𝗔𝗟 අපි 🇱🇰
63.5K subscribers
2.74K photos
514 videos
2.45K files
4.05K links
🌐Website ⮕ ALapiedu.com

🛒Advertising ⮕ wa.me/94782419390
👮‍♀Contact Admin ⮕ @AL_api_admin

MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team
Download Telegram
☑️ මෙහෙමයි රචනා ලියන්නේ👇

⏯️ CR පොත් 2ක් ගන්න

එක පොතක් ( Biology Essays And Markings)අපි හැමදාම ලියන ප්‍රශ්න මාර්කින් එක්ක වෙනම ලියන්න එක්සෑම් ලං වෙද්දී බලන්න ඒ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.එකෙ ලියද්දී cr පොත දෙකට බෙදල ලියන්න පොයින්ට් විදියට එතකොට ඉඩත් ඉතිරියි පැහැදිලියි.

අනික් පොත ( Biology Daily Essays Book)අපි රචනාවට අදාලව රිසෝස් එකයි මාර්කින් එකයි පාඩම් කරලා මතකෙන් පොත් වහල තනියම ලියන පොත

2️⃣ ඉස්සෙල්ලම එදාට අදාල රචනා ප්‍රශ්නෙ ඇහෙන රිසෝස් එකේ මාතෘකාව පාඩම් කරන්න උපරිම විනාඩි 20ක් ගන්න

3️⃣ ඊලගට මාර්කින් එක ප්‍රශ්නය සමග හොදින් කියවා ඒක බලාගෙන biology essays and markings පොතේ ඉක්මනින් ලියන්න උපරිම විනාඩි 10ක් ගන්න ( එක රචනාවනේ)

4️⃣ ඊලගට විනාඩි 20ක් වගේ ඇතුලේ මතකයෙන් අනෙක් CR පොතේ පාඩම් කරපු රචනාව තනිවම ලියන්න.(විනාඩි 20 මදි නම් විනාඩි 30ම අරගෙන මතකයෙන් ලියන්න.විනාඩි 20න් ලියල පුරුදු උනාම විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න පුලුවන් )

5️⃣ දැන් ඔයා ලියපු මාකින් එක එක්ක ඔයාගෙ පිලිතුරු බලලා හරි වැරදි දාගන්න. පොයින්ට් කීයෙන් කීයක් හරිද කියල උඩින් ලියන්න..

6️⃣ වැරදුන තැන් මාර්ක් කරගෙන ඒවා ආයෙ මතකෙට දා ගන්න. (5,6 දෙකටම උපරිම විනාඩි 10ක් ගන්න )

එතකොට හරියටම පැයක් ඇතුලෙ එක රචනාවක් සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරනවා අපි..💪 මුල් කාලෙ පැයකට වඩා වැඩියෙන් යයි කමක් නෑ කරගෙන යද්දි හරි යයි

⌚ කරද්දී අනිවාර්යයෙන් ඔරලෝසුවක් ලග තියාගන්න.

☺️ඔයා දැන් එක රචනා ප්‍රශ්නයක් අවම වශයෙන් 3 පාරක් වත් පාඩම් කරලා ඉවරයි

මේ විදියට දවසට එක රචනා ප්‍රශ්නයක් පාඩම් කරත් පාඩු නැහැ.මොකද මේ වැඩෙන් දිගු කාලීන මතකයක් ලැබෙනවා.🤩

ඕක තමයි සම්පූර්ණ වශයෙන් වැඩේ කරන විදිය😎

Clear ද??🙂 #FACTS #SHARE
⚠️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤52👍3🔥3💯3❤‍🔥1
ඔයා මොනවහරි දෙයක් ලිව්වොත් ඒ අදාළ දෙය හත්වරක් කියවනවා හා සමාන වෙනවා.👀

පාඩම් කරනකොට පොත දිහා බලන් ආයෙ ආයෙ කියවන වෙලේ ඒක ලියල බලන්න. ඉක්මනට මතක හිටීවි.😊

#SCIENCE #FACTS #SHARE➡️
👻 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤65👍12✍6🥰3👌3😇3
BIOLOGY පාඩම් කරන්නෙ කොහොමද?

BIOLOGY විෂය කරුණු මතක තියාගන්න මොනාද කරන්න ඕනි❓🤔...පාඩම් කරන්නෙ කොහොමද❓🤔 හැමෝම වගේ නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක..
එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා....😃

😇😀පැහැදිලි මාතෘකා භාවිතා කරන්න.

කියවීමකින් සටහන් ගන්නා විට, ඔබේ සටහන් පැහැදිලි හා අදාළ මාතෘකාවක් සමඟ ගැලපෙන සේ සකසන්න, එවිට ඒවා ඉක්මණින් හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි.

😇😅 ඔබේ සටහන් වලට ප්‍රධාන සංකල්ප එක් කරන්න.

සමහර NOTE වල විෂය කරුණු හා සබැඳි සංකල්ප , ප්‍රශ්න සහ පිළිතුරු ඇත. එසේ නොවේ නම්,NOTE එක කියවීම සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔබේම වචනවලින් නව තොරතුරු පිළිබඳ ඉක්මන් සාරාංශයක් ලියන්න. නව සංකල්ප පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට ඉඩ සලසයි.

😇🥰 අර්ථ දැක්වීම් භාවිතා කරන්න.

