Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
රුහුනෙ සමසෞඛ්‍ය පීඨයට සිසුන් බඳවාගන්න එක ප්‍රමාද කරල තියෙනවා. ඒකට හේතුව විදිහට UGC එක කියන්නෙ රුහුනෙ සමසෞඛ්‍ය එකේ උගන්නන්න ආචාර්ය මහාචාර්යවරු නෑ කියල.
මේකට එක හේතුවක් private campus වලට ඒ ආචාර්යවරු සම්බන්ධ වීම.
Private medical faculty නිසා රජයේ වෛද්‍ය පීඨ වලට වෙන්නෙත් මේ දේම තමා..
රජයේ වෛද්‍යපීඨ වල ඉගැන්වීම් කටයුතු කිරීමේදි ගෙවන මුදල වගේ දෙගුණයක මුදලක් එවකට SAITM ආයතනයේ සේවය කරන්න ආව ආචාර්ය මහාචාර්යවරුන්ට ගෙව්ව. ඒ නිසා ඈත තියෙන Faculty ගොඩකින් ආචාර්යවරු විශාල ප්‍රමාණයක් සේවයෙන් අස්වෙලා SAITM එකට ආවා.
ඉතින් අනාගතයේදී ලංකාවේත් ,ඉන්දියාවේ වගේ හතුපිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්‍ය පීඨ ඇරඹුන දාට ,මේ සමසෞඛ්‍ය සිසුන්ට සිදු උන දේම අනාගත වෛද්‍ය සිසුන්ටත් මුහුන දීමට සිදු වීම වැලැක්විය නොහැකිය.

😱12😁1
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
ඔය අධ්‍යාපන සුදුසුකම් හරි විභාග පාස් වෙච්ච ඒවා හරි දාන ට්‍රෙන්ඩ් එක මරු. තමන් මහන්සි වෙලා දෙයක් achieve කරහම ඒක ආඩම්බරෙන් පෙන්නන්න පුලුවන් වෙන්න ඕනෙ. ශිෂ්‍යත්වෙ හෝ වේවා උසස් පෙල හෝ වේවා උපාධිය හෝ වේවා මනුස්සයෙක් ගොඩ දාන්න අති විශාල කැපකිරීම් කරනවා. ඒ නිසා ඒක සරලව හෑල්ලුවට ගන්න හොද නෑ. මාත් ඔය කලින් දාල තියෙන ජෝක් පෝස්ට් එක share කලා. ඒ දාලා ඒ ගැන වෙන විදිහකට කල්පනා කරද්දි තමා මේක ලියන්න හිතුනේ.
විශේෂයෙන් අද පොඩි උන්ගෙ ලෝකෙ වීරයෝ tiktok influencers ලා. විභාග පාස් උනාට වැඩක් නැතිය, ගේමක් ගහන්න ඩිග්රි ඕනෙ නැතිය කියලා කාර් IPhone පෙන්නන ඉතාම සුලුතරයක් ඉගෙනගන්නෙ නැතිව ගොඩ යන්න පුලුවන් කියලා genaralize කරලා පෙන්නනවා. ඒක බලන පොඩි ඒවා වලින් ඔලු පුරවගන්නවා. හැබැයි reality එක ඒක නෙමේ. ලංකාව වගේ රටක හරියට ඉගෙන ගන්නෙ නැති කම නිසා නන්නත්තාර වෙන ප්‍රමාණය සෑහෙන්න වැඩියි. ඒත් එක්කම ඉගෙනගත්තු නිසා ගොඩ ගිය පිරිසත් ඒ වගේම සෑහෙන්න වැඩියි. ඒ මිනිස්සු පාඩුවෙ ඉන්නකොට අර ඉගෙනගත්තු නැති මිනිස්සු ටික තමන්ගෙ තියෙන හීනමානෙ වහගන්න ඉගෙනගන්න එකට ගරහනවා. AL වැඩ සේරම ෆේල් උන අය ඩිග්‍රී තියෙන අය එයා ලග වැඩ කරනවා කියලා දාලා තිබ්බා. ඉතින් ඇයි ඩිග්රි තියෙන උන්ව ජොබ් එකට ගන්නෙ ඩිග්රි වැඩක් නැත්නන්? විද්‍යාවද කොහෙද උගන්නන ටියුශන් ටීච කෙනෙක් දාලා තිබ්බ කොච්චර ඉගෙනගත්තත් වාහනයක් ගෙයක් හොද ආදායමක් නැත්නම් රෝල ගහනවනම් වැඩක් නෑ කියලා. එයාට තේරෙන්නෙ නෑ එයා ඉගෙනගෙන අනිත් අයට උගන්නන නිසා තමා එයාට සල්ලි තියෙන්නෙ කියලා.
