⭕ 🌧️⛈️🥶......වහින දවසක වාතයේ ධ්වනි ප්රවේගයට මොකද වෙන්නෙ !!!....
V = √( δ P/ρ) කියලා සමීකරනයක් තියේනේ,
(δ මේ සලකුණුන් අදහස් වෙන්නෙ ගැමා)
Pv= nRT මගින්
P= mRT/vM
ρ =m/v නිසා,
P/ρ = RT/M වේ.
එම නිසා,
V =√ (δRT/M)
නේ..මේකෙදි M කියන්නේ වාතයේ මධ්යන්ය මවුලික ස්කන්ධය .
⭕ඉතින් ආර්ද්රතාව වැඩි වෙනවා කියන්නේ වාතයේ ජල වාෂ්ප ප්රමාණය වැඩි වෙනවනේ.ජල වාෂ්ප කියන්නේ ජල අණුනෙ.ජල අණු වල මවුලික ස්කන්ධය 18 යි..ඒත් වාතයේ තියෙන ප්රධාන වායු වල මවුලික ස්කන්ධය ඊට වඩා වැඩියි.නයිට්රජන් ගත්තත් 28 යි.ඔක්සිජන් 32 යි.ඉතින් ඔය වායු වර්ග දෙකනේ වායුගෝලයේ ප්රධාන වශයෙන් තියෙන්නේ.එතකොට ආර්ද්රතාව වැඩි වෙද්දී වාතයේ මේ තියෙන වායු වල ඉඩ අල්ල ගන්නවා ජල වාෂ්ප .ඒ හන්ඳා ඉස්සෙල්ලා ඒකක පරිමාවක් ගත්තොත් ඒකේ ස්කන්ධයට වඩා දැන් ජල වාෂ්ප වැඩි අවස්ථාවේ ඒකක පරිමාවක් ගත්තොත් ස්කන්ධය අඩුයි.ඒ හන්ඳා ජල වාෂ්ප වැඩි වෙනකොට වාතයේ මධ්යන්ය මවුලික ස්කන්ධය අඩු වෙනවා..
⭕ඒ හන්ඳා අර අපි ඉස්සෙල්ලා ගත්ත සමීකරනෙට අනුව වාතයේ මධ්යන්ය මවුලික ස්කන්ධය අඩු වෙනකොට වාතයේ ධ්ව්නි ප්රවේගය වැඩි වෙනවා.....
ඒ හන්ඳා ආර්ද්රතාව වැඩි අවස්ථාවේ වාතයේ ධ්වනි ප්රවේගය වැඩියි.....
⭕අන්න ඒ නිසයි වහින දවස් වලදි වාතයේ ආර්දතාවය වැඩි උනාම ඈත තියෙන සද්ද උනත් ඇහෙන්නෙ..උදාහරණයකට ඈත කෝච්චියක් යන සද්දෙ වෙන දවස් වලට ඇහෙන්නෙ නැති උනාට වාතයේ ආර්දතාවය වැඩි ( ජල වාෂ්ප වැඩි) දවස්වලට හොඳට ඇහෙන්නෙ 🚂
⭕ඒ වගේම තරංගයේ සංඛ්යාතය රඳා පවතින්නේ ප්රභවය මත නිසා සංඛ්යාතය වෙනස් වෙන්නෙ නෑ..ඒ හන්ඳා ආර්ද්රතාව වැඩි වෙලාවේ වාතයේ ධ්වනි ප්රවේගය වැඩි හන්ඳා
✨️v= fλ මගින් තරංග ආයාමයත් වැඩි වෙනවා.
Copied
#Science #panthiya

🔥16👍5❤🔥3🤩2❤1