Physics with MERLIN ✨
3.91K subscribers
359 photos
91 videos
15 files
173 links
All about Physics
Download Telegram
Science 𝐇𝐔𝐁 ❤️
Photo
ඇත්ත එළියට දුන් විශේෂ විගණන වාර්තාව 📄

කීපදෙනෙක්ම ඊයෙ අරුණ පුවත්පතේ පළවුණ කරුණු වල සත්‍යතාව ප්‍රශ්න කරල තිබ්බා. මේ තියෙන්නෙ අදාළ විගණන වාර්තාව. 👇

https://auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2025/spcial/Medical-Officers-who-are-on-Vacated-Post-and-the-Attachment-of-Foreign--Trained-Specialist-Medical-Officers.pdf

මේකත් එක්කම ගොඩනැගෙන වාදය තමයි වෛද්‍යවරු හිඟයිනෙ, ඇයි එහෙම තියාගෙනත් සේරම බඳවා ගන්නෙ නැත්තෙ කියනෙක. *ඇත්තටම සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන් කීයක් හරියටම හිඟද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශයවත් හරියට දන්නවද දන්නෙ නෑ.* ඒක හොයාගෙන අනුමත සංඛ්‍යාව සංශෝධනය කළත් මුදල් අමාත්‍යාංශය ඕකට එකඟ වෙන්නෑ කියනෙක අපි පහුගිය කාලෙ දැක්ක දෙයක්.

*ආණ්ඩුව මෙඩිකල් ෆැක්ටල්ටිවලින් එළියට එන හැමෝටම රස්සා දෙන්නෑ කියන ස්ථාවරයට යන්න පසුබිම හදාගෙන යන බව නම් අපිට පේනවා.*

විගණන වාර්තාවෙ සඳහනක් නැතත් මේ අර්බුදය 2027 වෙද්දි පටන්ගනී කියල සමහරු පුරෝකථනය කරල තියෙනවා දැක්කා. ඒවයෙ පදනමක් නම් පේන්න නෑ.
නිකමට ඒක එහෙමයි කියල ගත්තොත්, ඔය අර්බුදේට එහෙනම් මුලින්ම මුහුණ දෙන්නෙ 2027දි මුලින්ම Post Intern යන කණ්ඩායම. හරියටම කිව්වොත් Final MBBS ලියල හෙට අනිද්දට Intern යන්න බලන් ඉන්න 2017 උසස්පෙළ කණ්ඩායම! එතැනින් පහළ සියලු කණ්ඩායම් වලට ඕක අදාළ වෙනව එහෙම උනොත්.

මේ තත්ත්වෙ මේ වගේම ඇතිවුණා සමසෞඛ්‍ය උපාධිධාරීන් සම්බන්ධයෙන්. එතනදි සෞඛ්‍ය අමාත්‍යවරය පැහැදිලිව කිව්වෙ, රාජ්‍ය සේවයේ පුරප්පාඩු සංඛ්‍යාවට වඩා අයදුම්කරුන්වන් ගණන වැඩිවෙන අවස්ථාවලදි තෝරාගැනීම කරන්නෙ තරඟ විභාගයකින් බව. කිව්ව වගේම සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම පේපරයක් තිබ්බනෙ.

*වෛද්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට තෝරගන්නත් සාමාන්‍ය දැනීම පේපරයක් තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ Final MBBS ඉවරවෙලා සාමාන්‍ය දැනීම පාඩම් කරන්න. 😛*

> Copied from Rashmika Chamod

#NoPMC
#ForFreeEducation
#ForFreeHealthCare
🤣6💯4
🙂‍↔️
❤‍🔥11
Physics with MERLIN ✨
Photo
*බිඳ දැමූ ERPM වේල්ල*

ERPM (Examination to Register to Practice Medicine) එහෙම නැත්තං Act 16 exam කියන්නෙ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරපු විදේශීය වෛද්‍ය උපාධි ලබාගත් උපාධිධාරීන්ට වෛද්‍ය සභාවෙ ලියාපදිංචිය ලබාදෙන්න පවත්වන විභාගෙ. ඊයෙ ERPM merit list එක නිකුත් වුණා. ඒ අනුව රාජ්‍ය වෛද්‍ය පීඨවල උපාධිධාරීන් 1199ට අමතරව විදේශීය උපාධිධාරීන් 362කුත් මෙවර සීමාවාසික පත්වීම් ලබන්න සුදුසුකම් ලබා තියෙනවා.