කොච්චර සල්ලි තිබ්බත් කොච්චර බලය තිබ්බත් ඉගෙනගෙන නැතිනම් ඒක ලොකු අඩුපාඩුවක් කියලා දැනෙනවා. ඒකයි හයේශිකාලා, රෝහිතලා, බන්දුලලා,රංවලලා හොරට හරි උපාධි ගන්නෙ. ඒකයි අද සල්ලි වලට PhD දෙන තැන් වැහි වැහැලා තියෙන්නෙ. සල්ලි වලට බලයට ගන්න බැරි ගෞරවයක් ඉගෙනීමට ලැබෙනවා සමාජයේ.
ඒ නිසා ඉගෙනගත්තට වැඩක් නෑ සල්ලි නැත්නම් , ජොබ් නැත්නම් වගේ ගොන් කතා ගණන් ගන්න එපා. ඉගෙන ගත්තු දේ කවදාහරි ප්‍රයෝජනවත් වෙනවා. ඒක ප්‍රයෝජනවත් වෙන්නෙ රස්සාවෙදිද, මිනිස්සු ආශ්‍රය කරද්දිද , සමාජයේ හැසිරෙනකොටද කාත් එක්ක හරි කතා කරද්දිද, වෙන රටකට ගියාමද කියන එක අපි දන්නෙවත් නෑ. ඉබේම උදව් වෙනවා.
ඒ නිසා හොදට ඉගෙන ගන්න.b සියලු දේ කැපකරලා ඉගෙනගන්න. ඉගෙනගන්න එකට නිසි ගෞරවය දෙන්න. ඉගෙනගත්තු මනුස්සයට ඒ ගෞරවය දෙන්න. ආඩම්බරෙන් තමන්ගෙ ප්‍රථිපල පෙන්නන්න. එක එකා මොනවා හිතුවත් තමන් උත්සාහයෙන් දිනපු දේවල් වලට ඒ වටිනාකම දෙන්න. ආඩම්බරෙන් ඔලුව කෙලින් තියාගෙන ඉන්න.
ජය.
By Chamod Hettiarachchi

❤🔥36🔥5😱1
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
stethoscope එක එහෙම නැත්නම් වෙද නලාවේ කතාව දන්නවද?
1816 දී, ප්‍රංශ වෛද්‍යවරයෙක් වුණු René Laennec තමයි stethoscope එක මුලින්ම සොයා ගන්නේ. ඒ කාලේ රෝගියෙක්ගේ හදවතේ හෝ පෙනහළුවල ගැටලු බලන්න, doctors ලා රෝගියාගේ බඩට හෝ පපුවට කන තියලා ඇහුවේ.
Laennec ට එක දවසක එක තරුණ ගැහැණු රෝගියෙක්ගේ හදවතේ ගැස්ම බලන්න ඕන වුණා. ඒත් කන තියලා බලන එක ගැන ලැජ්ජාවක් ආවා. ඒකට ඔහු කඩදාසි රෝල් කරලා එක කෙලවරක් රෝගියාගේ පපුවට තියලා අනිත් කෙලවරට කන තියලා හදවතේ ගැස්ම ඇහුවා. ඒ තමයි stethoscope එකේ ආරම්භය. ඔහු මුලින්ම ලී බටයක් භාවිතා කළා, ඒක නම් කළේ “stethoscope” කියලා. (Stethos=පපුව, Scope=බලනවා).
