♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 දම් පාට හැන්දෑවේ | Dam Pata Handawe - Sachin & Rakitha lyrics


◇───────────────◇

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

අම්බරේ රන් ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ

නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ


#Sachin
#Rathika

@SinduPotha

◇───────────────◇
❤60👍24❤‍🔥11🍓3🥰1
🎙 සත්තයි මට ඔබ වාගේ | Saththai Mata Oba Wage by Dilki Uresha [2019]

◇───────────────◇

ආදරේ කියන්නෙ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන් ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ

සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනුනේම නෑ නේ
අද මගෙ ලගින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක් නේ
ජීවිතේ නුඹ නමින් තනි වුනා

හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තෙ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නෙ
මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මාගේ
සදහටම මිහිදන් කලා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ

සුවදත් දැනේ
මට ඔබගේ පපුවේ
මගේ වෙදනා ඔබ දන්නෙ නෑ නේ
මැරුනත් හදේ
තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ
සංසාර ගමනේ
ජිවිතේ ඔබ නමින් තනිවුනා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ


#DilkiUresha

@SinduPotha

◇───────────────◇
❤58👍22🕊12😍4💔2🍓2🥰1🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹 🔹ඔයාට මේ Search 🔍 කියන එකෙන් අපි කලින් Post කරපු සින්දු හොයාගන්න පුලුවන් Search කරද්දි සිංහලෙන් Search කරන්න 😁 ඔයා හොයන සින්දුව නැත්තම් Request කරන්න අපි දෙන්නම් අපෙන් සින්දුව ඉල්ලන්න කලින් Search කරල බලන්න චැනල් එකේ. 😌🙏

පුලුවන් නම් Share කරන්න අපිව ❤️

@SinduPotha ✅️ ❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤244👍24🔥12🤩10🥰7🍓6🆒2😁1🐳1
🎙 Pinna Male Reggae Cover  | පින්න මලේ | Edward Jayakodi | Cover Song | Mangus]

◇───────────────◇

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගංගොඩ වෙල් එළි පාළු වෙතේ

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා

ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ
එන්නේ අලුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ
දොර කන්ද කපා හඳ ගෙට එන්නා


#EdwardJayakody
#Mangus

@SinduPotha

◇───────────────◇
❤57👍16⚡4🥰4🕊3😍2
🎙 දුක නැති ආදරයක් | Duka Nathi Adarayak by Janaka Sooriyabandara


◇───────────────◇

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ
සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා
නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

අපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
අපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු


#JanakaSooriyabandara

@SinduPotha

◇───────────────◇
❤‍🔥55👍18🕊5💔2
🎙 Mage nowana hethawathi ( මගේ නොවන හිතවතී Cover By Denuwan kaushaka


◇───────────────◇

හිමි වෙන්න හිමි නැතී
මගෙ නොවන හිතවතී
අසරණ කලා එදා ඔයා
පණ දුන් පෙම් චේතනා

නුඹ සොයනා ලාබ සෙනේ
මේ පපුවෙ නැතුව ඇතී...//

හීන දකිනා පෙම් හැඟුම් දැන්
මියැදිලා යන්නැතී...
පෙරුම් පුරණා මේ හිතත් දැන්
හැංගිලා වෙන්නැතී...

හීන දකිනා පෙම් හැඟුම් දැන්
මියැදිලා යන්නැතී...
පෙරුම් පුරණා මේ හිතත් දැන්
හැංගිලා වෙන්නැතී...

ඇතිදා ලඟ උන්න වාගේ
නැතිදා ලඟපාත නෑනේ
දෙදෙනා උන් සේම රිසිසේ
දිවිතෙක් සරසන්න ජීවේ...

මාගෙ වී නුඹ දුන් සෙනේ
හිත නුඹේ අරුමෙකී
යහපතයි නම් ඔය සෙනේ
දුකක් නෑ කම් නැතී...