ජීව විද්‍යාවේදී, නව පද රාශියක් හඳුන්වා දී ඇත - හඳුන්වා දී ඇති සියලුම නව පද නිර්වචනය කිරීම වැදගත්ය. මෙම නව නියමයන් සහ ඒවායේ අර්ථ දැක්වීම් සඳහා වෙන් කර ඇති සෑම කියවීමකටම ඔබගේ සටහන් වල විශේෂ අවධානයක් යොමුකරන්න. (HIGHLIGHT කිරීම වැනි ක්‍රමයක්)ඉක්මන් අධ්‍යයනය සඳහා මෙය ඉතා ප්රයෝජනවත් වේ❗

😇😇 ඔබෙන්ම ප්‍රශ්න කරන්න.

ඔබ කරුණු තේරුම් ගෙන ඇතිද යන්න හදුනා ගැනීමට මෙය වැදගත් වේ.නව අදහස් සහ කියවීමේදී ඉගෙන ගත් මූලික සංකල්ප ඔබේම වචන වලින් සාරාංශ කරන්න. මග හැරුණු කරැණු පිලිබදව වුවද වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වේ.🙃

😇😇 කරුණු නිතර මෙනෙහි කරන්න

ඔබ ඉගෙන ගත් දේ නිතර මතක් කරමින් ඉන්න.කරුණු මතක් කරමින් කොළවල ලියන්න. ඔබේ කියවීමේ සටහන් නිතර සමාලෝචනය කිරීම වැදගත්ය!😌

😇🥰 දේශනය හෝ පාඩම අතරතුර පැහැදිලි සටහන් ගන්න.

මෙය කියවීමකින් සටහන් ගැනීමට වඩා ටිකක් උපක්‍රමශීලී විය හැකි නමුත් අදහස සමාන ය. කෙසේ වෙතත්, ඔබ ඔබේ ගුරුවරයාට ඇහුම්කන් දීම සහ ඔබ වෙනුවෙන් පැහැදිලි සටහන් ගැනීම ඉතා වැදගත්ය.

😇🥰සාරාංශ කරන්න.

ඔබ කරුණු සම්පූර්ණයෙන් තේරුම් ගෙන ඇති බව සහතික කිරීම සඳහා, ඔබට ඔබේ සටහන් නැවත පිටපත් කිරීමට හෝ ඒවා ඔබේම වචනවලින් සාරාංශගත කළ හැකිය. ඔබේ සටහන් නිතර සමාලෝචනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ,

😇🥰රූප සටහන් අඳින්න සහ ලේබල් කරන්න.

ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක රූප සටහනක් ඇඳීම සංකල්පය ගැන කියවීමට වඩා සරල ක්‍රමයක් විය හැකිය. ඔබ එය සැබවින්ම තේරුම් ගන්නේ නම්, ඔබට සම්පූර්ණ ක්‍රියාවලියම ඇඳීමට සහ සියලු වැදගත් අංග ලේබල් කිරීමට හැකි විය යුතුය. ඔබේ සටහනේ ඇති රූප සටහන් ද අධ්‍යයනය කරන්න. ශීර්ෂ පාඨ කියවා රූප සටහන නියෝජනය කරන්නේ කුමක්ද සහ එය ඔබ ඉගෙන ගන්නා සංකල්පයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සැබවින්ම තේරුම් ගන්න.

😇🥰ජීව විද්‍යාව හැදෑරීම සඳහා විශේෂයෙන් කාලය වෙන් කරන්න.

ජීව විද්‍යාව බොහෝ සිසුන්ට දුෂ්කර විය හැකි බැවින්, ඔබ හොඳම දේ කිරීමට කාලය යෙදවිය යුතුය. ඔබ සෑම රාත්‍රියකම හෝ දිනයේ ඕනෑම වෙලාවක් තුල ජීව විද්‍යාව සඳහා කාලය වෙන් කළහොත්, ඔබ නිතර අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දට වැටෙනු ඇත. ඔබ මේ කාලය පුරාම සියල්ල සමාලෝචනය කර ඇති නිසා ඔබට විභාගය සඳහා අවශ්‍ය පුහුණුව ඉබේම ලැබෙනු ඇත.මේ සම්බන්ධව ඔබ පසුව ඔබටම ස්තූති කරනු ඇත. ඔබේ අධ්‍යයන කාලසටහනට ඇලී එය පුරුද්දක් කර ගන්න. ඔබ දින 1 ක් මඟ හැරියහොත්, ඊළඟ දවසේ නැවත ධාවන පථයට පැමිණීමට වග බලා ගන්න, එකවර කරැණු විශාල ප්‍රමාණයක් දිනකදි පාඩම් නොකිරීමට වගබලා ගන්න.කරුණු නිසිලෙස ග්‍රහණය කර ගනිමින් පාඩම් කිරීමෙහි යෙදෙන්න.ඔබ කාර්යබහුල වුවත්, දිනකට විනාඩි 15 ක් ඔබේ සටහන් සමාලෝචනය කිරීමට සැලසුම් කරන්න. මෙය මගින් විශාල වෙනසක් කළ හැකිය.

😀😇 විභාගයට මුහුණ දීමට පෙර පැරණි විභාග ප්‍රශ්න හා විභාග රටාව අධ්‍යයනය කරන්න.

