♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි) - Nadee Senevirathne…
Sirasa FM
Song Name : Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි)

(✿◕‿◕✿)

මං කවුළුව හැර තබාවි
ඇය සේල පලස එලාවි
පිණි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි

සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි

කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..
කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි...
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි.
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි..//
#ChandanaLiyanarachchi
#songs
#Lyrics

@SinduPotha
❤22👍5🕊1
Maruthayaka Oba මාරුතයක ඔබ (Sandeep Jayalath)
Sindu Ceylon
Song Name : Maruthayaka Oba මාරුතයක ඔබ (Sandeep Jayalath)

(✿◕‿◕✿)

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්...

ගැහෙන මගෙ පපුව පුරා...
වැටෙන මගෙ හුස්ම ඔයා...
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී
ආදරයට හුස්මන් තැවරූ ඔබමයී මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ

ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්...

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී..//
#SandeepJayalath
#songs
#Lyrics

@SinduPotha
❤11👍5👎1🔥1
Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina Ruhunage…
Voizy Music
Song Name : Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina

(✿◕‿◕✿)

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා...//

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා...
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා...
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා...

හිත දුර හන්දා...//
#AthmaLiyanage
#songs
#Lyrics

@SinduPotha
❤11😍1
Penena Nopenena Duraka Idan - Athma Liyange ft Thilina R
Sinhala Songs
Song Name : Penena Nopenena Duraka Idan - Athma Liyange ft Thilina R

(✿◕‿◕✿)

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...//
#AthmaLiyanage
#songs
#Lyrics

@SinduPotha
❤19👍5🔥2
WAYO (Live) - Liyathambara (ලියතඹරා) by Athma Liyanage
WAYO
Song Name : WAYO (Live) - Liyathambara (ලියතඹරා) by Athma Liyanage

(✿◕‿◕✿)

ලියතඹරා මෘදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා...
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//

ලියතඹරා මෘදු කුසුමකි ඈ...
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා...
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//

මායාව මායාව ‍ලොව රවටනා...
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා...
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි...
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි...

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා...
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා...
නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි...
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි...

ලියතඹරා...//
#AthmaLiyanage
#Songs
#Lyrics

@SinduPotha
❤4👍4🕊1
සුරුවම අයිනෙ පුංචි පැලේ - Suruwama Aine Punchi Pale
SUPER MUSIC SL
Song Name : සුරුවම අයිනෙ පුංචි පැලේ - Suruwama Aine Punchi Pale

(✿◕‿◕✿)

සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ලං වෙනවා..
සීතල අරගෙන පිනිවැහි එක්කල මූහුදත් රළුවෙනවා..
අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහිවෙනවා...
අදවත් එන්නකො මාලු එපා ඉටිපන්දන් දියවෙනවා...

සුරුවම අයිනේ ...//

හුලං ඇදෙනකොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා...
අම්මත් එක්කල හිමින් සැරේ මම ඔරසන් කියවනවා...
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා...
සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා...

සුරුවම අයිනේ ...//

බඩගින්නක් මට දැනෙන්නෙ නැ මේ නත්තල් කාලේ...
වෙරලෙ වාඩි වී මුහුද දිහා මං බලනව හැමවාරේ...
සමිදු පුදන්නට ඉටිපන්දන් නෑ ඒකයි මං නාවේ...
අප්ප ආපුවම පල්ලි⁣යෙ එන්නම් අහන්න ගී නාදේ...

සුරුවම අයිනේ ...//

#ChamaraRanawaka
#Songs
#Lyrics

@SinduPotha
❤7😁4👍2🤩2
Kande Vihareta Pivisena - Chamara Ranawa
SL SOUND HACK
Song Name : Kande Vihareta Pivisena කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී

(✿◕‿◕✿)

කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලඟදී...
කැලැතුණු දුක ඉගිල ගියා නුඹ අබියසදී...
කෝටි ගනන් ආවත් වැද පුදන්න මෙහෙදී..
සියලු සතුන් සුවපත් වෙයි කන්ද නගිද්දී ... //

කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//

මලු පුරවන් මල් අරගෙන හිස පීරන් තෙල් ගාගෙන
අම්මාවරු හරි හයියෙන් සාධු කියනවා...
මටත් දරා ගන්න බැරුව පින් පාටින් හිනහෙනකොට
දන්නෙම නෑ ආසාවට කදුලු පිරෙනවා ...//

කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//

මුව පොව්වන් ඒ මේ අත මොණරුන් හරි ආඩම්බර
අලි ඇතුන් පවා පින් බිම එලිය කරනවා...
පූජාවන් හිස තියාන භාරහාර හිත තියාන...
ආසාවෙන් කන්දෙ විහාරෙට ගොඩවෙනවා ...//

කන්දෙ විහාරෙට පිවිසෙන දොරටුව ලගදී..//

#ChamaraRanawaka
#Songs
#Lyrics

@SinduPotha
❤6👍2🔥1
Audio
Song Name : Lelena nube thisaru lame ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ

(✿◕‿◕✿)

ඔය නෙතඟෙ පෑ නුරා ගත හිරිවැටී ගියා
නුඹ ලඟට ලඟට හිත ඇදී ගියා..
මන බැඳුනු රූ සරා සුර ලොව මවා තියා
ලඟ දැවටි දැවටි හිත දවා ගියා..

ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ ..
හද මා නුඹ වෙතම යා වුණා ..//

නුඹ වෙතම යා වුණා ...

දෙන්නද දැන්ම කෙල්ලෙ හිත ආහ්
දැන් ගැස්මත් නුඹයි හද මාහ්..
ඔය සකර ගින්දර රැඟුමෙ මහත අලු උනා තමා...

නුඹෙ බැල්මක් වැටෙන තුරා
වරු ගානක් බලන් හිටි මා...
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන
එලි වෙන තුරා...

ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා ගමි කරකාල මෙ හද නුඹේ තමා ...//

ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා ..//

ඔය නෙතඟෙ පෑ නුරා ගත හිරිවැටී ගියා
නුඹ ලඟට ලඟට හිත ඇදී ගියා ..
මන බැඳුනු රූ සරා සුර ලොව මවා තියා
ලඟ දැවටි දැවටි හිත දවා ගියා ..

ඒ ලෙලෙනා නුඹෙ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා ..//


#NilanHettiarachchi
#Songs
#Lyrics

@SinduPotha
❤13👍7🔥6
Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Chamara Weerasinghe…
Chamara weerasinha official
Song Name : Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Chamara Weerasinghe Songs | Sinhala Songs

(✿◕‿◕✿)

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට...


ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදරු කරන්න
සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න....

උඩවැඩියා මලක් ...

පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න
ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න...

උඩවැඩියා මලක් ...

#ChamaraWerasinhe
#Songs
#Lyrics

@SinduPotha
👍5🔥3❤2
Achala Hithak (අචල හිතක්) | Oshada Akash New Song | Official Music…
Evoke Music
Song Name : අචල හිතක් | (Achala Hithak )

(✿◕‿◕✿)

සතුටින්ම ඉන්න කීවේ
දුක දීලා යනගමන්
නුඹ කියූ ආදරේ යලි අරන්

නොහිතන්න එන්න පෙරසේ
හිනැහීලා ආයේ නම්
රැවටෙනූ බෑ හිතේ නුඹ තියන්

නැතුවත් ඉතින් දැනුනේ මාගේ හිත මේ
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා

අචල හිතක් නැති නුඹ ගාව
නතර උනේ මා රැවටී
චපල උනත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

අචල හිතක් නැති නුඹ ගාව
නතර උනේ මා රැවටී
චපල උනත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

මතකයි අද වගේ
මුණ ගැහුන මුල්මදා අපි
ඇඳී තිබුනෙ නුඹගේ රුවමයි හිතේ

එකටයි ජීවිතේ
දුර යන්න සැරසුනේ බැඳී
මගින් නතර වූයේ නුඹමයි එසේ

නැතුවත් ඉතින් දැනුනේ
මාගේ හිත මේ
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි හිතුවේ මා එදා