ඇතිදා ලඟ උන්න වාගේ
නැතිදා ලඟපාත නෑනේ
දෙදෙනා උන් සේම රිසිසේ
දිවිතෙක් සරසන්න ජීවේ...

හිමි වෙන්න හිමි නැතී
මගෙ නොවන හිතවතී
අසරණ කලා එදා ඔයා
පණ දුන් පෙම් චේතනා

නුඹ සොයනා ලාබ සෙනේ
මේ පපුවෙ නැතුව ඇතී...//


#DenuwanKaushaka

@SinduPotha

◇───────────────◇
❤30👍16❤‍🔥6🔥4😁2😍2🐳1
🎙 Sansare Me Purudu Hamuweemaki (සංසාරේ මේ පුරුදු හමුවීමකී) - Asanjaya Weerasinghe


◇───────────────◇

ඒ හීනෙ මට සදා කල්
නැවතී හිඳින්න ඇත්නම්
සත්තයි ඔයා හුඟක් කල්
මගෙ වෙලා දැන්...

මේ අපගෙ පෙම් පුරාණේ
ඇති හිස්තැනක් කතාවේ
පුරවන්න බැරි තරම් මේ
නැවතිලා දැන්...

ඔයාගෙන් එහා දැන්
නෑ ලොවක් මටනම්
හිනාවයි ඔබේ දැන්
පේන්නෙ හැමතැන නම්

සංසාරෙ මේ පුරුදු හමුවීමකී
සත්තමයි මේ ආදරේ අරුමෙකී

හෝ....

ඔයාජීවිතේ වී හුඟක් කල් ගිහින්...
සත්තයී...
ඔයා මගේ පණ වී හුඟක් කල් ගිහින්...

දුරස් වෙලා මොහොතක්
බෑ හිඳින්න තවත්...
ආයෙ මට මොහොතක්
බෑ හිඳින්න බලන්...

සංසාරෙ මේ පුරුදු හමුවීමකී
සත්තමයි මේ ආදරේ අරුමෙකී

හෝ....

ඔයාජීවිතේ වී හුඟක් කල් ගිහින්...
සත්තයී...
ඔයා මගේ පණ වී හුඟක් කල් ගිහින්...




#AsanjayaWeerasinghe

@SinduPotha

◇───────────────◇
❤30👍24🔥7😍7🥰2🌚2
🎙 Sudu Andumin - සුදු ඇඳුමින්


◇───────────────◇

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ


සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ...//


#Jayasri

@SinduPotha

◇───────────────◇
❤51👍18🔥7🤩7🥰5🕊5😁1
🎙 Wenathaka Yanna Giya - වෙනතක යන්න ගියා


◇───────────────◇

වෙනතක යන්න ගියා මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා

වෙනතක යන්න ගියා මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා

රැකගෙන හිදී කියා
හැමදාමත් හිතු හින්දා
රැකගෙන හිදී කියා
හැමදාමත් හිතු හින්දා
කුළුඳුල් හිතින් නැගුනු
සෙනෙහස ඔබහට බැන්දා
සෙනෙහස මම බැන්දා

දැන්නම් ඔයා මගේ
දැන්නම් ඔයා මගේ
හදවත සදහට බින්දා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා

වෙනතක යන්න ගියා මුලදී අතදීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා

නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
නිතියෙ යදම් වලින්
හදවත බැඳ තබනු එපා
කාසියෙ බලය නිසා
ඉන්නෙද ඔබ අදර පපා
ඉන්නෙද අදර පපා

මානය නැතේ වෙලී
මානය නැතේ වෙලී
පවතී ඒ බසට උපා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
මගෙ හිත රිදවාලා




#HrJothipala

@SinduPotha

◇───────────────◇
❤24🕊10🥰7👍3
❤‍🔥79❤24🕊14👍10😍6🔥3🥰1
🎙 Sada tharaka mal pipena raye / සඳ තාරකා මල් පිපෙනා රැයේ


◇───────────────◇


සඳ තාරකා මල් පිපෙනා රැයේ
රිදවුම් ගෙනේ සිත රෑ තුන් යමේ
හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතිම්
මතුදා ගෙනේවා සැනසුම් පවන්

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්තනා
කෙලෙසදෝ වේදනාවෝ
සඟවා තබාගමී
සඟවා තබා ගමී

සද සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... හේ....
අද නෑ තාරකාවී...
අඳුරින් වැසී ගිහින්...
අඳුරින් වැසී ගිහින්...

