♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
8.77K subscribers
45 photos
309 links
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️

Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn

Join ♥️☘️
Download Telegram
La Signore - Kessata Kos Eta - Ft Umara
🎙Title: කැස්සට කොස් ඇට - Kassata Kos Ata

(✿◕‿◕✿)

කැස්සට කොස් ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා

(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
වක්කඩ අස්සේ හකුරු හංඟලා
නැතිවෙන හකුරට නාහෙන් අඬලා
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා

උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා..
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා..
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා..
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා..

සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
මහදෙන මුත්තගෙ උපදෙස් අහලා
එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා


උශ්ණෙට මුංඇට.....

සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
නෙරිය තියාලයි සේලය බඳින්නේ
ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියල
මිස්ටර් බීන්ලගෙ නාට්‍ය බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා

(නෝනට බනිනු එපා)

ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා

උශ්ණෙට මුංඇට......


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#LaSihnore
❤11
Amuthuma Malak | අමුතුම මලක් | Sandun Pe
🎙Title: Amuthuma Malak | අමුතුම මලක්

(✿◕‿◕✿)

ආයු කාලය නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නෙ අරමුණු වෙත යන්න
හොදම කාලය ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන්වල වැඩිපුර හිටියෙ නුඹ

අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මන් ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහටනම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්තාවයි

මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
සතුටයි සහ කදුලයි මැද ඇත්තේ නූලක වෙනසයි

පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැන්ගේවි
ඉන්න හිතපු අය ලගින් ඉන්නවද යන්න හිතෙනකොට යාවි
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#SadunPerera

@SinduPotha
❤14🔥3👍2
පිටි කොටපන් නෝනේ
Gypsies with Sunil Perera
🎙Title: පිටි කොටපන් නෝනේ | Piti Kotapan None

(✿◕‿◕✿)

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ජෑම් පන් තවත් කන්න බෑ
කිබුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා කිරි බත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉදි අප්පන් ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

ඉඳි අප්පා නිකන් කන්න බෑ
කිරි හොද්ද නැතුව ඉඳි අප්පේ ලිස්සලා යන් නෑ
උම්බ්බලකඩ දාලා සම්බෝලෙත් හදලා
මගේ දොලදුක නිවා ගන්න ඉදි අප්පා ටිකක් කන්න

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ

කුකකාරී පොතේ රෙසපි වැඩක් නෑ
ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නේ නෑ
අනේ මොකටද තවත් කතා ස්පෙසල් මුකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි දොලදුක හෙට නැති වෙන්නයි

පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටිහලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉදිආප්පං ඕනේ


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Songs
#SunilPerera #Gypsies

@SinduPotha
👍12❤3
Kelinma Ahanna Aiya (කෙලින්ම අහන්න අයියා
🎙Title: Kelinma Ahanna Aiya (කෙලින්ම අහන්න )

(✿◕‿◕✿)

පාට පුරවලා සුවද ඉහිරලා රගයි බඹරුන් තාන තම් කියා
හොරෙන් හිනහිලා ඇහැක් පියවලා ඒදැස් බැල්මෙන් කෝලකම්දමා
පාර වැරදිලා වගේ ඇවිදලා ඇවිත් ළගටම වටේ කැරකිලා
නිකට උස්සලා මූන ලංකලා ඒයා වගේම මාත් ගැස්සුනා

කෙලින්ම අහන්න අයි…ආ…
කැමැත්ත මොකක්ද ශා…වා
තෝදු කරුවන් ලවුවා මට ඒවන්නෙපා මෙව්වා
Ok…

කොල්ලෝ ඔයා කොහෙදෝ ළගින් ඉමු කෝ මගේ වෙමුකෝ
අය්යෝ මූනෙ හින කෝ හැට හතර මායම් නම් මගෙ NO E YA
කැරකිල්ල හැදේවිද කිල්ල ගතොත් මගෙ දන්නෙ මමත් LOVE LO
NO WORRIES මගෙ පන වෙන්න promise yo my darling කොල්ලෝ

මනමෙ නුබනම් කුමරි මම යැය් හිතන්නෙපා දෙයියා
රූපෙ දැක්කම වාසි පැත්තට හැරෙන්නෙ නෑ හොය්යා
ආස දෙකට කියල තිබුනේ වැඩිපුර ගත් දොය්යා…
නින්ද නෑ දැන් මතක් වී ඒය නටපු නැටුමෙ සේයා...

