♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.78K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
🎙 | රෝස තොල් | Rosa Thol by Saranga Disasekara [2022]


◇───────────────◇


දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්

හුස්මේ රැස් ගලනා පුසුබින්
ඈත පාවේ මා
මා ගාවින්ම ඉන්නවා නම්
ආදරෙයි කියා
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

ලංවී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ලංවී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ඔය දෑසේ හසරැල් ගේනා
මට ඔබගේම තුරුලේ
නවතින්න ඕනා

නොවෙනස් වේ පෙම් රස්නේ
හැමතිස්සේ වෙලී
සිත් සේ දිලේවි මතකේ
ඔය හද මත නැවතී
රෝස තොල් මුමුනද්දී
නෑ ඉවසුම්

දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්
රෝස තොල් මුමුනද්දී නෑ ඉවසුම්
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

◇───────────────◇


#SarangaDisasekara



@SinduPotha

◇───────────────◇
❤22😍9🤩1
🎙 | යකඩ මනමාලී - අමු සින්දුව | Yakada Manamali by Sanjeew Lonliyes [2022]


◇───────────────◇


ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි

එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි

සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි

කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති

එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි


◇───────────────◇


#SanjeewLonliyes


@SinduPotha

◇───────────────◇
❤33❤‍🔥18🔥5
🎙 | කන්‍යාවිය උඹයි | Kanyaviya Umbai by Sanjeew Lonliyes [2022]


◇───────────────◇


මල් මාවතේ කෙමි ටික මාකටින් කළ
දුල් පියයුරේ උල් හරියම වසන් කළ
දිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ
කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ

ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේම
මගෙ මී තුඩෙන් එය සනසන්නෙමි බෝම
සුරලිය පොතේ උඹ ගැන ලියමින් රාග
ජාතිය බලමි සොලවා පියයුරු දෑල

ලියවැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරී
අමුණා ගතිමි තෙත හිරිකඩ පෙණ කැබලී
ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරී
මේ රති කෙළිය නටපන් පා අඩි ගිගිරී

රතියෙන් උකුල බේරෙන සඳ වගුර උරා
නාභිය මැදට පැණි වක්කල කුරුළු රටා
වෑවර මදන තන අස්සට දෙතොල තියා
දඹරන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා


◇───────────────◇


#SanjeewLonliyes


@SinduPotha

◇───────────────◇
🔥19❤‍🔥8🌚4😍3
🎙 | ඔබ නිසා | Oba Nisa by Dinesh Gamage [2022]


◇───────────────◇


නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා.

සඳට ලංවී නුඹට
හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

◇───────────────◇


#DineshGamage


@SinduPotha

◇───────────────◇
❤‍🔥34🤩2❤1
🎙 | හිතකින් | Hithakin by Dilki Uresha [2022]


◇───────────────◇


නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ

යලි එන්න යැයි කියා – නොකරමි ආයාචනා
සැනසීම සොයපු තැනක ලැබුණි නම්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදිවෙයි මුළු ජීවිතයත්

නුඹව හඳුනන්න – මෙමට බැරි වෙන්න
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
දිනෙක රැවටෙන්න – වන බවක් නොදැන
ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න

වැරදි නැහැ දන්න – මගෙන් දුර යන්න
පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
කල්පයක් පමණ – දවස දිගු වෙන්න
මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

◇───────────────◇


#DilkiUresha


@SinduPotha

◇───────────────◇
❤‍🔥61🥰12😍5❤4🔥2
🎙 | දුටු දා ඉඳලා | Dutu Da Indala by Janith Iddamalgoda [2017]


◇───────────────◇


දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

බාල කාලේ හම්බවෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ළඟම ඉන්න තාම නම් බැරි
ඈත පේනවද අපේ පාර නම් හරි
නොනිදා ඉන්න එපා හීන යාවී මගහැරි
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරේ තරමටම විටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහේ හැරෙන්න
ඔබයි රැජිණ වැටුණොත් මගේ හිසට ඔටුන්න
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

◇───────────────◇


#Janithiddamalgoda


@SinduPotha

◇───────────────◇
❤‍🔥55🥰15❤13🔥3😍3💔2🕊1
🎙 | මස්සිනා | Massina by DADDY



◇───────────────◇


ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

අපි කාටත් ඇති සෙනසුරාදාව
මගේ සතියේ දිනයක් නොවන බවට
මම ආදරේ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තයේ සිට මට නිවාඩුවට
මගේ මස්සිනා ආවම සිරකර නංගීව
අසාධාරණව සෙනසුරාදාව අපගෙන් වෙන් කළා
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

