♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare | Yasith Kelambiarachchi Official Music Video

◇───────────────◇

නිදන් කරන් ඔබෙ මතකේ
ගිලන් මගේ හිත පතුලේ
පරිස්සමෙන් රැක ගන්නම්
පන වගේ

විකල්ප නෑ ආදරියේ
ඔබෙන් එහා ආදරයේ
මුරන්ඩුකම් මට කෙරුවත්
නිකරුනේ

විසික්කෙරුව ආදරෙ අහුලන්
ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල්
බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු
මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ

විසික්කෙරුව ආදරෙ අහුලන්
ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල්
බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

විශ්වාස කරපූ විස්වාස බිදුනූ
පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ
මට ඉතිරු කෙරුනේ තැවීමක් විසකුරූ

විසික්කෙරුව ආදරෙ අහුලන්
ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල්
බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ – මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ – හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ

#YasithKelambiarachchi



@SinduPotha

◇───────────────◇
❤57👍17🕊3
🎙 ඇස් ආදරෙන් පුරෝනා | As Adaren Purona by Kaveesha Kaviraj

◇───────────────◇

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ළඟ නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

රැකගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤76👍19🕊9😍6❤‍🔥2🌚1
🎙 Welawakata Hindi Tire Kathawak Wage - වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ

◇───────────────◇

වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ...
චිත්‍ර කතා පත්තරේක සිත්තමක් වගේ...//
අපි අපේම නොවුනත් අපි හිතමු ඒ වගේ...
අද වගේම හෙටටත් අපි පෙම් කරමු එක වගේ...//

ඇත්ත වුනත් කිව්ව ගමන් හිත රිදෙන නිසා...
සඟවාගෙන ඉන්න උනා කාලයක් පුරා...//
පමා වුනේ නැතිනම් අපි දැනටමත් අපේ...
හිතන්න වෙන් කෙනෙකුත් නෑ ඔයාගැන වගේ...//

වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ...
චිත්‍ර කතා පත්තරේක සිත්තමක් වගේ...//
අපි අපේම නොවුනත් අපි හිතමු ඒ වගේ...
අද වගේම හෙටටත් අපි පෙම් කරමු එක වගේ...//

පුංචි ඉඩක් ලැබුනු ගමන් හිර ගෙයින් මිදී...
හිරිපොදයට තෙමෙන්න යමු හිරිමලුන් වෙලා...//
විඳින්න බැරි වැදි නොවිඳාඅපේ පාඩුවේ...
විඳින්නපුලුවන් තරමට විඳිමු ආදරේ...//

වෙලාවකට හින්දි තිරේ කතාවක් වගේ...
චිත්‍ර කතා පත්තරේක සිත්තමක් වගේ...//
අපි අපේම නොවුනත් අපි හිතමු ඒ වගේ...
අද වගේම හෙටටත් අපි පෙම් කරමු එක වගේ...//

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤19👍9❤‍🔥7🥰4
🎙 කඳුලක් ගලාවිත් | Kandulak Galawith by Kaveesha Kaviraj

◇───────────────◇

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤45👍7😍4❤‍🔥2🤩1
🎙 Sihina Hora Lyrics - සිහින හොරා මේ හිත කියවලා

◇───────────────◇

හිත කීරි ගැහෙනා
පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා
සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

සුභ හීන පෙනෙනා
රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ
හිත තෝරගෙන මා
ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින්
කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා//

#SajjadHassan


@SinduPotha

◇───────────────◇
❤94😍12👍8🥰1
🎙 Hithumanapen Lan Wee - හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි

◇───────────────◇

හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැතී
ඔබ ලැබුණට වඩා නොලැබුණි නම් හොඳයි
එහෙනම් තාම මං තනිකඩයි
හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි

මහා මෙරක් උසට සෙනෙහස දරා
මා ආවා බැරි බර දරා
ප්‍රේම කෙරුවා කාටත් වඩා
හුමාලෙට පවා මුහුවෙලා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිඩයි තාම මා

හිතුමනාපෙන් ළං වී පෙම් කළේ ඇයි අපි
ඔය හිතින් සමුදී හුඟ කලක් වෙන්නැතී

පාළු මනසින් මා විඳවලා
මියදෙන්න බෑ තනිවෙලා
ආයේ මුණ නොගැහී ඉමු අපි සදා
නෑ තරහා ඔබ එක්ක මා
ආත්මය පාවලා ඔබ ගියත් වෙන්වෙලා
තනිකඩයි තාම මා

හිතුමනාපෙන් ළං වී...