Stethoscope එකෙන් මොනවද බලන්නේ?
Stethoscope එකෙන් අභ්‍යන්තර අවයව වලින් එන ශබ්ද අහන්නේ.
✔️හදවතේ “ලබ්-ඩබ්” ශබ්දය, ඒකේ රිද්මය, වේගය, හෝ අසාමාන්‍ය ශබ්ද (murmurs) තියෙනවද කියලා අහනවා.
✔️හුස්ම ගන්නකොට එන ශබ්ද අහලා, පෙනහළුවල ගැටලු (pneumonia, asthma වගේ) හඳුනා ගන්න පුලුවන්
✔️බඩවැල් වල ආහාර ගමන් කරනකොට ඇතිවන ශබ්ධ (bowel sounds) අහලා බඩවැල් වල ක්‍රියාකාරීත්වය ගැන අදහසක් ගන්න පුලුවන්.
✔️රුධිර නාලවල ශබ්ද (bruits) වගේ දේවල් බලලා රුධිර ගලනයේ ගැටලු තියෙනවද කියල බලන්න පුලුවන්
Stethoscope එකේ විකාශය
Laennecගේ ලී බටයෙන් පටන් ගත්ත stethoscope එක දැන් ගොඩක් දියුණුයි. 1850 ගණන්වල Binaural stethoscope එක ආවා, ඒ කියන්නේ කන් දෙකටම අහන්න පුලුවන් එක. ඒක තමයි අදටත් බොහෝ දුරට භාවිතා වෙන්නේ. 20 වන සියවසේ රබර් tubes එක්ක stethoscope එක ආවා. දැන් Electronic stethoscopes තියෙනවා, ඒවා ශබ්ද amplify කරලා, record කරලා, computer එකකටත් යවන්න පුළුවන්. AI එක්ක එන stethoscopes තියෙනවා, ඒවා රෝග හඳුනා ගන්නත් උදව් කරනවා.
අද වෙනකොට ultrasound, CT scans වගේ උපකරණ තිබුණත්, stethoscope එක තවමත් වෛද්‍යවරුන්ගේ ලෝකෙට අත්‍යවශ්‍යයි. ඒක ලේසි, ලාබ, ඉක්මනින් රෝග තත්ත්වයක් ගැන ඉඟියක් ගන්න පුළුවන් පරීක්ෂාවක්. ඒ වගේම, රෝගියා එක්ක බැඳීමක් ඇති කරනවා. සමහර රෝගීන් ඉන්නවා කොච්චර පරීක්ෂා කරත් නලාව තියලා බැලුවේ නැත්නම් හිතට හරි නැති.
Laennec කරේ අපරාධයක් ද කියලා වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම දෙයක් හොයාගත්තේ නැත්නම් ගෙදර උන්දා මේ රස්සාව කරන්න දෙන්නේ නෑ කියලා දන්නවා.😁😁😁
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

❤🔥10😁7
Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
මේ තියෙන්නේ ළමයි අද අපිට කරපු lecture එකක සර් පෙන්නපු statistical analysis එකක් ලංකාවේ medical students ලා ගේ කාන්තා ප්‍රතිශතය වැඩිවීම මේ වෙනකොට medical faculty ඉන්න ප්‍රතිශතයෙන් 64% ක් කාන්තාවෝ. එක අතකට මේක කාන්තාවන් ලබපු ජයග්‍රහණයක් වගේ පෙනුනට මෙතන ලොකු…
Stethoscope එක හොයාගත්තෙ නැත්තන් මේ chart & pecentage වල කෑලිවත් ඉතුරු වෙන් නෑ 😁
😁11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Study Leave එකේ මේ දවස්වල Motivation එක 💙
😁27🤣9
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
මම බඩවැල් සම්බන්ධ ශල්‍ය ඒකකයක doctor කෙනෙක්. අපේ clinic එකට එන රෝගීන්ගෙන් බහුතරයක් gastritis තියෙන අය. සමහර අය අවුරුදු ගනන් Clinic එනවා. සමහරු හරියට බෙහෙත් බොන්නේ නෑ. තව සමහරු කෑම ගන්න එක හරි විදියට කරන්නේ නෑ. ඉතින් ලෙඩේ හොද වෙන්නේ නෑ.
