♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
Achala Hithak (අචල හිතක්) | Oshada Akash New Song | Official Music…
Evoke Music
Song Name : අචල හිතක් | (Achala Hithak )

(✿◕‿◕✿)

සතුටින්ම ඉන්න කීවේ
දුක දීලා යනගමන්
නුඹ කියූ ආදරේ යලි අරන්

නොහිතන්න එන්න පෙරසේ
හිනැහීලා ආයේ නම්
රැවටෙනූ බෑ හිතේ නුඹ තියන්

නැතුවත් ඉතින් දැනුනේ මාගේ හිත මේ
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා

අචල හිතක් නැති නුඹ ගාව
නතර උනේ මා රැවටී
චපල උනත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

අචල හිතක් නැති නුඹ ගාව
නතර උනේ මා රැවටී
චපල උනත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී

මතකයි අද වගේ
මුණ ගැහුන මුල්මදා අපි
ඇඳී තිබුනෙ නුඹගේ රුවමයි හිතේ

එකටයි ජීවිතේ
දුර යන්න සැරසුනේ බැඳී
මගින් නතර වූයේ නුඹමයි එසේ

නැතුවත් ඉතින් දැනුනේ
මාගේ හිත මේ
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි හිතුවේ මා එදා

අචල හිතක් ..//

කඳුලයි හැම වෙලේ
තනිමැකුවෙ මා ලඟින් රැඳී
එදා දුන්නෙ නැත්තේ සිත ඇයි මගේ

රිදුමයි හදවතේ
මට පෙන්නු ආදරේ හැටී
ඒත් මා පැතූවේ සතුටයි නුඹේ

අචල හිතක් ..//

#OshadaAkash
#Songs
#Lyrics

@SinduPotha
👍5
🎙Song Name : Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani

(✿◕‿◕✿)

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්
උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ
නුඹ නැති මගෙ ලෝකේ
මේ හිස් අවකාශේ
නෑසේවි මේ ගීතේ
නුඹ වෙනුවෙන් ලිව්වේ
නුඹගෙන් සගවන්නේ
මා සරලව ලීවේ
සිඟිතිය මනසට කවිපද බර වේ
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
මා හොයනවා සොඳුරිය
මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්‍රිය
අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමයෙ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමණීය විෂඝෝර විකාරය
යේහ්, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
Like a Vacuum In My Soul, Baby How You Could Be Gone
ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුඹ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි
දෙදහස් විසි එක ආදරේ විපතයි

නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
එදා ඇබ්බැහියක් වුණු පෙමක්
අද මගේ මතකේ ශේෂයේ
නොමැරුනා හදවතක් ඉවසුවා

ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
ඇවිදන් ඇවිදන් යනවා
මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා
මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්
උහුලන් නෙතු අග කඳුලේ
නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුඹේ දෙතොලේ
මගෙ නම නොතියෙන දවසක් එනකම්.....//

#Raps #SinhalaRaps #Songs #Lyrics
#Yohani

@SinduPotha
👍15❤14💘2
මායම් තරු රෑනේ බැල්මේන් මිදී | mayam tharu rane balmen midi | Cover…
Dilshan Maduranga
🎙Song Name : මායම් තරු රෑනේ | Mayam Tharu Renee | Amal Perera

(✿◕‿◕✿)

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නෑයක් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී

සීතාවියක් හින්ද රෑ නෑ නිදී...
ඔබ හිංදයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී...

කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවද අකුරින් ලියාදුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදාද ඉටුවන්නෙ මේ ප්‍රාර්තනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

මායම් තරු රෑනේ ...//

සීතාවියක් හින්ද රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැදී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිසෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා

දැනගත්ත දා ඈත වෙන් වී ගියා ඉතින්
හැමදාම විදවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා

මායම් තරු රෑනේ...//

#AmalPerera
#Songs
#Lyrics

@SinduPotha
❤31👍14🕊1
Sindee Bindee Adare - Kaveesha Kaviraj (සිඳී බිඳී ආදරේ - කවීෂ කවිරාජ්)
SL SOUND HACK
Song Name : Sindee Bindee Adare -සිඳී බිඳී ආදරේ

(✿◕‿◕✿)

සිඳීබිඳී ආදරේ සිතේ පැතුම් පාකෙරේ සුරගන ඈකෙරේ ඇත මගෙ ආලේ
දෑත විදා මාකෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
ආදරකතා බොරු ගොඩක් වෙලා
සිතිවිලිබබා දැන් වෙනස් වෙලා
ළඟනැති හින්දා ළඟනැති හින්දා

හසරැලි පවා දුක්ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුක වැඩි හින්දා..//

දහාස් වරක් සිතින් හඩා රැයක් පුරා සුසුම් හෙලා බෝමා කදුලැල් බෝමා
ඒ ඔබේ නෙතින් වෑහෙනා කඳුළු බිඳක් වාසනා වේවා ඔබට වේවා මටකියන් ලදේ කාරනේ දුරස් උනේ ආදරේ
නලලට තිලකේ නැතිද තියන්නේ

ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ..

