♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
❤75👍17🥰12🕊7🔥5🤩3😍2
❤38🥰10👍5🔥2
🎙 Sepalika Malai   සේපාලිකා මලයි  Jayasiri Amarasekara


◇───────────────◇


සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය, සොයා

මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා...

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

මල් පිපෙන තුරු ලතා
මද සුළඟේ නැලවුනා
සිත දකින, දකින සිහිනෙදි ඔබ,
මට මතක් වුනා

ඇසි පිය හෙලන්න මොහොතක්වත්,
මතක නැති වුනා...

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි


#JayasiriAmarasekara
#YasinduRashmika (Cover)


@SinduPotha

◇───────────────◇
❤59👍9🔥9😁2🍓2
🎙 නෙතු නොනිදා රෑ | Nethu Nonida Ra by Aki Vish ft. Evill D ZAYGE [2020]


◇───────────────◇


ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා
ආදරේ සිතේ රැඳුනා

දුර ඈතකට ඉගිල ගිහින් රහ⁣සේම
තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළ⁣ඳේ….
උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආද⁣රී….

නෙතු නොනිදා රෑ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී….

හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නැ
මගේ ආදරී..

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා

අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්
රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්

සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව ⁣වෙන කෙනෙකුට
නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම

අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා
කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා

දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
වැලිගල්ලෙ බැම්මෙ චිත්‍රත් බලන් එන ගමන්
දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්

කිව් කතා අකුරක්ම බැනුමි අවලාද
ඇසෙනා පාළු රැයේ
ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
විඳවන මෙ දිවියේ

නුඹ මගේ වේදෝ – මා නුඹේ වෙිදෝ
සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
නොහැගෙනා මේ තැලුන හිත රහසේ
හොයන්නෙ නුඹ් ම රුවමයි

සිතන්නෙ කෙලෙස මං
ප්‍රියාවී මා හදේ…!

නෙතු නොනිදා රැ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී….

හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නැ
මගේ ආදරී….

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා…

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා..

ඔයා ළඟින්….
මේ ජීවිතෙන්….
හැම හීනයෙන්….
ඔයා ගියා….


#AkiVish
#EvillDZAYGE


@SinduPotha

◇───────────────◇
❤76👍15🔥7❤‍🔥6🥰5🤩2😁1
❤60😍24👍14
🎙 තනිකම හුරු දෙනෙත පුරා ( Thanikama Huru Denetha Pura )


◇───────────────◇


තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ...

තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ...

සිතු පැතුමක කඳුළු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනළියක් තුරුළු වුනා

ම‍හදේ ගලනා...
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ //

තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ...

තනි වුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සරසන්න කියා

ම‍හදේ ගලනා...
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ //

තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ //



#UdayaSri


@SinduPotha

◇───────────────◇
❤72😍18🥰6🔥1
😍34❤22🔥7🥰5
🎙 මගෙ දුප්පත් ඇස් දෙක | Mage Duppath As Deka


◇───────────────◇


මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගෙ ආදරී...
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

සඳ රහසක් කිව්වා
අහගෙන ඉන්නට බෑ
ඔබෙ දෑසින් මිදිලා
වෙන් වෙන්නට මට බෑ

මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි
මගෙ ආදරී...
ඔබ වෙනුවෙන් තාමත්
මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි

එක සිහිනෙක දුටුවා
ලස්සන සුර අඟනක්
තව දවසක දුටුවා
වෛරයෙ ගිනි පුපුරක්

සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
මගෙ ආදරී...
දිවි ඇති තෙක් සුවඳයි
මල් වගෙ සුවඳයි
තාමත් ඔබ මගෙමයි

මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගෙ ආදරී...
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ

#ChamikaSirimanna


@SinduPotha

◇───────────────◇
❤42🐳10🤩4😍4🌚4🔥3🕊3
🎙 ඔබ මා හමුවන | Oba Ma Hamuwana by Chamara Weerasinghe


◇───────────────◇


ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ළඳේ
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කළ ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ
මිහිදන් කරමි හදේ