ERPM විභාගය ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙන්නෙ මෑතකදි ඒ විභාග ක්‍රමයෙ වුණු වෙනස්වීමත් එක්ක. ඒකෙ වෙනස්කම්වල නියම ස්වරූපය බලාගන්න පුළුවන් ERPM ප්‍රතිඵලත් එක්ක.
ERPM විභාගයේ සම්පූර්ණ වගකීම දරන්නෙ වෛද්‍ය සභාව. 2017දි හඳුන්වාදීලා 2021දි සංශෝධනය කරපු විභාග ක්‍රමයක් තමා මේතාක් පැවතුණේ. ඒ විභාග අත්පොත මෙතනින් බලාගන්න පුළුවන් කැමති කෙනෙක්ට.
(https://drive.google.com/file/d/1RBY4J36Ra-8_Xa2ZqtRdb9bX0NYpb9YV/view?usp=drivesdk) අපි ඒකට පැරණි ක්‍රමය (Old Format) කියමු.

ඒත් 2024දි නිවේදනයක් මගින් වෛද්‍ය සභාව විසින් 2025 ඉඳල අලුත් ERPM විභාග ක්‍රමයක් හඳුන්වාදුන්නා.
( https://slmc.gov.lk/images/2024/Examinations/ERPM_New_guidelines.pdf)

මේ අලුත් ක්‍රමය ගොඩක් අයගෙ විවේචනයටත් බඳුන් වුණා. මුළු විභාග ක්‍රමය ගැනම නෙමෙයි, ඒකෙ සායනික කොටස ගැනයි මේ සැසඳීම.

සායනික අධ්‍යාපනය තමා වෛද්‍ය විද්‍යාවෙ සැබෑ හරය. එතකොට සායනික පරීක්ෂණ තමා වඩා තීරණාත්මක.

අපි පැරණි ERPM ක්‍රමය ගත්තොත්, ඒකෙ Part A, B, C සහ D කියල කොටස් හතරක් තිබ්බා. ඕකෙ Part B තමා සායනික පරීක්ෂණය.
ඒකෙදි විෂයන් 4කට අදාළව විභාග අපේක්ෂකයන් පරීක්ෂා කෙරෙනවා.
1. Medicine - 1 long case + 2 short cases
2. Surgery - 1 long case + 3 short cases
3. Obstetrics & Gynaecology - 1 Obs case + 1 Gyn case
4. Paediatrics - 1 long case + 2 short cases
මේ ක්‍රමය අපේ රාජ්‍ය වෛද්‍ය පීඨවල Final MBBS ක්‍රමයට සමානයි. (නමුත් මනෝවෛද්‍ය විද්‍යාව නැහැ)

අලුත් ක්‍රමයෙදි මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ අනුව මුළු විභාගෙම Part I සහ Part II විදිහට කොටස් දෙකයි. ඕකෙන් Part II තමා සායනික කොටස.
මේ සායනික කොටසෙදි කලින් තිබ්බ Long සහ Short Cases ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කර ඒ වෙනුවට OSCE station ක්‍රමයක් හඳුන්වා දුන්නා. සම්පූර්ණ stations ගාණ 20යි. ඒක විෂයන් විදිහට බෙදෙන්නෙ මෙහෙම.
1. Medicine - 4 stations
2. Surgery - 3 stations
3. Obstetrics and Gynecology - 3 stations
4. Paediatrics - 3 stations
5. Psychiatry - 1 stations

පැරණි ක්‍රමයේ long සහ short cases වලින් පරික්ෂා කරපු අපේක්ෂයන් දැන් පරික්ෂා වෙන්නෙ OSCE තුන හතරකින් ! 😃
Final MBBS කරපු කෙනෙක් දන්නවා ඕකෙ වෙනස.

මේ අවුරුද්දෙ පැරණි සහ අලුත් ක්‍රමදෙකටම විභාගෙ තිබ්බා.(ඊළඟ අවුරුද්දෙ ඉඳන් අලුත් ක්‍රමේට විතරයි)
ඔය විභාගෙ දෙකේ ප්‍රතිඵල දිහා බැලුව නම් බලපෑම හොඳටම හඳුනගන්න පුළුවන්.

