♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
සමාජ ධර්මය | King Maliyez
King MaliYez
සමාජ ධර්මය Samaja Dharmaya
By King MaliYez


#Rap #SinhalaRap #Song
#KingMaliYez

හොදයිද කියාගෙන යමු... 😊
කමෙන්ට් එකක් දාගෙන...😊
Prageeth Perera - Rosa Mal Kumariye (Off
🎙Title: රෝස මල් කුමාරියේ Rosa Mal Kumariyee

(✿◕‿◕✿)

විකසිත චේතනාවක...
ඔබ හා මා සැදෑවක...
දොඩමළු වුන අතීතය...
මගෙ මතකේ තියාගෙන...
කල් ගෙවනව හැරෙන්නට...
වෙන නෑ විසඳුමක් අද...
ගත වූ ඒ කාලේ අවිහින්සක...
පෑයූ සඳ වාගෙයි පසළොස්වක...

රෝස මල් කුමාරියේ...
ඔබ මට මැවිල පෙනෙන්නේ...
මොන හේතුවටද නෑ වැටහෙන්නේ...

හෝ අපි වැරදි වෙලාවේ...
සමහර තීරණ ගත්තේ...
ඒ හින්දයි හිත කරදර වෙන්නේ...
නැගෙනා ගිනි දැල්මෙන්...
මනසේ තැවෙනා මාගේ...
වේදනාවට...
ඔබ මකුළු දැලෙන් නවතාගෙන...
මම මොනව ඔබෙන් අරගන්නද...

රෝස මල් කුමාරියේ...//

නොදොඩා ඉන්නම් මං...
ලොවටම හඬගා ඔබගේ...
රංගනේ ගැන...
හිත මිතුරු සුලං වෙනදා ලෙස...
ඔබ කොහෙද කියා අසනා විට...

රෝස මල් කුමාරියේ...//

•─ 👻 ⃝ 👀

#Lyrics
#Song
#Prageethperera

@SinduPotha
❤16👍2
Poruwa (‍යම් දිනක) - Milinda Sandaruwan
❤12👍1🥰1
Athaherala Oba ( අතහැරලා ඔබ ) - Ashan Fe
🎙Title: අතහැරලා ඔබ - Athaharala Oba

(✿◕‿◕✿)

පෙර කෙරූ පවට මගේ...
නිමා කරදා ඇසුර අපේ...
කඳුළු පුරවා ඔය දෙනෙතේ...
ලොකු වැරැද්දක් මම කෙරුවේ...
මේ ලොවේ හැම අතරේ...
මාව තේරුම් ගෙන පණ සේ...
එක කෙනයි මට හිටියේ...
ඇත්තමයි ඔබමයි ඒ...

අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී...
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...
අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් හා රැදී...
පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...

මන් මුලා කරමින්...
මහා මුසා කියමින්..
නිදහස මා විඳපූ තරම්...
කිහිප වතාවක් මා සිහි කරලා...
ලොවට හොරා අද පසු තැවුනා...

අතහැරලා....//

ලං වෙන්න නැවතත්..
මා පෙරුම් පිරුවත්..
රිදවන්න බෑ තවත් හිතක්..
මේ භවයේ ඉමු අපි ඉවසා..
මතු භවයේ අපි වෙන්න පතා...

අතහැරලා...//

•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#AshanFdo #PrageethPerera

@SinduPotha
❤12👍2😱1🎉1🕊1
Sapak Gamutha Lyrics Video | සැපක් ගමුත
🎙Title:ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී (සැපක් ගමුතේ) - Lesi Gamana Vasi Thol Deka Peni Doosii Dosii (Sapak Gamuthe)

#SinhalaRap #Rap #Song
#OrimixEn
❤13👍2🔥2🎉2
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
🎙Title:ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී (සැපක් ගමුතේ) - Lesi Gamana Vasi Thol Deka Peni Doosii Dosii (Sapak Gamuthe) #SinhalaRap #Rap #Song #OrimixEn – Sapak Gamutha Lyrics Video | සැපක් ගමුත
🎙Title:ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී (සැපක් ගමුතේ) - Lesi Gamana Vasi Thol Deka Peni Doosii Dosii (Sapak Gamuthe)

(✿◕‿◕✿)

සැපක් ගමුතේ...

