත් මුදලට උපාධිය දුන්නට රැකියාව නොදෙන නිසා ඉන්දියාවේ වගේ ලක්ෂ 100ක් 200ක් වියදම් කරලා MBBS අරන් ගෙදරට වෙලා ඉන්න වෙන තත්ත්වයකුත් උදා වේවි.
දියුණු රටවල වගේ රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය පුරෝකථනය කරලා ජාතික සැලැස්මක් නැතිව දේශපාලකයන්ගේ සහ මුදලාලිලාගේ උවමනාවන් අනුව සහ "කැමති කෙනෙක්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමේ අයිතිය" වගේ බොලඳ කරුණු මත වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම නතර කරලා වහාම විද්‍යාත්මක ක්‍රමයකට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම ආරම්භ නොකලොත් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයටත් ඉන්දියාව වගේ අර්බුද රැසකට මුහුණ දෙන්න වේවි

💯9🤣6
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
ඇත්ත එළියට දුන් විශේෂ විගණන වාර්තාව 📄
කීපදෙනෙක්ම ඊයෙ අරුණ පුවත්පතේ පළවුණ කරුණු වල සත්‍යතාව ප්‍රශ්න කරල තිබ්බා. මේ තියෙන්නෙ අදාළ විගණන වාර්තාව. 👇
https://auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2025/spcial/Medical-Officers-who-are-on-Vacated-Post-and-the-Attachment-of-Foreign--Trained-Specialist-Medical-Officers.pdf
මේකත් එක්කම ගොඩනැගෙන වාදය තමයි වෛද්‍යවරු හිඟයිනෙ, ඇයි එහෙම තියාගෙනත් සේරම බඳවා ගන්නෙ නැත්තෙ කියනෙක. *ඇත්තටම සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන් කීයක් හරියටම හිඟද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශයවත් හරියට දන්නවද දන්නෙ නෑ.* ඒක හොයාගෙන අනුමත සංඛ්‍යාව සංශෝධනය කළත් මුදල් අමාත්‍යාංශය ඕකට එකඟ වෙන්නෑ කියනෙක අපි පහුගිය කාලෙ දැක්ක දෙයක්.
*ආණ්ඩුව මෙඩිකල් ෆැක්ටල්ටිවලින් එළියට එන හැමෝටම රස්සා දෙන්නෑ කියන ස්ථාවරයට යන්න පසුබිම හදාගෙන යන බව නම් අපිට පේනවා.*
විගණන වාර්තාවෙ සඳහනක් නැතත් මේ අර්බුදය 2027 වෙද්දි පටන්ගනී කියල සමහරු පුරෝකථනය කරල තියෙනවා දැක්කා. ඒවයෙ පදනමක් නම් පේන්න නෑ.
නිකමට ඒක එහෙමයි කියල ගත්තොත්, ඔය අර්බුදේට එහෙනම් මුලින්ම මුහුණ දෙන්නෙ 2027දි මුලින්ම Post Intern යන කණ්ඩායම. හරියටම කිව්වොත් Final MBBS ලියල හෙට අනිද්දට Intern යන්න බලන් ඉන්න 2017 උසස්පෙළ කණ්ඩායම! එතැනින් පහළ සියලු කණ්ඩායම් වලට ඕක අදාළ වෙනව එහෙම උනොත්.
මේ තත්ත්වෙ මේ වගේම ඇතිවුණා සමසෞඛ්‍ය උපාධිධාරීන් සම්බන්ධයෙන්. එතනදි සෞඛ්‍ය අමාත්‍යවරය පැහැදිලිව කිව්වෙ, රාජ්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාවට වඩා අයදුම්කරුන්වන් ගණන වැඩිවෙන අවස්ථාවලදි තෝරාගැනීම කරන්නෙ තරඟ විභාගයකින් බව. කිව්ව වගේම සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම පේපරයක් තිබ්බනෙ.
*වෛද්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට තෝරගන්නත් සාමාන්‍ය දැනීම පේපරයක් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ Final MBBS ඉවරවෙලා සාමාන්‍ය දැනීම පාඩම් කරන්න. 😛*
> Copied from Rashmika Chamod