ඔබට පෙර වර්ෂවල සිට විභාග සඳහා ලබාදුන් PAST PAPERS ඇත්නම් ඒවා කරන්න. ඔබ විසින්ම කොපමණ පිලිතුරු ප්‍රමාණයක් නිවැරදිදැයි බලන්න. ඔබ මේවාට නිවැරදි පිලිතුරු නිතර ලිවීමට වගබලාගන්න, එමගින් ඔබෙන් අසනු ලබන ප්‍රශ්න වර්ග පිළිබඳ අදහසක් ලබාගතහැක . පැරණි ප්‍රශ්න කිරීමෙන් ඔබට දිගටම අධ්‍යයනය කළ යුතු දේ සහ ඔබ කුමන මාතෘකා පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුද යන්න ගැන හොඳ අදහසක් ලබා දෙනු ඇත. එසේම මෙමගින් ඔබේ පිලිතුරු ලිවීමේ හැකියාව ප්‍රගුණ කර ගත හැක. ඔබට ඔබේ මතක ශක්තිය පිළිබඳව පරීක්ෂා කර බැලීමට ඔබේම ප්‍රශ්නාවලියක් වුවද සකස් කළ හැකිය. ඔබට වඩාත්ම දුෂ්කර වූ සංකල්ප කෙරෙහි අවධානය යොමු කරන්න. තොරතුරු කටපාඩම් කිරීමට උත්සාහ කරනවා වෙනුවට නිසිපරිදි , අර්ථවත් ආකාරයකින් කරුණු මතක් කර ගන්න වෙර දරන්න.ඔබට ආවේණික රටාවකට පාඩම් කරන්න පටන්ගන්න...😀❤

කෝ බලන්න අද ඉදන් මෙහෙම ⁣පාඩම් කරන අය - "❤️"

#facts #share☺️

💬 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤46🔥5❤‍🔥4🥰2👍1🙏1
ඔයාගෙ දුරකථනය වතුරට වැටුනොත් මොකක්ද කරන්නේ?🤔එහෙම උනොත් කඩේකට දෙන එකනෙ කරන්නෙ.

ඒත් ගෙදර ඉඳන්ම දුරකථනයෙ වතුර ටික අයින් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.

ඒ මොකක්ද?
😏

ඔයාගෙ දුරකථනය වතුරට වැටුනොත් දුරකථන වැටුණු විගසම දුරකථනය දැමීමට හැකි වීදුරුවක් ගන්න.

ඊටපස්සේ ඒ වීදුරුව අරගෙන දුරකථනය ඒ තුලට දමන්න.ඉන් පසුව එම වීදුරුව තුලටම සිලිකා ජෙල් පැකට් කිහිපයක් දමන්න.වීදුරුව පියනකින් වසා දමන්න.

ඉන් පසුව දවසක් තබා වීදුරුව විවෘත කර බලන්න.ඔබගේ දුරකථනයෙ වතුර නැති වී ඇති බව ඔබට බලාගත හැකිය.

මෙයට හේතුව සිලිකා ජෙල් විසින් දුරකථනය තුල තිබූ සියලුම ජලය උරා ගැනීම යි.

මෙම ක්‍රමය අත්හදා බලන්න...🙂

#facts #share 🤪
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42👍8🔥2🙏1
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14❤‍🔥1👍1🔥1
😴 උදේම නැගිටින එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්.🧐මොනවද අපිට ඒකට කරන්න පුළුවන්?

0️⃣2️⃣දවස ගානේ Alarm එක විනාඩි 10 ක් ඉස්සරහට තියන්න.

උදාහරණයක් විදියට ඔයා වෙනදට නැගිටින්නෙ 5 am ට කියලා හිතමුකෝ.දැන් ඔයාට නැගිටින්න ඕනේ 4 am ට.ඒ උනාට ඔයාට 4 ට නැගිටලා පුරුදු නැති නිසා ඒක කරන්න ටිකක් අමාරුයි.අමාරුවෙන්හරි නැගිට්ටත් ආයෙ නින්ද යනවා.ඒකට....ඔයා නිදියන්නෙ 8 pm ට කියලා හිතන්නකෝ.ඒ වෙලාවේ ඔයා ඔරලෝසුවේ කටු 8.10 pm ට කරකවන්න.ඊට පස්සේ 5 am ට Alarm එක තියලා නිදාගන්න.Alarm එක වැදුනම නැගිටින එක ප්‍රශ්නයක් නෑ.මොකද ඔයා වෙනදට නැගිට්ටෙත් 5 am ට ඔයා ඔරලෝසුවේ වෙලාව දකින්නෙත් 5 am කියලනේ. හැබැයි ඇත්තටම ඔයා නැගිටලා තියෙන්නෙ 4.50 am ට.

ඊළඟ දවසේ තවත් විනාඩි 10 ක් වැඩියෙන් ඔරලෝසුවේ වෙලාව කරකවන්න. කලින් දවසෙ 10 යි අද 10 යි ඔක්කොම විනාඩි 20 යි.ඒ කියන්නෙ 8.20 pm ට කරකවන්න ඕනේ.අනිත් දේවල් ඒ විදියටම කරන්න. එතකොට උදේ නැගිටිනකොට ඔරලෝසුවේ වෙලාව 5 am යි.ඇත්ත්ම වෙලාව 4.40 am යි.ඒ විදියට හැම දවසකම කලින් දවසට වඩා විනාඩි 10 ගානේ වේලාව වැඩි කර කර Alarm එක තියන්න එතකොට දවස් 6 කින් කම්මැලි නැතුව ඔයාට 4 ට නැගිටින්න පුළුවන්.