ඉර පායන්නෑ සෙනසුරාදාට
මම හීනැහෙන් නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ
මට වැඩකුත් නෑ සෙනසුරාදාව
කිසි ගතියක් නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකං
ශනිදාවන්ට හමුනොවුණත් අනිකුත් හැම දිනයක්ම‍ෙ

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්

◇───────────────◇


#Daddy


@SinduPotha

◇───────────────◇
❤45🔥10😁5😍4🥰2🤩1
🎙 | ප්‍රාතිහාරී | Prathihari By Supun Perera


◇───────────────◇


ප්‍රාතිහාරීනුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොභා ගේනා

නේත්‍රා මානනා - සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා - ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා...
ප්‍රේම හීනේ සොභා ගේනා...

සේයා රෑ ගෙනා - නිම නේනා කාරණා
ඡායා රූ මවා - නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සෙයා
ප්‍රේම හීනේ සොභා ගේනා

ප්‍රාතිහාරීනුරා ගේනා
නීල දෑසේ මවා ආශා
රූපසාරී මැවී පේනා
චන්ද්‍රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොභා ගේනා...//

ප්‍රේම හීනේ සොභා ගේනා...



◇───────────────◇


#SupunPerera


@SinduPotha

◇───────────────◇
❤72😍19🕊12🔥9❤‍🔥4🥰1
🎙 | සිරස බිම වැටුණා | Sirasa Bima Vatuna by Sanjeew Lonliyes


◇───────────────◇


පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පාබැඳුනු යදමට වැඳවැටෙන
පා විලංගුව පින්තාරු කළ
සිත්තරෙක් හිටියා
ඒ සිත්තරා මැරුණා
විලංගුව බිඳුණා

සිරස යයි කී මැටි ගොඩක් උඩ
සදාකාලික ඔටුන්නක් විය
රන් රුවන් ගවසා.
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා


◇───────────────◇


#SanjeewLonliyes


@SinduPotha

◇───────────────◇
🔥13😍11❤6
🎙 | දැවෙනා දුක මේ වාවනු බෑ | Dawena Duka By Nadeera Nonis


◇───────────────◇


දැවේනා දුක මේ වාවනු බෑ...
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ...//
මා තරම් කවුරුවත්...
ඔබටනම් අදරේ කරන් නෑ...

දැවේනා දුක මේ වාවනු බෑ...
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ...

තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ
ඔබමයි උන්නේ දැවටිලා හදේ...

අපෙ පෙම් කතන්දරේ  අද නතර වී ගියේ...
දුප්පත් කමටයි මගේ...

දැවේනා දුක මේ වාවනු බෑ...
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ...//

දෙනුවන් පියෙනා කාලයට මගේ...
වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතු මැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලේ...

සැනසුම අරන් මගේ...  
මට වැඩි කලක් ලොවේ
නිදුකින් ඉනූ පන මගේ...

දැවේනා දුක මේ වාවනු බෑ...
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ...//

මා තරම් කවුරුවත්...
ඔබටනම් අදරේ කරන් නෑ...

දැවේනා දුක මේ වාවනු බෑ...
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ...



◇───────────────◇


#NadeeraNonis


@SinduPotha

◇───────────────◇
❤45😍11❤‍🔥6🙈5🥰1
🎙 | හමුවේවිදෝ | Hamuwewido by Nadeera Nonis


◇───────────────◇


හමුවේවිදෝ හිමිවේවිදෝ සමුදේවිදෝ
මගෙ වේවිදෝ ලංවේවිදෝ වෙන්වේවිදෝ

සඳරෑක සිහිනයේ මැවූ
මා රහසෙ ආදරේ පැතූ
හැමදාම මාගෙමයි සිතූ
මතුදාක වේවිදෝ සතූ

කිසිදාක මා හැරදා නොයනූ...

දුටුමුල්දාම හදවත මාගේ ආදරෙන් පිරුනා
නුඹෙ තරු දෑස දුටු හැම වාරේ ආදරේ දැනුනා...//

රෑ නෙතු මැවුනා - මා සිත නිවුනා
මා හදවත රෑ මැදියම - ඈ සිත සෙවුවා

ඒ...

නෙතු මත ආදරේ තිබුනා - මා තනිව සිහිනයෙ පැතුවා

සඳරෑක සිහිනයේ මැවූ
මා රහසෙ ආදරේ පැතූ
හැමදාම මාගෙමයි සිතූ
මතුදාක වේවිදෝ සතූ

කිසිදාක මා හැරදා නොයනූ...