කෙලින්ම අහන්න අයි…ආ..


•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀

#Lyrics
#Song
#RochanaTrikawala

@SinduPotha
❤11👍11👎3🔥3🤩2
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
🎙Title: ලිය ලියා දුන් ආදරේ Liya Liyaa - Smokio Ft. Dilki Uresha #Lyrics #Song #Smokio #DilkiUresha @SinduPotha – Liya Liyaa - Smokio Ft. Dilki Uresha -
🎙Title :ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

(✿◕‿◕✿)

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..


ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා
ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#Smokio #DilkiUresha

@SinduPotha
👍13❤4🤩3🔥2😁2
අංගනාවෝ
Rookantha Gunathilaka
❤10👍4
Panata Namak | පණට නමක් | Manej Sanjaya
🎙Title: Panata Namak | පණට නමක් |

(✿◕‿◕✿)

තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේ ම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනන් මා ළඟ අපගේ නොවේ අප

හිමි වුණත් මට නැතත්
හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත්
එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණය ඔබෙ පිළිගන්නම්
පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණය ඔබෙ පිළිගන්නම්

යන්න ඕනේම නම් දුර මා කෙරෙන් නොවේ කවදාකවත් බාධා මගෙන් මොනව ලැබගම් ද මං නවතා බලෙන් පැතුවේ ප්‍රේමය නම් මෙතුවක් ඔබෙන්

හිමි වුණත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුණත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිළිගන්නම්

සගවගත්තට රිදුම් පිට ලෝකයෙන් කොහොම සඟවනු ද මං අපි ගැන ලොවෙන් ඔබට අවසන් වුණත් වචනෙන් දෙකෙන් අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්

හිමි වුණත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි වුණත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ

පණට නමක්...///


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#ManejSanjaya
❤22👍18🔥4🤩2🥰1
Sitha Ananthaye - Kaveesha Kaviraj Official Music Video | Sinhala…
Kaveesha Kaviraj
🎙Title: දූවිලි කුනාටුවේ - Duvili Kunatuwe

(✿◕‿◕✿)

සිත අනන්තයේ රැදිලා
සද සේ දිලුනා
දිලුනා දිලුනා දිලුනා...
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා...
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක් මැවුනා
මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුනා
දැවුනා දැවුනා දැවුනා...

වේදනා බුබුලු...

දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ...
ඇසුනා සැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ...
මා නොසිතූ විරාමයේ
නවතීමට ලගා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලාගියේ

සිත අනන්තයේ රැදිලා
සද සේ දිලුනා
දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී වින්දා
වින්දා වින්දා වින්දා...
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ දැවුනා
දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු...

පාවෙන වලාතිරේ
සද බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇදුනා
කැලබූ සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී
සංසාරේ පුරා මැවුනා

සිත අනන්තයේ...//
උමතු කදුළු...//


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#KaveeshaKaviraj

@SinduPotha
❤36👍9🔥4🕊4❤‍🔥2🤩1😍1
🌷🌝 ලස්සන ස්ටේටස් වීඩියෝස් බලන්න කැමති නම් ජොයින් වෙන්න 😁✌️

https://t.me/SinhalaStatus
👍11🎉8❤5😱4🔥2🤩2
Poronduwak (පණට නමක් 2 ) | Manej Sanjaya New Song | පොරොන්දුවක්…
Evoke Music
Song Name : Poronduwak පොරොන්දුවක්

(✿◕‿◕✿)

මා ඉන්නම් ඈතකින්
නොගැටී ඔය ඇස් දෙකේ
හැමදාමත් ආදරේ සඟවා හිතේ
හිමිවීමක් නෑ ඉතින්
ලං වූවට ඒ වගේ
කවදාවත් ඉටුනොවේ පැතුමන් අපේ
අහඹුවක් නොවේ වුණත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්දුවක් මේක මගේ
වෙනස් නොවන කිසිදාක
දුරස් වුණත් ඔබට හිතේ
තියෙවි ඉඩ හැමදාක..//

