𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
පයින් ගමන් කල හැකි ලොව දිගම මාර්ගය 🔸

සාගරය තරණය කිරීමට හෝ වෙනත් සැලකිය යුතු බාධකයක් නොමැතිව පයින් ගමන් කරන ලොව දිගම මාර්ගය වන්නේ කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා ය.

ගුවන් යානා, බෝට්ටු අවශ්‍ය නැහැ පාලම් තියෙනවා. මුළු දුර කිලෝමීටර් 21,808 ක් වන අතර සාමාන්‍යයෙන් ඇවිදීමට පැය 4,310 ක් ගතවේ. එය දින 187 ක් නොනවත්වා ඇවිදීම හෝ දින 561 ක් දිනකට පැය 8 ක් ඇවිදීම වේ. මඟ දිගේ, ඔබ රටවල් 17ක්, වේලා කලාප හයක් සහ සියලුම ඍතු හරහා ගමන් කරයි.

#facts #share ⭐
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35🫡7👍2
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...

ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..

මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..

🧠 ඔයාගෙ notes

මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.

🧠
Short notes

මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.

මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.

🧠
ප්‍රශ්න සහ උත්තර

ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.

🧠
Flash cards

මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.

ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..

🧠
උගන්වන්න.

මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.

කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation #facts #share
💙 Study with Gimi
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥2🥰2👍1
ඔයා මොනවහරි දෙයක් ලිව්වොත් ඒ අදාළ දෙය හත්වරක් කියවනවා හා සමාන වෙනවා.👀

පාඩම් කරනකොට පොත දිහා බලන් ආයෙ ආයෙ කියවන වෙලේ ඒක ලියල බලන්න. ඉක්මනට මතක හිටීවි.😊

#SCIENCE #FACTS #SHARE➡️
👻 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43👍7🔥7💯5😍1
😔 Exam stress........

මුලින්ම අපි තේරුම්ගන්න ඕනි අපි stress වෙන්න Exam එක විතරක්ම නෙවෙයි හේතුව. අපි අපේ ජීවිතේ ඕනිම අභියෝගයකට මුහුණ දෙද්දි Stress වෙන්න පුලුවන්, බයක් දැනෙන්න පුලුවන්.. 🙃අපි සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මේ ඇතිවෙන බය, පීඩනය සාමාන්‍යයි..

ඉතින් ඔයා තනියම මුහුණ දෙන තත්ත්වයක් නෙවෙයි ඒක. මේ ලෝකෙ හැමෝටම මේ මමත් ඇතුලුව ඔය දේවල් ඔය විදිහටම දැනෙනවා feel වෙනවා.🙂ඉතින් ඔයා කිසිම වෙලාවක තනිවෙලා කියල හිතන්න එපා.

අපි තේරුම්ගන්න ඕනි මොනාද අපේ පාලනයේ තියෙන්නේ මොනාද අපේ පාලනයේ නැත්තේ කියලා.. අපිට හම්බෙන Paper එකේ ත්යෙන ප්‍රශ්න අපිට control කරන්න පුලුවන්ද.. 🫰බෑනේ..ඒත් අපි මේ වෙලාවේ පාඩම් කරොත් හොඳට අපිට ඒ paper එකට හොඳට face කරන්න පුලුවන්. අපි අපිට control කරන්න බැරි දෙයක් වෙනුවෙන් worry වෙන එක බොරු වැඩක් නේද❓

මේ වෙලාවේ ඔයාගේ control එකේ තියෙන දේවල් ගැන හිතන්න. ඔයා විභාගයට සූදානම් වෙන එක,ඔයා ඉගෙනගන්න දේවල්, ඔයා පාඩම් කරන දේවල්,ඔයා වැඩ කරන පැය ගනන, ඔයා පාඩම් කරන ක්‍රම, ඔයාගෙ දවස productive කරගන්න එක.. 😉මේ දේවල් නේද ඔයාට මේ වෙලාවේ control කරන්න පුලුවන්. ඉතින් ඒ දේවල් ගැන worry වෙන්න කිසිම හේතුවක් නෑ.අපිට ඒ දේවල් වෙනස් කරන්න පුලුවන් නිසා.