මේ අනන්ත වූ ප්‍රේමෙ පුරා දරන්න බැරි වේදනා බෝමා
සිතේ බෝමා
ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා ආවා
මාවෙත ආවා

මට කියන් ලදේ කාරනේ දුරස්උනේ ආදරේ නලලට තිලකේ නැතිද තියන්නේ
ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ

සිඳී බිඳී ආදරේ..//

ආදර කතා බොරු ගොඩක් වෙලා
සිතිවිලි බබා දැන් වෙනස් වෙලා
ළඟ නැති හින්දා ළඟ නැති හින්දා
හසරැලි පවා දුක් ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුකවැඩි හින්දා දුකවැඩි හින්දා


#kavishaKaviraj
#lyrics


@SinduPotha
❤12👍5
නෑසුනා
Smokio ft. Dinesh Gamage
Song Name : නෑසුනා | Nasuna by Smokio ft. Dinesh Gamage

(✿◕‿◕✿)

රුව නෙතග ගැටුනු දා දැනුනු
හැගුම හද පුරා
ඔය නෙතබ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිදිමි නුබේ ලග මෙමා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම තේරිලා
නුඹ ගෙන ගිය හිත මහිත මහිත මා

මහිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලිත් දෙනුවන් හඩාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී

එන්න පමාවී මත් වෙන්න මනාලී
ආදර අමුර්තේ තෙමෙමු මනාලී
ආයෙත් හිද ගන්නේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම

අදරේ වැඩ්වෙලා
තවත් කවදාවත් නෑ ඇතිවෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගේ මගේ පාලනේ නැති වෙලා

ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉදං මං රාගය පැටලිලා
ඔය උන්මාදයෙන් නැලවිලා
කොහොමද ඉන්නේ කාමයෙක් වැලකිලා

නෑසුනා....//
නෑසුනා....//


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Song
#Lyrics
#sinhalaRap #Rap
#Smokio #DineshGamage

@SinduPotha
❤13🔥3👍2⚡1🤩1
Rahasak (රහසක්) | Harshad Ibrahim ft. H
🎙Title: රහසක් තියේ සුන්දර - Rahasak Thiye Sundara

(✿◕‿◕✿)

දිලිසී දිලිසී හදසේ සිනාසී
ඇසිපිය මගේ නවත්වනා සුරූපී
දෙව්දූ විලාසී ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී

රතු පැහැ තැවරූ දෙතොලේ
ඔබ යටහුරුමුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ

නෙතු බැමි නටවන තාලේ
දුටු දුටු විට මා සසලේ
යටපත් කරන්න බැරි හැගුමේ

රහසක් තියේ සුන්දර...
හිතයට මගේ පෙම්බර...
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර...

ලස්සන... හින්දද දැක්කම...
මට අහන්කාරකම් පාන්නෙ
ඉතින් ඔච්චර...

තිස්සෙම... මැවි මැවි දිස්වෙන...
නුඹ පතා ඉන්නෙ ආදරේට
තමයි මෙච්චර...

රතු පැහැ තැවරූ දෙතොලේ...//

දුටුවම නිලංකාර උන ඇස් දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තවකොහොමද
ගනංකාර කම් පෑවට

කෙල්ලෙ මටොඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බදිමුද අද හෙට ගෙල වට තැල්ල

ගස්සනා ඉග සුග පද්දන...
ඔය දාංගලේ ඉලන්දාරියෙක් අවුස්සන...

වස්සන සිතුවිලි වැස්වෙම...
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන...

රතු පැහැ තැවරූ දෙතොලේ...