මුළු රෑ පුරා නින්දෙන් මා මුදා
ඒ මතකයන් හැමදා සිහිවෙලා
සිත පෑරුවත් කොතරම් විඳ දරා
ඉන්නම් ඉතින් නෑවිත් යළි සදා

අහඹුවක් නොවේ වුණත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්දුවක්...////

හුරුකම් නිසා සසරේ පෙර එදා
බැඳුණත් ඉතින් නොදැනී නොසිතලා
හැර යන්නේ නෑ කීවත් දිවුරලා
අපි මේ භවේ අපගෙන් ගිලිහිලා

අහඹුවක් නොවේ වුණත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ

පොරොන්දුවක් මේක මගේ
වෙනස් නොවන කිසිදාක
දුරස් වුණත් ඔබට හිතේ
තියෙවි ඉඩ හැමදාක.....


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songs
#ManejSanjaya

@SinduPotha
❤16👍10😍1
ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, මෙසෙන්ජර් සහ වම්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වි තිබෙනවා.

කෙසේ වෙතත් මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන් හි හිමිකාරීත්වය සතු ෆේස්බුක්

ආයතනය මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, බ්‍රිතාන්‍ය සම්මත වේලාවක් 16.44 ට අදාළ බිඳ වැටීම සිදු වූ බවයි.

එමෙන්ම ඒ පී ජාත්‍යන්තර පුවත් සේවය නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ෆ්‍රාන්සිස් මෝර්ගන් විසින් මෙහෙය වන ලද සික්ස්ට් මිනිට් නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක් වූ දත්ත විද්‍යාඥයෙකු

විසින් හෙළි කළ ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම අදාළ තීරණය එළඹ ඇති බවයි.

මෙම සාකච්ඡාවේ දී අදාළ විද්‍යාඥයා විසින් හෙළි කර ඇත්තේ, ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.

එය ෆේස්බුක් සමාගමේ කීර්ති නාමයට සහ පැවැත්මට බරපතල බලපෑමක් ඇති කරනු ඇති සිටියා.

බවත් ඔහු කියා

මෙම සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනයේ සුබ සිද්ධිය සලකා බැලීමේ දී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්‍රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කළ බවයි.

මේ අතර ෆේස්බුක් සමාගම මීට ටික වේලාවකට පෙර ඔවුන්ගේ සෑම සමාජ ජාල අඩවියකම දැන්වීමක් පළ

කරමින් කියා සිටියේ යමිකිසිවක් වැරදි ඇති බවත් එය නිවැරදි කර ගැනීමට සිය තාක්ෂණික කණ්ඩායම්

කටයුතු කරන අතර අදාළ අවහිරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කලමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඔහු කියා සිටින්නේ, සිය සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීමේ අවහිරතාවක් මේ වනවිට උද්ගතව

ඇති බවත්, එය කඩිනමින් යථාවත් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.
👍9🔥4
Hada Kampa | Tinushan Pasindu New Song | හද කම්පා | Official Music…
Evoke Music
🎙Title: හද කම්පා Hada Kampa

(✿◕‿◕✿)

හොදක් වෙයිනම් ඔබගේ ලෝකයට
කමක් නෑ සතුටුයි ඒ පිළිබඳව
ඔබ හිනාවෙන්න තව දිනාගන්න
සිහින කුසලානය

මටත් පුලුවන් හිත දැඩි කරගන්න
කඳුළු හංගන් දුක නෑ වගෙ ඉන්න ඉතින් සමරන්න යහලුවනි එන්න
විරහවේ සාදය...

හදකම්පා වෙලා ගියා...
දුක හංගා හිනා උනා...
යා යුතු තැනින් පිටවිය යුතුයි...
යන්නම් කියා...

ආදරේ වන්දනා...
දන්නෙ නැහැ හැම කෙනා...
වාසියයි... ලාබයයී...
හොයන්නට පෙලඹිලා...