සද්දෙ දාල බැස්සේ කොල්ලෝනෙ ගමේනේ...
සගක් දාල ස්ටයිලේ අපි යන්නෙ මස්සිනේ...
පාරෙ යන්නෙ නෑනෙ කෙල්ලො ටෝක්
කරන්නේ...
ඉන්න දෙන්නෙ නෑනේ ඇති කෙල්ලෙක් මේ පුරුශ හිංසනේ...

සැපක් ගමුතේ...

අනෙ අම්මො එපා ප්‍රේමෙ නැතුව
දිවියේ සැප කනේ නේ එතකොට
Imo එපා මිතුරේ Fb හොදයිනේ...

බොම්බයි මොටයි
ආලේ මුලින් රහයිනේ...
පසුදා වාද පැකට් වෙනකොට ඇරෙයි වක්කඩේ...

සැපතේ විපතෙ කියා..
මිතුදම් අපෙ අපතෙ නොයා..
බොක්කට බොක්ක වෙලා...
ඉම්නෙ යාලුවේ...

ට්‍රැවලින් ලයිෆ් කියා...
කලකදි අපි වටේ ගියා...
අද ලොක් ඩවුන් වෙලා..
ඉන්නෙ පාලුවේ...

ලැසි ගමන වාසි තොල් දෙක පැණි දෝසී දෝසී..
දෙවගනක උනත් කෙල්ලනෙ හෙන මරිසී මරිසී...
රටකාල වතුර බීපු නාරි
කපටී කපටී..
රස වින්ද පවට කරගහන්න බෑනේ
කන්ඩම් බන්ඩී...

සැපක් ගමුතේ...//

බැඳෙන වරදෙ
ගෙවන්නැ මං දිවිය අදුරෙං
හොදට යන්න තියෙන තියෙද්දි
මොකටද බන් යන්නෙ අතුරෙන්

Whatsapp ද Imo ද ෆන් එක ගමුත
අහන්නෙ කොදුරෙන්
වැඩක් නැ කුඹුරෙන්
හාන එකෙක් හාපුදෙන්
බේරෙන්නෙ ගොදුරෙන්

බ්‍රහ්මචාරි පතන් ගැනු නොපතන්
ගැලවෙන්න බැනෙ යක්කුන්ට හපන්
යන්නොනෙ කපන්
ආතල්ම පතන්
අහක යක ෆන්
ගතහැකි වඩන්

යංක මූනු වංකගිරිය
වංක කොල්ලො ගන්නෙ බිලිය
සැපට කැපම දේව දරුවො
කපටි කෙල්ලො අපිට කෙළිය

සැපක් ගමුතේ...//

#Lyrics
#Song
#OromixEn

@SinduPotha
👍22🔥5❤4👌4❤‍🔥2😍1
Matath Gassala (මටත් ගස්සලා) - Shenu Kal
🎙Title: Matath Gassala (මටත් ගස්සලා)

(✿◕‿◕✿)

හිනාව කෝ දැන් ඔය සුදු මූනේ
කතාව කෝ ඉස්සර වගෙ නැහැනෙ
ලතාව කෝ ඉග සුග පැද්දිල්ලේ
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ

මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා
මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා
තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බදින්නේ මැනිකෙට ආල පාන්නේ //

ආලකම් අරන් හීනෙට පාට ගෙනාව
කෝලකම් මවන් හිත ලග එතෙයි කතාව
රූප සුන්දරී නුබ මට නැද්ද මනාප
ආදරේ අරන් දවසක ඉමුකො පතාන
මටත් ගස්සලා .....
තාල ඇහෙන්නේ......//

හාදකම් මවන් මං හිත ලගින් තියාන
ආදරේ කරන්නම් ඔබ දිහා බලාන
කාරණා හොයන්නෑ මං ඇයිද කියාන
ඉනාවක් වෙලා මටනම් ඔබේ හිනාව
මටත් ගස්සලා .....