0️⃣3️⃣පෙර සූදානම

නිදාගන්න කලින් ඊළඟ දවසට ඕනේ දේවල් ලෑස්ති කරල තියන්න. මේසේ පිළිවෙලට අස් කරලා ඔයා පාඩම් කරන තැන බිම කොළ එහෙම වැටිලා තියනවනම් අතුගලා ඊළඟ දවසෙ ඔයාට පාඩම් කරන්න හිතෙන විදියට ඒ තැන සූදානම් කරලා තියලා නිදාගන්න.ඒ වැඩේට පැය ගානක් ගන්න එපා.විනාඩි 5 න් 10 න් කරන්න ඕනේ.

0️⃣4️⃣උදේම නැගිටින්න ඕනේනම් කලින් නිදාගන්න.

උදේ 4 ට නැගිටින්න කලින් දවසේ හවස 6 ට විතර නිදාගන්න කියලා නෙවෙයි ඈ කිව්වෙ. ගොඩක් අය රෑ 1 , 2 වෙනකන් ෆිල්ම් බලලා ගේම් ගහලා යාළුවෝ එක්ක චැට් කර කර ඉඳලා උදේ පාඩම් කරනවා කියලා හිතුවට ඒක කරන්න බෑ.අපේ ශරීරයත් මැෂින් එකක් වගේ ඒකටත් විවේකයක් ඕනේ. සාමාන්‍යයෙන් අපේ sleep cycle එක විනාඩි 90 න් 90 ට වගේ තමා තියෙන්නෙ.පැය 1 1/2 ක් වගේ.සාමාන්‍යයෙන් අවම පැය 6ක් 8ක්වත් නිදාගන්න කියලා කිව්වට ඉගෙන ගන්න අය විදියට එච්චර වෙලාවක් නිදාගන්න බෑ ගොඩක් වැඩ කරන්න තියනවනම්.එතකොට ඔයාට පුළුවන් sleep cycle එකට ලේසියෙන්ම නැගිටින්න.පැය 1 1/2 ක් නිදාගෙන නැගිටින්න පුළුවන් එහෙම නැත්තන් පැය 3 කින් 4.30 කින් 6 කින් ඒ විදියට නිදාගෙන නැගිටින්න.ඒ නිදාගන්න වෙලාව සුවදායී නින්දක් කර ගන්න.ඔයාට පුළුවන් නිදාගන්න කලින් ටිකක් භාවනා කරලා නිදාගන්න.මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්නනේ.

0️⃣5️⃣කෙටි උණුසුම් අභ්‍යාස කරන්න.

ගොඩක් අය අමාරුවෙන් කොහොමහරි නැගිටිනවා ඒත් පොත අතට ගත්ත ගමන් නිදිමතයි.ඒක නිසා ඔයා උදේ නැගිට්ටම පොඩි Exercise එකක් වගේ දෙයක් කරන්න නිදිමත ගතිය නැතිවෙලා ඇඟ උණුසුම් වෙන. ඊළඟට නිදිමත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ වතුර.පාඩම් කරන්න එන්න කලින් ටිකක් මූණ , කකුල් දෙක හෝදගෙන එන්න.වතුර වීදුරුවක් උදේම බොන්න පුළුවන්නම් ගොඩක්ම හොඳයි.

0️⃣6️⃣ඔයාගේ දියුණුව මනින්න.

ඔයාට නැගිටින්න ඕනේ 4 ට නම් ඒ වෙලාවට නැගිටින්න උත්සහ කරන්න.ඔයා හැමදාම නැගිටින වෙලාව කැලැන්ඩරේ ලියන්න.දවස් 7 ම ඔයා 4 ට නැගිට්ටොත් ඔයාම ඔයාට තෑග්ගක් දෙන්න.පොඩි චොකලට් එකක් බිස්කට් එකක් කියවන්න කැමති පොතක් වගේ දෙයක් ඔයා කැමති හොඳ දෙයක්.

0️⃣7️⃣මනසට ධනාත්මක හොඳ සිතුවිල්ලක් දෙන්න.

උදේම නැගිටලා පාඩම් කරන්න කලින් විනාඩි 5 ක් 10 ක් වගෙ පොඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන ඔයාගෙ අරමුණ මතක් කරගන්න.ඒ අරමුණට ඔයා ගියපු දවස හිතේ මවා ගන්න.ඒ සතුට මනසින් විදින්න.ඊට පස්සේ මනසින් හිතන්න...

අද දවස හොඳ දවසක්.උදේම නැගිට්ටට මට ස්තුතියි.අද තමයි මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න හොඳම දවස.අද දවසින් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා.මගේ අරමුණට යන්න ඒ වෙනුවෙන් උපරිම වැඩ කරනවා.කැප වෙනවා.මට පුළුවන්.

Alarm එක තියන්න phone එක📱🚫 නැතුව Alarm ඔරලෝසුවක් ⏰😌 භාවිතා කරන්න.Alarm එක තියලා ඔරලෝසුව ඇඳ ලඟින් තියන්නැතුව ඈතින් තියන්න.එතකොට Alarm එක වදිනකොටම ඕෆ් කරලා ආයෙ නිදාගන්න බෑනේ.නැගිටින්ම වෙනවනේ.

ඔය ක්‍රම කීපයක් විතරයි උත්සහ කරලා බලන්න.

ඔයාගෙ අරමුණ සහ උත්සාහය ප්‍රබල නම් නිදහසට කරුණු අදාල වෙන්නෙ නෑ කියලා මතක තියාගන්න.