🤣6💯4
Physics with MERLIN ✨
Photo
*බිඳ දැමූ ERPM වේල්ල*
ERPM (Examination to Register to Practice Medicine) එහෙම නැත්තං Act 16 exam කියන්නෙ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරපු විදේශීය වෛද්‍ය උපාධි ලබාගත් උපාධිධාරීන්ට වෛද්‍ය සභාවෙ ලියාපදිංචිය ලබාදෙන්න පවත්වන විභාගෙ. ඊයෙ ERPM merit list එක නිකුත් වුණා. ඒ අනුව රාජ්‍ය වෛද්‍ය පීඨවල උපාධිධාරීන් 1199ට අමතරව විදේශීය උපාධිධාරීන් 362කුත් මෙවර සීමාවාසික පත්වීම් ලබන්න සුදුසුකම් ලබා තියෙනවා.
ERPM විභාගය ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙන්නෙ මෑතකදි ඒ විභාග ක්‍රමයෙ වුණු වෙනස්වීමත් එක්ක. ඒකෙ වෙනස්කම්වල නියම ස්වරූපය බලාගන්න පුළුවන් ERPM ප්‍රතිඵලත් එක්ක.
ERPM විභාගයේ සම්පූර්ණ වගකීම දරන්නෙ වෛද්‍ය සභාව. 2017දි හඳුන්වාදීලා 2021දි සංශෝධනය කරපු විභාග ක්‍රමයක් තමා මේතාක් පැවතුණේ. ඒ විභාග අත්පොත මෙතනින් බලාගන්න පුළුවන් කැමති කෙනෙක්ට.
(https://drive.google.com/file/d/1RBY4J36Ra-8_Xa2ZqtRdb9bX0NYpb9YV/view?usp=drivesdk) අපි ඒකට පැරණි ක්‍රමය (Old Format) කියමු.
ඒත් 2024දි නිවේදනයක් මගින් වෛද්‍ය සභාව විසින් 2025 ඉඳල අලුත් ERPM විභාග ක්‍රමයක් හඳුන්වාදුන්නා.
( https://slmc.gov.lk/images/2024/Examinations/ERPM_New_guidelines.pdf)
මේ අලුත් ක්‍රමය ගොඩක් අයගෙ විවේචනයටත් බඳුන් වුණා. මුළු විභාග ක්‍රමය ගැනම නෙමෙයි, ඒකෙ සායනික කොටස ගැනයි මේ සැසඳීම.
සායනික අධ්‍යාපනය තමා වෛද්‍ය විද්‍යාවෙ සැබෑ හරය. එතකොට සායනික පරීක්ෂණ තමා වඩා තීරණාත්මක.
අපි පැරණි ERPM ක්‍රමය ගත්තොත්, ඒකෙ Part A, B, C සහ D කියල කොටස් හතරක් තිබ්බා. ඕකෙ Part B තමා සායනික පරීක්ෂණය.
ඒකෙදි විෂයන් 4කට අදාළව විභාග අපේක්ෂකයන් පරීක්ෂා කෙරෙනවා.
1. Medicine - 1 long case + 2 short cases
2. Surgery - 1 long case + 3 short cases
3. Obstetrics & Gynaecology - 1 Obs case + 1 Gyn case
4. Paediatrics - 1 long case + 2 short cases
මේ ක්‍රමය අපේ රාජ්‍ය වෛද්‍ය පීඨවල Final MBBS ක්‍රමයට සමානයි. (නමුත් මනෝවෛද්‍ය විද්‍යාව නැහැ)
අලුත් ක්‍රමයෙදි මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ අනුව මුළු විභාගෙම Part I සහ Part II විදිහට කොටස් දෙකයි. ඕකෙන් Part II තමා සායනික කොටස.
මේ සායනික කොටසෙදි කලින් තිබ්බ Long සහ Short Cases ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කර ඒ වෙනුවට OSCE station ක්‍රමයක් හඳුන්වා දුන්නා. සම්පූර්ණ stations ගාණ 20යි. ඒක විෂයන් විදිහට බෙදෙන්නෙ මෙහෙම.
1. Medicine - 4 stations
2. Surgery - 3 stations
3. Obstetrics and Gynecology - 3 stations
4. Paediatrics - 3 stations
5. Psychiatry - 1 stations
පැරණි ක්‍රමයේ long සහ short cases වලින් පරික්ෂා කරපු අපේක්ෂයන් දැන් පරික්ෂා වෙන්නෙ OSCE තුන හතරකින් ! 😃
Final MBBS කරපු කෙනෙක් දන්නවා ඕකෙ වෙනස.
මේ අවුරුද්දෙ පැරණි සහ අලුත් ක්‍රමදෙකටම විභාගෙ තිබ්බා.(ඊළඟ අවුරුද්දෙ ඉඳන් අලුත් ක්‍රමේට විතරයි)
ඔය විභාගෙ දෙකේ ප්‍රතිඵල දිහා බැලුව නම් බලපෑම හොඳටම හඳුනගන්න පුළුවන්.
🔰 ERPM පැරණි ක්‍රමය යටතේ Part B හෙවත් සායනික කොටස,
ඉදිරිපත් වූ අපේක්ෂයන් සංඛ්‍යාව - 408
සමත් අපේක්ෂයන් සංඛ්‍යාව - 204
සමත් ප්‍රතිශතය - 50%
https://slmc.gov.lk/images/ERPM_Part_B_Results_Sheet_.pdf
🔰 ERPM අලුත් ක්‍රමය යටතේ Part II හෙවත් සායනික කොටස,
ඉදිරිපත් වූ අපේක්ෂයන් සංඛ්‍යාව - 136
සමත් අපේක්ෂයන් සංඛ්‍යාව - 123
සමත් ප්‍රතිශතය - 90.4%
https://slmc.gov.lk/images/ERPM_Part_II_Results_Sheet.pdf
මීට වඩා කතා කරන්න දෙයක් නෑ. විභාගෙට එන අපේක්ෂයො සේරම සමත් කරන්න විභාග තියන්නොනෙද කියල අපිට හිතෙනවා.
"When the dam is broken, the river forgets its banks"
වේල්ල බිඳල දැම්මාම ගඟ එහි ඉවුරු ඉක්මවා යනවා. ඒක අවසන් වෙන්නෙ මහ විනාශයකින්.
වෛද්‍ය සභාව මේ රටේ මිනිසුන්ගෙ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳී ඉන්න ව්‍යවස්ථාපිත ආයතනය. ඒක රටේ පුරවැසියන්ගෙ සෞඛ්‍ය භාරදෙන්න සුදුසු පුද්ගලයො තෝරන්නෙ මෙහෙමයි ! 🙂
https://www.facebook.com/share/1BCf2NbtqE/
> උපුටා ගැනීම - රශ්මික චමෝද් රණසිංහ

😱6😁1🤣1