🔰 ERPM පැරණි ක්‍රමය යටතේ Part B හෙවත් සායනික කොටස,
ඉදිරිපත් වූ අපේක්ෂයන් සංඛ්‍යාව - 408
සමත් අපේක්ෂයන් සංඛ්‍යාව - 204
සමත් ප්‍රතිශතය - 50%
https://slmc.gov.lk/images/ERPM_Part_B_Results_Sheet_.pdf

🔰 ERPM අලුත් ක්‍රමය යටතේ Part II හෙවත් සායනික කොටස,
ඉදිරිපත් වූ අපේක්ෂයන් සංඛ්‍යාව - 136
සමත් අපේක්ෂයන් සංඛ්‍යාව - 123
සමත් ප්‍රතිශතය - 90.4%
https://slmc.gov.lk/images/ERPM_Part_II_Results_Sheet.pdf


මීට වඩා කතා කරන්න දෙයක් නෑ. විභාගෙට එන අපේක්ෂයො සේරම සමත් කරන්න විභාග තියන්නොනෙද කියල අපිට හිතෙනවා.

"When the dam is broken, the river forgets its banks"
වේල්ල බිඳල දැම්මාම ගඟ එහි ඉවුරු ඉක්මවා යනවා. ඒක අවසන් වෙන්නෙ මහ විනාශයකින්.

වෛද්‍ය සභාව මේ රටේ මිනිසුන්ගෙ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳී ඉන්න ව්‍යවස්ථාපිත ආයතනය. ඒක රටේ පුරවැසියන්ගෙ සෞඛ්‍ය භාරදෙන්න සුදුසු පුද්ගලයො තෝරන්නෙ මෙහෙමයි ! 🙂

https://www.facebook.com/share/1BCf2NbtqE/

> උපුටා ගැනීම - රශ්මික චමෝද් රණසිංහ

#NoPMC
#ForFreeEducation
#ForFreeHealthCare
😱6😁1🤣1
මාගේ දේශය අවදි කරනු මැන
සමාප්‍ති උළෙල ✨

By Medical 22/23 batch 🔥
❤‍🔥10
නිම්නග හසර ✨

Going Down function for 18/19 batch

By 19/20 batch
❤‍🔥11😍2
Aharawanna Maa (Short Pl...
Kuweni by Charitha Attalage
❤‍🔥7🔥2
❤‍🔥32🔥4
🥹❤️
❤‍🔥34🤣3
ගිය අවුරුද්දෙ අයවැයෙන් වෛද්‍යපීඨ සංවර්ධනයට කියල වෙනම වෙන් නොකරට එතෙක් කාලයක් medical faculty වල වැඩ නැවතිලා තිබ්බ ගොඩක් project වල වැඩ ආයම ආරම්භ කරලා තිබ්බේ.
(කෝටි 120 ක අපේ Rajarata pre clinical building එකද ඇතුලුව )



මේ පාර අයවැයෙන් වෛද්‍ය පීඨ වලට කියල වෙනම මිලියන 11,500 ක් වෙන් කරපු නිසා හැම වෛද්‍ය පීඨයකම තිබ්බ අඩුපාඩු ඔක්කොම හදල දේවි කියල ලොකු විස්වාසයක් තියෙනවා.
Hostal ගැටලු, ජල සනීපාරක්ෂක ගැටලු, ආචාර්‍ය මහාචාර්‍ය හිඟය ,දේශනශාලා වල අඩුපාඩු ,වයඹ ඌව සබරේ
මහාචාර්‍ය ඒකක වල ගැටලු වගේ ගොඩක් දේවල් මේකෙන් හැදෙයි කියල විස්වාස කරනවා

ඉස්සරහට medical faculty එන්න ඉන්න පොඩ්ඩොන්ට කරදරයක් නැතුව ඉගෙන ගන්න ලැබේවී 🥹❤️
❤‍🔥57🔥5🤣4🫡3
පුලුවන් උපරිමය කරන්න🔥 එච්චරයි ❤️
❤‍🔥60🥰3
Do your best guys💙🔥
You can do it🔥

Best of luck 💙
❤‍🔥27
Media is too big
VIEW IN TELEGRAM
Singing @ රස අරණ ✨

At Canteen, FOM, UOP

By 23/24 batch
❤‍🔥6
මේ හින්දයි කියන්නේ ඉගෙන ගන්නකොට, පාඩම් කරනකොට නිදි මරන්න එපා කියලා 😒
❤‍🔥27🥰3
Hair Dye නිසා ඇතිවෙන ගැටලු 🤔😕

https://www.facebook.com/share/1BuUTJVkUT/

Drugs Subcommittee
Medical Faculty Students' Union
University of Peradeniya
❤‍🔥8