අද gastritis ගැන..
ආමාශයේ එක එක වර්ගයේ සෛල තියෙනවා. එක සෛල වර්ගයකින් HCl අම්ලය හදනවා. අපි කන කෑම ජීර්ණය කරන්නයි කෑම වල ඉන්න බැක්ටීරියා විනාශ කරන්නයි HCl අම්ලය උදව් වෙනවා.
ඒත් අපේ ඇගට acid ගැහුවොත් මොකද වෙන්නේ. අපි පිච්චෙනවා. එතකොට HCl අම්ලයෙන් ආමාශය පිච්චෙන්නේ නැද්ද? පිච්චෙනවා.
ආමාශයේ තියෙන තවත් සෛල වර්ගයකින් ජෙලි වගේ දෙයක් (mucosal barrier) හදනවා. ඒක තට්ටුවක් විදියට ආමාශ බිත්තියේ ඇතුල් පැත්තේ පැතිරෙනවා. ඒකෙන් HCl අම්ලයෙන් ආමාශ බිත්තිය පිච්චෙන එක නැති කරනවා.
✅️Gastritis වලදී මොකද වෙන්නේ?
Gastritis වලදී mucosal barrier එක දුර්වල වෙලා, ඇසිඩ් වලින් ආමාශ බිත්තියට හානි වෙනවා. ඒක පොඩි දැවිල්ලක ඉදන් ආමාශයේ තුවාල දක්වා වර්ධනය වෙන්න පුලුවන්. Gastritis කාලයක් තිස්සේ තියෙනව නම් පිළිකා අවදානමක් තියෙනවා.
✅️Gastritis වලට හේතු මොනවද?
1️⃣Helicobactor pylori බැක්ටීරියාව Mucosal barrier එකට හානි කරනවා.
2️⃣NSAIDs (Aspirin, Ibuprofen) වගේ බෙහෙත් වලින් mucosal barrier එක තුනී කරනවා.
3️⃣ඇල්කොහොල් ආමාශ බිත්තියේ mucosal barrier එකට හානි කරනවා.
4️⃣ ආහාර රටාව (සැර කෑම, තෙල් කෑම, පිටි කෑම) අම්ල අසමතුලිතතාවයට හේතු වෙනවා.
5️⃣ stress එක නිසා ආමාශයේ acid හදන එක වැඩි වෙනවා. තව mucosal barrier එක දුර්වල වෙනවා.
✅️Gastritis වලට කරන පරීක්ෂණ මොනවද?
✔️Endoscopy - ආමාශ බිත්තියේ Gastritis තත්ත්වය, ආමාශ බිත්තියේ තුවාල කැමරාවක් මගින් බලනවා
✔️Helicobactor pylori බැක්ටීරියාව තියෙනවද බලන්න test කරන්න පුලුවන්.
✔️ආමාශ බිත්තියෙන් කුඩා කොටසක් අරන් බලලා gastritis තත්ත්වය වගේම Helicobactor pylori බැක්ටීරියාව බලන්න පුලුවන්.
✅️Gastritis වලට තියෙන ප්‍රතිකාර මොනවද?
1️⃣ජීවන රටාව වෙනස් කරන්න.
✔️කුළුබඩු අධික ආහාර, ඇල්කොහොල්, කැෆේන් අඩු කරන්න.
✔️stress එක අඩු කරන්න.
✔️දුම්පානය අඩු කරන්න.
✔️ගොඩක් වෙලා කෑම නොගෙන ඉන්න එපා.
✔️දවසට වතුර ලීටර 2-3 ක් බොන්න.
