♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.76K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Dukama Vindala - Ruwan Hettiarachchi [www.hirutv.lk]
Hiru Life Music
දුකම විඳලා ඔයා හින්දා
තවම නෑ මන් සතුට ලබලා
සිතම රිදවා ගියා කියලා
ඔබට නෑ මන් වෛර කරලා

කලබල වෙලා පුංචි දේටත්
රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියා නම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා

මතක අතරින් පෙනෙනවා
ඔබ ගියපු දුර දමා
එවිට කඳුළක් වැටුනෙ දෙනෙතින්
ඉන්න බැරි තැන ඉවසා

කලබල වෙලා ..//

තවම එලෙසින් තියෙනවා
ඔබට ගැති සිත සදා
දිනක නැවතත් එන්න හැකි නම්
මගේ සෙවනට පියඹා

කලබල වෙලා පුංචි දේටත්
රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියා නම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා

දුකම විඳලා ..//

කලබල වෙලා පුංචි දේටත්
රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියා නම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා

#DukamaVidala
#RuwanHettiarachchi

@SinduPotha
❤4👍3
ආදර පිටපතක් ලිව්වා......
Daily Fighter
ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව

ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
ඒ මියගිය ප්රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්රේමයට පණ එන්න

මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා
තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා
යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා
ආයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා

ආසයි පවසන්න ..//

නම් දෙක ලියලා තැන් තැන්වල අපි අපේ වෙන්න පතලා
හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුණා
තනිකම ජීවිතයට ළංවී දැන් එයටම පුරුදු වෙලා
නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා

ආදර පිටපතක් ලිව්වා ..//

ආසයි පවසන්න..//

ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
ඒ මියගිය ප්රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්රේමයට පණ එන්න . . .

#AdaraPitapathak | #AsayiPavasanna
#DimankaWellalage

@SinduPotha
❤8😁4🤩2
Nidukin Inumana- Dimanka Wellalage Feat Kapilan Kugavel
Amusync Entertainment
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා

මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා

දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා

රණ්ඩු කරගෙන යාළු වෙන්නට
හිටියෙ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
දැනෙන තනිකම අපමණයි

ඉස්සර මතකෙන් යන්න හැදුවත්
යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
ඉන්න බැරි තැනමයි

දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
දැනෙන දුක අහසට සමයි
හංඟගෙන තව ඉන්න බෑ මට
ඔබට ගැති සිත අසරණයි

කොච්චර සතුටින් ඉන්න තිබුණත්
ඉන්න බැරි ඔබටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
රත්තරන් ඔබමයි

නිදුකින් ඉනු මැන ..//

මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා

දිනෙක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා ..//

#NidukinInumana
#DimankaWellalage

@SinduPotha
❤13❤‍🔥1👍1
බට දොඹ කැලේ - චාමර රනවක | Bata Doba Kale - Chamara Ranawaka
Hits Old's Sinhala
බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ

වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

පොඩි ලේණා කෑ ගහන සද්දෙට වඩා..
උඹේ ගේ වටේ කොල්ලෝ සිරි බිරි ගගා..
ඉන්නවා බලා මුහුණ මගේ රැලි වුනානේ..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා

නැදැයෝ ඇයි මන්දා විරසක වේලා..
මං උඹව දැක ගත්තේ කල් පහු වෙලා..
ගිනි වතුර මම බොන්නේ උඹ ගැන හිතානේ..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..

බට දොබ කැලේ වතුර ඇති පොඩි ලිදේ
වදමල වගේ උකුලේ පොඩි මැටි කලේ
වන බබරු කැරකෙනවා ගොඩපර කැලේ
පොඩි නැනේ මං නුබගේ ලොකු මස්සිනා..////
#BataDombaKale
#ChamaraRanawaka

@SinduPotha
👍4❤1🔥1
Dakina Dakina | දකින දකින | Kushani Kavindya ft Dulan ARX | Official…
Aryans Music
ඔය සිනා මා සිතේ, පෙම් හැඟුම් යා කලා
මෘදු නුරා මාරුතේ, පාවුනා මත් වෙලා
ඉඟි කලාදෝ හිතේ, මොනවදෝ හංගලා
මිරිඟුවක් සේ නෙතේ, පැටලිලා ළං වෙලා