හිනාව කෝ දැන් ඔය සුදු මූනේ
කතාව කෝ ඉස්සර වගෙ නැහැනෙ
ලතාව කෝ ඉග සුග පැද්දිල්ලේ
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ

මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ
මාල බදින්නේ මැනිකෙට ආල පාන්නේ //


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#shenuKalpa

@SinduPotha
❤24👍6
La Signore - Kessata Kos Eta - Ft Umara
🎙Title: කැස්සට කොස් ඇට - Kassata Kos Ata

(✿◕‿◕✿)

කැස්සට කොස් ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා

(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
වක්කඩ අස්සේ හකුරු හංඟලා
නැතිවෙන හකුරට නාහෙන් අඬලා
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා

උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා..
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා..
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා..
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා..

සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
මහදෙන මුත්තගෙ උපදෙස් අහලා
එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා


උශ්ණෙට මුංඇට.....

සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
නෙරිය තියාලයි සේලය බඳින්නේ
ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියල
මිස්ටර් බීන්ලගෙ නාට්‍ය බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා

(නෝනට බනිනු එපා)

ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා

උශ්ණෙට මුංඇට......


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#LaSihnore
❤11
Amuthuma Malak | අමුතුම මලක් | Sandun Pe
🎙Title: Amuthuma Malak | අමුතුම මලක්

(✿◕‿◕✿)

ආයු කාලය නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නෙ අරමුණු වෙත යන්න
හොදම කාලය ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන්වල වැඩිපුර හිටියෙ නුඹ

අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මන් ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහටනම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්තාවයි

මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
සතුටයි සහ කදුලයි මැද ඇත්තේ නූලක වෙනසයි

පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැන්ගේවි
ඉන්න හිතපු අය ලගින් ඉන්නවද යන්න හිතෙනකොට යාවි
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#SadunPerera

@SinduPotha
❤14🔥3👍2
Kelinma Ahanna Aiya (කෙලින්ම අහන්න අයියා
🎙Title: Kelinma Ahanna Aiya (කෙලින්ම අහන්න )

(✿◕‿◕✿)

පාට පුරවලා සුවද ඉහිරලා රගයි බඹරුන් තාන තම් කියා
හොරෙන් හිනහිලා ඇහැක් පියවලා ඒදැස් බැල්මෙන් කෝලකම්දමා
පාර වැරදිලා වගේ ඇවිදලා ඇවිත් ළගටම වටේ කැරකිලා
නිකට උස්සලා මූන ලංකලා ඒයා වගේම මාත් ගැස්සුනා

කෙලින්ම අහන්න අයි…ආ…
කැමැත්ත මොකක්ද ශා…වා
තෝදු කරුවන් ලවුවා මට ඒවන්නෙපා මෙව්වා
Ok…

කොල්ලෝ ඔයා කොහෙදෝ ළගින් ඉමු කෝ මගේ වෙමුකෝ
අය්යෝ මූනෙ හින කෝ හැට හතර මායම් නම් මගෙ NO E YA
කැරකිල්ල හැදේවිද කිල්ල ගතොත් මගෙ දන්නෙ මමත් LOVE LO
NO WORRIES මගෙ පන වෙන්න promise yo my darling කොල්ලෝ

මනමෙ නුබනම් කුමරි මම යැය් හිතන්නෙපා දෙයියා
රූපෙ දැක්කම වාසි පැත්තට හැරෙන්නෙ නෑ හොය්යා
ආස දෙකට කියල තිබුනේ වැඩිපුර ගත් දොය්යා…
නින්ද නෑ දැන් මතක් වී ඒය නටපු නැටුමෙ සේයා...

කෙලින්ම අහන්න අයි…ආ..


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#RochanaTrikawala

@SinduPotha
❤11👍11👎3🔥3🤩2
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
🎙Title: ලිය ලියා දුන් ආදරේ Liya Liyaa - Smokio Ft. Dilki Uresha #Lyrics #Song #Smokio #DilkiUresha @SinduPotha – Liya Liyaa - Smokio Ft. Dilki Uresha -
🎙Title :ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

(✿◕‿◕✿)

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..


ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා
ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#Smokio #DilkiUresha

@SinduPotha
👍13❤4🤩3🔥2😁2
අංගනාවෝ
Rookantha Gunathilaka
❤10👍4
Laga Lagatama (ලඟ ලඟටම) - Thiwanka Dilshan Ft. Shan Putha | Official…
SGM Tunes
🎙Title: ළඟ ලගටම -Laga Lagatama

(✿◕‿◕✿)

කෙල්ලෙ මං හදේ දුර ඇදේ
ඔය දෑස සොයා
හැංදැ කලුවරේ දිලිසුනේ
ඒ ඔබේ සිනා

නිංදෙ මට නුරේ... පැටලුනේ..
මේ හැගුම් සරා
එන්න ඉඩ තියේ...මයෙ හදේ ඔබෙ නමින් ලියා...

ඒ ලගටම ඇවිත් ඔයා
යන්නෙ හිත අවුස්සලා
හිනැහෙනකොට ආස වෙලා
මගෙ හිත මරම හොරා...//

ඒ

මන්තර වගෙ දිව අග මිමිනෙන වචනයෙ නමම තමා...
යන්නම් පොඩි එක මොහොතක
හමුවෙමු අඩමතින් නුරා...

පෙම් කවි මල් මල් ලා අරගෙන
ගෙලෙහි දමා...
ලන් කර ගස්සාපන් උකුල උකුල
ලමැද සලා...

මල් ගව්ම පාට පාට හිච්චිනගේ මංදැක්කා මූනේ පිං පාට...

ඒයි...

පස්සෙන්ම ගාට ගාට...
හොරා වගෙ එන්නම් රෑට රෑට...

ඒයි...

කොහෙද යන්නෙ මේ ජම්බොලේ වගේ...
මං කරවල හොද්ද උබ සම්බෝලේ වගේ...
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ...
ඉනෙන් පහල උබෙ අක්කරයක් වගේ...

පිස්සුවක් මේක විනාසකාරි...
මම ලිස්සුව දුවද්දි ප්‍රේම පාරෙ...
හරි ලස්සන ගෑනු ලමයෝ...
කරගන්නයි ඕනෙ බරෙ කරෙ හේ...

කප්පරකට දෙන්නම් ආලේ... ආ
එක්කරගෙන යන්නං හදේ යන පාරෙ
සක්කරයටවත් බැ නවත්තන්න ආයේ...

තප්පරයක් පාහේ...
ආදරෙයි වාහේ...

ළඟ ලගටම...//
කෙල්ලෙ මං හදේ...///


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#ThiwankaDilshan
#ShanPutha

@SinduPotha
👍33❤18🔥17👎2🎉2🤩2❤‍🔥1😍1
Game Ayata Notherenna - ගමේ අයට නොතෙරෙන්න
🎙Title: Game Ayata Notherenna - ගමේ අයට නොතෙරෙන්න

(✿◕‿◕✿)

ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

කරගැට ආවම ගිටාර් සද්දේ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නෙ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ

ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

පෝය ලගයි සිදාදියේ කඩු ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා...

ගමේ අයට නොතේරෙන්න...///

දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං...//


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#ChamaraRanawaka

@SinduPotha
❤26👍5🔥5
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
🎙Title: Dilo - Andakare Man (අන්ධකාරෙ මන්) – Dilo - Andakare Man (Official Music Video)
🎙Title: Dilo - Andakare Man (අන්ධකාරෙ මන්)

(✿◕‿◕✿)

අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ දැං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මා
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ

මෙසේ ගෙවේ දැන් ජීවීතේ
උදව් කරා මං කාටත් ඒ
කෙසේ හලන්නේ මීවිතේ
එපා වෙලා මං
ආතතියෙන් දැන්
මට මම විතරයිනේ හැගෙන්නේ
තාමත් අන්ධකාරේ මං
අන්ධකාරේ මං

කාවත් සම්බන්ධ කර ගත්තේ නෑ
ළගින් හිටි අය
වෙනස් වෙද්දී මං පාඩුවේ
කැපුනේ යාලුවෙක්වත් නැත
ළග රගපාලා යන්න ගියා
ගානට ඔලු අතගාලා බං
අතගාලා බං

විසකුරු ජීවිතෙන්
හෙමීට වෙන්නම් ඈත්
ප්‍රශ්න තිබ්බත් තඩියට මං පාගා
කාගෙවත් ලග කලේ නෑ දැන්
කම්පාත් මං
ලග හිටි අය ගියා හිත පාරා