මල්මල් විලේ රොන් සොයා
ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා
ආදරේ...
සුසුමක් උනේ ඇයි
අපගේ සෙනේ...
කදුලක් උනා ඔබ
මගෙ ජීවිතේ...

මල්මල් විලේ රොන් සොයා
ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා
ආදරේ...
සුසුමක් උනේ ඇයි
අපගේ සෙනේ...
කදුලක් උනා ඔබ
මගෙ ජීවිතේ...


#PriyaSooriyasena


@SinduPotha

◇───────────────◇
❤38👍14❤‍🔥11🔥4😍3
🎙 වෙන්වී දැන් යන්න ඉතිං - Wen Wee Dan Yanna Ithin | Chamika Sirimanna


◇───────────────◇


වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්

මා වෙනුවෙන් මැවුව සෙනේ 
රහසේම කාටද පුදා....
වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේනම්...

මගෙ සිහිනේ ඉඩඉල්ලා
පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ වෙලී ඉදලා
කෙලෙසද අද මා හැර යන්නේ..

සෙනෙහසින් පෙර එදා
මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා
මා දමා යයි ඔයා...

පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නැ සතුට සොයා..
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යලි එන්න සොයා..

සෙනෙහසින් පෙර එදා
මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා
මා දමා යයි ඔයා...

වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්

මා වෙනුවෙන් මැවුව සෙනේ 
රහසේම කාටද පුදා....
වෙන්වී දැන් යන්න ඉතින්
වෙන්වී යන්නම ඕනේනම්...


#ChamikaSirimanna


@SinduPotha

◇───────────────◇
❤34👍18❤‍🔥7🥰6
🎙 මල් ඔන්චිල්ලා | Mal Onchilla by Hana Shafa [2022]


◇───────────────◇


හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා
ඔව් එදා

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් සද අල්ලා
නැළවෙන්නා

හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
දැන් මුමුනන්න බැ පරණ වාරන්
පියාඹයි ඔයානම් අළුත් වූ එ ලස්සන් වගෙ
තටු බින්දෙ ඇයිදැයි කියාපන්

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් සද අල්ලා
නැළවෙන්නා

රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
නමුත් යන්නෙපා යන්නෙ යළි පරණ සදනම්
මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි
සිත පාරන්නෙ ඇයි පෙම් කළානම්

හිත ආස තැන නැවතිලා
විදින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා
ඔව් එදා

මල් ඔන්චිල්ලා මත නැගිලා
අපි දෙන්නා
උන් කාලේ නම් සද අල්ලා
නැළවෙන්නා


#HanaShafa



@SinduPotha

◇───────────────◇
❤96👍19🥰4🔥2
🎙 සඳ මිදුලට එනවා | Sanda Midulata Enawa by Mervin Perera



◇───────────────◇


සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා


#MervinPerera



@SinduPotha

◇───────────────◇
❤‍🔥18❤10👍6🔥3😁1
🎙 සංසාරිණී මගේ - Sansarini Mage - Yasas Medagedara


◇───────────────◇


කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා

නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

දේදුන්නේ පවා නැති සොබා
රූපේ හැංගෙන්නේ ඔබේ ළඟ තමා
කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ

පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා

පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ

#YasasMedagedara



@SinduPotha

◇───────────────◇
❤67👍13🔥6❤‍🔥4🥰2😍1
🎙 පින්වන්ති |  Pinwanthi  by  Breezy ft. Chubby  [2022]