ඒ දකින, දකින, දකින සිහිනේ හිඳින්නේ ඔයා
ඇස් කොනින් මා දිහා ඇයි බලන්නේ ඔයා
ඒ දැනුනු, දැනුනු, දැනුනු හැඟුම විඳින්නේ මෙමා
දැන් ඉතින් පෙම්බරෝ මට කියන්නකෝ නුඹේද මා

ඇඹලයෙක් මං
පැණි මුට්ටියකට වැටුණ
තව, තව මත් වෙලා ගිලෙයි දැං
ගොඩගත්තට ගොඩ නොඑන

ලව් සන්නිපාතේ හැදිලා
මම බිව්වෙත් නෑ
ඒත් වැදිලා
මට්ටු වෙන්නෙත් නෑ

රෑක වැටුණු වලට දවාලේ
ආයෙම, ආයෙමත් ඔන්න බං පැනලා
මම සීරුවෙන්
හිත ඇතුලෙන් නටන්නේ යකා

දුර දිග නොබැලුව විහිලුවෙන්
නුඹේ හිත රිදුණාද නගා, න-නගා
බොරු චාටු නෑ
මම නාහෙට නාහන එකා

ඔයා එනවානං ඉතිං කාරි නෑ
හඳ පානෙම යමුද නගා, න-නගා

ඒ දකින, දකින..//

ඒ දැනුනු, දැනුනු..//
ඔය සිනා මා සිතේ, පෙම් හැඟුම් යා කලා
මෘදු නුරා මාරුතේ, පාවුනා මත් වෙලා

ඉඟි කලාදෝ හිතේ, මොනවදෝ හංගලා
මිරිඟුවක් සේ නෙතේ, පැටලිලා ළං වෙලා

ඒ දකින, දකින..//

ඒ දැනුනු, දැනුනු..//

ඒ නුඹේ පෙම
දැන් නුඹේද මා
ඒ නුඹේ පෙම
ඒ නුඹේ පෙම
දැන් නුඹේද මා
ඒ නුඹේ පෙම
#DakinaDakina
#KushaniKavindya |#ftDulanARX

@SinduPotha
❤2🤩2
Laa Sanda - ලා සඳ | Sasara Kinnaravi | @Sri Lanka Rupavahini
Sri Lanka Rupavahini
ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

සුළං රැලක හෙමි හෙමින් පාව එන
මල් පෙත්තක රැඳි නුඹේ සුවඳ පොද
අසුරු සැණින් ලද එකම ඇසිල්ලක

මගේ කොපුල් තල මතින් තියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ඔබත් මමත් එක හිතින් සිනාසුන
එකම අහස යට එකම වෙරළ කොන
පුරුදු හැඟුම් මුළු හිතින් දරාගෙන
එදා කතාවම යළිත් ලියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

#LaaSanda
#RidmaRanganaPerera

@SinduPotha
❤4👍2
Irthuwak Wee Nam Man (ඍතුවක් වී නම් මං) Tharindu Bandara Official…
TB Recordz
පෙම් දුක් ඇතී
මේ හිතේ ලියැවුනූ
ඒ මගතොටේ
ඔබ තමයි හමුවුනූ

ඍතුවක් වී නම් මං
ඔබ සුළඟ වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා..//

පාට තොල් ඈගේ
ආලේ මවයි
ආලේ ඈගේ මතින්
මා මත් කරයි

හිනාවෙන් පාන රූපෙ මේ
ආදරේ පාන රූපේ ඒ
ඉඩෝරේ ආයෙ නාවදෙන්
මේ භවේ

පෙම් දුක් නැතී
මේ හිතේ ලියැවුනූ
ඒ මගතොටේ
ඔබ තමයි හමුවුනූ

ඍතුවක් වී නම්..//

ඍතුවක් වී නම් ..//

පාළු මේ යාමේ
මාගේ ලඟයි
ආයේ ඇයගේ හිතින්
මා පෙම් කරයි

සරාගී පාන රූපෙ ඒ
හමාවී වයන තනුව මේ
ඉඩෝරේ ආයෙ නාවදෙන්
මේ භවේ

පෙම් දුක් නැතී
මේ හිතේ ලියැවුනූ
ඒ මගතොටේ
ඔබ තමයි හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළඟ වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළඟ වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා..//
#IrthuwakWeeNamMan
#TharinduBandara

@SinduPotha
❤11👍2😁2🤩1
වස්සානයට අතවනල ....
Dinush Kumara
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද් යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී..//


හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී...

තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී...

වස්සානයට ...//

වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී...

වස්සානයට ...//

ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි....

#VassanayataAthaVanala
#UmariyaSinhawanshe

@SinduPotha
👍4🥰2
Andara Yaye Karaoke (without voice) අන්දර යායේ වැව්තාවුල්ලේ
Sinhala Music Tracks
අන්දර යායේ ,වැව්තාවුල්ලේ

සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට ,කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...
අන්දර යායේ, වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට, කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා..
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ, වැව්තාවුල්ලේ

සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට, කෙතේ නිලයි
ගහ වැලේ මලයි, මට අප්පච්චී...
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...

අන්දර යායේ වැව්තාවුල්ලේ

සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි

ගහ වැලේ මලයි මට අප්පච්චී...
#AndaraYaye
#KarunarathnaDivulgane

@SinduPotha
❤13👍6🥰1
Diviyama Wage | Chamara Weerasinghe | Flashback | දිවියම වාගේ |…
SANDISA _Production
දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ

මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ.
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ

බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..

දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි

පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
#DIwiyamaVaage
#ChamaraWerasinhe

@SinduPotha
❤8👍2🔥2
Awasaana Premayayi - Dimanka Wellalage
Music Plus Records
අවසාන ප්‍රේමයයි මාගේ..
නෑ පතන්නේ කෙනෙක් ආයේ..
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ..
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා..
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

ඔබේ මත්තේ නැහිලා නැහිලා..
මගේ හිත දැන් නොමැරි මැරිලා..
හදුනන්නෙ නෑ අයේ ඔබ මා..
මතක පොත දැන් හොදට පිරිලා..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

අවසාන ප්‍රේමයයි . . . .

#AwasanaPremayai
#DimankaWellalage

@SinduPotha
❤6👍1
Dimanka Wellalage - Kiyambu lathawe (කියඹුලතාවේ) Official Music…
Dimanka Wellalage
කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා...
සිතඟි බඳුන බිඳුනා... පපුවෙ පුලිඟු දැව්නා...
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා...

නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා...

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
#KiyambuLathave
#DimankaWellalage

@SinduPotha
❤8👍3🔥1
Ridee Paata(රිදී පාට) Official Music Video
Lakshman Hilmi
රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා


විදින වේදනා මදිමට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇව්ලුණා
විදින වේදනා මදිමට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇව්ලුණා
පිරි ඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
බලා උනුමි අසරණ වි කදුලු සගවලා


රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා


නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි


රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා

#RideePataKalaPathudu
#LakshmanHilmi

@SinduPotha
❤8
Mathaka Thiyaganna - මතක තියාගන්න - Sandeep Jayalath | Official…
Athaa Creations
Song Name : Mathaka Thiyaganna (මතක තියාගන්න)

(✿◕‿◕✿)

ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව
#SandeepJayalath
#Songs
#Lyrics

@SinduPotha
❤6👍4❤‍🔥2🤩2
Ahinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage | Kapilan Kugavel | Official…
Amusync Entertainment
Song Name : Lengathu Kamin Huru-Ahinsakavi අහිංසකාවී

(✿◕‿◕✿)

ලෙංගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ

පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුණේ තොටිල්ලකින් නලවන සේමා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල් කූඩ අත දරා
පින්තූර ජවනිකා
රඟන්න වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා
රූ වාසනාව කැන්දලා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මන්තීරු පැටලෙනා
පින්තාරු ප්රහෙලිකා
අගේට තෝරගන්න එන්න පේවෙලා
මා හාදුවෙන් ම දෝවනා
ඒ කාරණාව තේරුණා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී...
#DimankaWellalage
#Songs
#Lyrics

@SinduPotha
❤19👍2😍1
Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි) - Nadee Senevirathne…
Sirasa FM
Song Name : Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි)

(✿◕‿◕✿)

මං කවුළුව හැර තබාවි
ඇය සේල පලස එලාවි
පිණි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි

සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි

කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..
කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි...
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි.
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි..//
#ChandanaLiyanarachchi
#songs
#Lyrics

@SinduPotha
❤22👍5🕊1