අචල හිතක් ..//

කඳුලයි හැම වෙලේ
තනිමැකුවෙ මා ලඟින් රැඳී
එදා දුන්නෙ නැත්තේ සිත ඇයි මගේ

රිදුමයි හදවතේ
මට පෙන්නු ආදරේ හැටී
ඒත් මා පැතූවේ සතුටයි නුඹේ

අචල හිතක් ..//

#OshadaAkash
#Songs
#Lyrics

@SinduPotha
👍5
🎙Song Name : Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani

(✿◕‿◕✿)

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්
උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ
නුඹ නැති මගෙ ලෝකේ
මේ හිස් අවකාශේ
නෑසේවි මේ ගීතේ
නුඹ වෙනුවෙන් ලිව්වේ
නුඹගෙන් සගවන්නේ
මා සරලව ලීවේ
සිඟිතිය මනසට කවිපද බර වේ
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
මා හොයනවා සොඳුරිය
මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්‍රිය
අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමයෙ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමණීය විෂඝෝර විකාරය
යේහ්, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
Like a Vacuum In My Soul, Baby How You Could Be Gone
ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුඹ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි
දෙදහස් විසි එක ආදරේ විපතයි

නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
එදා ඇබ්බැහියක් වුණු පෙමක්
අද මගේ මතකේ ශේෂයේ
නොමැරුනා හදවතක් ඉවසුවා

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්
උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්.....//

#Raps #SinhalaRaps #Songs #Lyrics
#Yohani

@SinduPotha
👍15❤14💘2
මායම් තරු රෑනේ බැල්මේන් මිදී | mayam tharu rane balmen midi | Cover…
Dilshan Maduranga
🎙Song Name : මායම් තරු රෑනේ | Mayam Tharu Renee | Amal Perera

(✿◕‿◕✿)

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නෑයක් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී

සීතාවියක් හින්ද රෑ නෑ නිදී...
ඔබ හිංදයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී...

කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවද අකුරින් ලියාදුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදාද ඉටුවන්නෙ මේ ප්‍රාර්තනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

මායම් තරු රෑනේ ...//

සීතාවියක් හින්ද රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිසෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා

දැනගත්ත දා ඈත වෙන් වී ගියා ඉතින්
හැමදාම විදවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා

මායම් තරු රෑනේ...//

#AmalPerera
#Songs
#Lyrics

@SinduPotha
❤31👍14🕊1
Wassanayata Atha wanala|Animation Music Video |AMV|CGI|Umara|වස්සානයට…
Noise Addicts
Song Name : Wassanayata Atha wanala|Animation Music Video |AMV|CGI|Umara|වස්සානයට අත වනලා😍❤️

(✿◕‿◕✿)

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී...

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී...

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී...
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී....

තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී...
වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී...

වස්සානයට අත වනල ..//

සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී...
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි...

වස්සානයට අත වනල ..//


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#UmariyaSinhawansha
#Songs
#Lyrics

@SinduPotha
❤13👍9🔥3🤩1
පිටි කොටපන් නෝනේ
Gypsies with Sunil Perera
🎙Title: පිටි කොටපන් නෝනේ | Piti Kotapan None

(✿◕‿◕✿)

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ඉඳි අප්පා නිකන් කන්න බෑ
කිරි හොද්ද නැතුව ඉඳි අප්පේ ලිස්සලා යන් නෑ
උම්බ්බලකඩ දාලා සම්බෝලෙත් හදලා
මගේ දොලදුක නිවා ගන්න ඉදි අප්පා ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

කුකකාරී පොතේ රෙසපි වැඩක් නෑ
ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ නෑ
අනේ මොකටද තවත් කතා ස්පෙසල් මුකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි දොලදුක හෙට නැති වෙන්නයි

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Songs
#SunilPerera #Gypsies

@SinduPotha
👍12❤3
Panata Namak | පණට නමක් | Manej Sanjaya
🎙Title: Panata Namak | පණට නමක් |

(✿◕‿◕✿)

තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේ ම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනන් මා ළඟ අපගේ නොවේ අප

හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණය ඔබෙ පිළිගන්නම්

යන්න ඕනේම නම් දුර මා කෙරෙන් නොවේ කවදාකවත් බාධා මගෙන් මොනව ලැබගම් ද මං නවතා බලෙන් පැතුවේ ප්‍රේමය නම් මෙතුවක් ඔබෙන්