ඔහු වෙත වූ ඔබ මා අත්හළ බව
නොකියමි කාට හෝ ළඳේ
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගේ හැඩ කළ
ඔබ හට වැඩු සෙනෙහස
කඳුළකි ජීවිතේ මගේ
කඳුළකි ජීවිතේ මගේ

ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යළි මට දෙනු මැන
මා ගැන මතකය යළි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ


#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤26😍11❤‍🔥5
🎙 කඳුලක් ගලාවිත් | Kandulak Galawith by Kaveesha Kaviraj


◇───────────────◇


කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩු ඒ කාලේ පවා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා
සිත මාගෙ රිදවන්නෙනෑමයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්

පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොදවැස්සේ සීතලට ගුලිවී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යලි එන්නෙපා මගෙ දිවියට සදා

කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්


#KaveeshaKaviraj


@SinduPotha

◇───────────────◇
❤42🔥6😍6❤‍🔥3
ඔයාට ඕන සින්දුවක් පහලින් Comment කරගෙන යමු බලන්න 😉❤️
❤110❤‍🔥12🔥10🌚7🕊6🥰5😍2⚡1😁1🐳1🍓1
🎙 පෙරදා මැවූ සිනා | Perada Mawu Sina


◇───────────────◇


පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා..

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී
ළතැවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ..

පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා..

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ..


පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා මැවූ සිනා..
.

#ShihanMihiranga


@SinduPotha

◇───────────────◇
❤96🔥14😍11⚡1😁1
🎙 ඇස් දෙක පියාන | As Deka Piyana by Rookantha Gunathilaka


◇───────────────◇


ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ

සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ

රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇසෙන නිසා
අනේ රත්තරන් හිතට වද නොදී
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ



#RookanthaGunathilake


@SinduPotha

◇───────────────◇
❤24😍8🤩1
🎙 ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා | Obage Mathaken Mata Yannata Ba Kisida


◇───────────────◇


ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිදිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා

ලං වේලා කී කතා පා වේලා මා දමා
පෑ සිනා පෑ රිලා යා වේලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවෙ ඔයා
විශ්වාසෙ කඩ කල ඔයාට මං ආදරේයි සදා

පෙම් කලා යැයි කියා මා රැවටුවත් ඔයා
සැම දා පතන්නේ මා වෙන්එපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාලා වෙන් වී ගියාට මං ආදරේයි සදා

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිදිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා...



#ShihanMihiranga


@SinduPotha

◇───────────────◇
❤40❤‍🔥12🔥2😍2🕊1
🎙 හිනැහෙන්න සෙව්වන්දියේ | Hinahenna Sewwandiye by Shihan Mihiranga


◇───────────────◇


ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

සුදු රෝස දවටා අද මනාලියක් වී
ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ

කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ

මළ හිරු බැස යන යාමේ
සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනෙහෙ කිසිදා මා අත් හරිනා බව
සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ

ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ



#ShihanMihiranga


@SinduPotha

◇───────────────◇
❤26🔥6
🎙 ආදරය ආගමකි | Adaraya Agamaki by Sadun Perera


◇───────────────◇


ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එය මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නේ මගෙ වේදනාවන්

අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //

වැලපිල්ල අහනවද අහසේ සඳූ
දුක්විල්ල වැරදීද කියපන් තරූ
ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳූ
ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු

අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //

ආයුෂය දැන දැනම නවතා දැමු
අකුසලය මා හටම අත්වෙයි මතු
ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු
ජීවිතය අත් නොහැර රැකගත යුතු

ආදරය ආගමකි අදහන්න පුළුවන් ......

අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //



#SadunPerera


@SinduPotha

◇───────────────◇
❤35😁16😍11🔥2💔2
❤115😍10🥰8❤‍🔥7😁5
🎙 හිත නාඹර තාලෙට | Hitha Nambara Thaleta


◇───────────────◇

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා...//
සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

පාට සමණළයන් ආදර ගීමුමුනා
රෝස මකරන්දේ සුවඳට ඉවකෙරුවා...//
සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ...

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...



#Bhathiya
#Santhush


@SinduPotha

◇───────────────◇
❤27😍22🔥13🕊5⚡1
❤38❤‍🔥6⚡2