♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙Ridi Ridi රිදි- රිදී

◇───────────────◇

යන්නම් මග හැරලා
තනි වෙන්න ඉඩ දෙන්න නූරා
යලි නෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුනාද මන්දා
අතහරින්නේම නෑ ඒ නිසා

රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

ළඟ ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගේ හීන රැවටිලා
ඇගෙ හීන එලි වෙලා
යලි මල් පිපේවා ජීවිතේ

රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ

සංසාර ආදරේ
රහසේම මියැදුනා
ඔහු මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවක් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ

රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ…

#AbhishekaWimalaweera


@SinduPotha

◇───────────────◇
❤55👍14❤‍🔥3😍3🕊1
🎙Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Chamara Weerasinghe Songs | Sinhala Songs

◇───────────────◇

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට...

ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදරු කරන්න
සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න....

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට...

පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න
ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න...

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට...

#ChamaraWerasinhe

@SinduPotha

◇───────────────◇
❤54👍12❤‍🔥7🕊3
Audio
චාමර වීරසිංහගෙ හොඳම සිංදු පෙලක් එක දිගට 🎶❤️‍🔥💁‍♂️

Reaction ටිකක් දාගෙන යමු ☺️❤️

#Collection

@SinduPotha
❤‍🔥261❤50👍13😍11🔥7🥰6🤩4👎2💔2
🎙තනුව අහිමි | Thanuwa Ahimi by Chamara Weerasinghe

◇───────────────◇

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
වියළි දෙතොල් පට උණු කඳුළකින් තෙම තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා… කියමි නෙතු සලා

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ

පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
පුරුදු සුවඳ ආවත් මං යනෙන මඟ දිගේ
අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ
හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ
කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ
දුන්නු හාදුවේ… දුන්නු හාදුවේ

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ...

#ChamaraWerasinhe

@SinduPotha

◇───────────────◇
❤36👍7
🎙 Mulawe (මුලාවේ) feat. Themiya Thejan

◇───────────────◇

ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතිලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
දනිමි පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ...///

#LakshithaMohiran
#ThemiyaThejan

@SinduPotha

◇───────────────◇
❤‍🔥59👍18❤7🔥1🥰1😁1
🎙 ඈතින් ඈතට | Athin Athata by Chamara Weerasinghe

◇───────────────◇

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා


ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් හඩා වී මග තනිවී

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...

#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤43👍11🔥3🤩1
🎙 සරත් සඳේ | Sarath Sande

◇───────────────◇


සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ

ගිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ

සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..

හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
අපට අප සෙවනකී
ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ
අපට අප පමනකී

සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හෙදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..

සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

හැඟුම් විහගුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ

හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ...


#BachiSusan
#CharithAbyesinghe

@SinduPotha

◇───────────────◇
❤71👍24❤‍🔥9🕊7😍7🔥5🥰4😁1
🎙 දීපාවලී දාට | Deepawali Data

◇───────────────◇


දීපාවලී දාට
දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න
යාපා පටුන පහුකරන්

සිංහල හාලේ බතට
ආසම මාලූ පිනි උයන්
ගමේම නෑයෝ එක්ක
අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ
දරු කැක්කුමක් හිත දරන්
මහ ගෙදරටම වෙලා
අපි හිටියේම හරි දුකින්
දැන් ගිනි අඩු වෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න
පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු
දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි
අපේ අවසරය නැතිකමින්
දැන් තරහා නිවවී ගිහින්
තල් පැදුරකූත් වියන්
එන්න යාපනෙන්

දීපාවලී දාට
දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න
යාපා පටුන පහුකරන්

සිංහල හාලේ බතට
ආසම මාලූ පිනි උයන්
ගමේම නෑයෝ එක්ක
අපි ඉන්නවා මග බලන්...


#AsankaPriyamantha

@SinduPotha

◇───────────────◇
❤33👍27🤩1
🎙 උඩවැඩියා මලේ | Udawadiya Male by Lavan Abhishek | Sangeethe Teledrama Song [2020]

◇───────────────◇

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

මිරිගුව දැක සිහිනය ලග – නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක – රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ – මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

එක උරහිස ලග පිරිහිස – කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස – ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ – මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ.


#LavanAbhishek

@SinduPotha

◇───────────────◇
❤96👍17🥰4🕊3
🎙 අඩි සීයේ පාර | Adi Seeye Para Gawa by Chamara Weerasinghe

◇───────────────◇

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා
කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැඳවාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී.


#ChamaraWeerasinghe

@SinduPotha

◇───────────────◇
❤45🔥11👍8⚡5
🎙 Hitha Wawannema Ne - Bathiya N Santhush

◇───────────────◇

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා


සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලදේ
දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
බල ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී
ඔබ යන්නේ ඈයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා

උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
ලං වෙලා ඉන්න බෑ තව ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
.


#Bhathiya
#Santhush

@SinduPotha

◇───────────────◇
❤50👍13🕊10🔥5😍5
Audio
දමිත් අසංකගෙ හොඳම සිංදු පෙලක් එක දිගට 🎶❤️‍🔥💁‍♂️

😌❤️

#Collection

@SinduPotha
❤89🔥11⚡7🥰6👍4🕊3❤‍🔥1😍1
🎙 තරුද නිදන්නී | Tharuda Nidanni by Ranidu [2013]

◇───────────────◇


මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

තරුද නිදන්නී – සඳ පාළු මකන්නී..
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
සතුට බෙදන්නී – මගෙ පාළු මකන්නී..
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..

සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

නෙතඟ නිදන්නී – මගෙ කඳුල නිවන්නී..
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී..
නොයිදුල් හාදුව ලඟ මා හැරයන්නේ…

සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා
නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා...

#RaninduLankage


@SinduPotha

◇───────────────◇
❤73👍22❤‍🔥8😍7🔥6
🎙 ඔබගේ මතකෙන් | Obage Mathaken by Shihan Mihiranga

◇───────────────◇


ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා

ලං වෙලා කී කතා පාවෙලා මා දමා
පෑ සිනා පැරිලා යාවෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසේ කඩ කල ඔයාට මන් ආදරෙයි සදා

වෙන් කළා යයි කියා මා රැවටුවත් ඔයා
සැමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටලා වෙන්වී ගියාට මන් ආදරෙයි සදා

ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා.

#ShihanMihiranga


@SinduPotha

◇───────────────◇
❤56👍13🔥8😁2
🎙 අහංකාර නඟරේ -Ahankara Nagare
◇───────────────◇

අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
කව්රුද නොක්කාඩු කිව්වේ
කව්රුද නොක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොඳුරුයි නම්
මග තොටදී හමුවෙලා
හොද රස කථා කනට කොඳුරලා

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොඳුරුයි නම්
මග තොටදී හමුවෙලා
හොද රස කථා කනට කොඳුරලා

නුඹ වයස මටම ගැලපෙයි නම්
මව්පියන් හිතට සතුටුයි නම්
මට සිතදී සනසලා විලම කලඹලා
රැයම සරසලා

නුඹ වයස මටම ගැලපෙයි නම්
මව්පියන් හිතට සතුටුයි නම්
මට සිතදී සනසලා විලම කලඹලා
රැයම සරසලා

අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
කව්රුද නොක්කාඩු කිව්වේ
කව්රුද නොක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

[RAP]

You was the hottest in high school
I was the baddest in the school
You used to shizzle my nizzle while
I was working the middle
And we was chillin and thrilin hittin
The spots was our fillin
But then it all broke down shortly
You bounced with no telling
Now tell me, what the hell i am supposed
To do wihout you
Who da hell gonna give you every thing
That i do? didn’t know you gonna fade like that
Now how you gonna act like that?
[RAP END]

අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
කව්රුද නොක්කාඩු කිව්වේ
කව්රුද නොක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
කව්රුද නොක්කාඩු කිව්වේ
කව්රුද නොක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

අහංකාර නගරේ
පුරඟනක්ද ඔබ ලදුනේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
කව්රුද නොක්කාඩු කිව්වේ
කව්රුද නොක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බො‍හොම පොඩි
ලැමත් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ

#RaninduLankage


@SinduPotha

◇───────────────◇
❤84👍19❤‍🔥11🔥5🤩3😍3🥰1🕊1
🎙 වෙරළ කොනක | Werala Konaka

◇───────────────◇

වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි
වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි

වෙරළේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා

වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී

වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි
වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි

#PrinceUdayaPriyantha


@SinduPotha

◇───────────────◇
❤64❤‍🔥16👍7🥰2😁1
🎙 එක බැල්මෙන් නුඹ මා වසඟ කලා | Eka Balmen Nuba Ma Wasaga Kala by CEE G F]ft. Sampath Hashan [2022]

◇───────────────◇

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිව්ලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

කිඳුරියක නුඹ මම දුටුව තනි සයුරක
ඇස ගැටුනු තනි තරුව නුඹ රැය අමවක
නෙත කඳුලින් බර වු දින නැත අමතක
ඕනෙ වුන පෙරලන්න මිතුදම පෙමකට

නැහිතෙ අහිත නොලැබුනත් තනි තරුව
හැකිනම් හැරිල බලන්න නෙත නුඹෙ
නැවත
සිත පෙලෙවි ශෝකෙන් හද ගැස්ම අඩුව
සිහි මුලවෙ ගිලන්නම් තද නින්ද මතට
මම..

භාවනාවක් නුඹ ජීවිතයට
ගායනාවක් නැගෙයි මේ හද තුල
සේද මාවත මත ඇවිදිමු අප
රෑක ඈත තරු ගනිමුද

නුඹ ගාව සුව දැනුනී මට
සද ගාව සිත රැදුනී මගෙ
මට මාව හමු නොවුනී අද
මම ගාව නුඹ සදකී

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිව්ලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතුකරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා…


#SampathHeshan

@SinduPotha

◇───────────────◇
❤77🥰13👍9🤩2💔1🍓1
🎙 හිමි නොවුන නෙතු ඇඳුන සිතුවම් අරන්  - Himi Nowuna Nethu Anduna


◇───────────────◇

හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක
හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...

හුරතල් වේවී කනට කෙඳිරු වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා

ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ.. මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්.. හීන අතරේ...
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුණ නෙතු ඇදුණු සිතුවම් අරන්...
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...//



#BhachiSusan

@SinduPotha

◇───────────────◇
❤91👍12😍6🕊5🔥3🌚2🥰1
🎙 යායට පායනා පෝදා සඳ  - Yayata Payana Poda Sada


◇───────────────◇

යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව..
නුඹ ගන්නවානම් ආපිට..
යනවා.. කැන්දා..

වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..

තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..

තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා..

යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව..
නුඹ ගන්නවානම් ආපිට..
යනවා.. කැන්දා..

වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..

#NatashaPerera
#PrihanMadappuli

@SinduPotha

◇───────────────◇
❤48👍12🔥3
🍃•|•🐇හැමදාම ලස්සන ස්ටේටස් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න 😊🌷

🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊

🥰🌿♥️




https://t.me/SinhalaStatus
❤8👍2🔥1