2️⃣ඖෂධ මගින්
✔️ආමාශයෙන් ඇසිඩ් හදන එක අඩු කරන බෙහෙත්
✔️හදලා තියෙන ඇසිඩ් උදාසීන කරන බෙහෙත්
✔️mucosal barrier එක ශක්තිමත් කරන බෙහෙත්
✔️Helicobactor pylori බැක්ටීරියා ආසාදනය තියෙනව නම් antibiotics
ඔය විදියට බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා.
ෆාමසියට දුවලා Gastritis කරලක් අරන් බොනවට වඩා දෙයක් මෙතන තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න කියන්නේ. නියමිත කාලය බෙහෙත් බීලා ආමාශ බිත්තියේ mucosal barrier එක හැදෙන්න කාලයක් දෙන්න ඕනේ. තුවාල තියෙන නම් හොද වෙන්න කාලයක් යනවා.
🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනව කියලා මම දන්නවා? Comment එකකින් අහන්න මම උත්තර දෙන්නම්.
📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 30k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
Photo එක Google එකෙන් download කරේ. මැද කහ පාටට තියෙන්නේ Gastrc ulcer එකක්.
#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #Gastritis_Gayan

❤🔥12
Physics with MERLIN ✨
1) මුලු ධාරාව සොයන්න 2) 2 ohms හරහා ධාරාව සොයන්න 3) ඩයෝඩය හරහා ධාරාව සොයන්න ඔය තුනම හොයන්න 🔥
කෝ කෝ මේකට උත්තර නෑනෙ. ඔයාලගෙ physics පුලුවන් යාලුවන්ට හරි මේක යවන්න. මටත් අමතක උනා. තාමත් කවුරුත් හරි උත්තර්ර් දුන් නෑ
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
Photo
මේ මගෙ HOගෙන් අද උදේ හම්බවුණ තෑග්ගක්. කොල්ලා විනෝදාංශෙට කරන්නෙ 3D printing. ඔව්, මෙහෙ HOලට විනෝදාංශ තියනවා, ඒව කරන්න නිදහස් වෙලාවල් තියනවා. මේ ගැන හිතද්දි මට හිතුනා ලංකාවෙ HO කෙනෙක් සහ මෙහෙ, ඒ කියන්නෙ මං වැඩ කරන සිංගප්පූරුවෙ HO කෙනෙක් ගැන වෙනස පොඩ්ඩක් ලියන්න.
ලංකාවෙ HO, එහෙම නැත්තං සීමාවාසික වෛද්‍ය, සරලවම ඔයාල කියන 'වාට්ටුවේ දොස්තර' තමයි අවුරුදු පහ හමාරක වෛද්‍ය විද්‍යාල ජීවිතෙන් පස්සෙ දොස්තර කෙනෙක් විදියට ලැබෙන පළවෙනි පත්වීම. ඒක අහද්දිනම් 'අඩේ මරුනෙ' කියල හිතුනට ඒ අස්සෙ තියනව එපා වෙන කතාවක්. ලංකාවෙ සීමාවාසික වෛද්‍ය කියන්නෙ තනිකරම වහල් රැකියාවක්. සතියෙ දවස් 7ම පැය 24ම දවස් 365ක් එක දිගට වැඩ. වැඩ කියන්නෙ හැම තත්ත්පරේම වාට්ටුවේ ඉන්නෝනෙ කියන එක නෙමේ. හැම වෙලාවෙම HO කෙනෙක්ට මොනයම්ම හෝ වගකීමක් පැවරිලා තියනවා. ඒ නිසා HO කාලෙදි hospital එකෙන් එළියට යන්න බෑ. ගියත් අඩුම පැය බාගෙකින් ආපහු එන්න පුලුවන් දුරක ඉන්නෝනෙ. වෙලාවට කන්න නෑ, බොන්න නෑ, නාන්න නෑ, ඇඳුමක් මාරු කරගන්න නෑ. ඒ මදිවට තමන්ගෙ ළඟම සීනියර් දොස්තරගෙ ඉඳන් ලොකුම දොස්තර වෙනකන් කියන හැම වැඩක්ම කරන්න වෙනවා, හැම බැණුමක්ම අහන්න වෙනවා, ලොකු මිස්ලගෙ ගණන් බලන්නත් වෙනවා, කොච්චර හොඳ කරත් පොඩ්ඩ බැරිවුණ ගමන් ලෙඩ්ඩුන්ගෙන් කුණු කතා අහන්නත් වෙනවා. උදේ ward round, හවස ward round, clinic, Theater, transfer, discharge එකී නොකී වැඩ දාහක් කරන්න වෙනවා, ඒ අතරෙ ලෙඩෙක්ට අමාරු වුණාම එතනට දුවන්නත් වෙනවා. ඕන කෙනෙක්ට කියන්න පුලුවන් "ට්‍රේනිං කාලෙ එහෙම තමයි" කියලා. මාත් මේ සිංගප්පූරුවට එනකන් හිතාගෙන හිටියෙ එහෙම තමයි.