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤31🥰10👍4❤‍🔥1💔1
🎙 Kaveesha Kaviraj හමුවනා නෙත් දහක් අතරින්...

◇───────────────◇

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

අයාලේ ගිය හීන අතරේ
ගොඩගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා...

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක්‌වත් එපා...

ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...

හමුවෙනා නෙත් දහක්‌ අතරින්
ඔබේ දැසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ළංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි...//

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤51👍15🔥5❤‍🔥4
🎙 මට පෙමේ බැන්ද | Mata Pem Banda by Kaveesha Kaviraj

◇───────────────◇

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන්
ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ
මතු භවයේම ලඟ ඉන්න නොවන සේ

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි
දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ
මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං
ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී
මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින්
මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත්
පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන්
හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ
මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤48❤‍🔥17👍7🥰7🕊5🌚1
🎙 Nethu Piyanna Eka Mohothak - නෙතු පියන්න එක මොහොතක්

◇───────────────◇

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න ආදරෙයි කියා...

වෙන් නොවන්න කවදාවත් පණ තියෙන තුරා
පොරොන්දු වූවා මතකද හිසටාත තියා
හොරෙන් හාදු තිලක තියා නලල සරසලා
හිනාවුනා මතකද අපි කඳුළු එනතුරා...//

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න ආදරෙයි කියා...//

රෝස දෙතොල් සුදුමැලි වී දෙකුල් පැටලුනා...
ගලාන ආ කඳුළු බිංදු නලලත මිදුනා
අදහගන්න බැරි තරමේ හීනයක් වුනා
රත්තරනේ ඔයා මගෙන් වෙන් වෙලා ගියා...//

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා
බලා ඉන්න ආසයි ඔය පුරා හද දිහා
වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල් මුමුනලා
හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා
තව සැරයක් මට කියන්න ආදරෙයි කියා..//

#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤‍🔥27👍13❤3⚡1
Sindee Bindee Adare - Kaveesha Kaviraj (සිඳී බිඳී ආදරේ - කවීෂ කවිරාජ්)
SL SOUND HACK
Song Name : Sindee Bindee Adare -සිඳී බිඳී ආදරේ

(✿◕‿◕✿)

සිඳීබිඳී ආදරේ සිතේ පැතුම් පාකෙරේ සුරගන ඈකෙරේ ඇත මගෙ ආලේ
දෑත විදා මාකෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
ආදරකතා බොරු ගොඩක් වෙලා
සිතිවිලිබබා දැන් වෙනස් වෙලා
ළඟනැති හින්දා ළඟනැති හින්දා

හසරැලි පවා දුක්ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුක වැඩි හින්දා..//

දහාස් වරක් සිතින් හඩා රැයක් පුරා සුසුම් හෙලා බෝමා කදුලැල් බෝමා
ඒ ඔබේ නෙතින් වෑහෙනා කඳුළු බිඳක් වාසනා වේවා ඔබට වේවා මටකියන් ලදේ කාරනේ දුරස් උනේ ආදරේ
නලලට තිලකේ නැතිද තියන්නේ

ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ..