රහසක් තියේ සුන්දර
හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Song
#Lyrics
#HarshadIbrahim

@SinduPotha
👍16❤6👎1😍1
සමාජ ධර්මය | King Maliyez
King MaliYez
සමාජ ධර්මය Samaja Dharmaya
By King MaliYez


#Rap #SinhalaRap #Song
#KingMaliYez

හොදයිද කියාගෙන යමු... 😊
කමෙන්ට් එකක් දාගෙන...😊
Wassanayata Atha wanala|Animation Music Video |AMV|CGI|Umara|වස්සානයට…
Noise Addicts
Song Name : Wassanayata Atha wanala|Animation Music Video |AMV|CGI|Umara|වස්සානයට අත වනලා😍❤️

(✿◕‿◕✿)

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී...

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී...

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී...
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී....

තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී...
වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී...

වස්සානයට අත වනල ..//

සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී...
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි...

වස්සානයට අත වනල ..//


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#UmariyaSinhawansha
#Songs
#Lyrics

@SinduPotha
❤13👍9🔥3🤩1
Prageeth Perera - Rosa Mal Kumariye (Off
🎙Title: රෝස මල් කුමාරියේ Rosa Mal Kumariyee

(✿◕‿◕✿)

විකසිත චේතනාවක...
ඔබ හා මා සැදෑවක...
දොඩමළු වුන අතීතය...
මගෙ මතකේ තියාගෙන...
කල් ගෙවනව හැරෙන්නට...
වෙන නෑ විසඳුමක් අද...
ගත වූ ඒ කාලේ අවිහින්සක...
පෑයූ සඳ වාගෙයි පසළොස්වක...

රෝස මල් කුමාරියේ...
ඔබ මට මැවිල පෙනෙන්නේ...
මොන හේතුවටද නෑ වැටහෙන්නේ...

හෝ අපි වැරදි වෙලාවේ...
සමහර තීරණ ගත්තේ...
ඒ හින්දයි හිත කරදර වෙන්නේ...
නැගෙනා ගිනි දැල්මෙන්...
මනසේ තැවෙනා මාගේ...
වේදනාවට...
ඔබ මකුළු දැලෙන් නවතාගෙන...
මම මොනව ඔබෙන් අරගන්නද...

රෝස මල් කුමාරියේ...//

නොදොඩා ඉන්නම් මං...
ලොවටම හඬගා ඔබගේ...
රංගනේ ගැන...
හිත මිතුරු සුලං වෙනදා ලෙස...
ඔබ කොහෙද කියා අසනා විට...

රෝස මල් කුමාරියේ...//

•─ 👻 ⃝ 👀

#Lyrics
#Song
#Prageethperera

@SinduPotha
❤16👍2
Poruwa (‍යම් දිනක) - Milinda Sandaruwan
❤12👍1🥰1
Athaherala Oba ( අතහැරලා ඔබ ) - Ashan Fe
🎙Title: අතහැරලා ඔබ - Athaharala Oba

(✿◕‿◕✿)

පෙර කෙරූ පවට මගේ...
නිමා කරදා ඇසුර අපේ...
කඳුළු පුරවා ඔය දෙනෙතේ...
ලොකු වැරැද්දක් මම කෙරුවේ...
මේ ලොවේ හැම අතරේ...
මාව තේරුම් ගෙන පණ සේ...
එක කෙනයි මට හිටියේ...
ඇත්තමයි ඔබමයි ඒ...

අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී...
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී...
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...

මන් මුලා කරමින්...
මහා මුසා කියමින්..
නිදහස මා විඳපූ තරම්...
කිහිප වතාවක් මා සිහි කරලා...
ලොවට හොරා අද පසු තැවුනා...

අතහැරලා....//

ලං වෙන්න නැවතත්..
මා පෙරුම් පිරුවත්..
රිදවන්න බෑ තවත් හිතක්..
මේ භවයේ ඉමු අපි ඉවසා..
මතු භවයේ අපි වෙන්න පතා...

අතහැරලා...//

•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#AshanFdo #PrageethPerera

@SinduPotha
❤12👍2😱1🎉1🕊1
Sapak Gamutha Lyrics Video | සැපක් ගමුත
🎙Title:ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී (සැපක් ගමුතේ) - Lesi Gamana Vasi Thol Deka Peni Doosii Dosii (Sapak Gamuthe)

#SinhalaRap #Rap #Song
#OrimixEn
❤13👍2🔥2🎉2
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
🎙Title:ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී (සැපක් ගමුතේ) - Lesi Gamana Vasi Thol Deka Peni Doosii Dosii (Sapak Gamuthe) #SinhalaRap #Rap #Song #OrimixEn – Sapak Gamutha Lyrics Video | සැපක් ගමුත
🎙Title:ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී (සැපක් ගමුතේ) - Lesi Gamana Vasi Thol Deka Peni Doosii Dosii (Sapak Gamuthe)

(✿◕‿◕✿)

සැපක් ගමුතේ...