මනුස්සකමට තියාගන්න රස්නෙට
විස හොයලා දෙන්නේ නිසැකව ප්‍රශ්නෙට
ඔබද මමද මේ පොළවට පස් වෙලා යයි දෝ

අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ මං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මාh
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම්
ආයෙම පැමිණ
සතුට තියෙන තැනක
විදපං ජීවිතේ සැරට
කලකිරිලා නම් අවසානෙ
නිහඩව විද දරා ගනින් බ්‍රෝ
ගනින් බ්‍රෝ

වෙනස් වෙන මිනිස්සු
එකපාරක් හිනැස්සුවත්
ගනන්ගන්නෙපා කවදාවත් විසයි
කරයි හොද මුහුන පෙන්නම්
නොහොබිනා දේවල් කරයි වැඩිපාරක්
ලග හිටි යාලුවෝ බ්‍රෝ

මලක් අරගෙන මං යද්දී පාරේ
හිසටමයි දැන් ඇදුනේ තාලේ
පිට පිටම ආ ප්‍රශ්න තාලේ
හද ගාවම ගෙවන තාලේ
එක එක ආවත් මං විශ්වාස කලේ නෑ කාවත්
දුන්නා පාවා මාව කාලා ඔලු පාගා තව පිස්සෙක් කලේ

මතක් වෙයි ඒ කාලේ උන සිද්දී
ආතතිය මගේ ඇදේ උපදිදී
මගේ බිත්තී බලන්න කවුරුත් එද්දී
දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ මං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මා
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ...


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#SinhalaRap #Rap
#Dilo

@SinduPotha
❤79👍36🔥18👎2😁2😍1
Audio
❤78👍18🤩4⚡3😍2❤‍🔥1😱1
Audio
Wasantha Kaleta | වසන්ත කාලෙට - Roshan Fernando

◇───────◇

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
නැහැයි කියද්දී ඇවිටිලි කරමින්
සෙනෙහස ඉල්ලවී
ප්‍රනීත් මදිරා පෙරා පුරාදී
උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී...//
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි
ලගින්ම සැතපේවී..
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී...//

මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//


◇───────◇

#Lyrics
#Song
#RoshanFernando

@SinduPotha
❤60🎉12👍4😁2🔥1
Audio
වැහි පබළු - Wahi Pabalu | Surendra Perera

◇───────◇

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී

ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී

අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබේ සුව විඳිමි

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී


◇───────◇

#Lyrics
#Song
#SurendraPerera

@SinduPotha
❤78🔥12🎉8😁6🤩4👍3😱2
Rahasak (රහසක්) | Harshad Ibrahim ft. H
🎙Title: රහසක් තියේ සුන්දර - Rahasak Thiye Sundara

(✿◕‿◕✿)

දිලිසී දිලිසී හදසේ සිනාසී
ඇසිපිය මගේ නවත්වනා සුරූපී
දෙව්දූ විලාසී ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී

රතු පැහැ තැවරූ දෙතොලේ
ඔබ යටහුරුමුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ

නෙතු බැමි නටවන තාලේ
දුටු දුටු විට මා සසලේ
යටපත් කරන්න බැරි හැගුමේ

රහසක් තියේ සුන්දර...
හිතයට මගේ පෙම්බර...
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර...

ලස්සන... හින්දද දැක්කම...
මට අහන්කාරකම් පාන්නෙ
ඉතින් ඔච්චර...

තිස්සෙම... මැවි මැවි දිස්වෙන...
නුඹ පතා ඉන්නෙ ආදරේට
තමයි මෙච්චර...

රතු පැහැ තැවරූ දෙතොලේ...//

දුටුවම නිලංකාර උන ඇස් දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තවකොහොමද
ගනංකාර කම් පෑවට

කෙල්ලෙ මටොඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බදිමුද අද හෙට ගෙල වට තැල්ල

ගස්සනා ඉග සුග පද්දන...
ඔය දාංගලේ ඉලන්දාරියෙක් අවුස්සන...

වස්සන සිතුවිලි වැස්වෙම...
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන...

රතු පැහැ තැවරූ දෙතොලේ...

රහසක් තියේ සුන්දර
හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Song
#Lyrics
#HarshadIbrahim

@SinduPotha
❤50👍11🤩5🔥4❤‍🔥2