අනිත් වැදගත්ම දේ තමයි මේ වර්තමාන මොහොතේ ඉන්න උත්සහ කරන එක.. 🤷‍♀️පහුවෙලා  ගියපු කාලෙවත්, වෙච්ච දේවල්වත්, අනාගතයේ සිද්ද වෙන්න තියෙන දේවල් ගැනවත් නොහිතා පුලුවන් තරම් මේ මොහොතේ ජීවත් වෙන්න උත්සහ කරන්න.ඔයාට පහුගිය දවස්වල වැඩ කරන්න බැරි වුන එක ගැනවත්, 😏Exam එක වෙලාවට මොනව වෙයිද කියල  අපි මේ වෙලාවේ පසුතැවිලි වෙන එක නතරකරගන්න ඕනි. ඒ නිසා අපේ මනස මේ වර්තමාන මොහොතේ තියාගන්න Try කරන්න.

අනිත් දේ තමයි ඔයා තේරුම්ගන්න ඕනි.. හැමදේම තාවකාලිකයි කියන එක. stress එක, Depression, අවුල්සහගත බව, කේන්තිය.. ඒවගේම සතුටත්.. 🙂තාවකාලිකයි.. ඒ දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා.. Exam stress එකත් එහෙම්ම තමයි..

තවත් දෙයක්.. ඔයා ඔයාට පුලුවන් හොඳම කෙනා වෙන්න.ඔයාට පුලුවන් උපරිමයෙන් වැඩ කරන්න.ඔයාගේ school එකේ, Class එකේ, යාලුවො අතර නෙවෙයි.. ඔයා ඔයාගෙම best version එක වෙන්න  උත්සහ කරන්න.. Do your best✨

තවත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙන දේ.. මේකට පුංචි වෙලාවක් ගන්න..එයාලා එක්ක කතා කරන්න. ඔයා කියන්න..
☺️අම්මේ,තාත්තේ මට school එකේවත් class එකේවත් හොඳම results ගන්න බැරි වුනත් මම මගේ උපරිමයෙන් වැඩ කරලා මට පුලුවන් හොඳම results ගන්නවා
කියලා. එයාලා තේරුම්ගනියි ඔයාව..

❤️අන්තිම දේ තමයි.. මේ දවස් ටිකේ ඔයාට ගොඩක් කරුණාවන්ත වෙන්න.. ඔයාව පරිස්සමට බලාගන්න. ප්‍රමාණවත් නින්දක් ගන්න,පෝෂ්‍යදායී කෑම වේලක් ගන්න.හරියට වෙලාවට කන්න. මේ දේවල් ඔයාගේ මානසික සමබරතාවයට ගොඩක් වැදගත් වෙනවා.

ඕනිම කෙනෙක් අතින් වැරදි වෙන්න පුලුවන්.. සමාවදෙන්න ඔයාට.. විභාගේ කියන්නේ ජීවිතේ තියෙන එක කඩයිමක් මිසක් ජීවිතේම නෙවෙයි..ඒකත් මතක තියාගන්න.ඒ දේවල් වලට හරියට මුහුණ දෙන්න.❤️‍🩹🥳

Piyu🍃

ඔයාගේ යාලුවන්ටත් #SHARE කරන්න 😇💯👍

✈️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27🔥2💘2👍1
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥37❤18❤‍🔥3👍3
"සැමවිටම මතක තියාගන්න....
ඔයා දිනන්නේ,
ඔයාගේ හිත ඔයාගෙ හැඟීම් වලට වඩා ශක්තිමත් වෙච්ච දවසටයි.."

කොච්චර දුෂ්කර කාලයක් වුනත් හිත කලබල කරගන්න එපා.. ඔයාට පුළුවන් විදිහට හැම අභියෝගයකටම මුහුණ දෙන්න...❤️

ඔයාට වරදින්නැ.. ඔයා දිනනවාමයි...!

#MOTIVATION
යාලුවන්ටත් #SHARE කරන්න
➡️ https://t.me/addlist/mFV5fZxMOXwxMzk1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥16❤9❤‍🔥2👍1
BIOLOGY පාඩම් කරන්නෙ කොහොමද?

BIOLOGY විෂය කරුණු මතක තියාගන්න මොනාද කරන්න ඕනි❓🤔...පාඩම් කරන්නෙ කොහොමද❓🤔 හැමෝම වගේ නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක..
එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා....😃

😇😀පැහැදිලි මාතෘකා භාවිතා කරන්න.