සද්දෙ දාල බැස්සේ කොල්ලෝනෙ ගමේනේ...
සගක් දාල ස්ටයිලේ අපි යන්නෙ මස්සිනේ...
පාරෙ යන්නෙ නෑනෙ කෙල්ලො ටෝක්
කරන්නේ...
ඉන්න දෙන්නෙ නෑනේ ඇති කෙල්ලෙක් මේ පුරුශ හිංසනේ...

සැපක් ගමුතේ...

අනෙ අම්මො එපා ප්‍රේමෙ නැතුව
දිවියේ සැප කනේ නේ එතකොට
Imo එපා මිතුරේ Fb හොදයිනේ...

බොම්බයි මොටයි
ආලේ මුලින් රහයිනේ...
පසුදා වාද පැකට් වෙනකොට ඇරෙයි වක්කඩේ...

සැපතේ විපතෙ කියා..
මිතුදම් අපෙ අපතෙ නොයා..
බොක්කට බොක්ක වෙලා...
ඉම්නෙ යාලුවේ...

ට්‍රැවලින් ලයිෆ් කියා...
කලකදි අපි වටේ ගියා...
අද ලොක් ඩවුන් වෙලා..
ඉන්නෙ පාලුවේ...

ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී..
දෙවගනක උනත් කෙල්ලනෙ හෙන මරිසී මරිසී...
රටකාල වතුර බීපු නාරි
කපටී කපටී..
රස වින්ද පවට කරගහන්න බෑනේ
කන්ඩම් බන්ඩී...

සැපක් ගමුතේ...//

බැඳෙන වරදෙ
ගෙවන්නැ මං දිවිය අදුරෙං
හොදට යන්න තියෙන තියෙද්දි
මොකටද බන් යන්නෙ අතුරෙන්

Whatsapp ද Imo ද ෆන් එක ගමුත
අහන්නෙ කොදුරෙන්
වැඩක් නැ කුඹුරෙන්
හාන එකෙක් හාපුදෙන්
බේරෙන්නෙ ගොදුරෙන්

බ්‍රහ්මචාරි පතන් ගැනු නොපතන්
ගැලවෙන්න බැනෙ යක්කුන්ට හපන්
යන්නොනෙ කපන්
ආතල්ම පතන්
අහක යක ෆන්
ගතහැකි වඩන්

යංක මූනු වංකගිරිය
වංක කොල්ලො ගන්නෙ බිලිය
සැපට කැපම දේව දරුවො
කපටි කෙල්ලො අපිට කෙළිය

සැපක් ගමුතේ...//

#Lyrics
#Song
#OromixEn

@SinduPotha
👍22🔥5❤4👌4❤‍🔥2😍1
Matath Gassala (මටත් ගස්සලා) - Shenu Kal
🎙Title: Matath Gassala (මටත් ගස්සලා)

(✿◕‿◕✿)

හිනාව කෝ දැන් ඔය සුදු මූනේ
කතාව කෝ ඉස්සර වගෙ නැහැනෙ
ලතාව කෝ ඉග සුග පැද්දිල්ලේ
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ

මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා
මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා
තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බදින්නේ මැනිකෙට ආල පාන්නේ //

ආලකම් අරන් හීනෙට පාට ගෙනාව
කෝලකම් මවන් හිත ලග එතෙයි කතාව
රූප සුන්දරී නුබ මට නැද්ද මනාප
ආදරේ අරන් දවසක ඉමුකො පතාන
මටත් ගස්සලා .....
තාල ඇහෙන්නේ......//

හාදකම් මවන් මං හිත ලගින් තියාන
ආදරේ කරන්නම් ඔබ දිහා බලාන
කාරණා හොයන්නෑ මං ඇයිද කියාන
ඉනාවක් වෙලා මටනම් ඔබේ හිනාව
මටත් ගස්සලා .....

හිනාව කෝ දැන් ඔය සුදු මූනේ
කතාව කෝ ඉස්සර වගෙ නැහැනෙ
ලතාව කෝ ඉග සුග පැද්දිල්ලේ
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ

මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බදින්නේ මැනිකෙට ආල පාන්නේ //


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#shenuKalpa

@SinduPotha
❤24👍6