◇───────────────◇


ආ බලන්න වැලක් දිහා වලක්වන්න බෑ ඒ මුල් අයිතිකරුවා හැමදාමත් නොවෙනස්වූ මහ පොලොවයි
නමුත් ඇදෙයි කලක් යද්දි මැස්සක් හොයන් ජීවත් වීම පිණිස ස්වබාදහම මැව්වේ එහෙමයි

මතකයි පුංචි සංදියේ මං ගොඩක් දගයි රකින්න කිව්වේ එක්දෙයයි ඒ මෙලොව බුදු දහමයි
නොපෙන්වූ ආදරේ පිටවෙද්දි සත්තයි අක්කේ මං කන්තක වෙයි ඔයා නික්ම යන විටදි ගිහිගෙයි

ආසයි වදින්න දුකින් කියන්න නෑ ගාථා
ඈ කෙලිලොල් වයසදිම උනි මට මාථා
බාදා කරගෙන ජීවිතේට පාඩම් මේ ජීවන ගමන මල්ලි යන්න ඕනේ නාඩන්

මං සාදාරණයි නේද අම්මේ වැදූ මව ඔයා මං හැදූ මවගේ ලස්සන නමනේ සෙව්වන්දි
බාර දුන්නා රැකගන්න උජි අයියේ
මං වදින්නං අරං යන්නේ ඔයා පවුලේ පිංවන්ති
දඩබ්බරයි කන්න හොරයි අඩනවලු දෙන්නට එක බත අම්මා අනලා කවද්දි
මං අඩනු දැක මල්ලි අඩවන්න එපා අම්මේ මට දුකයි උගේ කදුලු දකිද්දි

පෑ සිනහා මතකයි
ඔබ මා ඒ පුංචි සංදියේ
ආදරේමයි
නුඹ යයි අද අප හැර පතිනියක් විලෙසින්

නෑ අමතක නෑ
ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
නික්ම ගියත් අප අතරින්
සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්

මං ආදරෙන් කතා කලා සාදරෙන් පිළිගත්තොතින් ඇය තක්කෙට කිව්වා මූ ගලවන්නයි දත හක්කේ
ඔ මුලින් බැනලා මූන දෙක වෙනවා දැක දුන්නා හංගං හිටපු දේවල් උනත් ඈ බොක්කේ
වෙස්සන්තරත් ලමයි දුන්නා මිසක් ලමයි ඉද්දි නෑ සෙනෙහසක් වෙන එකෙකුට දන් දුන්නේ
මං උබට කිව්වා බොරු අනන්ත හැබැයි උබේ නාමෙන් දිව්‍ රා ඒ වැරැද්ද කාටවත් කරේ නෑ බන් අක්කේ

රංඩු දෙන්නා නිදාගන්න ගියොත් ඇදට
දැං හිතෙයි අක්කා නැති මේ ඇද බන් මට මොකට
සමාවෙන්න අම්මා හින්දා පිට රටක
මං ආදරෙයි අම්මේ ඔයාට වඩා අක්කේ උබට

ස්තූති දෙවියනි මං නොකලත් බවේ පිනක්
මැව්වා අම්මයි අක්කයි යාලුවයි තුන්දෙනයි තනි රුවක්
ලැබෙයි නුඹේ ගති සමානව නම් චූටි දුවක්
මං මේ ලෝවින් දුටු දෙව්ලොව සිටින්නව් දෙවගනක්

පෑ සිනහා මතකයි
ඔබ මා ඒ පුංචි සංදියේ
ආදරේමයි
නුඹ යයි අද අප හැර පතිනියක් විලසින්

නෑ අමතක නෑ
ඒ සෙනෙහස දුන් ඔබගේ හැමදාමත්
නික්ම ගියත් අප අතරින්
සුවදයි ඔබේ සෙනෙහස මට හැමදාමත්