කියවීමකින් සටහන් ගන්නා විට, ඔබේ සටහන් පැහැදිලි හා අදාළ මාතෘකාවක් සමඟ ගැලපෙන සේ සකසන්න, එවිට ඒවා ඉක්මණින් හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි.

😇😅 ඔබේ සටහන් වලට ප්‍රධාන සංකල්ප එක් කරන්න.

සමහර NOTE වල විෂය කරුණු හා සබැඳි සංකල්ප , ප්‍රශ්න සහ පිළිතුරු ඇත. එසේ නොවේ නම්,NOTE එක කියවීම සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔබේම වචනවලින් නව තොරතුරු පිළිබඳ ඉක්මන් සාරාංශයක් ලියන්න. නව සංකල්ප පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට ඉඩ සලසයි.

😇🥰 අර්ථ දැක්වීම් භාවිතා කරන්න.

ජීව විද්‍යාවේදී, නව පද රාශියක් හඳුන්වා දී ඇත - හඳුන්වා දී ඇති සියලුම නව පද නිර්වචනය කිරීම වැදගත්ය. මෙම නව නියමයන් සහ ඒවායේ අර්ථ දැක්වීම් සඳහා වෙන් කර ඇති සෑම කියවීමකටම ඔබගේ සටහන් වල විශේෂ අවධානයක් යොමුකරන්න. (HIGHLIGHT කිරීම වැනි ක්‍රමයක්)ඉක්මන් අධ්‍යයනය සඳහා මෙය ඉතා ප්රයෝජනවත් වේ❗

😇😇 ඔබෙන්ම ප්‍රශ්න කරන්න.

ඔබ කරුණු තේරුම් ගෙන ඇතිද යන්න හදුනා ගැනීමට මෙය වැදගත් වේ.නව අදහස් සහ කියවීමේදී ඉගෙන ගත් මූලික සංකල්ප ඔබේම වචන වලින් සාරාංශ කරන්න. මග හැරුණු කරැණු පිලිබදව වුවද වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වේ.🙃

😇😇 කරුණු නිතර මෙනෙහි කරන්න

ඔබ ඉගෙන ගත් දේ නිතර මතක් කරමින් ඉන්න.කරුණු මතක් කරමින් කොළවල ලියන්න. ඔබේ කියවීමේ සටහන් නිතර සමාලෝචනය කිරීම වැදගත්ය!😌

😇🥰 දේශනය හෝ පාඩම අතරතුර පැහැදිලි සටහන් ගන්න.

මෙය කියවීමකින් සටහන් ගැනීමට වඩා ටිකක් උපක්‍රමශීලී විය හැකි නමුත් අදහස සමාන ය. කෙසේ වෙතත්, ඔබ ඔබේ ගුරුවරයාට ඇහුම්කන් දීම සහ ඔබ වෙනුවෙන් පැහැදිලි සටහන් ගැනීම ඉතා වැදගත්ය.

😇🥰සාරාංශ කරන්න.

ඔබ කරුණු සම්පූර්ණයෙන් තේරුම් ගෙන ඇති බව සහතික කිරීම සඳහා, ඔබට ඔබේ සටහන් නැවත පිටපත් කිරීමට හෝ ඒවා ඔබේම වචනවලින් සාරාංශගත කළ හැකිය. ඔබේ සටහන් නිතර සමාලෝචනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ,

😇🥰රූප සටහන් අඳින්න සහ ලේබල් කරන්න.

ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක රූප සටහනක් ඇඳීම සංකල්පය ගැන කියවීමට වඩා සරල ක්‍රමයක් විය හැකිය. ඔබ එය සැබවින්ම තේරුම් ගන්නේ නම්, ඔබට සම්පූර්ණ ක්‍රියාවලියම ඇඳීමට සහ සියලු වැදගත් අංග ලේබල් කිරීමට හැකි විය යුතුය. ඔබේ සටහනේ ඇති රූප සටහන් ද අධ්‍යයනය කරන්න. ශීර්ෂ පාඨ කියවා රූප සටහන නියෝජනය කරන්නේ කුමක්ද සහ එය ඔබ ඉගෙන ගන්නා සංකල්පයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සැබවින්ම තේරුම් ගන්න.