දුටුමුල්දාම හදවත මාගේ ආදරෙන් පිරුනා
නුඹෙ හරු දෑස දුටු හැම වාරේ ආදරේ දැනුනා...//

පාළුව දැනුණා - ඈ මට දැනුණා
මා සඳවත මා ලඟටම - ආ බව හැඟුනා

ඈ...

නෙතුමත ආදරේ පිරුණා
ඒ සිහිනේ සිහිනෙන් මිදුනා

සඳරෑක සිහිනයේ මැවූ
මා රහසෙ ආදරේ පැතූ
හැමදාම මාගෙමයි සිතූ
මතුදාක වේවිදෝ සතූ

කිසිදාක මා හැරදා නොයනූ...

හමුවේවිදෝ හිමිවේවිදෝ සමුදේවිදෝ
මගෙවේවිදෝ ලංවේවිදෝ වෙන්වේවිදෝ

සඳරෑක සිහිනයේ මැවූ
මා රහසෙ ආදරේ පැතූ
හැමදාම මාගෙමයි සිතූ
මතුදාක වේවිදෝ සතූ

කිසිදාක මා හැරදා නොයනූ...

දුටුමුල්දාම හදවත මාගේ ආදරෙන් පිරුනා
නුඹෙ තරු දෑස දුටු හැම වාරේ ආදරේ දැනුනා...//


◇───────────────◇


#NadeeraNonis


@SinduPotha

◇───────────────◇
❤53🕊18❤‍🔥10😍2🥰1
🎙 | පෙම් පුරවපු හිත | Pem Purawapu Hitha by Chamara Weerasinghe


◇───────────────◇


පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න... ඈතට යන්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න...

රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න...//

ආයාලයේ මා සිත ළඟ ගිමන් හරින්න
ආයාලයේ මා සිත ළඟ ගිමන් හරින්න
වන මලකට හිත කුමටද හීන දකින්න
වන මලකට හිත කුමටද හීන දකින්න

පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න... ඈතට යන්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න...

රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න...//

රෑ අහසේ තරුවක් වී එපා දිලෙන්න
රෑ අහසේ තරුවක් වී එපා දිලෙන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න

පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න... ඈතට යන්න
පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න...

රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න...//



◇───────────────◇


#ChamaraWeerasinghe


@SinduPotha

◇───────────────◇
❤22❤‍🔥8
🎙 | Duburu Lamissi ( දුඹුරු ළමිස්සි ) - Roony (Indika Ruwan)


◇───────────────◇


සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනිපාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ජීවිතෙන් බොඳවුනා නුබෙ සුසුම්

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරෙන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුලුවෙන් ඉගිලුනා ඔබ මගෙන්

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී

එදා සොඳුරු හිතැත්තී
වුනා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී


◇───────────────◇


#IndikaRuwan


@SinduPotha

◇───────────────◇
❤56😍13🔥6🕊6❤‍🔥3
🎙 | සමාවෙලා මට කියන්න | Samawela Mata Kiyanna by Chamika Sirimanna


◇───────────────◇


සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

දිග කඩදහි තිත් රේකා අතරේ කැරකී
අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
මොට වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
එවන් හිතක තියේද තව පෙමක් පතන්න

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද
නිම උනාද පැරණි සිහින තනි යහන් වල
සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද
සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද


◇───────────────◇


#ChamikaSirimanna


@SinduPotha

◇───────────────◇
❤18🥰8🕊5😍4
🎙 | ඔබ මිරිඟුවක්ද මන්දා | Oba Miriguwakda Manda by Theekshana Anuradha

◇───────────────◇


ඔබ මිරිගුවක්ද මංදා
මට දුරයි වගෙද මංදා
කොයි කාට හිමිද මංදා
මන් ප්‍රමාදයිද මංදා

තාම කුලුදුල් මේ සෙනෙහේ
ඔබට භාරයි ප්‍රේමියේ
වරම් ඇත්නම් හදවතේ
ලැගුම් ගන්නම් ජීවිතේ

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා

පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පන සේම

පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පන සේම

ආත්ම ගානක් පතාන එනවද
මංදා අපි දෙන්නා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

සංසාරික ආදරය
මේ භවයෙත් මා ලගය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය

සංසාරික ආදරය
මේ භවයෙත් මා ලගය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය

ආත්ම ගානක් පතාන එනවද
මංදා අපි දෙන්නා
මිරිගුවක්ද මංදා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා


◇───────────────◇


#TheekshanaAnuradha


@SinduPotha

◇───────────────◇
❤33🥰13😍3😁2
🎙 | හිපි ඩෙනිම | Hippie Denima by Daddy [2023]