#Rap

#Breezy
#Chubby


@SinduPotha

◇───────────────◇
❤56👍14🔥5😍4
🎙 Mana Bandu (මන බැන්දු) - Lahiru perera


◇───────────────◇


මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි
එන්නකො මාගෙ සුදා

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
නුඹමයිනේ ලඳුනේ මගෙ ජීවිතේ පුරා
මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා

මල් පිපෙන හිමිදිරියෙ නුඹ කැන්දා මා ලඟට
සරසන්නම් මල් වැල් ගොතා
පිණි බිංදු ඇහිරිච්ච මල් යායේ ඇවිදිමුකෝ
එක්කලා මාගේ සුදා //

සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාලා
සතපන්නම් මගෙ උණුසුමේ
නුඹෙ පුසුඹින් නහවන්න මගෙ ගෙපැල සිරිදෙන්න
එනවාද මගෙ දෙව් දුවේ //

මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ  නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි
එන්නකො මාගෙ සුදා

මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි
එන්නකො මාගෙ සුදා

සඳ දහරෙ නහවාල තරුකැට ගෙල සරසාල
සතපන්නම් මගෙ උනුසුමේ
නුඹෙ කුසුම නහවන්න මගෙ ගෙපැල සිරිදෙන්න
එනවාද මගෙ දෙව්දුවේ //

මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුබ ලඟමයි හද ඇත්තෙ නුබෙ නමටයි
එන්නකො මාගෙ සුදා

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
නුඹමයිනේ ලඳුනේ මගෙ ජීවිතේ පුරා
මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නෙ ඔමරි පපා



#LahiruPerera


@SinduPotha

◇───────────────◇
❤64👍17🤩5🔥4
🎙 Kelwiz - Papochcharanaya (පාපොච්චාරණය) [ 2022 ]


◇───────────────◇


මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි

මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි

නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත්
යන්න ඉන්නේ සැනකින්
ගලපන්නේ වචන පෑනකින්
වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින්
දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්

මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී

රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකිනදේ

පවට පින දෙන්න සමරු පොර කති
මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්

ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක්, තනියම හැඩුවා මං
මං දකින සිහිනෙක නැ එළියක්, උනා මමම හදක්

මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ

පිපුනට මල් දවසක පරවෙනවා
මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා
මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා

කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
වචන ගැලපෙන්නේ හදවත රත්වී

කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන

ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්

අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීන්
දැන් මට මම සමාව දෙනවනේ ඉතිං

රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්රශ්න වලට මං
මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං

ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක්, තනියම හැඩුවා මං
මං දකින සිහිනෙක නැ එළියක්, උනා මමම හදක්

මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට

වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

#Rap

#Kelwiz


@SinduPotha

◇───────────────◇
❤30👍20
🎙 කුසුම් සරා  |  Kusum Sara  by  Damith Asanka


◇───────────────◇


කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර

හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව
බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම
වසන්තයේ මල බඳුනේ මානවිකා දැක
සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට

නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට
අහංකාර කම අවියක් යුවතියෝ සන්තක
ඒම කියන හිත විටකදී කැපව නුරාවට
හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
❤84👍18🕊15❤‍🔥8🔥2
🎙 දෑසම රිද්දන | Dasama Riddana by Rookantha Gunathilaka ft. Nelu Adikari


◇───────────────◇


දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා..
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුන, හිටි පාදෙම
ඔය කී රූ වරුණා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

මල් පෙති වාගෙ පාද රිදේ දෝ
බොරළු පයේ ඇනිලා..
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා..
ආලේ කුසුමෝ මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා..
දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ..
බුරුතු පිටින් මා වාරෙ අවාරෙ
නෙළාන එන්නම්දෝ..
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනාසේදෝ..
දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා..
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුන, හිටි පාදෙම
ඔය කී රූ වරුණා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..



#RookanthaGunathilaka
#NeluAdikari
#DenuwanKaushaka (Cover)


@SinduPotha

◇───────────────◇
❤94👍15🕊4🤩2🥰1