මෙහෙ සිංගප්පූරුවෙ HO කෙනෙක්ගෙ වැඩ කාලසීමාව සතියෙ දවස් 5 උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් විතරයි. උදේ 8 වෙද්දි එනවා, 5ට වැඩ ඉවර කරලා ගෙදර යනවා. වැඩ කිව්වට ඉතින් අද මගෙ HO ට බලාගන්න තියෙන්නෙ ලෙඩ්ඩු දෙන්නයි. (මට තුනයි 🙂. ඒකනෙ මේ හෑලි ලියන්න වෙලාව තියෙන්නෙ) වැඩ ඉවර වෙලා කෝපි එකක් බිබී කයියක් ගහන්න, දවල්ට කන්න, අළුත් දේවල් ඉගෙනගන්න ලොකු වෙලාවක් එයාලට තියනවා. මාසෙට night oncalls 4ක් හෝ 5ක් කරන්න ඕන. සාපේක්ෂව වැඩ වැඩියි. ඒත් පහුවෙනිදා දවසෙන් බාගයක් නිවාඩු. සාමාන්‍ය දොස්තර කෙනෙක් වගේම තමයි වැඩ. එකම වෙනස එයාලව monitor කරන්න MO කෙනෙක් ඉන්න ඕන, සමහර procedures කරන්න MOගෙ අධීක්ෂණය ඕන සහ එයාල මාසෙන් මාසෙට වගේ පොඩි පොඩි appointments වලට මාරු වෙනවා. උදාහරණයක් කියනවනම් මම ඉන්න Renal unit එකේ HO කෙනෙක්ට මාසෙක appointment එකක් තියනවා. ඊළග මාසෙ එයා වෙන එකකට යනවා. මම කලින් කිව්ව වගේ එයාල ජීවිතේ ඒ අවුරුද්ද සාමාන්‍ය විදියට ජීවත් වෙනවා, විනෝද වෙනවා. ලංකාවෙ වගේ පොඩි කාමරේක හරි වෝඩ් එකේ හරි වැටීගෙන, හැමෝගෙන්ම ඇනුම්පද අහගෙන ඉන්න අමුතු ජීවියෙක් බවට HO කාලෙදි පත්වෙන්නෙ නෑ.
ලංකාවෙ HO කෙනෙක් ඔය හැමදේම කරාට පස්සෙ මාසෙ අන්තිමට එයාලට කීයක් වගේ හම්බෙනව ඇද්ද? ලක්ෂ 3ක්? 5ක්? 10ක්?... නෑ හිතෝතුනි රුපියල් 56000යි. (අපේ කාලෙ 42000යි) ඒ කියන්නෙ සිංගප්පූරු ඩොලර් 250ක් වගේ. අමතර දීමනා නෑ. ඔච්චරම තමයි. මගෙ HO ට මම කිව්වා ඕක. මනුස්සය අහනව "ලංකාවෙ HOලට පිස්සුද ඒ ගාණට වැඩ කරන්න" කියලා. එහෙම අහන එකේ පුදුමයක් නෑ. මොකද මෙහෙ HO කෙනෙක්ට මාසෙ අන්තිමට අර කරන වැඩ ටික කරලා සිංගප්පූරු ඩොලර් 5000ක් වගේ හම්බවෙනවා. ඒ කියන්නෙ ලක්ෂ 11ක් විතර. ඊට අමතරව oncalls වලට, සති අන්තයේ වැඩ කරනවට අමතරව ගෙවනවා. ඒක මේ රටේ අනිත් ජොබ්ස් වලට ගෙවන ගාණට වඩා සාපේක්ෂව අඩු වුණාට, හැම ආතල් එකක්ම අරන් ඕකෙන් බාගයක් වගේ උපරිම වියදම් වෙනව කියල තමයි මට මුණගැහුනු HOල කිව්වෙ. සරලවම කිව්වොත් එයාලගෙ HO period එක ඉවර වෙනකොට ස්ථාවර ජීවිතයක් පටන්ගන්න පුලුවන් තත්ත්වෙට එයාල පත්වෙනවා.