😇🥰ජීව විද්‍යාව හැදෑරීම සඳහා විශේෂයෙන් කාලය වෙන් කරන්න.

ජීව විද්‍යාව බොහෝ සිසුන්ට දුෂ්කර විය හැකි බැවින්, ඔබ හොඳම දේ කිරීමට කාලය යෙදවිය යුතුය. ඔබ සෑම රාත්‍රියකම හෝ දිනයේ ඕනෑම වෙලාවක් තුල ජීව විද්‍යාව සඳහා කාලය වෙන් කළහොත්, ඔබ නිතර අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දට වැටෙනු ඇත. ඔබ මේ කාලය පුරාම සියල්ල සමාලෝචනය කර ඇති නිසා ඔබට විභාගය සඳහා අවශ්‍ය පුහුණුව ඉබේම ලැබෙනු ඇත.මේ සම්බන්ධව ඔබ පසුව ඔබටම ස්තූති කරනු ඇත. ඔබේ අධ්‍යයන කාලසටහනට ඇලී එය පුරුද්දක් කර ගන්න. ඔබ දින 1 ක් මඟ හැරියහොත්, ඊළඟ දවසේ නැවත ධාවන පථයට පැමිණීමට වග බලා ගන්න, එකවර කරැණු විශාල ප්‍රමාණයක් දිනකදි පාඩම් නොකිරීමට වගබලා ගන්න.කරුණු නිසිලෙස ග්‍රහණය කර ගනිමින් පාඩම් කිරීමෙහි යෙදෙන්න.ඔබ කාර්යබහුල වුවත්, දිනකට විනාඩි 15 ක් ඔබේ සටහන් සමාලෝචනය කිරීමට සැලසුම් කරන්න. මෙය මගින් විශාල වෙනසක් කළ හැකිය.

😀😇 විභාගයට මුහුණ දීමට පෙර පැරණි විභාග ප්‍රශ්න හා විභාග රටාව අධ්‍යයනය කරන්න.

ඔබට පෙර වර්ෂවල සිට විභාග සඳහා ලබාදුන් PAST PAPERS ඇත්නම් ඒවා කරන්න. ඔබ විසින්ම කොපමණ පිලිතුරු ප්‍රමාණයක් නිවැරදිදැයි බලන්න. ඔබ මේවාට නිවැරදි පිලිතුරු නිතර ලිවීමට වගබලාගන්න, එමගින් ඔබෙන් අසනු ලබන ප්‍රශ්න වර්ග පිළිබඳ අදහසක් ලබාගතහැක . පැරණි ප්‍රශ්න කිරීමෙන් ඔබට දිගටම අධ්‍යයනය කළ යුතු දේ සහ ඔබ කුමන මාතෘකා පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුද යන්න ගැන හොඳ අදහසක් ලබා දෙනු ඇත. එසේම මෙමගින් ඔබේ පිලිතුරු ලිවීමේ හැකියාව ප්‍රගුණ කර ගත හැක. ඔබට ඔබේ මතක ශක්තිය පිළිබඳව පරීක්ෂා කර බැලීමට ඔබේම ප්‍රශ්නාවලියක් වුවද සකස් කළ හැකිය. ඔබට වඩාත්ම දුෂ්කර වූ සංකල්ප කෙරෙහි අවධානය යොමු කරන්න. තොරතුරු කටපාඩම් කිරීමට උත්සාහ කරනවා වෙනුවට නිසිපරිදි , අර්ථවත් ආකාරයකින් කරුණු මතක් කර ගන්න වෙර දරන්න.ඔබට ආවේණික රටාවකට පාඩම් කරන්න පටන්ගන්න...😀❤

කෝ බලන්න අද ඉදන් මෙහෙම ⁣පාඩම් කරන අය - "❤️"

#facts #share☺️
@AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍4🔥2❤‍🔥1
එක්සෑම් එක දෙවැනි වතාවට ලියන අය මතක තියාගන්න... 🙃💭

පලවෙනි පාර කරපු වැඩ මදි වෙලා රිසාල්ට් ඔයාලා හිතපු තරම් නොලැබුනු නිසා නේහ් දෙවැනි පාර එක්සෑම් එක කරන්න හදන්නේ , ඉතින් කලින් කරා වගේ මේ පාරත් වැඩ කරොත් තර්ඩ් ශයි එකකුත් ඕනී වෙයි.. 😏