#motivation #facts 📈
✍️_D|a|r|K_C|h|O|c_🍫
@AL_api ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤31👍4🥰2🤩2❤‍🔥1🔥1
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

⏳ Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

#Facts #Share ©️Study with Gimi ☺️

✈️ https://t.me/addlist/mFV5fZxMOXwxMzk1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16☃2🥰1💯1🏆1
පයින් ගමන් කල හැකි ලොව දිගම මාර්ගය 🔸

සාගරය තරණය කිරීමට හෝ වෙනත් සැලකිය යුතු බාධකයක් නොමැතිව පයින් ගමන් කරන ලොව දිගම මාර්ගය වන්නේ කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා ය.

ගුවන් යානා, බෝට්ටු අවශ්‍ය නැහැ පාලම් තියෙනවා. මුළු දුර කිලෝමීටර් 21,808 ක් වන අතර සාමාන්‍යයෙන් ඇවිදීමට පැය 4,310 ක් ගතවේ. එය දින 187 ක් නොනවත්වා ඇවිදීම හෝ දින 561 ක් දිනකට පැය 8 ක් ඇවිදීම වේ. මඟ දිගේ, ඔබ රටවල් 17ක්, වේලා කලාප හයක් සහ සියලුම ඍතු හරහා ගමන් කරයි.

#facts #share ⭐
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35🫡7👍2
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...

ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..

මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..

🧠 ඔයාගෙ notes

මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.

🧠
Short notes

මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.

මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.

🧠
ප්‍රශ්න සහ උත්තර

ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.

🧠
Flash cards

මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.

ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..

🧠
උගන්වන්න.

මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.

කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#motivation #facts #share
💙 Study with Gimi
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🔥2🥰2👍1
📱ජංගම දුරකතන හදන මාරක ලෙඩ🗣

රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලයි.
👀නමුත් ඔවුන් වැරදියි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වෙනවා. එයින් මාරක ලෙඩ රැසක්ම හදන්න හේතු වෙනවා.

මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා.
⛅️නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා.👮‍♂️මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ. නින්ද විශ්‍රාමය ලබා දෙන්නේ. මෙලටොනික්වලට අහිතකර මෙම නිල් ආලෝකය මගින් මිනිස් සිරුරට වෙන හානිය ගැන දැන් අපි වෙන වෙනම සලකා බලමු.

📣ඇසට බරපතළ හානි:-

රාත්‍රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සියින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොද වී පෙන්න ගන්නේ මේ හේතුව නිසයි.
👀ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මණින්ම ඇසේ සුද මතු වීමේ අවදානමකුත් ඇති වෙනවා.

📣නින්ද නොයාමේ ගැටලු:-

මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්තබවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද? වැඩ කරන වෙලාව මොකක්ද? කියන එක සිරුරට අඳුනගන්න බැරි වෙලා යනවා. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා.😶‍🌫මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇති වන අනෙකුත් හානි තමා මේ.

⚡️හදවත් රෝග
⚡️ප්‍රතිචාර දැක්වීමේ පමාව
⚡️කෙටි අමතකවීම්
⚡️මානසික ආතතිය
⚡️සම ඉක්මණින් වයසට යාම
⚡️ශරීර බර වැඩි වීම
⚡️පිළිකා ඇති වීමේ අවදානමක්

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇති වෙන වෙනත් සෞඛ්‍ය හානියක් තමයි අපිව පිළිකා ඇති වීමේ අවදානමට ගොදුරු වීම. නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමා කෙරෙන මෙලටෝනින් හොමෝර්නය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා.
🗣එය අහිමි වීමෙන් අපිව නිබදවම පිළිකාවලට ගොදුරු වීමේ හානිය වැඩියි.

ඔබ දැනගත යුතු තවත් කරුනු තියනවා. මේ රාත්‍රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි.
💻පරිගණක තිර හා රූපවාහිනි තිරවලින්ද මේ විදිහටම නිල් ආලෝකය අපේ ඇස්වලට වැටෙනවා.

ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්‍රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කර ගන්න නම්,
💡මූලිකවම ඉතින් කළ යුතු දේ වන්නේ ජංගම දුරකතන භාවිතය අඩු කිරීම තමයි.

#facts
✍🏻Dr. Dhanushka Wijetunga
https://t.me/AL_api ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29👍4❤‍🔥1👌1
🤔 ඇයි පොටෑසියම් ප'මැංගනේට් වලට කොන්ඩිස් කියන්නේ?

මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2), 🔬 පොටෑසියම් කාබනේට්(K2CO3) එක්ක මිශ්‍ර කරපු ජොහාන් රුඩොල්ෆ් ඒක වතුරේ දිය කරලා තියෙනවා.

මුලින්ම ද්‍රාවණය කොළ පාට වෙලා,🧪 පස්සේ දම් -රතු පැහැය අරන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1659 දී වගේ. ඒ තමා පොටෑසියම් ප'මැංගනේට්(KMnO4) වල පළමු වාර්ථා වීම. පස්සේ කාලෙක ලංඩනයේ හිටපු රසායනඥයෙකු වන බෝල්මන් කොන්ඩි MnO2 සමග NaOH රත් කරලා හදනවා සංයෝගයක්, ඔහු දැනගන්නවා මේ සංයෝගයට ජලයේ තියෙන විශබීජ විනාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනව බව.💊 ඔහු ඒ සංයෝගය කොන්ඩිස් ද්‍රවය(Condy's fluid) නමින් විකුණන්න පටන් ගන්නවා.