මේ අනන්ත වූ ප්‍රේමෙ පුරා දරන්න බැරි වේදනා බෝමා
සිතේ බෝමා
ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා ආවා
මාවෙත ආවා

මට කියන් ලදේ කාරනේ දුරස්උනේ ආදරේ නලලට තිලකේ නැතිද තියන්නේ
ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ

සිඳී බිඳී ආදරේ..//

ආදර කතා බොරු ගොඩක් වෙලා
සිතිවිලි බබා දැන් වෙනස් වෙලා
ළඟ නැති හින්දා ළඟ නැති හින්දා
හසරැලි පවා දුක් ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුකවැඩි හින්දා දුකවැඩි හින්දා


#kavishaKaviraj
#lyrics

@SinduPotha
❤‍🔥33❤17👍15🔥3⚡1🥰1
🎙 ඉල්ලාවී මේ දෑස | Illawi Me Dasa by Sudamm Dinesh ft. Yashara

◇───────────────◇

සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්
මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්

හිත් කොනේ නලියනා
හීනයේ නැලවෙනා
හිතුමතේ ලංවෙනා
සැනසුම විඳිනා

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී
විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී

නිදහසේ දඟකලේ
ජීවිතේ නුඹමනේ
දැවටෙනා හැමවෙලේ
සිතුවිලි නිවුනේ

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම

සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී
හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී

අම්බරේ සඳ වගේ
නැවතිලා ඉඟිකලේ
සසැලෙනා හදවතේ
ගැස්මන් අතරේ

ඉල්ලාවී මේ දෑසම
පපුතුරේ උණුහුම
මේ ආදරේ හිමිකම
විඳගමූ සංසාරෙම…

#SudammDinesh
#Yashara


@SinduPotha

◇───────────────◇
❤137👍20🥰15❤‍🔥5🔥3🕊1😍1
🎙 නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage

◇───────────────◇

අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා

ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා

නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා

ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා

සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා…

#NadeemalPerera
#PasanLiyanage


@SinduPotha

◇───────────────◇
❤80👍23🕊8
🎙 NARAMA (නෑරම) Official Music Video - Sandun Perera Ft Smokio | Chamath Sangeeth

◇───────────────◇

මාගෙන් ආලේ යාදින
රාගී නෙත් හන්දා
පෑ සංකාරී විලසට දෑනට
ඈ වින්දා

ඒ නෙත් දෑලේ හිත් ගෙන
යාවී මේ ලංදා
ඈ හංගාවී වත දුර ඈතින් මං වින්දා

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

මට සිඹින්න දෙන්න ඔය දෙතොල්
උම්මා
මම ආසයි වද්ද ගන්න (තිස්තුන්දා)
තකි තකි තකි තකි රුම්බා
ඔයා දකිද්දී මගේ හිතින් දුන් දානවා

ඔයා වෙන්න රාදා රුන්දා වනේ
හොයා එන්න ඔයා මම ක්‍රිෂ්නා වගේ
ඔයා ඉද්දී වෙලා හස්ත මුද්‍රාවකින්
මම දැවෙයි ඔයා ගැන තෘෂ්නාවකින්

මා ගයන සෘංගාර ගී
හොරුන්ගේ රුම් නාද ගී
සංසාරේ අවුරුද්දක්ම දිග
ගාමණී වෙන්න ඔයා මගේ උන්මාද චිත්‍රා

smoka smoka

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

අදුනින් නේත්‍රා ගෑ
දේ වී මාත්‍රා ඈ
මත් වී ලා නිද්‍රා නෑ
ලංවී මා මා මා
හැගුමෙන් යාත්‍රා හා
වේවී රාත්‍රී හා
රත් වී ලා හිත් දී ලා
දැල්වෙන්නා

ඒ නෑරම ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)

ලංවෙන්මා මා
නෑබුලේ හිත තෙම්මා මා
හීනයක දැවටෙන්නා නා
කෙල්ලේ නුඹේ අනසකටම නතු වුන දිනකදි මම (මා)…

#SandunPerera
#Smokio


@SinduPotha

◇───────────────◇
❤64👍16🔥13😍5🤩4🥰2💔2❤‍🔥1🕊1🌚1
🎙 Ansathu Oba - අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

◇───────────────◇

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී…

#ThisaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤68👍7🔥5⚡4💔3🕊2
🎙 හැම හීනෙම | Hama Heenema [2022]

◇───────────────◇

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා

හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ

හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න…

#KavinduUmayanga
#AyodyaShiwangi

@SinduPotha

◇───────────────◇
❤126❤‍🔥42👍25😍7🕊4👎3🤩2
මායම් තරු රෑනේ// mayam tharu Rane/Song with lyrics. Amal perera
🎙Song Name :  මායම් තරු රෑනේ | Mayam Tharu Renee  | Amal Perera

◇───────────────◇

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නෑයක් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී

සීතාවියක් හින්ද රෑ නෑ නිදී...
ඔබ හිංදයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී...

කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවද අකුරින් ලියාදුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදාද ඉටුවන්නෙ මේ ප්‍රාර්තනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

මායම් තරු රෑනේ ...//

සීතාවියක් හින්ද රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිසෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා

දැනගත්ත දා ඈත වෙන් වී ගියා ඉතින්
හැමදාම විදවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා

මායම් තරු රෑනේ...//


#AmalPerera
#Songs
#Lyrics

@SinduPotha
❤‍🔥71👍20❤15🥰4🔥3👎1
🎙 Api Kawuruda - Wayo - අපි කවුරුද

◇───────────────◇

සී සීකඩ විසිරුනු සිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි... සුලග සේ...

මෙහොතින් මොහොතට.......

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද…

#SenakaBatagoda
#Wayo

@SinduPotha

◇───────────────◇
❤‍🔥44❤18👍13🕊6🔥4
🎙පායනා | Paayana by Team Nine4 ft.Pasan Liyanage and Killer B (Remix) [2019]


◇───────────────◇

පායනා
පුන් සද පැරදෙනා
ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි
හැඩවෙනා
දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජිණී

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

ගැස්සෙනා
ලැම පැද්දෙනා
ඔබ කොයි සිට ආවද
ලලනාවී

මසිත තද වෙනා
දැහැනින් මුදවනා
ඔය රුව දුටු විට
දගකාර ගැටිස්සී

යන එන මගතොට විමසන
මග දෙස යන ඔබ නොබලන
කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ

යන එන මගතොට විමසන
මග දෙස යන ඔබ නොබලන
කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ

[Killer B]
ගැස්සෙන විදිහ දැක්කම මචං
ඒ කාලෙට මෙ යකඩ යකා නටනවා මචං
වනන වැනිලි දැක්කා නම්
Sure එකටම උඹත් full හින්දුස්තාන්

පායනා
පුන් සද පැරදෙනා
ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි
හැඩවෙනා
දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජිණී

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

පායනා
පුන් සද පැරදෙනා
ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි
හැඩවෙනා
දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජිණී…

#AthmaLiyanage 
#PasanLiyanage
#KillerB


@SinduPotha

◇───────────────◇
❤‍🔥73👍24🔥15❤7🤩5🕊3🌚1
🎙Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම | Yasith Kelambiarachchi


◇───────────────◇

අමනාප නෑ රත්තරනේ ඔබෙ ආදරේ මට පවරා
උදුරා ගියත් අවසානේ මට නාඩන්න කියලා
පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා
උතුරන්න ආදරේ කෙරැවේ මම ඇත්තටම හින්දා

ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්

සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමු ගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමු ගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි

ඉඩෝරය නිමා කර හිමින් වසන්තය ගෙනල්ලා දුන්
අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක්
පරාද ප්‍රේමයක බිතුසිතුවම් හිතේ නැන්ගුරම් දමා
බලා ඉන්නේ ඔබ යලි එනකල් අකීකරැ දෙනෙත් තියන්

ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්

සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි

කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන්
නිරැත්තර වුනා මං මොහොතක් මුවින් ගොලු වෙලා වදන්
අමෘතයට වැඩියෙන් රසවත් අතීතය ය අගුල් දමන්
හිනාවෙන්නෙ කොහොමද මං හිතේ ගින්දරත් තියන්

ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්

සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි…

#YasithKelambiarachchi 


@SinduPotha

◇───────────────◇
❤‍🔥56❤26👍11🥰5🤩1😍1