◇───────────────◇


හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

ඇස් වල ඉරි පාට පාට රූ මවා
හීන රහයි දැන්
ගස්වල මල් අපිට අපිට අතවනා
එන්න කියයි නම්
වන්වේ යන ජීවිතේම ඉරි කපා
නඩුව එපා බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

තප්පර කටු රත් වෙලා
ඇද වෙලා කාලේ ගෙවයි දැන්
චිත්තරපට දර්ශනේම බොද වෙලා
ඔලුව අවුල් නම්

පත්තර වල යන්න කලින් යමු සනා
හිතට ශුවර් බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා


◇───────────────◇


#Daddy


@SinduPotha

◇───────────────◇
❤9
🎙 | මාගේ සුකුමල සඳ කොමලී | Mahe Sukumala Sada Komali By Romesh Sugathapala


◇───────────────◇



මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කඳු රැල්ලේ..
නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ. .

හැංගිලා ඉඳ ළං වෙයන්‌ මට පටලා දැවටිල්ලේ
කින්නරි නුඹ ළංවෙලා.. ආදරෙයි කියනා තුරා
සිත නෑ ඉවසිල්ලේ..

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාළිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
ප්‍රහෙලිකාවක විසඳුමක්‌ ලෙස ළංවෙලා සිටියේ..

ශාලිකාවක දහසක්‌ නෙත්‌ ළඟ තනියක්‌ දැනුණු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන්‌ පෑ ළඟ සිටියේ..

සාගරේ රැලි ආද ගෙන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමේ නැවතිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ළඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..

මාගේ සිත ළඟ තරු රැජිණී
මුතු මල්‌ වස්සන කොඳ කැකුලී
පිය වදනී.. තරු රැජිණී


◇───────────────◇


#RomeshSugathapala



@SinduPotha

◇───────────────◇
❤‍🔥25❤16😍3
🎙 | නාමල් මිටක් | Namal Mitak by Randhir Witana


◇───────────────◇



නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරිමල් උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින්
පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල් නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්
මා මුව සතපනවානම්
මී අම වන තෙපුලෙන් මා
දෙසවන් සනසනවා නම්

ඔබ පා මුල මුතු අතුරා
ටජ්මහලක් හදවන්නම්
ඔබ මට බහ දෙනවා නම් ලොව සැණකෙළි කරවන්නම්

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

වරලස සැරසිල්ලක් නම් තරු මල් ගෙනැවිත් දෙන්නම්
රැය අඳුරට යනවා නම් සඳ එළියෙන් දෝවන්නම්
ලඟ හිඳ මුමුනනවා නම් වරුවක් අහගෙන ඉන්නම්
දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරී ඉන්නම්

මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි
ඒ හිත පුර දුටු ආනන්ද හීනෙන්ම
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්

වරලස සැරසිල්ලක් නම්


◇───────────────◇


#RandhirWitana




@SinduPotha

◇───────────────◇
❤30
🎙 | මට සිතන්න බෑ | Mata Sithanna Ba By Iraj


◇───────────────◇



මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව
හිඳ පරව යන්න මට බෑ

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව
හිඳ පරව යන්න මට බෑ

ප්‍රාණයෙන්ද ප්‍රේම දුන්න ප්‍රේම දූතීකා
මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හෲදෙ මාලිගා
හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්තී මා


මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව
හිඳ පරව යන්න මට බෑ

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව
හිඳ පරව යන්න මට බෑ

@SinduPotha #Rap

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසි දෙයක් දන්නේ නෑ..
මෙහෙම නම් වෙන්න බෑ

නෑ කොහොමටත් වෙන්න බෑ
කිසි දෙයක් දන්නේ නෑ...
මෙහෙම නම් වෙන්න බෑ

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව
හිඳ පරව යන්න මට බෑ

මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ
පපු කිනිත්ත මත සියපතක්ව
හිඳ පරව යන්න මට බෑ

ප්‍රාණයෙන්ද ප්‍රේම දුන්න ප්‍රේම දූතීකා
මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා
මානයෙන් උදම් නොවන්න හෲදෙ මාලිගා
හීන කන්ද සුන්දරයිද ප්‍රේමවන්තී මා


◇───────────────◇


#Iraj



@SinduPotha

◇───────────────◇
😍24❤17🔥2😁2🤩1
🎙 | කාරි නෑ සඳ | Kaari Naa Sanda by Methun SK [2023]


◇───────────────◇



ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද


◇───────────────◇


#MethumSK




@SinduPotha

◇───────────────◇
❤75🥰15😍3❤‍🔥1😁1🕊1