සිත බැගෑපත් උනා...
සැබෑ පෙම කෝ කියා...

හද කම්පා...//

හිනාවී හඬ නගා...
ඉන්න මිනිසුන් තමා...
හිත යටින්... වැළපෙමින්..
ඉන්නෙ දුක ඉවසලා...

ආදරෙත් කැප කරයි...
අනුන්ගේ ගැන හිතා...

හොදක් වෙයිනම් ඔබගේ ලෝකයට
කමක් නෑ සතුටුයි ඒ පිළිබඳව
ඔබ හිනාවෙන්න තව දිනාගන්න
සිහින කුසලානය...

මටත් පුලුවන් හිත දැඩි කරගන්න
කඳුළු හංගන් දුක නෑ වගෙ ඉන්න ඉතින් සමරන්න යහලුවනි එන්න
විරහවේ සාදය...

හද කම්පා...//


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Songa
#TinushanPasinsu

@SinduPotha
❤10👍7🤩1
Laga Lagatama (ලඟ ලඟටම) - Thiwanka Dilshan Ft. Shan Putha | Official…
SGM Tunes
🎙Title: ළඟ ලගටම -Laga Lagatama

(✿◕‿◕✿)

කෙල්ලෙ මං හදේ දුර ඇදේ
ඔය දෑස සොයා
හැංදැ කලුවරේ දිලිසුනේ
ඒ ඔබේ සිනා

නිංදෙ මට නුරේ... පැටලුනේ..
මේ හැගුම් සරා
එන්න ඉඩ තියේ...මයෙ හදේ ඔබෙ නමින් ලියා...

ඒ ලගටම ඇවිත් ඔයා
යන්නෙ හිත අවුස්සලා
හිනැහෙනකොට ආස වෙලා
මගෙ හිත මරම හොරා...//

ඒ

මන්තර වගෙ දිව අග මිමිනෙන වචනයෙ නමම තමා...
යන්නම් පොඩි එක මොහොතක
හමුවෙමු අඩමතින් නුරා...

පෙම් කවි මල් මල් ලා අරගෙන
ගෙලෙහි දමා...
ලන් කර ගස්සාපන් උකුල උකුල
ලමැද සලා...

මල් ගව්ම පාට පාට හිච්චිනගේ මංදැක්කා මූනේ පිං පාට...

ඒයි...

පස්සෙන්ම ගාට ගාට...
හොරා වගෙ එන්නම් රෑට රෑට...

ඒයි...

කොහෙද යන්නෙ මේ ජම්බොලේ වගේ...
මං කරවල හොද්ද උබ සම්බෝලේ වගේ...
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ...
ඉනෙන් පහල උබෙ අක්කරයක් වගේ...

පිස්සුවක් මේක විනාසකාරි...
මම ලිස්සුව දුවද්දි ප්‍රේම පාරෙ...
හරි ලස්සන ගෑනු ලමයෝ...
කරගන්නයි ඕනෙ බරෙ කරෙ හේ...

කප්පරකට දෙන්නම් ආලේ... ආ
එක්කරගෙන යන්නං හදේ යන පාරෙ
සක්කරයටවත් බැ නවත්තන්න ආයේ...

තප්පරයක් පාහේ...
ආදරෙයි වාහේ...

ළඟ ලගටම...//
කෙල්ලෙ මං හදේ...///


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#ThiwankaDilshan
#ShanPutha

@SinduPotha
👍33❤18🔥17👎2🎉2🤩2❤‍🔥1😍1
Game Ayata Notherenna - ගමේ අයට නොතෙරෙන්න
🎙Title: Game Ayata Notherenna - ගමේ අයට නොතෙරෙන්න

(✿◕‿◕✿)

ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

කරගැට ආවම ගිටාර් සද්දේ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නෙ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ

ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

පෝය ලගයි සිදාදියේ කඩු ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා...

ගමේ අයට නොතේරෙන්න...///

දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං...//


•─ 👻 ⃝⃘‌ 👀

#Lyrics
#Song
#ChamaraRanawaka

@SinduPotha
❤26👍5🔥5