ඒත් මුහුණ දෙන්න උන ප්‍රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්‍රතික්‍රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.😍 මේ පොටෑසියම් ප'මැංගනේට් කැට කොන්ඩිස් කුඩු(condy's powder) සහ කොන්ඩිස් කැට(condy's crystals) යන නම් වලින් ඒ කාලේ අලෙවි වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ KMnO4 වලට කොන්ඩිස් කියන නම් එන්නේ කොහොමද කියලා.🙃 Condy ගේ කැට නැත්නම් Condy ගේ කුඩු නමින් අලෙවි උන සංයෝගය තමා අපි මෙ KMnO4 හෙවත් කොන්ඩිස් කියලා භාවිතා කරන්නේ.

මේ කොන්ඩිස් වල ප්‍රයෝජන රාශියක් තියෙනවා...👍

ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්‍යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..👇

2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)

#facts
✍🏻 Sameera sir
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍5❤‍🔥1👌1
ඔයා මොනවහරි දෙයක් ලිව්වොත් ඒ අදාළ දෙය හත්වරක් කියවනවා හා සමාන වෙනවා.👀

පාඩම් කරනකොට පොත දිහා බලන් ආයෙ ආයෙ කියවන වෙලේ ඒක ලියල බලන්න. ඉක්මනට මතක හිටීවි.😊

#SCIENCE #FACTS #SHARE➡️
👻 T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43👍7🔥7💯5😍1
BIOLOGY පාඩම් කරන්නෙ කොහොමද?

BIOLOGY විෂය කරුණු මතක තියාගන්න මොනාද කරන්න ඕනි❓🤔...පාඩම් කරන්නෙ කොහොමද❓🤔 හැමෝම වගේ නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක..
එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා....😃

😇😀පැහැදිලි මාතෘකා භාවිතා කරන්න.

කියවීමකින් සටහන් ගන්නා විට, ඔබේ සටහන් පැහැදිලි හා අදාළ මාතෘකාවක් සමඟ ගැලපෙන සේ සකසන්න, එවිට ඒවා ඉක්මණින් හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි.

😇😅 ඔබේ සටහන් වලට ප්‍රධාන සංකල්ප එක් කරන්න.

සමහර NOTE වල විෂය කරුණු හා සබැඳි සංකල්ප , ප්‍රශ්න සහ පිළිතුරු ඇත. එසේ නොවේ නම්,NOTE එක කියවීම සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔබේම වචනවලින් නව තොරතුරු පිළිබඳ ඉක්මන් සාරාංශයක් ලියන්න. නව සංකල්ප පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට ඉඩ සලසයි.

😇🥰 අර්ථ දැක්වීම් භාවිතා කරන්න.

ජීව විද්‍යාවේදී, නව පද රාශියක් හඳුන්වා දී ඇත - හඳුන්වා දී ඇති සියලුම නව පද නිර්වචනය කිරීම වැදගත්ය. මෙම නව නියමයන් සහ ඒවායේ අර්ථ දැක්වීම් සඳහා වෙන් කර ඇති සෑම කියවීමකටම ඔබගේ සටහන් වල විශේෂ අවධානයක් යොමුකරන්න. (HIGHLIGHT කිරීම වැනි ක්‍රමයක්)ඉක්මන් අධ්‍යයනය සඳහා මෙය ඉතා ප්රයෝජනවත් වේ❗

😇😇 ඔබෙන්ම ප්‍රශ්න කරන්න.

ඔබ කරුණු තේරුම් ගෙන ඇතිද යන්න හදුනා ගැනීමට මෙය වැදගත් වේ.නව අදහස් සහ කියවීමේදී ඉගෙන ගත් මූලික සංකල්ප ඔබේම වචන වලින් සාරාංශ කරන්න. මග හැරුණු කරැණු පිලිබදව වුවද වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරී වේ.🙃

😇😇 කරුණු නිතර මෙනෙහි කරන්න

ඔබ ඉගෙන ගත් දේ නිතර මතක් කරමින් ඉන්න.කරුණු මතක් කරමින් කොළවල ලියන්න. ඔබේ කියවීමේ සටහන් නිතර සමාලෝචනය කිරීම වැදගත්ය!😌

😇🥰 දේශනය හෝ පාඩම අතරතුර පැහැදිලි සටහන් ගන්න.

මෙය කියවීමකින් සටහන් ගැනීමට වඩා ටිකක් උපක්‍රමශීලී විය හැකි නමුත් අදහස සමාන ය. කෙසේ වෙතත්, ඔබ ඔබේ ගුරුවරයාට ඇහුම්කන් දීම සහ ඔබ වෙනුවෙන් පැහැදිලි සටහන් ගැනීම ඉතා වැදගත්ය.

😇🥰සාරාංශ කරන්න.

ඔබ කරුණු සම්පූර්ණයෙන් තේරුම් ගෙන ඇති බව සහතික කිරීම සඳහා, ඔබට ඔබේ සටහන් නැවත පිටපත් කිරීමට හෝ ඒවා ඔබේම වචනවලින් සාරාංශගත කළ හැකිය. ඔබේ සටහන් නිතර සමාලෝචනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ,

😇🥰රූප සටහන් අඳින්න සහ ලේබල් කරන්න.

ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක රූප සටහනක් ඇඳීම සංකල්පය ගැන කියවීමට වඩා සරල ක්‍රමයක් විය හැකිය. ඔබ එය සැබවින්ම තේරුම් ගන්නේ නම්, ඔබට සම්පූර්ණ ක්‍රියාවලියම ඇඳීමට සහ සියලු වැදගත් අංග ලේබල් කිරීමට හැකි විය යුතුය. ඔබේ සටහනේ ඇති රූප සටහන් ද අධ්‍යයනය කරන්න. ශීර්ෂ පාඨ කියවා රූප සටහන නියෝජනය කරන්නේ කුමක්ද සහ එය ඔබ ඉගෙන ගන්නා සංකල්පයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සැබවින්ම තේරුම් ගන්න.