මුලින්ම හිතන්න ඔයාලා කලින් ශයි එකේ කරපු වැඩ ඊට පස්සේ හිතන්න මං ඒ වගේ මේ පාර ඩබල් වැඩ කරොත් නේද මං හිතුව රිසාල්ට් එක මට ගන්න පුලුවන් වෙන්නේ කියලා..එතකොට තේරෙයි මං මොනවද නොකරපු වැඩ කොහෙන්ද පටන් ගන්න ඕනී , මොනවද කරන්න ඕනි කියලා.
🙃

තීරණගන්න පරක්කු කරන්න එපා විශේෂයෙන් තමන්ගේ ජීවිතේ දියුණුවට බලපාන ඒවා කිසි වෙලාවක නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා මොකද ඔයාට තියෙන්නෙ පොඩි කාලයක් තමන්ගේ වෙනුවෙන් වැඩ කරන්න.
❤️

ටයිම් පාස්ට් කරා හොදටම ඇති දැන්ම පටන් ගන්න ඔයාගේ හිතේ තියන කැම්පස් එකට යන්න ඕනී පඩිපෙලවල් ටික හදන්න.

ජයවේවා..
☺️ හීන හැබෑ කරගන්න මහන්සිවෙන්න ඕනී , නැත්තම් හීන හීනම වෙලා යනවා..

#MOTIVATION #GOOD_LUCK
✍️ ගෙත්මිණ බණ්ඩාර #SHARE
t.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤57🔥6👍3
⚡️⚡️⚡️⚡️⚡️⚡️

රජයේ පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහාත් බදාදා දින නිවාඩු ලබා දෙයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට එළඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව ප්‍රකාශ කළා.

රජයේ සේවකයන්ට අමතරව සියලුම රජයේ පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සඳහා ද බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය පෞද්ගලික ආයතන ද අනුගමනය කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

මීට අමතරව අනෙකුත් වැඩ කරන සතියේ දින හතරේදී ද කොපමණ සේවකයන් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගත යුතු ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බවත්, සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

#news #share
❤️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤25💯10🔥9👍6😍5😎3❤‍🔥1🤩1
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️

ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33💯7👍3🔥3🥰2❤‍🔥1
පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..

පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.

හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..

ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

‼️Timetable එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.

‼️
Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.

‼️
හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

‼️
වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ..

‼️
පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤56👍5🔥1
🔔 2026 උසස් පෙළ අයදුම් පත් කැදවීම පිළිබද👇

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1286

✅ AL Private හරියටම Apply කරන විදිය 👇

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D/1287

#share #2026AL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1🔥1
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34🔥4🙏2👍1
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

⏳ Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍3🔥2
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත්
SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥1💯1
අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️

ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18🔥2👍1
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤115🔥8🥰4👍2
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත්
SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8
😔අනේ මට තව නම් බැහැ දැන් මට හොදටම මහන්සි කියලා හිතෙනවා නම් Give up කරන්න කලින් මේක කියවන්න.

මං හිතන්නේ ඔයා දැන් තමයි ඉන්නේ Right track එකේ ඔහොම ඇදගෙන යම්.තව ටිකයි.මං දන්නවා ඔයා මීට වඩා දේයක් වුණත් දරා ගන්න පුළුවන්.

ඔයා මීට ඉතා බරපතල ලෙස ජිවිතයට ආපු බාධක වලින් දින්නා.ඒවාට ශක්තිමත්ව Face කලා.දැන් මේ කට්ට කන්නේ ඔයාගේ හීනය වෙනුවෙන් මචං. ඔයාව රජෙක් රැජිණියක් ලෙස ඔටුනු පලදවන්න.

මහන්සි නම් පොඩි විනාඩි ගාණක Rest එකක් අරං ඇස් පියාගෙන හිතන්න ඔයා ඔයාගේ හීනය Achieve කරගෙන ඉන්නවා. මං දන්නවා ඔයාට පුළුවන්.

👊දුෂ්කර මාවත් තමයි මචං සුන්දර ගමනාන්ත බිහි කරන්නේ.ඉතින් ඉවසීමෙන් ගමන යමු.

#motivation📁#share
✍️ Himantha Dilakshi
T.me/AL_api ➡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18👍2

❤21🔥3🥰1💘1