හිමි වුණත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

සගවගත්තට රිදුම් පිට ලෝකයෙන් කොහොම සඟවනු ද මං අපි ගැන ලොවෙන් ඔබට අවසන් වුණත් වචනෙන් දෙකෙන් අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්

හිමි වුණත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි වුණත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක්...///


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#ManejSanjaya
❤22👍18🔥4🤩2🥰1
Sitha Ananthaye - Kaveesha Kaviraj Official Music Video | Sinhala…
Kaveesha Kaviraj
🎙Title: දූවිලි කුනාටුවේ - Duvili Kunatuwe

(✿◕‿◕✿)

සිත අනන්තයේ රැදිලා
සද සේ දිලුනා
දිලුනා දිලුනා දිලුනා...
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා...
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක් මැවුනා
මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුනා
දැවුනා දැවුනා දැවුනා...

වේදනා බුබුලු...

දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ...
ඇසුනා සැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ...
මා නොසිතූ විරාමයේ
නවතීමට ලගා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලාගියේ

සිත අනන්තයේ රැදිලා
සද සේ දිලුනා
දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා...
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුනා
දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු...

පාවෙන වලාතිරේ
සද බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇදුනා
කැලබූ සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී
සංසාරේ පුරා මැවුනා

සිත අනන්තයේ...//
උමතු කදුළු...//


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#KaveeshaKaviraj

@SinduPotha
❤36👍9🔥4🕊4❤‍🔥2🤩1😍1
Poronduwak (පණට නමක් 2 ) | Manej Sanjaya New Song | පොරොන්දුවක්…
Evoke Music
Song Name : Poronduwak පොරොන්දුවක්

(✿◕‿◕✿)

මා ඉන්නම් ඈතකින්
නොගැටී ඔය ඇස් දෙකේ
හැමදාමත් ආදරේ සඟවා හිතේ
හිමිවීමක් නෑ ඉතින්
ලං වූවට ඒ වගේ
කවදාවත් ඉටුනොවේ පැතුමන් අපේ
අහඹුවක් නොවේ වුණත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්දුවක් මේක මගේ
වෙනස් නොවන කිසිදාක
දුරස් වුණත් ඔබට හිතේ
තියෙවි ඉඩ හැමදාක..//

මුළු රෑ පුරා නින්දෙන් මා මුදා
ඒ මතකයන් හැමදා සිහිවෙලා
සිත පෑරුවත් කොතරම් විඳ දරා
ඉන්නම් ඉතින් නෑවිත් යළි සදා

අහඹුවක් නොවේ වුණත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්දුවක්...////

හුරුකම් නිසා සසරේ පෙර එදා
බැඳුණත් ඉතින් නොදැනී නොසිතලා
හැර යන්නේ නෑ කීවත් දිවුරලා
අපි මේ භවේ අපගෙන් ගිලිහිලා

අහඹුවක් නොවේ වුණත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්දුවක් මේක මගේ
වෙනස් නොවන කිසිදාක
දුරස් වුණත් ඔබට හිතේ
තියෙවි ඉඩ හැමදාක.....


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#ManejSanjaya

@SinduPotha
❤16👍10😍1
මායම් තරු රෑනේ// mayam tharu Rane/Song with lyrics. Amal perera
🎙Song Name :  මායම් තරු රෑනේ | Mayam Tharu Renee  | Amal Perera

◇───────────────◇

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නෑයක් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී

සීතාවියක් හින්ද රෑ නෑ නිදී...
ඔබ හිංදයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී...

කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවද අකුරින් ලියාදුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදාද ඉටුවන්නෙ මේ ප්‍රාර්තනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

මායම් තරු රෑනේ ...//

සීතාවියක් හින්ද රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිසෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා

දැනගත්ත දා ඈත වෙන් වී ගියා ඉතින්
හැමදාම විදවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා

මායම් තරු රෑනේ...//


#AmalPerera
#Songs
#Lyrics

@SinduPotha
❤‍🔥71👍20❤15🥰4🔥3👎1