ඔව්, ලංකාවෙ HOලා අන්ත පව්. ඒත් ඉතින් අපේ ආදරණීය සීනියර්ලා HO ලව මඩවන එක නවත්තන්නෙවත්, ලොකු මිස්ලා HO ලව කඩේ යවන එක නවත්තන්නෙවත්, ලෙඩ වුණාම විතරක් අහිංසක වෙන සිරිලාංකික මහජනතාව HOලගෙ ඇඟට කඩාපණින එක නවත්තනෙවත්, ලංකාවෙ රජය HOලට ලක්ෂ ගණන් දීමනා දෙන්නෙවත් නෑ කියල මං දන්නවා. ඒත් පුලුවන් තරම් ඒ වෙනස කරන්න හැමෝම උත්සාහ කරමු. වෛද්‍යවරයෙක් විදියට වැඩ පටන් ගන්න ඒ ආදරණීය මිනිස්සුන්ගෙ හිත් මේ වෘත්තීය නිසා බිඳ නොවැට්ටවීමේ වගකීම අපි හැමෝම අඩු වැඩි වශයෙන් බාර ගත යුතුමයි.
ජය!

❤🔥42
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
A heartfelt thank you to Prof. Sampath Amaratunge for highlighting the value and impact of research in our higher education system, something that is often overlooked and only gains attention when global university rankings are released.
Your words are a timely reminder that research is not just a number in a ranking but the backbone of innovation, knowledge creation, and academic excellence of a higher education system, which is often forgotten by the academics of "teaching universities."
University of Sri Jayewardenepura
#HigherEducation #ResearchMatters
#universityofsrijayewardenepura #AcademicExcellence
Copied from prof meththika vithanage

❤🔥2
Forwarded from Science 𝐇𝐔𝐁 ❤️
Science 𝐇𝐔𝐁 ❤️
A heartfelt thank you to Prof. Sampath Amaratunge for highlighting the value and impact of research in our higher education system, something that is often overlooked and only gains attention when global university rankings are released. Your words are a…
Rebuild Sri Lanka එකට ඇවිත් මහාචාර්ය සම්පත් අමරතුංග සර් කියපු කතාවත් එක්ක මට මතක් වුණා විශ්වවිද්‍යාලයේ සැන්දෑ වරුවක තිබුණු තේ පැන් සංග්‍රහයකදී මහාචාර්යවරයෙක් කියපු කතාවක්. මම ඒ මහාචාර්යතුමාගෙන් අවසරයක් ලබාගෙන නැති නිසා නම පළ කරන්න විදිහක් නෑ. මේ එතුමා කියපු දෙයින් මට මතක ටිකේ රළු අදහස.
"ලංකාවේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට එන අය රටට ණයයි කියලා. මොකද රටේ බදු සල්ලිවලින් විශ්වවිද්‍යාල ළමයින්ට උගන්වන නිසා. හැබැයි ඇත්තට ම ගත්තොත් විශ්වවිද්‍යාලයකට තේරී පත්වෙන කෙනෙක් අවුරුදු දහතුනක් ලබා ගන්නෙත් විශ්වවිද්‍යාලයට තේරී පත් නො වෙන කෙනෙක් ලබන අධ්‍යාපනය මයි. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාලයට තේරෙන්නේ ඒ ලබපු අධ්‍යාපනයේ නිසි ප්‍රයෝජන අරගෙන කඩයිම් විභාගයකින් ජයග්‍රහණය කරලා.