😇🥰ජීව විද්‍යාව හැදෑරීම සඳහා විශේෂයෙන් කාලය වෙන් කරන්න.

ජීව විද්‍යාව බොහෝ සිසුන්ට දුෂ්කර විය හැකි බැවින්, ඔබ හොඳම දේ කිරීමට කාලය යෙදවිය යුතුය. ඔබ සෑම රාත්‍රියකම හෝ දිනයේ ඕනෑම වෙලාවක් තුල ජීව විද්‍යාව සඳහා කාලය වෙන් කළහොත්, ඔබ නිතර අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දට වැටෙනු ඇත. ඔබ මේ කාලය පුරාම සියල්ල සමාලෝචනය කර ඇති නිසා ඔබට විභාගය සඳහා අවශ්‍ය පුහුණුව ඉබේම ලැබෙනු ඇත.මේ සම්බන්ධව ඔබ පසුව ඔබටම ස්තූති කරනු ඇත. ඔබේ අධ්‍යයන කාලසටහනට ඇලී එය පුරුද්දක් කර ගන්න. ඔබ දින 1 ක් මඟ හැරියහොත්, ඊළඟ දවසේ නැවත ධාවන පථයට පැමිණීමට වග බලා ගන්න, එකවර කරැණු විශාල ප්‍රමාණයක් දිනකදි පාඩම් නොකිරීමට වගබලා ගන්න.කරුණු නිසිලෙස ග්‍රහණය කර ගනිමින් පාඩම් කිරීමෙහි යෙදෙන්න.ඔබ කාර්යබහුල වුවත්, දිනකට විනාඩි 15 ක් ඔබේ සටහන් සමාලෝචනය කිරීමට සැලසුම් කරන්න. මෙය මගින් විශාල වෙනසක් කළ හැකිය.

😀😇 විභාගයට මුහුණ දීමට පෙර පැරණි විභාග ප්‍රශ්න හා විභාග රටාව අධ්‍යයනය කරන්න.

ඔබට පෙර වර්ෂවල සිට විභාග සඳහා ලබාදුන් PAST PAPERS ඇත්නම් ඒවා කරන්න. ඔබ විසින්ම කොපමණ පිලිතුරු ප්‍රමාණයක් නිවැරදිදැයි බලන්න. ඔබ මේවාට නිවැරදි පිලිතුරු නිතර ලිවීමට වගබලාගන්න, එමගින් ඔබෙන් අසනු ලබන ප්‍රශ්න වර්ග පිළිබඳ අදහසක් ලබාගතහැක . පැරණි ප්‍රශ්න කිරීමෙන් ඔබට දිගටම අධ්‍යයනය කළ යුතු දේ සහ ඔබ කුමන මාතෘකා පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුද යන්න ගැන හොඳ අදහසක් ලබා දෙනු ඇත. එසේම මෙමගින් ඔබේ පිලිතුරු ලිවීමේ හැකියාව ප්‍රගුණ කර ගත හැක. ඔබට ඔබේ මතක ශක්තිය පිළිබඳව පරීක්ෂා කර බැලීමට ඔබේම ප්‍රශ්නාවලියක් වුවද සකස් කළ හැකිය. ඔබට වඩාත්ම දුෂ්කර වූ සංකල්ප කෙරෙහි අවධානය යොමු කරන්න. තොරතුරු කටපාඩම් කිරීමට උත්සාහ කරනවා වෙනුවට නිසිපරිදි , අර්ථවත් ආකාරයකින් කරුණු මතක් කර ගන්න වෙර දරන්න.ඔබට ආවේණික රටාවකට පාඩම් කරන්න පටන්ගන්න...😀❤

කෝ බලන්න අද ඉදන් මෙහෙම ⁣පාඩම් කරන අය - "❤️"

#facts #share☺️
@AL_Api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍4🔥2❤‍🔥1
🤔 ඇයි පොටෑසියම් ප'මැංගනේට් වලට කොන්ඩිස් කියන්නේ?

මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2), 🔬 පොටෑසියම් කාබනේට්(K2CO3) එක්ක මිශ්‍ර කරපු ජොහාන් රුඩොල්ෆ් ඒක වතුරේ දිය කරලා තියෙනවා.

මුලින්ම ද්‍රාවණය කොළ පාට වෙලා,🧪 පස්සේ දම් -රතු පැහැය අරන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1659 දී වගේ. ඒ තමා පොටෑසියම් ප'මැංගනේට්(KMnO4) වල පළමු වාර්ථා වීම. පස්සේ කාලෙක ලංඩනයේ හිටපු රසායනඥයෙකු වන බෝල්මන් කොන්ඩි MnO2 සමග NaOH රත් කරලා හදනවා සංයෝගයක්, ඔහු දැනගන්නවා මේ සංයෝගයට ජලයේ තියෙන විශබීජ විනාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනව බව.💊 ඔහු ඒ සංයෝගය කොන්ඩිස් ද්‍රවය(Condy's fluid) නමින් විකුණන්න පටන් ගන්නවා.