එහෙම ඇවිල්ලා සම්පූර්ණයෙන්ම රජයේ බදු සල්ලිවලින් තමයි ඒ ළමයා ඉගෙන ගන්නේ කියලා මතයක් සමාජයේ තියෙනවා. ඒත් ඇත්තට ම ගත්තොත් විශ්වවිද්‍යාලයෙ බිල්ඩිම් ටික පවත්වාගෙන යන්නවත් රජයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ. ලංකාවෙ ගොඩක් විශ්වවිද්‍යාලවල ප්‍රධාන ආදායම බාහිර උපාධි, මාස්ටර්ස් වගේ ඒවා එහෙමත් නැත්නම් පිටරටින් එන පර්යේෂණ ආධාර. එහෙම ගත්තොත් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සෑහෙන දුරකට ස්වයංපෝෂිතයි කියලා කියන්න පුළුවන්.
අනිත් කාරණය තමයි එහෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා පිටරටකට ආචාර්ය උපාධි කරන්න ගිහින් ආපහු ලංකාවට නො එන අය ගැන තියෙන මතය. ඇත්තට ම ලංකාව පරිභෝජනය නො කර- ඒ කියන්නෙ ලංකාවෙ භූමිය හරි වෙන සම්පතක් හරි පාවිච්චි නො කර ලංකාවට පොඩි හරි උදව්වක් කරන කෙනෙක්, රටේ ම ජීවත්වෙලා ඒ සම්පත් පරිභෝජනය කරන කෙනෙක්ට වඩා සාපේක්ෂව වැඩි දායකත්වයක් රටට දෙනවා කියලා අපිට හරියට බැලුවොත් කියන්න පුළුවන්.
ඉතින් අර බාහිර උපාධි වගේ දේවල් කරන අය අවුරුදු 13ක නැත්තං රජය දුන්නු පාසල් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලයට තේරුණු අය තරම් ප්‍රතිඵල ලබා ගත්තෙ නැති නිසා ඒ අය යම් මුදලක් වියදම් කරලා ඒ අධ්‍යාපනය ගන්නවා. ඒ මුදලින් අර කඩයිම සමත් වුණු ළමයෙක්ට ශිෂ්‍යත්වයක් වගේ ලැබුණු අවස්ථාව ආරක්ෂා වෙනවා. "
ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්නෙ රටේ ඉන්න මිනිස්සුන්ගේ බදු සල්ලි නාස්ති කරන පිනට කකා ඉන්න නිකම්මු ටිකක් කියලා සමහරු කියන කතාවල පදනමක් නෑ කියන එක අපිට හොඳට බැලුවාම තේරෙනවා. විශේෂයෙන් ම ඒ විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් කරන පර්යේෂණ මහ සමාජයට ගොඩක් ඇඟට දැනුණෙ නැති වුණාට ලොකු බරක් තියෙන දෙයක්. මේ පර්යේෂණ රටක් ඉස්සරහට යනවද පස්සට යනවද කියන එක තීරණය කරන්න ගොඩක් වැදගත් කියන එක මේ පර්යේෂණ ක්ෂේත්රයේ ඉන්න අය දන්නවා.
සම්පත් අමරතුංග මහාචාර්යතුමා පොදු මහජනයාට පැහැදිලි කරපු කාරණේ තේරුම් යන පිරිස වැඩි වෙන තරමට රටකට විශ්වවිද්‍යාල කොතරම් වටිනවද කියන එක තේරුම් ගන්න පිරිස වැඩි වේවි. ඒ ප්‍රමාණය වැඩි වෙන තරමට රටත් හොඳ තැනකට පත් වේවි.
By kalindu

❤🔥7💯5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
No time to take a breath a little bit 🫠💔
🫡20