ඒත් මුහුණ දෙන්න උන ප්‍රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්‍රතික්‍රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්.😍 මේ පොටෑසියම් ප'මැංගනේට් කැට කොන්ඩිස් කුඩු(condy's powder) සහ කොන්ඩිස් කැට(condy's crystals) යන නම් වලින් ඒ කාලේ අලෙවි වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ KMnO4 වලට කොන්ඩිස් කියන නම් එන්නේ කොහොමද කියලා.🙃 Condy ගේ කැට නැත්නම් Condy ගේ කුඩු නමින් අලෙවි උන සංයෝගය තමා අපි මෙ KMnO4 හෙවත් කොන්ඩිස් කියලා භාවිතා කරන්නේ.

මේ කොන්ඩිස් වල ප්‍රයෝජන රාශියක් තියෙනවා...👍

ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්‍යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක..👇

2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)

#facts
✍🏻 Sameera sir
https://t.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍2🔥2👌1
පාඩම් කරන එක කල්දාන අය අනිවාර්යයෙන්ම කියවන්න..

පාඩම් කරන්න හදනකොට ඔයාලා හැමෝම හිතන දෙයක් තමයි 'අද ඕන නෑ, හෙට ඉඳන්ම සුපිරියටම වැඩ කරනවා' කියන එක. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයි මාත් එහෙම ඕන තරම් හිතලා තියෙනවා.

හැබැයි ඔය හෙට කියන දවසෙ ලේසියෙන් එන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ..

ඉතින් අද මං ඔයාලට කියන්නෙ එහෙම නොවී පාඩම් වැඩ ටික කරගන්න මං පාවිච්චි කරන tips ටිකක් ගැන. ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

‼️Timetable එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව, කන බොන වෙලාවල් තියලා ඒක හරියට හදාගන්න.

‼️
Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑ හරි, එදා දවසෙ උදේට හරි ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න. Sticky note එකක් පාවිච්චි කරන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න. අනිවාර්යයෙන්ම කරන්න.

‼️
හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් ''ආ තව ටිකකින් පටන් ගන්නවා''' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා'' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

‼️
වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අනික ඔයාලා කල්දාන වැඩ අන්තිමට කෙරෙන්නෙම නෑනෙ..

‼️
පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤56👍5🔥1
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න...

😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.

🤓 කියවීම පුරුද්දක් කරගන්න.

😋 සීනි ප්‍රමාණය අඩු කරන්න.

📲 Phone පාවිච්චිය අඩු කරන්න.

☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.

🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.

🎤 සින්දුවක් කියන්න.

⏳ Time management technique පාවිච්චි කරන්න.

😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.

🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.

🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.

😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

🫰 සුභවාදීව සිතන්න.

🥡 ඔයාටම කාරුණික වන්න.

🐻 ව්‍යායාම කරන්න.

💪 Stretching ටිකක් කරන්න.

🧘‍♂️ භාවනා කරන්න.

🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න.

🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.

🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.

💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.

☕️ තේ කෝප්පයක් බොන්න.

🍫 Dark චොකලට් කෑල්ලක් කන්න.

☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.

🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.

ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

#Facts #Share ©️Study with Gimi ☺️

https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤32👍3🔥2
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7🔥1💯1
⏰ මිනිත්තුවේ රීතිය

අපගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අප විශාල මානසික පීඩනයකට ලක් වේ.ඊට ප්‍රධානතම හේතුව නම් කාලය වේගයෙන් ඉගිලී යන අතර අපගේ වැඩ ඉබි ගමනින් යෑමයි .

ඉතිං අපට කාලයත් සමග යම් කිසි මට්ටමකින්වත් තරඟයේ යෙදීමට නොහැකි නම් අපට හිමි වන්නේ පසුතැවීමක් හා මානසික ආතතිය විතරමයි.

ඒ නිසා, අප වැඩක් කිරීමට එහෙ මෙහෙ යන අතරතුර අපට මිනිත්තුවක් තුල කළ හැකි කිසියම් කාර්යයක් තිබේ නම් එය අවසන් කළ යුතුයි.

මුලින්ම මේක මොන පිස්සු වැඩක්දැයි සිතෙන්නට පුළුවන්.නමුත් අප එහා මෙහා යන විට අපට මිනිත්තුවක් තුල කළ හැකි වැඩ කෙතරම් තිබේදැයි පෙනෙයි.ඒවා එකින් එක අවසන් වුනොත් අප අවට නිකම්ම පිළිවෙල වී අපගේ මානසික නිදහස ලැබෙන්නට පටන් ගනී.

මිනිත්තු⁣වකින් කරන්නට පුළුවන් වැඩ ගොඩ ගැසී වැඩ කන්දක් නිර්මාණය වී ඇති බව එවිට ඔබට පෙනී යයි. ඔබ එහා මෙහා යන විට ගෙබිම කිසියම් දෙයක් වැටී ඇති නම් මිනිත්තුවක් තුල ඔබට එය නියමිත ස්ථානයක තැබීමට පුළුවන.සේදු රෙදි ⁣ඇත්නම් ඒවා පිළිවෙලකට සකස් කළ හැකිය.⁣

ඉතිං මිනිත්තුවක් වැය වන කිසිදු කාර්යයක් වෙනත් වේලාවක කරන්නේ යැයි සිතා කල් නොදමන්න.සිදුවන වෙනස ඔබටම වැටහේවි.
#motivation #facts
➡️ T.me/AL_api
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.

ඒවා නම්.....

➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම

➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම

➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)

➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම

➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම

➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම

➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.

➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම

මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.

මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි.  මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.

කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?

මොළයේ රසායන විද්‍යාව  මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.

මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.

නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8

❤21🔥3🥰1💘1